Fanfics

Intro

11:10, 22 April 2025

මුළු ග්රවුන්ඩ් එකම පිරෙන්න හිටියෙ ශින්වා හයිස්කූල් එකෙයි යොන්හා හයිස්කූල් එකෙයි ළමයි විතරමයි. මුළු ග්රවුන්ඩ් එකම දෙපිළිකට බෙදිලා හිටියෙ අද තියන වර්ෂ අවසාන ෆුට්බෝල් ටුනමන්ට් එකේ ෆයිනල් මැච් එක නිසා.

රතු පාට යුනිෆෝම් වලින් යොන්හා හයිස්කූල් එකේ ළමයි සැරසිලා ඉද්දි නිල් පාට යුනිෆෝම් වලින් හිටියෙ ශින්වා හයිස්කූල් එකේ ළමයි. ශින්වා සහ යොන්වා උසස් පාසල් අතර තියන මේ ෆුට්බෝල් ටුනමන්ට් එක අවුරුදු විසි පහක් තිස්සෙ නොනවත්වා පැවැත්වෙන්නෙ හරියට සම්ප්‍රධායක් වගේ. ඉතින් ළමයි හැමෝම ආසාවෙන් බලන් ඉන්නෙ මේ ටුනමන්ට් සීසන් එක එනකන්.

ශින්වා හයිස්කූල් එකේ ෆුට්බෝල් ටීම් එකේ වගේම යොන්හා ටීම් එකේත් හිටියෙ හරිම දක්ෂ පිරිමි ළමයි ටිකක්. දක්ෂ වගේම මේ කොල්ලො ටික මාරම ලස්සනයි. ඉතින් කට්ටියටය මැච් එකටත් වඩා උනන්දු දාඩිය පෙරාගෙන සෙල්ලම් කරන මේ කඩවසම් කොල්ලො ටික බලාගන්න.

මේ අවුරුදු ගානක් තිස්සෙ ටුනමන්ට් එක නිසා ශින්වා එකේ ළමයි වගේ යොන්හා එකේ ළමයි ඉන්නෙ නයි වෛරෙන්. හැමෝටම ඕන තමන්ගෙ ඉස්කෝලෙට කප් එක ගෙනියන්න. හරියටම ගණන් හදලා බැලුවොත් දැනට තිබුණු මැච් වලින් දොලහක් ශින්වා එක දිනද්දි ඉතුරු දොලහ දින්නෙ යොන්හා එක.

ග්රවුන්ඩ් එකේ හිටපු අය එයාලගේ ඉස්කෝලෙ නම කියලා චියර් කර කර ඉන්නෙ මැච් එක පටන් ගන්නකම්. එයාලගේ අත් වල තියන එක එක බෝඩ් වල තියෙන්නෙ ටීම් වල සෙල්ලම් කරන පිරිමි ළමයිගේ පොටෝ වගේම එයාලා දිරිමත් කරන්න ලියපු එක එක පුංචි  දේවල්.

මේ සේරම අස්සෙ වැඩිපුරම බෝඩ් වල හිටිය පිරිමි ළමයි දෙන්නෙක් හිටියා. ඒ කිම් ටේහ්යුන් & ජියොන් ජන්ග්කුක්

කිම් ටේහ්යුන්.ශින්වා හයි ස්කූල් එකේ ෆුට්බෝල් ටීම් එකේ ලීඩර්.

ජියෝන් ජන්ග්කුක්.යොන්හා හයිස්කූල් එකේ ෆුට්බෝල් ටීම් එකේ ලීඩර්.

ඔන්න කතාව ගැන චූටි ඉන්ට්‍රො එකක්. ඊළඟ චැප්ටර් එකෙන් හමුවෙමු.

#දේදුනු23/04/25

10.7К5640

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories