Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟸𝟶

16:13, 29 September 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ²⁰'ආදරෙයිද නැද්ද '

"ඔයා කාටද වස්තුව කිව්වෙ...."

"අ...අහ්... ඒ..ඒක ම්..මේ..."

එයාට වචනත් පැටලෙන්න ගන්නකොට මම ඇහි පිල්ලමක්වත් ගහන්නෙ නැතුව එයා දිහා බලාගෙන හිටියා. එයා මට උත්තරයක් දෙන්න වචන හොයන විදිය නම් මාරයි. ඉස්සර හැඟීමක් කියලා නාමයක් නොතිබ්බ එයාගෙ මූණ දැන් නිකම් මොකක්ද එකක් වගේ. ඒකෙ තියෙන හැඟීම් තෝරගන්න බෑ.

"ඔව්... ඒක මේ..."

මමත් එයා වගේම ඇදලා අහනකොට එයා මූණ අනිත් පැත්තට හරව ගත්තා. එයාගෙ රතු පාට වෙච්ච කන් දෙක මට පේනකොට මම ඒ පැත්තට නැවුණේ එයා ආයාසයෙන් කෙළ ගිලින අතරේ. ඕවා වැඩක් නෑ cudu mahaththaya. මම අද මට ඕනි එක කරගෙනමයි නවතින්නේ.

"ඒ.. ඒක..."

"ඔව්....."

මම කිව්වෙ එයාගෙ කන ගාවටම මගේ තොල් දෙක අරගෙන ගිහින්. එයාගෙ ඇඟේ හිරිගඩු පිපෙනවා මම දැක්කා. මම ළඟට එන එක එච්චරටම දෙයක් කරනවද... දන්නවනම් මම මේක කරන්නෙ මීට කලින්.

"ම්...මම ඒ..ක ක්.. කිව්වෙ පාරේ හිටිය කෙල්ලෙක්ට..."

මොකක් කිව්වා.  cudu mahaththaya  තවුසෙ අද මගෙන් මැරුම් කනවා. ඇයි යකෝ. මෙච්චර මේ මම ඉන්නකොට පාරේ හිටිය කෙල්ලෙක්ට කිව්වා කියන්නෙ. ඇරත් කිව්වෙ"ජාන්...  මාව බය කරන්න එපා වස්තුව...."කියලා. මේකා මහ දෙපිට කාට්ටු ඇමරිකන් ඔටුවෙක්.

"කෙල්ලෙක්ට.... එතකොට ඒ කෙල්ලගෙ නම ජාන්ද..."

"ඇයි ජාන් කියලා නම තියෙන්නෙ ඔයාට විතරද..."

තවුසෙට මම. ඔට්ටපාලු cudu mahaththaya.  තිබ්බ අමාරු සේරම අමතක කරලා මම එයාව ඇඳ උඩට පෙරාගෙන එයාගෙ ඇඟ උඩින් වාඩි වුණා. cudu mahaththaya කොච්චර මට වඩා ශක්තිමත් උනත් එයා ඉන්නෙ වෙච්ච දේ හිතාගන්න බැරුව වෙනකොට මම කලේ එයාගෙ අත් දෙකම උඩට කරලා මගේ අතකින් තද කරලා අල්ලගත්ත එක. 

"ජ්...ජාන්"

"ෂ්...ෂ්..ෂ්... සුදු මහත්තයා දැන් කතා කරන්නෙ මම විතරයි... මම කතා කරන්න කියනකම් ඔයාට කතා කරන්න බෑ..."

මම නිදහසේ තිබ්බ අතේ ඇඟිල්ලක් එයාගෙ තොල් උඩින් තියලා කිව්වෙ එයාගෙ හීනි ඇස් ටීක් බෝල දෙකක් වගේ ලොකු වෙනකොට. මේ මනුස්සයා බොඩිගාඩ් කෙනෙක් කලේ කවුද සාන්ත.. මේකා වෙලාවකට අම්බානෙට කියුට්නේ... මම එයාගෙ තොල උඩ තිබ්බ ඇඟිල්ල තව ටිකක් තද කලත් එයාගෙ බැල්මෙ කිසි වෙනසක් උනේ නෑ.

"මට මේකට හරි උත්තරයක් ඕනි යීබෝ ග'ගා.. ඔයා මට ආදරෙයිද නැද්ද...."

"ජ්... ජාන්..."

"ඤම් පචම් ගාන්න බෑ. ආදරෙයි නම් ආදරෙයි නැත්තම් නෑ.. එච්චරයි.  "

එයා මගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන ඉන්නකොට මම එයාගෙ ඇඟ උඩ හරියට වාඩි වුණා. හරියට කිව්වට හැබැයි ඒක මහ සවුත්තු පොසිශන් එකක්. එයාගෙ උණුසුම ඕනිවටත් වඩා මට දැනුනත් මම ඒක ගණන් නොගෙන එයාගෙ මූනට පහත් වුණා.

"ආදරෙයිද නැද්ද...."

"ආදරෙයි..."

මම හිතුවෙවත් නැති විදියට එයා එකපාරටම කියනකොට මාව ගැස්සිලා ගියා. ඒ ඇස්වල බොරුවක් කරනවා කියන්න කිසිම පෙනුමක් තිබ්බෙ නෑ. ඒත් මම ඒක පෙන්නන්නෙ නැතුව කට කොනින් හිනා වෙන ගමන් එයාගෙ මූනට බර වුණා. එයාගෙ ඉස්සෙල්ලා තිබ්බ බැල්ම මේ වෙනකොට හොයන්නවත් නැති වෙනකොට එයා මගේ දිහා බලාගෙන හිටියෙ මාරම විදියට දඟකාර බැල්මකින්. ඒත් අපි සැලෙනවද.. නෑනේ. එයාට මට කියන්න දේවල් ටිකක් තියෙන නිසාම මම එයාගෙ මූණ මගේ පැත්තට හරවගත්තා.

"ආදරෙයි නම් මේ ටිකත් මතක තියාගන්න සුදු මහත්තයා...."

"එක.... මට වැඩක් නෑ අර ලින්ග් ලින්ග් ඔයාගෙ කවුරු උනත්. හැබැයි අදින් පස්සේ ඒකි තවුසෙට බැල්ම දාලා අහුවුනොත් මම තවුසෙගෙ අඬු කඩනවා. "

"දෙවනි එක... තවුසෙ කාට කොහොම ලව් කරත් මට වැඩක් නෑ. හැබැයි අදින් පස්සේ තවුසෙ මගේ.. මගේ කියන්නෙ මගේ විතරයි."

මම කියනකොට එයාගෙ කට කොනට හිනාවක් ආවා. බෑනේ කරන්න. මම මෙච්චර සීරියස් වෙනකොට මේකා ඇවිත් කින්ඩියට හිනා වෙනවා.

"එතකොට තුන්වෙනි එ..."

"ආහ්හ්..."

මම එයාගෙ ඇඟ උඩ වාඩිවෙලා තුන්වෙනි එක කියන්න හදනකොටම එයා මට ඒකට ඉඩ නොදී මාව පෙරළගෙන මගේ ඇඟ උඩට ආවා. සේරටම වඩා එයාගෙ ඇස් දෙක බාගෙට වැහිලා ඒවගෙන් පේන මත් බව මට අරගෙන ආවේ අමුතු හැඟීමක්. හරියට බඩ ඇතුලේ සමනල්ලු විතරක් නෙවෙයි අලි කොටි වලස්සුත් දඟලනවා වගේ.

"ය්...යී බ්..බෝ ග්..ග'ගා"

"ෂ්... ඉස්සෙල්ලා වගේ සුදු මහත්තයා කියන්න... මම ඒකට ආසයි.."

Cudu mahaththaya ගෙ කටහඬත් ගොඩක් ගැඹුරු වෙලා තියෙනකොට ඇත්තටම මට හිතුනා මම කරපු මෝඩකමේ තරම කියලා. ඇයි යකූ. පාඩුවේ ඉන්න මනුස්සයව මමමනේ අවුස්සගන්නෙ.

"පලවෙනි එක මගෙයි ලින්ග් ලින්ග් ගෙයි අතරේ කලින් සම්බන්ධයක් තිබ්බට දැන් නෑ. "

"දෙවනි එක... මම ඔයාගෙ වුණේ ඔයා මාව මුලින්ම කිස් කරපු දවසෙ ඉදන්ම තමයි. ඉතිං අමුතුවෙන් අයිති කරගන්න දෙයක් නෑ බබා. "

"ආහ්හ්... "

එයා කතා කරන ගමන් මම ඇදගෙන හිටිය ටී ශර්ට් එකට උඩින් මගේ නිප්ල්ස් තද කරනකොට මට කෙඳිරි ගෑවුණා. එයාගෙ ඇස්වල පෙනුම ඒ කෙඳිරියත් එක්ක තවත් අඳුරු වෙනකොට මට හිතුනේ මගේ පස්ස rest in peace තමා කියලා.

"ස්.. සුදු ම්.. මහත්තයා... ඇ..ඇයි ම්..මේ.."

"මේක නෙවෙයිද ඕනි වුණේ බබා... ම්ම්ම්... එහෙනම් ඇයි ඔයා මෙච්චර වෙලා මගේ ඇඟ උඩ ඉඳගෙන ඇඹරුණේ..."

එයාගෙ කටහඬ ඇහුණේ මගේ කන් ගාවින්ම වගේ. ඊළඟ තත්පරේදි එයාගෙ දත්වලට මගේ කන් පෙත්තක් තද වෙනකොට මම එයාව මගේ ඇඟෙන් තල්ලු කරලා දැම්මා.

"කරන දෙයක් දොර ලොක් කරලා කරන්න සුදු මහත්තයා...."

To be continued

ANA S TASIA27.12.22

හායි...

කාලෙකින් නේද. දිගටම කතාව දෙන්නන්.

මගේ පෞද්ගලික ප්‍රශ්න එක්ක මේවත් නැති කරගන්න බැරි නිසයි මම කතාව අන්පබ්ලිශ් කරේ. ඒ වගේම strawberries මම ආයෙ දෙනවා ජනවාරි පලවෙනිදා ඉදලා. අලුත් නමකුත් එක්ක. ප්ලොට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙන්නෙ.

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories