Fanfics

Part 15

07:10, 24 July 2021

Nishi's pov

සුහො කරන වැඩේ නිසා මට හොදටම තරහ ගියා. මං මට පුළුවන් තරමි ඉවසීමෙන් තමා කතා කලේ. 😠😠😠

"නිශි, ඔයා දන්නෙ නැති වුනාට මං ගොඩක් ඔයාට අාදරෙයි නිශි. මං අාදරේ පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. මේ වගේ නිකමෙක්ගෙන් ඔයාට අැති වැඩේ මොකක්ද ? මම ලස්සන නැද්ද? මං හොද නැද්ද මුට වඩා? ප්ලිස් මට කැමැත්ත දෙන්න. ඔයා මට කැමති නේද? "😐😌

"ඔයා වගේ කෙනෙක්ට මං කොහොමත් කැමැති නෑ සුහො. මං කවදාවත් හිතුවෙ නෑ ඔයා මෙහෙම රණ්ඩු කරලා ප්රශ්න විසද ගන්න කෙනෙක් කියලා. මං ඔයාට කැමති නෑ. දැන් ඔය රණ්ඩුව නවත්තන්න. මං කැමති නෑ ජිමින්ට ගහනවට. "😡😡😡

"නිශි ඔයා මේකට මැදිහත් වෙන්න එපා. මෙයාට එපා වෙනකං මෙයා මට ගහයි. " ජිමින් අමාරුවෙන් කිව්වා. 😑😑😑

"තමුසෙට මං කිව්වා නේද මගෙ කෙල්ලත් එක්ක කතා කරන්න එපා කියලා."😠😠😠තව තදින් පාරක් ජිමින්ට ගහන්න කලින් මම සුහොගෙ බෙල්ලෙන් අල්ල ගත්තා.

වාහ්... මට Do Bong Soonගෙ ශක්තිය අැවිල්ලනෙ 🤩 🤩🤭

https://www.youtube.com/watch?v=RQj_wxq-EVA

(මෙන්න මේ කතාව තමා Strong woman Do Bong Soon කියන්නේ)

බලාගෙන හිටපු හැමෝම පුදුම වුනා එ්ක දැකලා. වැඩියෙන් පුදුම වුනේ මේ ගැන හොදින්ම දන්න ජිමිනුයි, අාශියි. 😶😐😑

මම මගේ තිබ්බ තරහ පිරිමහගන්න සුහොව බෙල්ලෙන් අල්ලලා බිත්තියකට හේත්තු කරලා දත් දෙකක් ගැලවෙන්න හොද ෂොට් එකක් ගැහුවා. මට මාව පාලනය කරගන්න බැරි වෙලා හිටියේ. 😡😠

"ජිමින් තමුසෙ ගැන දැනගත්තා වගේ දැන් දැනගත්තනෙ තමුසෙ මං ගැන නෙහ්? 😏😏තාම පටන් ගත්තා විතරයි, තමුසෙ තාම මං ගැන හරියටම දන්නෙ නෑ. තව ගොඩක් දේවල් තියෙනවා මට කරන්න පුළුවන් තමුසෙ දන්නෙ නැති. තමුසෙ අාපහු මගෙ ජිමින්ට අත තියලා තිබ්බොත් තමුසෙගෙ මූන මම පාප්ප බාල්දියක් වගේ නෙවේ. අටපට්ටම් කූඩුවක් වගේ කරනව" 🤬🤬🤬

මම කිව්ව වචන සෙට් එකට සුහො පොඩ්ඩක් බය වුනා. අන්තිමට මං උෟව විසික් කරපු පාරට උගෙ කොන්දත් කැඩුනද කොහෙද😁😁

මං එහෙම්ම ගිහින් ජිමින්ව නැගිට්ටවලා අල්ල ගත්තා. මේක දැකලා අාශිට කලන්තෙ වගේ. හැමෝම මං දිහා කට අරගෙන බලාගෙන හිටියත් මට තිබුණු තරහට මං කා දිහාවත් බැලුවෙ නෑ. 😤😤

"අාශි, මෙයාව අල්ලගන්න කට අැරගෙන බලං ඉන්නේ නැතුව. නැත්නමි මං මෙයාව උස්සන් යන්නද? "😡😡😤

මං කිව්ව කතාවට නිදාගෙන හිටපු මනුස්සයෙක්ට වතුර ගැහුවා වගේ අාශි අැවිත් ජිමින්ව අල්ලගත්තා.🤭😉 අපි දෙන්නම ජිමින්ව උස්සගෙන first aid රූම් එකට ගියා.

ජිමින්ට නැගිටින්නවත් පනක් තිබ්බෙ නෑ. ජිමින්ට බෙහෙත් දාද්දි මට එයා ගැන ලොකු දුකක් වගේම මං ගැන ලොකු තරහකුත් අැති වුනා. 😠😠

ජිමින්ව first aid එකට එක්කන් ගියාට පස්සේ අාශියි , මායි ගියෙ ජිමින්ට කන්න මොනවහරි අරගන්න. මගෙ ඉස්සරහට හම්බවෙන හැම කෙනාම මං දිහා බලාගෙන හිටියේ කන්න වගේ. 😐😐😐😐මං ලගට එනකොට හැමෝම මගෙන් අෑතට ගියා.

අාශිට මේ හැම දේම හීනයක් වගේ. එයා මාත් එක්ක ගියාට එයා මල මිනියක් වගේ අැවිද්දෙ හරියට.😐😑 අැත්තටම එයා තියා මටවත් තාම හිතාගන්න බෑ මොකක්ද වුනේ කියලා. මං කවදාවත් මගෙ බලය කැම්පස් එකේදි පාවිච්චි කරන්න හිතුවේ නෑ. එ්ත් සුහො ජිමින්ට අර විදියට ගහන කොට මට ඉවසං ඉන්න බැරි වුනා. 😑😑😑

හවස් වෙනකොට ජිමින් එක්ක මට කතා කරන්න පුළුවන් වුනා. මම කෑම අරගෙන ගිහින් එයාට කැව්වා.

"I am extremely sorry Jimin. මං හිතුවෙ නෑ ඔයා මගෙ Boyfriend කිව්වට පස්සේ එයා මෙහෙම හැසිරෙයි කියලා. කොහොමහරි මං නිසා අන්තිමට ඔයාට ගුටි කන්නත් වුනා. මට එ් ගැන හරිම දුකයි." 😔😔😔

"එ්කට කමක් නෑ නිශි. එ්ත් මට බයයි ඔයා ගැන. අැයි ඔයා මට ගහද්දි ඔයාගෙ බලය පාවිච්චි කලේ එයාට ගහන්න? "😐😐

"නැතුව කොහොමද? ඔයාට එහෙම ගහද්දි මට බලන් ඉන්න කියලද කියන්නේ? මමත් පුළුවන් තරම් ඉවසුව. අනික මං හිතලා බලය පාවිච්චි කලේ නෑ. මට තරහා අාවා, මං ගැහුවා. "😌😌😌

"එ්ත් මේකෙන් ඔයා ලොකු risk එකක් ගත්තේ නිශි. දැන් ඔයා කවුද කියලා හැමෝම හොයන්න පටන් ගනී. කෙල්ලෙක්ට ඔය විදියට කොල්ලෙක්ට ගහන්න බෑ. "😶😶

"මේ අහන්න ජිමින්. මට මගෙ අාදරය වෙනුවෙන් ඔ්න දෙයක් කරන්න පුළුවන්. මං එ් වෙලාවෙ එ් දේ කරෙත් මගෙ අාදරය වෙනුවෙන්. මට කමක් නෑ මං කවුද කියලා කවුරු දැන ගත්තත්, එ්ත් මං කැමැති නෑ. මං නිසා මං අාදරය කරන අයට වෙන අය කරදර කරනවට. "😑😑😑

මේ වෙලාව වෙනකොට කැම්පස් එකේ ලමයි ඔක්කොම වගෙ ගිහින් තිබ්බ නිසා මමයි අාශියි ජිමින් එක්කගෙන ගෙදර ගියා. එ්ත් ජිමින්ට ඔ්න වුනේ මග අැරුනු නෝට් ටික ලියාගන්න. එ්ත් එයාට රෙස්ට් කරන්න කිව්ව නිසා මං බලෙන්ම එයාගෙ පොත් ටිකත් අරගෙන එයාගෙ නෝටුත් සම්පූර්ණ කරලා දුන්නා. 😁😝

ඊලග දවසේ මං කැම්පස් ගියාට මං හතර වටේ ඉන්න හැමෝම රහසින් තමා කතා කලේ. මට කරන්න පුළුවන් වුනේ මගෙ පාඩුවේ මගෙ වැඩ ටික කරන එක විතරයි. 😐😐

හවස dorm එකට ගියාට පස්සේ කට්ටිය නැති වෙලාවක් බලලා මං ඔන්නිලාටයි හියුන්ග්ලටයි මේ ගැන කියලා දැම්මා. 😁😁😁

"එ් වෙලාවෙ තරහ අැතිවුන එක නම් සාධාරණයි. එ්ත් ඔයාට තව ඉවසන්න තිබ්බා නේද නිශි?" 🤨🤨🤨🤨නම්ජුන් හියුන්ග් මගෙන් අැහුවා.

"මමත් මෙයාට කිව්වේ එ්ක තමයි හියුන්ග්."😏😏 අාශිත් එයාගෙ පැත්තට කිව්ව.

"මං පුළුවන් තරම් ඉවසුවා. එ්ත් කෙල්ලෙක්ට කොල්ලෙක් කතා කරපු පලියට ගහන එක හරිද හියුන්ග්? අනික එයා මගේ මේට්. මේට්ව අාරක්ෂා කරන එක මගේ වගකිම. එ්ක කැම්පස් එක නෙවේ කොතනක වුනත් එ්ක එහෙම තමා. හියුන්ග් එතන හිටියත් ඔ්කම තමා කරන්නේ. එ් වෙලාවෙ වටපිට අය ගැන සැලකිලිමත් වෙන්න බෑනෙ හියුන්ග්. එ් වෙලාවෙ මගෙ හිතට අාපු දේ තමා මං කලෙ. මගෙ හිතේ එ් වෙලාවෙ අැති වුන දේවල් හියුන්ග්ලා දන්නවනම් මට ඔහොම කියන්නේ නෑ. අනික මම එ් වෙලාවෙ මැදිහත් නොවුනානම් ඔය රණ්ඩුව තව දුර දිග යන්න ඉඩ තිබ්බ. "😏😏😏😏

"එ් කොහොම වුනත් අායෙ පාරක් ජිමින්ට උෟ කරදර කරන්න ඉඩ තියෙනවා." 🤔🤔🤔ජින් හියුන්ග් කිව්වා.

"හම් එ්ක අැත්ත හියුන්ග්. එයාව කොහොම හරි පරිස්සමි කරගන්න ඔ්න." 😏😁මම කිව්වාම අාශි මට කින්ඩියට හිනාවක් දැම්මා.

"අැයි? මොකද හිනාවෙන්නෙ? "🤨🤨🤨

"අම්මො අම්මො. බලන්න එපැයි මුගෙ හිතෙ ජිමින්ට තියෙන අාදරේ. අාව් අාව්. බලාගන්න බලාගන්න. වගකීමනෙ ඔයාගෙ. හොද හොද දේවල් තව ඉස්සරහට අපිට බලාගන්න පුළුවන්. මතකනෙ ජිමින්ව මාර්ක් කරපු දවසෙ. නැද්ද හියුන්ග්? "😁😆😝

අාශි එහෙම කිව්වාම හැමෝම හිනාවුනා. 😂😂😂

"එ්කනෙ අාශි. අපෙ ජිමිනට නිශි තරම් කවුරුත් ඔහොම අාදරෙ කරලා නෑනෙ. ටිකක් හරි අාදරෙ කලේ අර පොඩි කොල්ලා (ජන්ග්කුක්) විතරයි."😁😂 නම්ජුන් හියුන්ග් හිනාවෙන ගමන් එහෙම කිව්වා.

"අනෙ අනෙ හියුන්ග් මොනවද මේ කියවන්නෙ? 😐😑අාශි, මං තමුසෙට කියලා තියනවා මාව පල් කරලා කතා කරන්න එපා කියලා. තමුසෙ තමා මට ජෝඩු කරෙත්. එහෙම කරලා දැන් මට තමා විහිළු කරන්නේ. අැයි තමුසෙට අර ටේයන්ග් ගැන ඔහොම අදහසක් තිබුනෙම නැතුව අැති නේද මට ඔහොම කතා හදන්නේ නෙහ්?" 😏😏😏

එ්ක කිව්වාම හැමෝම අාශි දිහා බැලුවා.😐😐

"අෑ අාශි, ඔයා අපෙ ටේ කොල්ලට කැමතිද?"🤨🤨🤨 නම්ජුන් හියුන්ග් අැහුවා ම අාශි ගෙ මූන අවුල් වුනා.

"මේ නෑ නෑ.. හියුන්ග් එහෙම එකක් නෑ. මේ පිස්සි බොරුවට කියන්නේ ගනන් ගන්න එපා හියුන්ග්. නිශි මොනවද කියවන්නෙ බූරුවො? "😁😐

"මං මොකටද බොරු කියන්නේ ඔයා දැන් මගෙන් කී පාරක් එයාගෙ නම්බර් එක ඉල්ලලා අැත්ද ම්... මං හිතන්නේ පස් පාරකට වැඩියි." මමත් දුන්නා කෙලවෙන්නම යාළුවට. 🤭🤭

"අනෙ කෙල්ලෙ නිශිගෙන් ඉල්ලලා හරියනවද එයාගෙ නම්බර් එක? දන්නවනම් මම දෙනවනෙ. එ් කොල්ලත් ඔයා ගැන මට දෙතුන් වතාවක් කියලා තියෙනවා." 😁😁😁👍👍ජින් හියුන්ග් එහෙම කිව්වාම හැමෝම අාව් අාව් ගෑවෙ අාශිගෙ මූන අැබරිලාම යද්දී.

"කෝ දෙන්නකෝ ෆෝන් එක මම නම්බර් එක සේව් කරලා දෙන්නම්." ජින් හියුන්ග් අාශිගෙන් ෆෝන් එක ඉල්ලුවා.

"නෑ නෑ හියුන්ග් ඔ්නෙ නෑ. නැතිවුනාට කමක් නෑ."😁😑 අාශි ලැජ්ජාවෙන් කිව්ව.

"කෝ දෙන්න අනේ. ලැජ්ජා වෙන්න එපා. උෟ හරි හොද කොල්ලෙක්. බය වෙන්න එපා මැසේජ් කරන්න. ඔයා මැසේජ් එකක් දාපු ගමන් ඔයාට රිප්ලයි එකක් එවයි. අපිත් එයාට මේ ගැන කියන්නම්කො. එහෙනම් අද රෑ ගිහින් මැසේජ් එකක් දාන්නකො ගුඩ් ලක් හොදේ." 😁👍ජින් එහෙම කියාගෙනම අාශිට පෝන් එක දුන්නා. එතකොට අාශි මං දිහා දවා අලුකරන බැල්මකින් බලාගෙන හිටියේ. 😑😑😑

ගෙදර අාවට පස්සේ දුන්නැතැයි අාශි හොද දේශනයක් මට,😁😂 එ්කත් අහගෙන මම පොන් ඔන් කලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. එතකොටයි දැක්කෙ හැමදාම කෝල් කරන අමිමා දවස් ගානකට පස්සේ අාපහු මට අරන් තිබ්බ මිස් කෝල් එක. එ් පාර මොකක්ද දන්නෙ නෑ කියලා හිත හිත මං අාපහු අම්මට කෝල් එකක් ගත්තා. 🤨🤨

ඔන්න අද කතාව. මම වැඩිය ඉමෝජි use කරන කෙනෙක් නම් නෙවේ. එ්ත් ඔන්න මම අද එ්කත් මේ කතාවට එකතු කලා. එ්ක ගැන මට අැඩ්වයිස් දුන්න @Tharushi උත්තමාවියව මං අද මතක් කරනවා. ❤❤❤

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories