Part 12
17:55, 20 August 2024Preview....
සම්පූර්ණයෙන් ම මගේ පැත්තට හැරිලා හිටිය යුන්ගි එයාගේ අනිත් අතත් මගේ ඉනට ගෙනාවා...එයා මගේ ඉනෙන් අල්ලලා තද කරද්දි මාව තවත් එයාගේ පැත්තට ඇදිලා ගියා...තත්පර කිහිපයක් ගියත් එයාට නම් මගේ තොල්වලින් ඈත් වෙන්න හිතක් නෑ වගේ....ඒත්........
ඒත් එකපාරටම.....................................
මන් දැක්කේ අපේ car එකට ඉස්සරහින් වේගෙන් එන ලොකු වාහනයක්...ගොඩාක් වේගෙන් ඒක අපේ පැත්තට ආවේ.....
💜️ඔප්පා...........ඔන්න බලාගෙන.......😫
Author pov...
යුන්ගිගේ හාදුවත් එක්කම ඉබේම පියවුණ මියොන්ගිගේ ඇස් එකපාරම ගැස්සිලා යන්නෙ ඇස් පියාගෙන හිටියත් ඇහැට දැනුන ලොකු එළියක් එක්ක...ඒ එක්කම ඇස් ඇරින කෙල්ල දකින්නෙ එයාලා ඉන්න car එකට ඉස්සරහින් ගොඩක් වේගෙන් එයාලා පැත්තට එන ට්‍රක් එකක්...බය වුණ කෙල්ල එක පාරම යුන්ගිගේ තොල්වලින් ඈත් වෙන ගමන් කෑ ගැහනවත් එක්කම ඉස්සරහට හැරුණ යුන්ගිත් shok වුණේ අර වාහනේ දැකලා...තත්පර දෙක තුනකින් තමන් ඉන්න වාහනේ ඇවිත් ඒක හැප්පෙනවා කියලා යුන්ගිට තේරුණා..ක්ෂනිකව වාහනේ වෙනත් පැත්තකට හරවපු යුන්ගි පාරේ ආපු තවත් වාහන දෙකක් අතරින් කාර් එක ගෙනිච්චේ කෙල්ල තමන්ගේ අත් දෙකෙන් කන් දෙකත් වහන් ඇස් දෙක තදින් පියා ගනිද්දි....
Jihun pov...
ශිට්.....😖🤬
මොනාද හු%@&# අරූ ඒ කරේ හරියට accident එකක්වත් කරගන්න තේරෙන්නේ නෑ තොපිට....😖
👤sorry boss..
තෝ සොරි කිවුවහම හරියටවද යකෝ🤬 අර ට්‍රක් එක drive කරන්න කිවුව එකාව අරන් වරෙන් මන් ගාවට😤
👤බොස්😥
කිවුවහම අරන් වරෙන් බල්ලො...😤🤬මන් අද ඕකවත් ඉවරයක් කරනවා...
.........
🖤මැණික....ඔයා හොඳින් නේද🥺😥
💜️🥺😭
🖤අනේ අඬන්න එපා...කෝ එන්න ළඟට🥺 මට සමාවෙන්න මගෙ මැණික...මට මීට වැඩිය කල්පනාවෙන් ඉන්න තිබ්බා...
💜️🥺අනේ යුන්ගි ඔප්පා....ඔයා....හොඳින් නේද
🖤ඔව් මැනික ඔව්..මන් හොඳින්...කෝ අඬන්න එපාඅපි ඉක්මනට ගෙදර යමු...
💜️ම්ම්ම්🥺...........
Yoongi pov...
Message💬.....
Ah yoongi...uba dannavane man kauda kiyala...😏Ubai ube adaraneeya meyongiy adath beruna ne ehenam😏 thama ubalage wasanava vada karanava vage...habai oy wasanava vadi kalayak thiyena ekak naa....😆😆😆
ආහ්....😖අර කාලණ්ණියා....එහෙනම් ඌ තමා මේ වැඩේ කරල තියෙන්නේ...හැබැයි අද මගෙ මියොන්ගි ට මොනා හරි වුනානත් මන් ඕකව ඉතුරු කරන්නේ නෑ...🤬මන් බලා ගන්නම් උබ ගැන....😡😡
මට ජීහුන් ගැන ඇති වුනේ පුදුම තරහක්.. මට ඌව මරන්න පුලුවන් නම් මන් ඒකත් කරනවා..මන් හිතින් ඌට බැන බැන මියොන්ගිගෙන් ඉල්ල ගත්ත හොබී ගේ ඇඳුම් ටිකත් අරගෙන bathroom එකට ගියේ wash දාන්න කියලා...
මන් wash දාලා එද්දිත් මියොන්ගි උඩ පේන්න හිටියේ නැති නිසා මන් පහලට ගියේ එයා kichen එකේවත් ඉන්නවද බලන්න....මන් යද්දි සින්ක් එකේ ටැප් එකත් අරගෙන එයා බර කල්පනාවක... අතේ තිබුන glass එකේ වතුර පිරිලා උතුරනවා...සින්ක් එකෙන් බාගයක් විතරත් වතුර පිරිලා..මට හිතා ගන්න පුලුවන් කෙල්ල ඔච්චර හිතන්නෙ මොකක්ද කියලා...මන් ගිහින් එයාගේ උරහිසට අත තියද්දි එයා ගැස්සිලා ගියා....
🖤මැණික....
💜️යුන්ගි ඔප්ප...ළඟට එනකන් මන් දැක්කේ නෑනේ...
🖤කොහේ දකින්නද? ඔයා බර කල්පනාවකනේ හිටියේ....මොනාද ඔච්චර හිතුවේ
💜️එහෙම මුකුත් නෑ අනේ☺️
🖤බොරුවට හිනාවෙන්න එපා හරිද මට තේරෙනවා...ඔයා බය වුනා නේද ගොඩක්
💜️ම්ම්...🙂 මට බය හිතුනේ ඔයා ගැන ඔප්ප...
🖤ඒක අමතක කරන්න මැණික දැන්...මන් ඉන්නකන් ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ මම ම්ම්...
💜️මට මොකුත් වුනත් ඔයා පරිස්සමෙන් ඉන්න ඕන...තේරුනාද🥺
🖤අපි දෙන්නම පරිස්සමෙන් ඉමු...
💜️ම්ම්...😊 මේ මන් ඔයාට කොෆී එකක් හදලා දෙන්නද
🖤ම්ම් හා....☺️
Again meyongi pov...
💜️හරි එහෙනම්.ඔයා ගිහින් වාඩි වෙලා ඉන්න මන් හදාගෙන එන්නම්
"🖤බෑ...😌 මන් මෙතන ඉන්නවා..." යුන්ගි ඔප්පා එහෙම කියලා එතන තිබුන wall එකට හේත්තු වුනේ හිනා වෙවී...ඔන්න ඔන්න...ඔය හිනාවනම් මට අල්ලන්නේ නෑ හොඳද🙊 කෝකටත් මන් මීටරෙන් ඉන්න ඕන😏හයියෝ මටත් වුණ දෙයක්...😅
මන් ආපහු ඉස්සරහට හැරිලා...kettle එකට වතුර පුරෝලා ඒක heat වෙන්න ගහලා mug දෙකක් හෝදන්න ගත්තා... ඒක හෝද හෝද ඉද්දි මට දැනුනා යුන්ගි ඔප්පගේ අත් මගෙ ඉන දිගේ ඇවිත් මාව බදා ගන්නවා කියලා. හරියටම කිවුවොත් ඒක backhug එකක්.මාව සින්ක් එකටයි යුන්ගි ඔප්පටයි හිර වෙලා හැරෙන්න විදිහක්වත් නෑ...එයා මාව තව තව එයාගේ පපුවට තද කරනවා.එයා මගේ උරහිසෙන් ඔලුව තියාගෙන ඉන්න නිසා එයාගේ උනුසුම් හුස්ම ඇවිත් මගේ බෙල්ලෙ වදිද්දිනම් මගෙ මුලු ඇඟම හිරි වැටිලා යනවා. එදා පලවෙනි දවසේ එයා මාව hug කරද්දි දැනුන හැඟීම අද ටිකක් වෙනස් විදිහකට මට දැනුනේ...ඒ එදා එයාගේ උණුහුම පලවෙනි පාරට නුහුරු විදිහටකට වින්ද නිසා වෙන්න ඇති...
විනාඩි කිහිපයක් යනවකම්ම එයා මුකුත් නොකියා එහෙමම හිටියා..මාත් මොකුත් කියන්නෙ නැතුව නිශ්ශබ්දව ඒ හැඟීමට ඉඩ ඇරියේ මාත් එයාගේ ලඟින් ඉන්න ආස කරපු නිසා..ඒ උණුහුමේ දැවටෙන්න මාත් ගොඩක් ආස කරා....එයා මගේ ඉනේ තිබුන එක අතක් එහෙ මෙහෙ කරන ගමන් මගෙ බෙල්ලට උණුසුම් හාදුවක් දුන්නේ මාව සීතල වෙලා යද්දි...දැන් නම් මාව හිරිවැටිලා වගේ..
ඒ ක්ෂනයෙන් එයා මගේ ඉනේ තිබුන අත් දෙකෙන් මාව එයාගේ පැත්තට හරව ගත්තා...
💜️ඇ...ඇයි මේ...
🖤ඇයි....
💜️ඇයි කියලා තමා අනේ මාත් අහන්නේ...😅
🖤😏මට ඕන නිසා...
💜️මෙයාගේ නපුරුකම😒
🖤ඔව් මන් ගොඩා....ක් නපුරුයි ආ..😏😌 පරිස්සම් වෙලා ඉන්න...
💜️මොකක්ද අනේ මේ වෙ.....
එයා මගේ ඉනවටේ තිබ්බ අත් වලින් මාව තවත් එයාගේ පැත්තට ඇදලා ගත්තා..එයාගේ උණුසුම මට ගොඩාක් ලඟින් දැනෙනවා දැන්...මගේ ඉනේ තිබුන එයාගේ අත් දෙක ටික ටික උඩට ගෙනාපු එයා මගේ අත් අතරින් එයාගේ අත් යවලා මාව උස්සලා ෆැන්ට්‍රි එක උඩින් තියලා එයා මගේ කකුල් දෙක ටිකක් ඈත් කරලා ඒ අතරට ආවා...
💜️ඔප්ප....
🖤මන් කියලා තියේනේ මට ඔප්පා කියන්න එපා කියලා...ම්ම්ම්
💜️ඔව් ඉතින්...ඒත්.....ම්ම්... ම්ම්ම්...
එකපාරම මගේ කම්මුලකට අත තිබ්බ එයා මගෙ තොල් වලට බර වුනේ ඇස් දෙකත් පියාගෙන...ඒ මොකක්ද එක පාරට වුනේ කියන feeling එක ආව මම ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලන් හිටියා...එයාගේ හාදුවේ මන් ගැන ලොකු ආදරක් තිබ්බා කියලා මට හුඟක් දැනුනා..
තත්පර කිහිපයක් ගත වෙන්නත් කලින් එයාගේ හාදුවට අවනත වුන මමත් ඇස් පියාගෙන ඒ මොහොත විදින්න ගත්තා...මගේ කම්මුලේ තිබ්බ එයාගේ අත එයා හීන් සීරුවට එහාට මෙහාට ගෙනිච්චේ මගේ කම්මුල හරිම සියුම් විදිහට පිරිමදින ගමන්...ටිකකින් මගේ තොල් වලින් ඈත් වුන එයා මගේ ඇස් දිහා එක එල්ලේ බලන් ඉද්දි මට දැනුන අමුතු හැඟීමත් එක්ක මන් බිම බලාගත්තේ ඒ ඇස් මාව මත් කරනවා වගේ නිසා...කට කොනින් මතු වුන ඒ අමුතු හිනාව ඒ හීනි ඇස් මගේ හැඟීම් තවත් ඇවිස්සුවා...
ටික වෙලාවකට වෙනම ලෝකෙක අතරමං වුන මන් පියවි සිහියට ආවේ heat වෙන්න ගහපු kettle එකේ switch එක off වෙද්දි....
💜️අහ්.....යුන්ගි...කෝ...
🖤ඇයි....
💜️කෝ...අයින් වෙන්න අනේ.. අර වතුර එකත් රත් වෙලා...
🖤මන් ඔයාවත් රත් කරල ගන්නද😏
💜️මොනා කියනවද මන්දා...කෝ කෝ මට බහින්න දෙන්න
කෝ...ඉතින්...🤭
මන් එයාගේ අතින් අල්ලගෙනම එයාව ටිකක් පස්සට කරන ගමන් මන් ෆැන්ට්‍රි එක උඩින් බැස්සා...
.....
කෝෆි දෙකකුත් හදා ගෙන සාලෙට ආපු අපි දෙන්නා ෆිල්ම් එකක් බලන්න ගත්තා...
Yoongi pov...
මගේ කෙල්ල ගාවින් ඈත් වෙන්න හිත ඉඩ නොදුන්නත් එයා කෝෆි හදන්න ඕන කියලා මාවත් පස්සට කරන් ෆැන්ට්‍රි එක උඩින් බිමට පැන්නා..කෝෆි දෙකත් හදන් අපි දෙන්න සාලෙට ආවේ ෆිල්ම් එකක් බලන්න...මගේ ඇඟට හේත්තු වෙලා කියව කියව හිටිය කෙල්ලගේ සද්දයක් නැති නිසා මම බැලුවේ ඇයි කියලා...එයාට නින්ද ගිහින්...
Sofa එකේ පැත්තකට හේත්තු වුන මම එයාව මගේ ලඟට ලං කරන් එයාගේ බාගෙන පාත් වෙලා තිබුන ඔලුව අරන් මන් මගේ පපුවෙන් තියා ගත්තා.. ඒත් එක්කම එයා හරිබරි ගැහිලා ඔලුවත් පොඩ්ඩක් එහෙ මෙහෙ කරා...පුංචි පූස් පැටියෙක් වගේ එයා මට තුරුල් වෙලා නිදා ගෙන ඉද්දි මට එයාගෙන් පෙනුනේ හරිම හුරුබුහුටි බවක්...එයාගේ මූනට වැටිලා තිබුන පුංචි පුංචි කෙස් ටිකක් අයින් කරපු මමත් sofa එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තා...
__________________________________________________________________________________
හලෝ ලමයි...ඔන්න තවත් part එකක් දුන්නා ඔයාලට....අද නම් දුන්නෙ ටිකක් ආදරණීය කොටසක්...☺️ ආදරණීයයි හැඟුම්බරයි නේද කස්ටිය😚😂
ඉතින් කතාව ගැන ඔයාලට හිතෙන දේවල් comment කරන්න අමතක කරන්න එපා... ඔය නිකන් තියන එකේ වෝට්ටුවකුත් (vote එකක් ආ...නැත්නම් බලයි මේ මොකක්ද කියලා😂) දාගෙන යන්නලා ඉතින්😁
එහෙනම් චින්ගුලා මන් ගියා...බායි🙋🏻♀️
මියොන්ගි💜️
There are no comments yet. Log in to be the first to leave a review!





