Fanfics

03

11:18, 26 April 2025

Jungkook pov

ඉන්ටවල් එකේදි මමයි ටේහ්යුනුයි හිටියෙ හට් දෙකක වුණත් අපි දෙන්නා හිටියෙ හට් වල කෙළවරේම නිසා ඌ වාඩි වෙලා හිටියෙ මට එහා පැත්තෙන්. මගේ එහා පැත්තෙන්ම යුන්ගිත් වාඩි වෙලා ඉද්දි තව අපේ කොල්ලො හතර පස් දෙනෙක්ම පුටු වලින් නැතුව අපි වාඩි වෙලා හිටිය අහළ පහළම බිමින් ඉඳ ගත්තා.

" අඩෝ කුක්කා උඹ නම් සුපිරි ඈ. අර දඬුවම් පාර සුපිරියටම දුන්නා. "

" එහෙම තමයි කොල්ලො අපි. "

" අඩෝ අරූ පැනලා උඹේ කකුලට ගැහුව එකත් නියමෙට ගියා. නැත්තන් ගෝල් එකක් ගන්නත් හෙනම වෙලාවක් යනවනේ. "

යුන්ගි එ​හෙම කියද්දි මන් බැලුවෙ එහා පැත්තෙ හිටිය ටේහ්යුන් දිහා. මට අල්ලන්නෙම නැත්තෙ මුගේ මේ කොයි වෙලෙත් කට කොනේ තියන නෝන්ඩි හිනාව.

ඒත් එක්කම වගේ මන් දැක්කෙ ටවල් එකකුත් උස්සන් ඇවිත් ටේහ්යුන්ගෙ ඇගේ දාඩිය පිහිදාන සුසී. ඔව් ඔව්. මගේ කලින් එකී. පෙන්නන්න බැරි මට මේ වටේ යන ගෑණු. වෙන එකෙක් එක්ක ගියා නම් හිත හදා ගන්න තිබ්බා. මාත් එක්ක ඇරියස් එකටම මේකිටත් අරූගෙ කෙල්ල වෙන්නම හිතුණනේ.

මන් ඒකිටත් ගස්සන් යුන්ගිගේ අතේ තියන වතුර බෝතලේ ගනිද්දි තමයි අපේ කොල්ලො ටිකත් ටේහ්යුන් ගාවට වෙලා ඉන්න සුසීව දැක්කෙ.

" අන්න අර බඩ්ඩ අතන ඉන්නෝ බන්. "

ඒ හෝසොක්. හෝසොක්ගෙ හඬේ සැර කොච්චරද කියනවනම් සුසීටත් ඇහිලද මන්දා අපි දිහා බැලුවා.

" තොට පිස්සුද බල්ලෝ ඒකිට එහෙම කියන්නෙ. "

මොනා වුණත් මට මල පැන්නෙ සුසී නෙමෙයි මොකී වුණත් කෙල්ලෙක්ට දෙනෝ දාහක් මැද්දෙ බඩ්ඩ කියලා කියන්න හොඳ නැති නිසා.

ඒක ඇහිලද මන්දා ටේහ්යුන් වාඩ් වෙලා හිටිය පුටුවෙන් නැගිටලා අවිත් අපේ හට් එකේ බිම වාඩි වෙලා හිටිය හෝසොක්ගෙ කොලර් එකෙන් අල්ලලා නැගිට්ටෙව්වෙ තරහෙන් පුපුරන ගමන්.

" යකෝ තොට පේන්නෙ මම පොන්නයෙක් වගේද බල්ලෝ. මගේ කෙල්ලට එහෙම කියනවද මන් ඉස්සරහම. දෙන්නෙ තොට කන පුපුරන්න. "

හෝසොක් සුසීට එහෙම කියපු එක නම් වැරදී. ඒත් මේ ටේහ්යුන් පොර ටෝක් දෙන්නෙ මගේ එකෙක්ට නිසා මාත් එතනට එන්ටර් වුණා.

" යා ටේහ්යුන් අතාරිනවා මූව මෙතන රණ්ඩු හදන්නැතුව. "

හෝසොක්ගෙ ෂර්ට් එකෙන් අතෑරිය ටේහ්යුන් ඊළඟට අල්ලගත්තෙ මගේ ෂර්ට් එක.

" මමද යකෝ රණ්ඩු හැදුවේ. කියපන් කට පරිස්සම් කරන් ඉන්න කියලා. "

ඒත් එක්කම වගේ අපි දෙන්නම මැද්දට ආවෙ සුසී.

" ටේ ඔප්පා නවත්තන්න අනේ. මේ අහක යන කුණු ගොඩවල් ඇඟේ දාගන්න එපා. "

සුසී එහෙම කිව්වෙ මන් දිහා මහ නෝන්ඩියට බලලා. මේ ගෑණිත් එකයි උගේ මිනිහත් එකයි. දෙන්නගෙම වැඩේ මට කිණ්ඩියට හිනා වෙන එක.

" ඈ යකෝ උඹ මටද කුණු ගොඩ කිව්වෙ. උඹ කොහොමද කලින් කිව්වෙ සුදු මැණිකලු අර මැණිකලු. දැන් බලපන්කො. කිව්වෙ නම් මන් ඔයාව මේ ආත්මේ කවදාවත් අතාරින්නෑ හැමදාම ළඟ ඉන්නවා කියලා. දැන් තෝ මූ ළඟට ගියේ මැරිලා වෙන ආත්මෙක ඉපදිලද. ෂිට් පෙන්නන්න බෑ සුසී මට තමුසෙව. "

මන් එක දිගට කියවගෙන ගියේ හිතේ තිබ්බ දුකටයි තරහටයි. මොනා වුණත් මන් සුසීට බොක්කෙන්ම ලව් කරා. ඒ වගේම ඒකි මගේ ෆ්ර්ස්ට් ලව් එක. ඒක නිසාමයි ඒකිව අමතක කරන්න මේ තරම් අමාරු. හිතේ තිබ්බ සේරම දේවල් සුසීගෙ මූණටම කියලා දාද්දි කම්මුලට දැනුණෙ තෙත ගතියක්. කම්මුල අල්ලලා බලද්දි තමයි දැක්කෙ ඒ කඳුළු කියලා.

" මෙන්න මෙහෙ වරෙන් බන් යන්න. "

එහෙම කියපු යුන්ගි ටේහ්යුන්ගෙ අතින් මගේ ෂර්ට් එක අතාරින්න හදද්දි ටේහ්යුන් මාව ඇදලා ගත්තු පාර ගිහින් වැදුණෙ එයාගෙ දාඩියට තෙත් වෙලා තිබුණු ඒ පපුවෙ. මට කඳුළු පිහිදාගන්නවත් මතක් නොවුණෙ ටේහ්යුන්ව මෙච්චර ළඟට දැකපු පළවෙනි පාර නිසා. එයාගෙ ළඟින් දැනුණු දාඩියත් එක්ක මික්ස් වෙච්ච පර්ෆියුම් සුවඳ නිකන් මාව මත් කරා වගේ.

තරහෙන් පිරුණු ඒ ඇස් වල දැන් තියෙන්නෙ වෙනමම බැල්මක්. හරියට සමාව අයදිනවා වගේ. විනාඩ්යක් නෑ දෙකක්.... මට මතක නෑ මන් කොය් තරම් වෙලාවක් ඒ විදියට හිටියද කියලා. පියවි සිහියට ආපු මම ටේහ්යුන් තල්ලු කරලා දාලා යන්න ගියේ ඉන්ටවල්එක ඉවරයි කියලා විසිල් එක වැදුණු නිසා.

" අඩෝ ඒ මොකක්ද බන් ඒ සීන් එක. නිකන් හින්දි ෆිල්ම් එකක් වගේ ඕයි. "

ඒ අපේ හෝසොක්. ග්රවුන්ඩ් එකට යනකන්ම කියවනවා කියවනවා ඉවරයක් නෑ. කට නිසා කලින් අරූගෙන් අහගගත්තු ඒවා මදි වෙලාද මන්දා මූට. සේරටම වඩා මට ලැජ්ජ අර සේරම ඉස්සර ඇඬිච්චි එක. ෂිට් විතරක් විලි ලැජ්ජාවෙ බෑ.

ඒත් එක්කම එක පාරට මගේ අතින් ඇදලා ගත්තෙ ටේහ්යුන්. ග්රවුන්ඩ් එකේ අය හූ තියන්න ගත්තෙ කෑ ගහලා ටේහ්යුන් ග්රවුන්ඩ් එක හරි මැද්දෙම වගේ මගේ අත අල්ලන් මාව නතර කරන් හිටිය නිසා.

ඊළඟ කොටසින් හමුවෙමු.

#දේදුනු23/04/25

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories