02
19:53, 25 April 2023Taehyung pov
ලකුණු වැටිලා තියෙන බෝඩ් එකේ තිබ්බේ ගෝල් 1:1 කියලා. දැන් යන්නෙ මැච් එකේ හැට හතරවෙනි විනාඩිය. එකපාරටම යොන්හා එකේ ළමයි ටික ජන්ග්කුක් කියලා කෑ ගහද්දි මන් දැක්කෙ බෝලෙත් කකුලෙන් අරගෙන අපේ ගෝල් එක දිහාට අරන් එන ජන්ග්කුක්ව.
අපේ ගෝල් කීපර්ට හිටියෙ ජිමින් වුණත් මන් ජන්ග්කුක්ව නවත්තන්න එයාගෙ දිහාට දිව්වෙ යොන්හා එකේ හොඳම ප්ලේයර් ජන්ග්කුක් නිසා. ජන්ග්කුක් ගෝල් එක දිහාටම දුවද්දි මාත් පිටිපස්සෙන්ම දුවලා ගියේ මේකව කොහොමහරි නවත්තන්න. ජන්ග්කුක් ගෝල් එකට තව තව ළං වෙද්දි යොන්හා එකේ හැමෝම වගේ පුටු වලින් නැගිටිද්දි ශින්වා එකේ සෙට් එක තක්බීරි ගැහිලා වගේ බය වෙලා හිටියෙ ජන්ග්කුක් ගෝල් එකක් ගනියි කියලා බයෙන්. ඒවා ඉතින් හඳේ තමයි හාවො.
මන් එහෙම කියලා හිතාගෙන ජන්ග්කුක් බෝලෙට ගෝල් එකට යන්න පයින් කික් කරද්දිම වගේ ජන්ග්කුක්ගෙ කකුල් දෙක අතරින් මන් මගේ කකුලක් දාලා බෝලෙට ගැහුවෙ අනිත් පැත්තට යන්න. මන් කකුල දාපු නිසා ජන්ග්කුක් මාත් එක්කම වගේ පෙරලිලා වැටෙද්දි අම්පයාර් ආවෙ මට යෙලෝ කාඩ් එකකුත් දික් කරන්. ඔව් ඉතින් මන් බෝලෙට කියලා ගහපු පාර වැදුණෙ ජන්ග්කුක්ගෙ කකුලටනෙ.
පව් පොඩ් එකා. මට එහා පැත්තෙ කකුලත් බදන් ඉන්නවා නිකන් ගෙම්බා පොලේ ගහලා වගේ. ආවා මෙතන ගෝල් ගන්න. යස වැඩේ උඹට. ඒත් එක්කම ප්ලේ කරන එක නවත්තලා යොන්හා ටීම් එකේ වගේම අපේ ටීම් එකේ අයත් ආවෙ අපි දෙන්නා වැටිලා ඉන්න තැනට. මන් නැගිටිද්දි කවුද මන්දා සුදුම සුදු කොල්ලෙක් ඇවිත් ජන්ග්කුක්ව නැගිට්ටෙව්වා.
හම්මෝ බලන්න සුන්දරයි ජන්ග්කුක්ගෙ ඒ මූන. ආයෙ අබ ටිකක් දැම්මනම් චටපට ගාලා පුපුරවත හැකි. ඒත් එක්කම අර සුදු කොල්ලා එක්ක යොන්හා එකේ කට්ටියම මන් ළඟට ඇවිත් මගේ කොලර් එකෙන් අල්ල ගද්දි ජිමින් මැද්දට පැනලා ඒ කොල්ලගෙ අතින් මගේ කොලර් එක අතෑරෙව්වෙ බොහොම අමාරුවෙන්.
" තෝ පලයන් පොඩි එකා අහකට. ආවා මෙතන මැද්දට."
ඒ සුදු කොල්ලා එහෙම කියන ගමන් ජිමින්ව තල්ලු කර පාර ජිමින් ගිහින් කෙළින්ම බිම. පොරට ඕවා දිනපතා වෙන නිසා සුළු දේවල්. මොනා වුණත් ඒ මගේ යාළුවා නිසා මටත් තද වුණේ ලෙල්ලට.
