Fanfics

01

19:19, 25 April 2023

Jungkoop pov

මන් ක්‍රීඩාගාරෙ ඉඳන් පොඩ්ඩක් දොරෙන් ඔළුව දාලා බැලුවෙ ග්රවුන්ඩ් එක දිහා. මගෙ දෙයියනේ ඉන්න මිනිස්සු තොගේ. බයටම කකුල් දෙක දැනටමත් මැන්ඩලීන් ගහනවා වගේ. ෆුට්බෝලෙට පයින් ගහනවා කෙසේ වෙතත් ග්රවුන්ඩ් එකට යද්දිම මගදිම පණ යයි වගේ. දෙයියනේ දෙයියනේ ජන්ග්කුක්. ටීම් කැප්ටන් කියන කතාද මේ. මන් එහෙම හිතාගෙන ඔළුවට ටොක්කතු ඇනන් ආපහු ටිකක් ඇතුළට ගියේ තාම රෙඩි වෙන අපේ කොල්ලො ටික දිහාවට.

" අඩෝ මටනම් චූ බරයිත් වගේ. මැච් එක මැදචි චූ බරක් එහෙම සෙට් වුනොත් තමා ඉවර. "

ඒ අපේ යුන්ගි. ඒ වගේම මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. නමට විතරයි. උදව්වකට පොඩ්ඩක් මූව හෙව්වොත් ගහක් ගලක් බදාගෙන හරි නිදි.

කට්ටියම රෙදි ඇඳගෙන රවුමක් හැදුණෙ ප්ලේ කරන්න කලින් වෝම්අප් වෙන්න. ටික වෙලාවක් බලද්දි තමයි දැක්කෙ ටීම් එකේ එකෙක් මිසින් කියලා.

" කෝ අඩේ හෝසොක්. "

මන් එ​හෙම අහද්දි ටීම් එකේ එකෙක් අත දික් කරේ කණ්ණාඩියක් ඉස්සරහට වෙලා හැඩ බල බල කොණ්ඩෙ හදන හෝසොක්ව.

" අන්න අරූව ඇදන් වරෙන් ඉක්මනට. "

මන් එහෙම කියද්දි යුන්ගි හෝසොක්ව ඇදන් ආවෙ කනෙන්.

" අඩෝ මොන මගුලක්ද බල්ලෝ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් නැලවෙන්නෙ. වරෙන් වෝම්අප් කරන්න. තොපිලත් එක්ක පුළුවන්ද වැඩක් කරන්න. "

යුන්ගි එ​හෙම කියලා හෝසොක්ව මන් දිහාට තල්ලු කරද්දි හෝසොක් යුන්ගිට රැව්වෙ දිගට හරහට.

" තොපි යාළුවො නෙමෙයි මහ පාපතරයො ටික. අද මගේ කෙල්ල එනවා ඕයි. පොඩ්ඩක් හැන්ඩියට ඉන්න එපැයි ඉතින්. "

හෝසොක් කොණ්ඩෙත් අතින් හද හද කියද්දි අනේ මට හිතුණා මුට දෙකක් අනින්න.

" මෙච්චර වැදගත් දෙයක් අස්සෙ මූටත් ඕන කෙල්ලො නලව නලව ඉන්නනේ. "

කට්ටියම වෝම්අප් කරාට පස්සේ අපේ කෝච් ආවෙ යන්න කලින් අපිත් එක්ක කතා කරලා උපදෙස් දෙන්න.

" කොල්ලනේ මන් කිව්ව දේවල් මතකයි නේද. කියපු විදියටම කරන්න. මේ පාර කොහොමහරි අපි තමයි කප් එක ගන්න ඕනි. "

" හරි සර්. "

අපි හැමෝම ඒ විදියට එක හඬින් කෑ ගහලා කියද්දි නම් හැමෝටම වගේ පොඩි ගැම්මක් ආවා.

" ජන්ග්කුක් ඔයා විශේෂයෙන්ම ටේහ්යුන් ගැන අවධානෙන් ඉන්න ඕන. එයා තමා මෙතන ඉන්න අමාරුකාරයා. "

" හරි සර්. "

මන් හරි කියලා ඔළුව වැනුවෙ මට කොහොමත් සර් කිව්වත් නැතත් ඕකත් එක්ක බේර ගන්න​ පොඩි ගනුදෙනුවක් තියන නිසා.

ටික වෙලාවකින් ටීම් දෙකටම ග්රවුන්ඩ් එකට එන්න කියලා ලැබුණු එනවුන්ස්මන්ට් එකෙන් පස්සෙ අපි හැමෝම එකා පස්සෙ එකා පිළිවෙළට ග්රවුන්ඩ් එකට යද්දි ළමයි කෑ ගහන්න ගත්තෙ පිස්සුවෙන් වගේ. ඒ අතරින් පතර මන් දැක්කේ මගේ නම ගහලා එහෙම තියන බෝඩ් අල්ලන් ඉන්න ළමයි.

" ජන්ග්කුක් ඔප්පා....සරංහේ.... "

අනේ ඉතින් කාටද ආඩම්බර කෙල්ලො මගේ නම කියලා කෑ ගහද්දි. මන් මගේ නම කියලා කෑ ගහපු කෙල්ලෙක්ටත් පැණි හිනාවක් දාලා ඇහැකුත් ගහද්දි මුළු ග්රවුන්ඩ් එකම මහ හයියෙන් බෙරිහන් දෙන්න ගත්තෙ යුන්ගි මට එහා පැත්තෙන් ඉඳන් පොල් ටොක්කක් ඔළුවට අනිද්දි.

" තොටත් නිකන් ඉන්නම බෑනෙ. අතන හෝසොක්ට බණ දෙසලා මෙතන තෝ හාල් කෑලි ෆෝම් කරනවා.තූ නෙදකින් තොපිලා නම්. "

යුන්ගි මට බනින අතරෙ මන් දැක්කෙ ග්රවුන්ඩ් එකේ එහා පැත්තෙ සීමාවෙ ඉඳන් එන ශින්වා එකේ ටීම් එක. ඔය එන්නෙ ඉස්සරහින් පැද්දි පැද්දි කිම් ටේහ්යුන්. අද තමුසෙගෙ කකුලක් කඩලා තමයි මන් පස්ස බලන්නෙ.

ටීම් දෙකම ග්රවුන්ඩ් එකේ පේළියට හිට ගෙන ඉද්දි මුලින්ම ප්ලේ වුණේ ශින්වා එකේ පාසල් ගීතය. අපේ එක ප්ලේ වුණේ ඊ ළඟට. බලන්න එතනත් අපිට වෙනස්කම් හූම්.

කට්ටිටම තමන්ට අදාළ තැන් වලට ගියේ මැච් එක පටන් ගන්න කව වැඩි වෙලාවක් තිබුණෙ නැති නිසා. අපේ ගෝල් කීපර්ට හිටියෙ යුන්ගි. එහා පැත්තෙ ගෝල් කීපර්ට හිටියෙ හෙන කොට හාදයෙක්. මොකට ගත්තද මන්දා. බටු ඇට දෙකක්වත් උස නෑ. බෝලෙ අල්ලන්න නෙමේ හරියට සොට් එකක් වැදුණොත් ඌත් එක්කම බෝලෙ ගෝල් එකට යන්නත් ඉඩ තියනවා.

මන් අපේ කොල්ලො ටික හරියට තැන් වලට ගිහින් ඉන්නවද කියලා බලලා මාත් ගියේ මට අදාළ තැනට. හරියටම මට ඉස්සරහින් හිටියෙ කිම් ටේහ්යුන්. මගේ එකම හතුරා. ඕකා තමයි දැන් සති තුනකට විතර කලින් මගේ කෙල්ලව ලයින් දාලා අල්ල ගත්ත එකා. මන් ටේහ්යුන්ට රවද්දි පොර මට දෑවෙ හෙන නෝංජල් හිනාවක්. දෙන්න හිතයි දත් ටික ගැලවිලා බිම වැටෙන්න. බලන් ඉදාම් මැච් එක පටන් ගත්තම මන් උඹට කරන දේ. එහෙම හිත හිත ඉද්දිම ඇහුණු විසිල් සද්දෙත් එක්ක ග්රවුන්ඩ් එකේ හිටිය හැමෝම කෑ ගහද්දි අපි ප්ලේ කරන්න පටන් ගත්තා.

ඔන්න පළවෙනි චැප්ටර් එක දුන්නා. මන් ෆුට්බෝල් ගැන වැඩිය දෙයක් දන්නෑ. ඒ නිසා මොනාහරි වැරදි තිබ්බොත් සොරි වෙන්න ඕන.

දෙවනි කොටසෙන් හමු වෙමු.

#දේදුනු23/04/25

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories