Part 16
07:11, 24 July 2021Nishi's pov
අම්මට මං කෝල් කරේ මොකද කියලා බලන්න.
"හලෝ අම්මෙ?" 😃
"හලෝ දුව"😃
"අම්මා දවල් මිස් කෝල් එකක් අරන් තිබ්බා. මං වැඩ වගයක් කර කර හිටපු නිසා ෆෝන් එකෙ සයිලන්ට් දාලා තිබ්බේ. අැයි කතා කලේ? "
"නෑ පුතේ ගොඩක් කාලෙකින් කතා කරන්න බැරි වුන නිසා කතා කලේ. දුවට වැඩද? "🙂🙂
"නෑ අම්මෙ දැන් මුකුත් නෑ. අම්මා ඉස්සර මං මොන වැඩක හිටියත් ගන්නවනෙ. කවදාවත් නැතුව අැයි කියලා බැලුවෙ. "
"දුවට හැම දේම තනියම කරගන්න පුළුවන්නෙ. දැන් අපි කතා කර කර වද දෙන්න ඔ්නෙ නැති නිසා අපි කතා නොකර හිටියෙ." 🙂🙂
"අම්මෙ දෙයක් කියන්න තියෙනවා. "
"ම්.. මොකක්ද පුතේ කියන්න." 🤨🤨
"මට මගේ මේට්ව හම්බවුනා." මං එහෙම අම්මට කියලා දැම්මේ පස්සේ එ්වා ගැන නොකිවුවා කියලා කරදර වෙන නිසා.
"මොකක්?? කවුද එ් පුතේ? "😳
"අම්මෙ එයා මෙහෙ කෙනෙක්. "
"මොකක් එයා කොරියන් කෙනෙක්ද?" 😳
"හම් ඔව් අම්මෙ. "
"ඉතින් පුතේ කවුද කියන්නකො. "☺️☺️
"එයාගෙ නම ජිමින්. එයාගෙ උපන්දිනෙ දවසෙ තමා මං පරිවර්තනය වුනේ. එයා මගෙ යාළුවෙක්. මගෙ වයසෙම කෙනෙක්."
"ඉතින් ඔයා මාර්ක් කලාද? "😳
"හම් ඔව් අම්මෙ. ගිය මාස පෝය දවසෙ මං එයාව මාර්ක් කලා. "
"ඉතින් එයා මේකට කැමතිද? "😳😳
"කැමැත්තකුත් පෙන්නන්නෙ නෑ. අකමැත්තකුත් පෙන්නන්නෑ."🙄🙄
"එයාගෙ අම්මලා එහෙම මේ ගැන දන්නවද? "😳
"මං හිතන විදිහට එයාලා දන්නෙ නෑ අම්මෙ. එයා මේ ගැන වැඩිය කියන්න කැමැති නෑ. එයා තාම කසාදෙ ගැන හිතලා නෑ. එයා කැමැති නෑ බදින එක ගැන වැඩිය හිතන්න. "😒😒
"ඉතින් කොහොමද අපි කියන්නෙත් නැතුව ඔයා මාර්ක් කරන එක ගැන දැනගත්තේ? "☹️☹️
"අයියෝ අම්මා.. ඔයා දන්නෙ නැති වුනාට මෙහෙ ඔ්න තරම් දිය කිදුරියෝ ඉන්නවා. මට එ්වා ගැන ඔක්කොම කියලා දුන්නෙ මගේම අක්කලා වගේ දෙන්නෙක්. එ් දෙන්නත් දිය කිදුරියෝ. හැබැයි රතු අය. "😌😏
"හම් සතුටුයි දුවට එ්වා ගැන කියලා දෙන්න හරි කට්ටිය හිටපු එකට. කොහොම වුනත් එයාගෙ දෙමව්පියනුත් මේ ගැන දැනගන්නෙ නැතිව මේක කරන්න බෑ. මං තාත්තාගෙන් ඉස්සෙල්ලම අහලා ඉන්නම්කො මොකද කරන්නේ කියලා."😌😌
"කොහොමත් අම්මෙ උපාධිය ගන්නකම් මේවා ගැන වැඩිය හිතන්න බෑ. ජිමිනුත් වැඩිය මේක ගැන කියනවට කැමති නෑ. බලමුකෝ කවදහරි දවසක අම්මලා එයාගෙනුත් අහයිනෙ මේ ගැන. එතකොට ඔන්න ඔහෙ කියලා දාන්න කියනවා. "😉😉
"හම් බලමුකෝ. කො අාශි දුව? කාලෙකින් කතා කරන්න බැරි වුනා. "😄
"අම්මෙ එයාටත් කෙනෙක් සෙට් වෙලා ඉන්නෙ. දැන් චැටින් ද කොහෙද එයත් එක්ක. "😁😁😁😉🤭
"මොකක්ද කියන්නේ? එ්ත් කොරියන්ද? "😳😬
"හම් ඔව් අම්මෙ. අද තමා හොරේ අහුවුනෙ. දැන් වැඩේ හොදට නැගලා යනවා මං හිතන්නේ." 😅😅🤭
"බලාගෙන යනකොට මුළු පරම්පරාවම කොරියන් අය අල්ල ගනි වගේ. පුතේ නරකද එයාගෙ අම්මලාටත් මේ ගැන කිව්වානම්, මං කියන්නම්. නැත්තම් එ් කෙල්ලට නිකරුණේ බැනුම් අහගන්න වෙයි. වෙන රටක කොල්ලෙක් යාළු කරගත්තා කියලා." 🙂🙂🙂
"අනේ මේ අම්මෙ. අම්මනම් ඔ්වා කියන්න ගිහින් ඔ්වට අැගිලි ගහන්න එපා. එයා ඔ්ක පස්සේ කියයිනෙ. තාම අදුරගත්තා විතරයිනෙ දෙන්නා. ඔන්න ඔහෙ දවස් දෙකතුනක් කතා කරලා පස්සේ කියයි." 😄😄😄
"හම් මං එහෙනම් අරක ගැන තාත්තාටත් කියනවා. බලමුකෝ එයා මොනවද කියන්නේ කියලා. මං එයාගෙනුත් අහලා දුවට කියන්නම්කො." 🙂🙂🙂
"ඔව් අම්මෙ තාත්තගෙනුත් මේ ගැන අහන එක හොදයි. මං එහෙනම් තියන්නම්. බුදුසරණයි, පරිස්සමින් ඉන්න අම්මෙ."🙂🙂
"බුදුසරණයි පුතේ. පරිස්සමින් ඉන්න. "
දවස් දෙක තුනකට පස්සේ ජිමින්ටත් එයාලගෙ අම්මලා කතා එන්න කියලා කතා කරලා තිබ්බේ එයත් එක්ක කාරණයක් ගැන කතා කරගන්න ඔ්නෙ කියලා. එයත් එ්ක නිසා සති අන්තෙ බූසාන් වලට ගියා.
මං හිතුව විදියටම ජිමින්ට එන්න කියලා තිබ්බේත් මේක ගැන අහන්න තමා.
"පුතේ වැදගත් දෙයක් ගැන කතා කරන්න තමා පුතාට එන්න කිව්වෙ. අපි දන්නවා පුතාට ගොඩක් වැඩ එහෙ තියෙනවා කියලා. එ්ත් මේ ගැන කතා කරගන්නම ඔ්න නිසා තමා පුතාට එන්න කිව්වෙ. "🙂
"හරි අම්මා කියන්නකො මොනවා ගැනද කතා කරන්න ඔ්න? "🤨🤨🤨
"පුතේ, දැන් ඔයාට අවුරුදු 25කුත් වෙනවා. ඔයා දැන් ලොකු ඉලන්දාරියෙක්, දැන් ඔයාගෙ වැඩ ඔයාට තනියම කරගන්න පුළුවන්කම තියෙනවා. "🙂🙂
"ඉතින් අම්මෙ මං මෙච්චර කාලයක් මගෙ වැඩ තනියමනෙ කරගත්තේ. අම්මලට කියලා මං මුකුත් කරගත්තේ නෑනෙ. "😄
"හරි පුතේ හැබැයි අපෙන් ඔයාට සිද්ධවෙන්න තව එක වැඩක් තියෙනවා එ්ක ගැන කතා කරගන්න තමයි. පුතාට එන්න කිව්වෙ. "😁
"මොකක්ද අම්මෙ.? "🤨🤨
"පුතේ දැන් ඔයා බදින වයසටත් අැවිත්. ඉතින් අපිට ඔ්න කවුරුහරි පුතාට ගැලපෙන කෙනෙක් බන්දවන්න. පුතේ අපි අහන්න හැදුවේ පුතාට එහෙම කෙනෙක් ඉන්නවද? නැත්නම් අපි කවුරුහරි ඔයාට ගැලපෙන කෙනෙක් හොයන්න පටන් ගන්නද? මොකද පුතේ හැම දෙමව්පියෙක්ම අාසයිනෙ මැරෙන්න කලින් තමන්ගෙම කියලා මුනුබුරෙක්, මිනිබිරියක් බලන්න." 😌😌😌
"තාත්තෙ ඉතින් මෙච්චර ඉක්මනින් එ්ක ගැන හිතන්න ඔ්න නෑනෙ නේද? "😐😑😶
"හරි පුතේ මුලින්ම කියන්නකො ඔයා කැමැති කෙනෙක් ඉන්නවද කියලා. "😁
"එහෙම කැමැති කෙනෙක් නෑම කියලත් කියන්න බෑ තාත්තෙ. "🙄🙄
"අා...? එ් කියන්නේ කෙනෙක් ඉන්නවද? "😃
"අම්මෙ ඉස්සෙල්ලාම මගෙ exam ටික ඉවර වෙනකං පොඩ්ඩක් ඉවසං ඉන්නකො. මං exam ඉවර වුනාට පස්සේ අම්මලාට එයා ගැන කියන්නම්. "🙄🙂👍
"හම්, හරි හරි පුතේ. පුතාගෙ කැමැත්තනෙ. එහෙනම් එහෙම කරන්නකො. පුතාට විභාග අස්සෙ මේවා ගැන හිතන්නත් අමාරුනෙ. මට නම් දැන් හිතෙනවා පුතාගෙන් මේවා ගැන අැහුවෙ වැරදි කාලයකද කියලා. "😒😒
"නෑ නෑ අම්මෙ. එහෙම හිතන්න එපා. මං ඉක්මනටම එයා ගැන කියන්නම්කො. "🙂🙂
මේ අතරෙදි මං දියකිදුරියක් කියලත්, ජිමින් මගෙ මේට් කියලා අනිත් අය හැමෝම දැනගත්තා. එයාලාගෙන් මේ ගැන හන්ගන්න බැරි වුනා මේ ගැන එයාලා සැරින් සැරේ ප්රශ්න කරන්න ගත්ත නිසා.
අපෙ උපාධි විභාගත් ලං වුනා. එ් විභාගෙන් පාස් වුනොත් ජිමිනුයි, මායි, අාශියි තුන්දෙනාම උපාධිධාරීන් වෙනවා.එ්ක නිසා අපිට වැඩිය හම්බවෙන්න අවස්ථාව ලැබුනෙ නෑ.
.....................
කොහොම හරි අපි විභාගෙත් ලිව්වා. එ්ක ලිව්වට පස්සේ නිවන් ගියා වගේ තමා. කොහොමහරි එ්ක ලිව්වට පස්සේ ජිමින්ටයි මටයි තනියම කාලෙ ගත කරන්න අවස්ථාව ලැබුනා.
අපි මේ ගැන ජිමින්ගෙ අම්මලට කිවුවා. එ් දෙන්නගෙ හිතේ මේ ගැන කිසිම අකමැත්තක් තිබ්බේ නෑ.😄😄 කොහොම හරි video conference එකකින් අපෙ අම්මලව ජිමින්ගෙ අම්මලට මුනගස්වන්න දීලා මේ වැඩේ ගැන කතා කරගන්න කියලා දුන්නා. රිසාල්ට් එන්න තව මාසයක් වගේ තියෙන්නේ. රිසාල්ට් අාපුවට පස්සේ අපේ මැරේජ් එක කරනවා කියලා කිව්වා. මට නම් සතුටු හිතුනත් ජිමින් නම් එ්ක හිතට එච්චර අරගත්තෙ නෑ.
"දැන්වත් පොඩ්ඩක් අර කෙල්ලත් එක්ක කතා කරලා ඉන්නවකො තමුසෙට අාදරය හිතිලා නැද්ද එ් කෙල්ලට?"😑😑😑 අපෙ ටේ කොල්ලටත් මේ වෙන දේවල් තේරිලා වගේ.
"ඔව් අනි අපි කෙල්ලො නැතිව දගලන කොට ඉන්න කෙල්ලවත් ගනන් ගන්නෙ නෑ මෙයා."😑😑😑 ජන්ග්කුකුත් පොඩි නෑ දැන්. ඔව් ලබන අවුරුද්දෙන් කොහොමත් කොල්ලගෙ කොලේජ් යැවිල්ල ඉවරයිනෙ.
"හරි හරි අනේ රිසාල්ට් අාපුවාම කොහොමත් එ්වා හරියනවා ටේ. එ්ක අපි දෙන්නා බලාගන්නම්කො. අනික ජන්ග්කුක් ඔයාට කොහොමත් මේවා අදාල නෑ. පොඩි එකා පොඩි එකා විදියට ඉන්න ඔ්න. ඔයාට දැන්ම කෙල්ලො සෙට් කරගන්න ඕන නෑ. ඒක ඒ වෙලාවට වෙයි."😌😑 ජිමින් එහෙම කිව්වා.
"හරි අනෙ ලබන අවුරුද්දෙන් මේ ඔක්කොම මගුල් ඉවරයි නෙ. ඊටපස්සේ බිස්නස් තමා."😋😋 මේ පොඩි කොල්ලත් දන්න දේවල්
"මේ තාත්තගෙ දේපල තියෙනවා කියලා විභාග පාස් නොකර ඉන්නෙ නෑ හරිද? ඉගෙන ගන්න කාලෙ හොදට මහන්සි වෙනවා."😒😒😒 අනෙ ඉතිං අර පොඩි එකාට ජිමින් ඔහොම කියලා බැන ගෙන ගියා.
මං හිතන්නේ එයාට තාම අාදර හැගීම් පහල වෙලා නැද්ද කොහෙද😒😒😒කමක් නෑ දුකක් නෑ.
මේ අතරෙදි තේයන්ග්ට අාශි අරක ගැන කියලා තිබ්බා. 🤨🤨
( මොකද්ද අරක කියන්නේ? අරක අරක අනේ අරක. දන්නෙ නැද්ද? 😂😂😂එ් දෙන්නගෙ love එක දන්නෙ නැද්ද?❤️❤️❤️ )
ටේ එ්කට කැමැති කියලා තිබ්බා. 😄😄😄මොකද ඉතිං එයත් කැමති වෙලානෙ ඉදල තියෙන්නෙ කාලෙක ඉදන්. ටේ මේ ගැන එයාලගෙ අම්මලට කියලා තිබ්බා. එයාගෙ කොලේජ් යන එකත් මේ අවුරුද්දෙන් ඉවර වෙනවා. එ්ක නිසා එයාගෙ තාත්තගෙ බිස්නස් ඊට පස්සේ බාර ගන්න පුළුවන් නිසා එයාගෙ අම්මලත් මේකට කැමැත්ත දීලා තිබ්බා. අපි එ්කට පාටියකුත් තිබ්බා. එ්ත් අාශි එයාලගෙ අම්මලගෙන් පස්සේ අහනවා කියලා තමා හිටියේ. ඒකිට අම්මගෙන් අහන්න පුදුම බයක් තිබ්බේ😂😂😂
ඊලගට අපෙ ජින් හියුන්ග්ට...
ජින් හියුන්ග්ට මොකක්ද?😳😳🤨🤨🤨
වෙන මුකුත් නෙමෙයි අනෙ. එයාට බබා සිහින පහල වෙලා. 😂🤭👶👶👶ඒක නිසා එයාට වැඩ වැඩියි දැන් 🤭🤭🤭 කට්ටියගෙන් විහිළු ගොඩයි.
"අනෙ අපිව ඔයා මෙච්චර ඉක්මනට මාමාලා කරන්නද යන්නේ?මම ඉතින් ඔයාගෙ පොඩි එකානෙ. "😄😄😄ඒ ඇහුවෙ ජන්ග්කුක්
"ඒකනෙ අපිට විතරයි තාම හරි හමන් කෙල්ලෙක්වත් නැත්තෙ මු ළමයිනුත් හදන්න පටන් අරං." 🙄🙂හොබි හියුන්ග් කිවුවා.
"දැන් ඉතිං ඔයාට වෙනදා වගෙ රහ කෑම ටිකක් හදලා දෙන්න වෙයි ජිනීට හරිද?" 😂😂😂නම්ජුන් හියුන්ග්නුත් කට්ටියට එකතු වෙලා ජින් හියුන්ග්ට විහිළු කරන්න පටන් ගත්තා.
"හරි හරි ඒවා මං කරගන්නම්. උබලා පාඩුවෙ හිටහල්ලකො."😑👍 ජින් හියුන්ග් අන්තිමට එහෙම කිවුවේ මුන්ගෙන් බේරෙන්න බැරි හින්දා.
ඔහොම අපි මාස දෙකක් සතුටින් හිටියා. හැබැයි ඉතිං ජිමින් මට වත්, ටේ අාශිටවත් තාම ප්රපෝස් කලේ නෑ. එ්කත් එයාලා ලගදිම කරයි කියලා මං හිතනවා. 😁🖐️
16 වෙනි කොටස ඔයාලා කිව්ව නිසා ඉක්මනින්ම දුන්නා. ඔන්න ළමයි කතාව ඉවර වෙන්නත් ලගයි. බය වෙන්න එපා. මං හැපි එන්ඩින් තමා දෙන්නේ හොදේ 😁 මට හොද රීඩර්ලා ටික වගේ වෝට් කරන්න හොදද? 😁😁👍ඒ වාගේම කලින් පාර්ට් එකේදි ගොඩක් අය දාලා තිබ්බ කොරියන් කෙල්ලො කොල්ලොන්ට කතා කරන්නෙ ඔප්පා කියලා. මම නම් දැම්මෙ හියුන්ග් කියලා ඇත්තටම කිව්වොත් මම ඒක ගැන වැඩිය දන්නෙ නෑ. දැන් ඉතින් කට්ටිය මට බනීද දන්නෙත් නෑ දන්නෙ නැතිව කතා ලියනවා කියලා කමක් නෑ බනින්නකො 😁😁🖐️කොහොම වුනත් ඒ ගැන කිව්ව හැමෝටම තැන්කූ❤️❤️❤️❤️ මං මීට පස්සේ ඔක්කොටම ඔප්පා කියලා දාන්නම්කො 😁😁😁
There are no comments yet. Log in to be the first to leave a review!