" උඹ කොහොමද යකෝ මගේ එවුන්ට අත තියන්නෙ. "
මන් එහෙම කියලා සුදු කොල්ලා දිහාවට යද්දිම වගේ අම්පයාර් ඇවිත් අපි දෙගොල්ලොම දෙපැත්තට කරලා යොන්හා ටීම් එකට දඬුවම් පාරක් දුන්නා.
( මෙතන හොඳට ෆුට් බෝල් ගැන දන්න අය ඇති. කොහොමවත් නොදන්න අයත් ඇති. මේ දඬුවම් පහර කියන්නෙ ප්ලේ කර කර ඉද්දි කවුරු හරි ක්‍රීඩකයෙක් එහා පිලේ ක්‍රීඩකයෙක්ට බාධා කරොත් එහා පිලේ ඒ බාධාවට ලක් වුණු ක්‍රීඩකයාට ගෝල් එකක් ගන්න අවස්ථාවක් දෙනවා. ඒ කියන්නෙ එයාට බෝලෙ දීලා එහා පිලේ ගෝල් එකට ගහන්න අවස්ථාවක් දෙනවා. ඉතින් ඕකට තමා දඬුවම් පහර කියන්නෙ. ජන්ග්කුක්ට දඬුවම් පහරක් ලැබුණෙ ටේහ්යුන් එයාට කකුලෙන් ගහපු නිසා.මේ මන් දන්න තරම තමා. මේක වැරදි නම් මට කවුරුහරු කමෙන්ට් කරලා කියන්න ළමයිනේ. මන් ඒක නිවැරදි කරන්නම්. )
ඒ දඬුවම් පහරෙන් උපරිම ප්‍රයෝජන ගත්ත ජන්ග්කුක් එයාලගේ ටීම් එකට ගෝල් එකක් අරන් දෙන්න සමත් වුණා. යකෝ මුගේ තියන සතුට. ෂර්ට් එකත් ගලවන්. ගොන් ගෑණු ටිකත් හූ තියන්න ගත්තෙ උගෙ ගානට හදාගෙන ඉන්න බොඩිය දැකලා. ඒ අස්සේ අපේ ඉස්කෝලෙ ගෑණු ටිකත් කෑ ගහන එක තමා ඉවසන්නම බැරි.
ආපහු ප්ලේ කරන්න පටන් ගද්දිම විසිල් එක වැදුණෙ මැච් එකේ පළවෙනි අර්ධය ඉවරයි කියන්න. හැමෝම ටීම් දෙකට වෙන් කරලා තිබුණු හට් දෙකට ගියේ පොඩි විවේකයක් ගන්න. යොන්හා එකේ හට් එක තිබුණෙත් අපේ එකට එහා පැත්තෙන්මයි. ඉතින් උන් කතා කරන ඒවා අපිට වගේම අපි කතා කරන ඒවා උන්ටත් හොඳටම ඇහෙනවා. මන් හිටියෙ අපේ හට් එකේ කෙළවරේම වගේ. ඊට එහායින් හට් එකේ මන් ඉන්න පැත්ත කෙළවරේම තමා අර හා දතත් වාඩි වෙලා හිටියෙ. ඔව් ඔව් ඒකා තනිකර හාවෙක් වගේ. කැරට් අලයකුත් කටේ ගැහුවනම් තනි හාවා ඈ.
පොර මන් දිහා බලන් එකසිය ගානට රවනවා. ඊට එහා පැත්තෙ හිටිය සුදුපාට එකා අපේ ජිමිනට ඔරවනවා.ඒ අහිංසකයා මොන වරදක් කරාටද මේ මිනිහා ඌට රවන්නෙ. අපි දෙන්නත් වෙනසක් නෑ. මායි ජිමිනුත් ඒ ඩබලට හොඳට රවනවා.
එක පාරටම කවුදෝ මන්දා ඇවිත් ටවල් එකකින් මගේ ඇඟේ දාඩිය පිහදාද්දි මන් දැක්කෙ සුසීව. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. හැබැයි සති තුනකට කලින් ජන්ග්කුක්ගෙ.
අර ෆුට්බෝල් ගැන දාපුවනම් මන් හරියටම දන්නෑ. ඒ නිසා සොරි වෙන්න ඕන. වැරැද්දක් තිබුණොත් මට කියන්න.
ඊළඟ එකෙන් සෙට් වෙමු ළමයි.
#දේදුනු23/04/25
There are no comments yet. Log in to be the first to leave a review!





