Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟸𝟷

05:40, 1 October 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ²¹

'මේඩ්'

"කරන දෙයක් දොර ලොක් කරලා කරන්න සුදු මහත්තයා...."

"දොර ලොක් කරලා ඕනි දෙයක් කරාට කමක් නැද්ද..."

මහ නසරාණි හිනාවක් එක්ක එයා අහනකොට නම් සිරාවටම මට ඒක කිව්වෙ අපරාදේ කියලා හිතුනා. නෑ ඉතින්... Cudu mahaththaya මෙච්චර ඉක්මන් වෙන්න ඕනි නෑ තමයි. ඒත් ඉතිං ඉක්මන් උනා කියලත් මොකවත් වෙන්නෙ නෑ. හැබැයි ඉක්මන් උනත් කමක් නෑ. 👉👈

"කමක් නෑ හැබැයි..."

මම ඇඟිලි දෙකක් පටලවගෙන කිව්වෙ Cudu mahaththaya දිහාවට හැරෙන ගමන්. යකෝ.. මේ මිනියා ඒ ටිකට ගිහිං දොරත් ලොක් කරනවා. පුදුමාකාර හදිස්සියක් නෙ තියෙන්නෙ. මටත් ඉතිං කට පියාගෙන ඉන්න බෑනේ. ඉල්ලගෙන කන්නමයි ආස හිතෙන්නෙ. එයාගෙ බ්ලේසර් එකේ බට්න්ස් ටික එකින් එක ගලවන ගමන් එයා ඇඳ ගාවට එනකොට ඕනි දෙයක් කියලා මම ඇඳේ හාන්සි උනා.

"හඩ්ඩෙක් වගේ ඉන්නැතුව ගිහින් වොෂ් එකක් දාගෙන එනවා බබා..."

මුගේ මිත්තණිය රයිස් ගරන්න... බ්ලේසර් එකත් ගලව ගලව ආව හැටියට මම හිතුවේ අද හරි තමා කියලා. මේ මනුස්සයා බ්ලේසර් එක ගලවලා ඇඳට දාලා කියනවා මට වොෂ් කරන්නලු. යකාගෙ ආණ්ඩුවක් නේ යකෝ මේක. අජූතයි කුජීතයි පජාතයි.

මම වොෂ් දාගෙන රූම් එකට එනකොට එයා හිටියෙ නෑ. පහළට ගිහින් වෙන්න ඇති. මම ශෝටකට ටී ශර්ට් එකක් දාගෙන එයාව හොයාගෙන පහළට ගියා. කොහෙවත් එයාව හොයාගන්න නැති වෙනකොට මම කිචන් එකට යන්න හැරුණත් ස්ටෝ රූම් එක ගාවදි නැවතුනේ කාගෙ හරි කටහඬක් ඇහිලා. වහලා නැද්ද වැහිලා නැද්ද කියලා හරියට දන්නෙ නැති උනත් බාගෙට ඇරිලා තිබ්බ දොරට කිට්ටු වෙච්ච මම දැක්කෙ ඒකෙ ඉන්නෙ මගෙ Cudu mahaththaya ට බැල්ම දාන මේඩ් කෙල්ල කියලා. අනිත් අයගේ කතාවලට ඇහුම්කන් දෙන එක හොඳ නැති නිසා යන්න හැදුවත් මම ආයෙම නැවතුනේ එයා අවසානෙට කියපු දේ එක්ක.

"...ඔව් මැඩම්... මම උඩට යනකොට ජාන් බේබි හේ යොන්ග් කියලා කෙල්ලෙක් ගැන හීනෙන් කියවනවා. ලොකු සරුත්..."

මේකි යකෝ... අපේ ගෙදර ඉදගෙන අපිටම කෙලවන්න. මම ඒකිට දෙකක් කියන්න දොර ඇරගෙන ඇතුලට යන්න හැදුවත් ඊට කලින් මාව පැත්තකට ඇදිලා ගියා. ඒත් මගේ අත් වැදිලා ස්ටෝ රූම් එකේ දොර ටිකක් ඇහුනේ අර මේඩ් හැරිලා බලනකොට.

"ෂ්..ෂ්...."

Cudu mahaththaya මගේ තොල් උඩ එයාගෙ ඇඟිල්ලක් තද කරේ කතා කරන්න එපා කියන්න. එයයි මමයි හිටියෙ ස්ටෝ රූම් එකයි බේස්මන්ට් එකට යන්න තියෙන පඩිපෙලයි අතර පුංචි ඉඩක වෙනකොට එයා සම්පූර්ණයෙන් ම මාව බදාගෙන හිටියා.

හොරෙන් වටපිට බලන ගමන් අර මේඩ් කෙල්ල කිචන් එක පැත්තට යනකොට එයා පේන්න නැති වෙනකම් හිටිය Cudu mahaththaya මාවත් අරගෙන එලියට ආවා. මම හිටියෙ කේන්තියටම රතු වෙලා. ඇයි යකෝ. අරකිට දෙකක් ඇනගන්න හම්බුණේ නෑනේ. අපේ ගෙදර ඉඳන් එක එකාට ඔත්තු දෙනවා. මේකි මැඩම් කිව්වෙ ඖකන්නටද මමාටද.. මොකාට උනත් කරේ බලු වැඩක්. මට ඇත්තටම ඔහොම එකට ඉදගෙන යටින් කෙලවන උන්ව පේන්න බෑ.

ඒකිව හොයාගෙන ගිහින් දත් ටික බඩට යන්න ගහන්න හිත හිත හිටිය මාව Cudu mahaththaya අපේ රූම් එකටම ඇදගෙන ආවා. මම තවමත් නිකන් ගිනි පිඹින මකරෙක් වගේ හයියෙන් හුස්ම ගන්නකොට එයා මගේ පිට අතගෑවේ මාව සන්සුන් කරන්න. එයා ගත්ත උත්සාහය හරියටම හරි යනකොට මම එයාගෙ උරහිසට ඔළුව තියාගත්තා.

"ඔයා දැනගෙන හිටියද..."

"හ්ම්...."

"පපා...."

"එයත් දන්නවා..."

Cudu mahaththaya කියනකොට මම එයාව තල්ලු කරලා එයාගේ මූණ දිහා බැලුවා..මම හිතුවා වගේ එයාගෙ ඇස් ගැස්සුනේ නෑ. එයා මගේ ඇස් දිහා කෙලින් බලාගෙන ඉන්නකොට මම ඔළුව පහළට කර ගත්තෙ හිනා වෙන ගමන්.

"නියමයි... එතකොට මම විතරයිද දන්නෙ නැත්තෙ..."

"ඔයා දැනගත්තාම නම් මොනවා කරන්නද බබා..."

එයා ඇහුවේ මගේ නිකට යටින් එයාගෙ අත තියලා මගේ මූණ උඩට උස්සන ගමන්. ඇත්ත.. මම දැනගත්තා කියලා මොනවා කරන්නද...

"ඔයා එයා ඔත්තුකාරයෙක් කියලා දැනගත්තම මොකක්ද කරන්නෙ.. එයාව මෙහෙන් අයින් කරලා දායි. ඒත් ඔයාට අමතක වෙච්ච දේ එයා වෙනුවට තව කෙනෙක් එන්න ඉඩ තියෙනවා කියලා. නොදන්න හතුරෙක්ට වඩා දන්න හතුරා හොඳයි ජාන්... "

Cudu mahaththaya කියන එකත් ඇත්ත. මොකද කෙනෙක් කවුද කියලා දැනගන්න තරමට අපිට ඒ කෙනා එක්ක ගනුදෙනු කරන්න ලේසි වෙනවා. ඒත් අපි පෙන්නන්න ඕනි නෑනේ අපි එයා ගැන දන්නවා කියලා. ඒකයි මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න තියෙන හොඳම ක්‍රමය. දන්නවා ඒත් නොදන්නවා වගේ. එතකොටයි එයාලා හිතන්නේ අපිව අහුවෙන්නෙ නෑ අපිට ඕනි දෙයක් කරන්න පුළුවන් කියලා. ඒත් අවස්ථාව ආව ගමන් ඒ වගේ උන්ව නැතිම කරලා දාන්න ඕන. 😈

"ඔයා දන්නවද බබා. පැය විසිහතරේම ඔයා දිහා ඔයාගෙ මමාගෙ මිනිස්සු බලාගෙන ඉන්නවා. ඔයා යන එන තැන්, කරන කියන දේවල් හැම දෙයක්ම. මේ වෙලාවෙත් ඔයා දිහා අර එහා පැත්තේ කැලෑවේ තියෙන ට්‍රී හවුස් එකකට වෙලා කෙනෙක් බලාගෙන ඉන්නවා. ඉතිං අපි දැන් මෙයාව අයින් කලොත් වෙන දේ දන්නවනේ. "

මෙච්චර දෙයක් එයා කොහොම කලබලයක් නැතුව කියනවද කියලා මට හිතාගන්න බැරි වුණා. ඇයි අඩේ. වෙන එකෙක් නම් ඔහොම දෙයක් දැනගත්තම මැරෙන්න හදනවා. ඒත් එයා ඉන්න විදිය මටත් හරි පුදුමයි. මමත් ඇත්තටම බය වෙනවනේ. මම එයා හිටිය තැන හිටියා නම් මේ වෙනකොට නටන්න තියෙන පිස්සු සේරම නටලා වෙඩිත් කනවා ශුවර්. එකාතකට එයා මගේ බොඩිගාඩ් වෙච්ච එක පුදුමයක් නෙවෙයි. හුස්මක් ගත්තත් එයාට වෙනස තේරෙනවා.

"හිතන්න එපා බබා... ඕවා හිතන වෙලාවේ අපිට වෙන දෙයක් කරන්න පුළුවන්..

ඇරත් මම දොර ලොක් කරලා ආවේ..."

To be continued...

ANA S TASIA 😈29.12.22

කුඩු මහත්තයා දොර ලොක් කරලා මොනවා කරයිත

මිනිස්සු කියන්නෙ ඒ වගේ ජාතියක්. දන්නෑ. දැක්කෙ නෑ තියරිය තමා හොඳම

ඉක්කනට එන්නම්.

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories