Fanfics

Part 13

16:25, 9 January 2024

Next day morning....

💛අනේ බලන්නකෝ හොබී ඔප්පෙ...

💙දෙන්නා තාමත් හොඳටම නිදි...

💛ඒකනේ...පූස් ජෝඩුවට හොඳට නින්ද ගිහින්...🤭

💙ඊයේ රෑ අපි එද්දිත් ඔහොමමයි නේ හිටියේ..☺️

💛ම්ම්ම්🤭 මට නම් ගොඩක් සතුටුයි අපේ මියෝ ට යුන්ගි ඔප්පව හම්බ වුන එකට

💙ඔව් සුහෝ මටත්...🥺 මගේ නංගිට හොඳම කෙනා හම්බ වුනා...

💛ඔව් හොබී...☺️මේ...අපි දෙන්නව ඇහැරවමුව😁😂

💙මෙන්න මෙහෙ එනවා ඒ දෙන්නට ඉන්න දීලා..😅

💛ඔයා හරිනම් මියො ගේ ඔප්පා හැටියට මෙහෙම බලන් ඉදලා හරියන්නේ නෑ😏😂

💙ඇයි..🙄

💛ඇයි අහන්නේ...මේ ඔයාගේ නංගි...එයා කොල්ලෙක් එක්ක මෙහෙම තුරුල් වෙලා ඉද්දි😏 (හරි හරි....පොඩ්ඩක් ඇවිස්සුවා ඉතින් විහිලුවට...😂මියොන්ගියා මට කරල තියෙන ඒවා හැටියට මේක සුලු දෙයක්😌😂)

💙ඒයි...නැගිටිනවලා....දෙන්නම😩

💛ඒ ඒ... කෑ ගහන්න එපා අනේ😒🤫 ඒ දෙන්නට ඉන්න දෙන්න..

💙ඔයා කිවුව කතාව ඇත්ත....මේ දෙන්නා ඉන්න හැටි බලන්නකෝ...😩😒

💛හයියෝ...මගේ මෝඩ මහත්තයො...විහිලුවක් කලේ මන්😒😂

💙මාත් විහිලුවක් කලේ හැබැයි😌 දන්නවනේ සූහෝ මන් මගෙ නංගිට ඒ දවස්වල ඉදලම කාටවත් ලං වෙන්න දුන්නේ නෑ කියලා...ඒත් එයා යුන්ගිට කොච්චර ලං වුනත් මන් බය නෑ...

💛දන්නව රත්තරනේ දන්නවා...🤭 ඔයා අපේ මියෝ ව පරිස්සම් කරපු හැටි මන් දන්නවා...අයියගෙයි නංගිගේ ආදරේ ඉතින් මන් නොදන්නවෑ...දැන් එයාටත් මට මගේම හොඳ ආදරයක් හම්බ වෙලා...

💙ම්ම්ම්☺️ ආහ්....පොඩ්ඩක් ඉන්න...ඔයාට වගේ...ආදරයක්🙄

💛ඔව්...😌 ඇයි

💙කවුද ඔයාගේ ආදරෙ...😏

💛මෙයා බලන්නකෝ...ඇයි ඔයා දන්නෙම නැද්ද...

💙නෑනේ....😏.

💛මන් දන්නෙත් නෑ....😏

💙ආ ඇත්තද නෝනා...😏

💛ඔව්...😌

Author pov....

💙එහෙමද...😏

හොබී එහෙම කියලා සුහෝ ව බදා ගත්තේ අමුතු හිනාවක් දාන ගමන්...සුහෝගේ හුරතල් බවට හොබී හැමදාමත් ආස කලා....කෙල්ලගේ කම්මුලක් හරි ආදරෙන් මිරිකපු හොබී අනිත් කම්මුලට කිස් එකකුත් දුන්නා...🤭

මෙයාලා දෙන්නගේ මේ කෝලම දිහා මියොන්ගි ත් හොර ගෙඩියා වගේ බලන් හිටියේ යුන්ගිගේ තුරුලේ ඉන්න ගමන් මයි...කෙල්ල හොරෙන් මේ දිහා බලන් ඉන්න ගමන් හිනා වෙන්නේ සද්දයක් එන්නෙ නැති වෙන විදිහට...හොබීයි සුහෝයි ආදරෙන් ඉන්න අවස්ථාවක් නම් මියොන්ගි ට කවදාවත් මගෑරෙන්නෙ නෑ...කෙල්ල කොහෙන් හරි පහල වෙනවා ඒ ස්ථානයට😂😂

අද නම් හැබැයි මේ දිහා මියොන්ගි විතරක් නෙමෙයි හොරෙන් බලන් හිටියේ... යුන්ගිත් බලන් හිටියා...හොබීයි සුහොයි දිහා කෙසේ වෙතත් යුන්ගි ගේ ඇස් තිබුනේ තාමත් තමන්ගේ පපුව උඩ තුරුල් වෙලා හිනා වෙවී ඉන්න මියොන්ගි දිහාට... හොබීයි සුහෝයි දෙන්නගෙ ආදරෙත් එක්ක මියොන්ගි ගේ react වෙනස් වෙන විදිහ යුන්ගි බලන් හිටියේ හරිම ආසාවෙන්...

හොබීයි සුහෝ යි දෙන්නා යනවත් එක්කම මියොන්ගි නිකමට වගෙ යුන්ගි දිහාට හැරුනේ මියොන්ගි ට යුන්ගි ඇහැරිලා වගේ දැනුන නිසා... මියොන්ගි තමන් දිහා බලන්න හදනවා කියලා දැනුන කොල්ලා ඇස් පියා ගත්තේ නිදි වගෙ පෙන්නන්න...🤭

💜️මෙයා තාම නිදි....🤭 අනේ ඉතින් මගේ නපුරු පූස් නිදා ගත්තම හරිම අහිංසක පාටයි නේ😚 බදාගෙන ඉබින්න හිතෙනවා අනේ🙈 කෙල්ල යුන්ගිගේ මූන දිහා බලාගෙන කිවුවේ හරිම හීමීට...ඒත් ඉතින් නිදි වගේ හිටිය යුන්ගි ට නම් මේක ඇහුනා...කෙල්ල යුන්ගිගේ නහයෙන් තමන්ගේ දකුණු අතේ දබරැගිල්ල තිබ්බේ හරිම මෘදු විදිහට... යුන්ගිගේ නහයෙන් තිබ්බ ඇගිල්ල කෙල්ල හිමීට අරන් ආවේ කොල්ලගෙ තොල් වලට🙈 මියොන්ගි යුන්ගිගේ තොල් වල ඇඟිල්ල එහෙ මෙහෙ ගෙනියද්දි කොල්ලට කට කොනින් හිනාවක් ගියේ මියොන්ගිත් ඒක දකිද්දිමයි...

💜️මෙ...මෙයා...හිනා වෙනවනේ නේ...🙄 හීනයක්වත් දකිනවද... නැත්නම්....මෙයා...මෙයා නිදි නැද්ද....😩

කෙල්ල ඉක්මන කරලා යුන්ගිගේ තුරුලෙන් ඈත් වෙන්න හැදුවත් ඒක හරි ගියේ නෑ....යුන්ගි කෙල්ලගේ ඉන වටෙන් අත යවලා ඇදලා ගත්තේ කෙල්ල පුදුම වෙද්දි....ආයෙමත් යුන්ගිගේ තුරුලට ඇදිලා ආව මියොන්ගි එයාගේ අත් දෙක යුන්ගි ගේ පපුවට තිබ්බේ කොල්ලා ඇදලා ගත්ත වේගෙට එයාගේ මූන කොල්ලගේ පපුවෙ වැදෙන එක නවත්ත ගන්න...

🖤කොහෙද ආ දුවන්න හදන්නේ...😏

💜️ඔ...ඔයා...ඇහැරිලද හිටියේ...

🖤ඔව්...😌

💜️එතකොට...

🖤එතකොට ඉතින්...ඔයා හිමීට කියපු ඔක්කොම මට ඇහුනා...තව ඔයා කරපු දේත් මට දැනුනා...😌😏

💜️මන් මුකුත් කරේ නෑ...😒

🖤ආහ්...ඇත්තද😏 එතකොට මගේ මූන ඇල්ලුවේ කවුද දන්නේ නෑ..

💜️මන් දන්නෑ මන් නෙමෙයි😌

🖤එහෙනම් මන් හීනයක් දකින්න ඇත්තේ😏 කොහොමත් ඔයා නෙමෙයි ඒක කලේ...

💜️මොකක්🤨

🖤ඔව්...ඔයාගේ අතේ ඇඟිලි නෙමෙයි ඒ😌

💜️මොකක්ද ඔයා කියන්නේ ආහ්😒🤨

🖤ඇයි ඇහුනේ නැද්ද...😏

💜️ඔව් ඔව් ඉතින්...ගොඩක් කෙල්ලොන්ගෙ අත් අල්ලලා ඇතිනේ ඇඟිලි ගැන කියන්නේ...🤨

🖤ඔව්...😏😌

💜️අනේහ්.....😩😒 ඔයාන...........

මියොන්ගි ගේ කොණ්ඩේ අස්සෙන් බෙල්ලට අත යවපු යුන්ගි එයාව ඇදලා අරන් මියොන්ගි ගේ තොල් අල්ල ගත්තේ මියොන්ගි කියන්න ගිය දේ කියලා ඉවර වෙන්නත් කලින්මයි....

💜️යු..යු..යුන්ගී ඔප්ප...අතාරින්නකෝ...කෙල්ල එහෙම කිවුවේ යුන්ගි කෙල්ලගේ තොල් අල්ලන් ඉද්දිමයි...අමාරුවෙන් ඒ තොල් වලින් ගැලවුන කෙල්ල ඉක්මනටම යුන්ගිගේ පපුවෙන් නැගිට්ටා...

Meyongi pov...

💜️ඔප්පා එහෙම දැක්කනම්...😒

🖤ඉතින්...මොකද😏

💜️මොකද අහන්නේ මොකද😒 ඔප්පා දැක්කනම් මොනා හිතයිද...?

🖤හිතන්න ඕන ටික ඒ දෙන්නම හිතා ගන්න ඇති ඉතින් ඔයා මන් ගාව හිටිය විදිහ දැක්කම😏

💜️ඇයි...🙄 මන් හිටියේ කොහොමද

🖤මගෙ පපුව උඩ මට තුරුල් වෙලා හිටියේ..ඇයි මතක නැද්ද...😏

අප්පටසිරි😒😂 ඔව් මයි නේ...දෙයියනේ දෙයියනේ එතකොට මන් ඊයේ රෑ ඉදලම එහෙමද හිටියේ...මල මගුලයි.... ඔප්පා.....😩 ඔප්පත් දකින්න ඇති... දෙයියනේ එයාලා දැන් එතකොටත් මන් එහෙම නේ හිටියේ...හයියෝ දැන් ඉදලා ඉවරයි...සුහෝ මාව කයි😒

මෙයා මොකද හිනා වෙවී මන් දිහා බලන් ඉන්නේ...හුම් ඔයා නිසා තමා ඉතින් එහෙම වුනේ😒

🖤මොකො නෝනා...😏

💜️ඔයා මාව තුරුල් කර ගත්ත නිසා තමා මේ ඔක්කොම😒

🖤ආ ඇත්ත ද...😄😏 එහෙනම් අයේ තුරුල් කර ගන්නෙ නෑ...😌 ඈත් වෙලා ඉන්න ආ...😏

💜️මෙයා බලන්නකෝ...😒 ආස ඇති...

මන් යුන්ගි ලඟට ගිහින් හයියෙන් එයාව බදා ගත්තේ හුරතලේටත් එක්ක ඉතින්🙈 මොනා උනත් ඊයේ රෑ හොඳට නින්ද ගියා...යුන්ගි ඔප්පගේ පපුව මගෙ පුලුන් කොට්ටෙටත් වඩා සැහැල්ලුයි...🤭 මගේනේ ඉතින්.....😏😌

🖤මැණික ඔයා එනවා නේද අද office යන්න...

💜️ඔව්....යමු...

🖤හරි එහෙනම් මන් ගෙදර ගිහින් ලැස්ති වෙලා එන්නම් ඔයා ලෑස්ති වෙලා ඉන්න..

💜️කොහේ යන්නද...මෙන්න මෙහෙ ඉදලම යන්...

🖤එතකොට මෝඩියේ ඇඳුම්

💜️ඔප්පගේ එකක් අඳිමු අනේ... කොහොමත් ඔය දෙන්නා එක ගානනේ😅

🖤හා එහෙනම්...හොබියගේ ගුටි කන්නත් වෙයිද දන්නෑ මට😂

💜️නෑ නෑ...එහෙම වෙන්නෙ නෑ😅

................................

Jihun pov...

තොපිට තාම බැරි වුනා හරියට මුකුත් කර ගන්න...තොපි හොඳයි යකෝ ලස්සනට තියන්න....ශික්🤬😡 මටම මේක කරන්න වෙයි වගේ😡

කොහොමත් එක පාර මරණවට වඩා ටික ටික වේදනා දිදී මරද්දි මට ආතල් එකක් ගන්නත් පුලුවන්...😆😏 අරකිට මන් සතුටින් නම් ඉන්න දෙන්නේ නෑ ඌ එක්ක...මන් දන්නවා කරන්න ඕන දේ එයා මට අනිවාරෙන් උදවු කරයි... මන් ඔය යුන්ගි කියන එකාගෙයි මියොන්ගි ගෙයි ජීවිත විනාස කරනවා😡😆

📱💬 අද හවසට club එකට එන්න...මට ඔයාව meet වෙන්න ඕන😏

__________________________________________________________________________________

මේ මොකක්ද මේ වෙන්න යන්නේ....🙊 මේ එයා කවුද? කවුද මේ අලුතින් එන්න හදන්නේ? එයා ජීහුන් එක්ක එකතු වෙලා මොන වගේ දෙයක් කරයිද? ආයෙත් අලුත් කරදරයක් ද?

ප්‍රශ්න ගොඩයි නේද? මේ ඔක්කොටම මම උත්තර දෙන්නම් හැබැයි ඊට කලින් ඔයාලා උත්තර දෙන්න try කරන්න බලන්න...

එහෙනම් මන් ගියා...බායි🙋🏻‍♀️

මියොන්ගි💜️

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories