Fanfics

Part 14

07:09, 24 July 2021

Author's pov

සති අන්තෙන් පස්සේ අාපහු නිශිට කැම්පස් එන්න පුළුවන් වුනා. දැන් කෙල්ලට කිසිම බයක් නෑ. කෙල්ලට දැන් තමන්ගෙ බලය තමන්ටම පාලනය කරගන්න හැකියාව තිබ්බා. එ්ක නිසා ඔන්නිලාටත් එච්චර මහන්සි වෙන්න ඔ්න වුනේ නෑ. තව ඉතින් ජිමිනුත් ඉන්නවනෙ. ජිමින් අාවට නිශිගෙ මේට් වගේ හැසිරෙන්න එයාට කිසිම ඔ්නකමක් තිබ්බේ නෑ. එයා හිතුවෙ නිශිට දැන් ලොකු බලයක් තියෙන නිසා එයාට එයාගෙ අාරක්ෂාව සලස ගන්න පුළුවන් වෙයි කියලා. අැරත් කොල්ලා කොහොමත් මාර්ක් කලාට නිශිගෙ මේට් විදියට හැසිරෙන්න පොඩ්ඩක් වත් කැමැති නෑ. කොල්ලට ඔ්න වුනෙ පාඩුවේ තමන්ගේ වැඩ කරගෙන ඉන්න. නිශි එයා ගැන ජිමින් වැඩිය හිතන්නේ නැති එකට පොඩ්ඩක් අවුලෙන් හිටියට එයා ජිමින්ට එයාගෙ වැඩ වලට බාධා කරන්නේ නෑ කියලා පොරොන්දු වෙච්ච නිසා එයත් එයාගෙ දේවල් තනියම කරන්න හිතාගත්තා.

සෝහො නිශි දවසක් අැර දවසක් කැම්පස් එන එකට අවුලෙන් හිටියට දැන් එයා හැමදාම එන නිසා සතුටෙන් හිටියා. එ්ක නිසා වෙනදාටත් වඩා වැඩියෙන් කෙල්ලගෙ පස්සෙන් ගිහින් වාත වෙන්න ගත්ත. ජිමින් මේ කෝලම් නොදැක්කාමත් නෙවේ. එ්ත් එයා තාම අාදරය කියන්නේ මොකක්ද කියලා දන්නෙ නැති නිසා එයා එ්ක ගැන ගානක්වත් කලේ නෑ.

කෙල්ල දැන් හැමදාම කැම්පස් එන නිසා සුහො හිතන් හිටියේ ඉක්මනින් නිශිගෙන් කැමැත්ත අහන්න කියලා. මේ ගැන අාශි බයෙන් හිටියේ මොකද එයත් සුහොට උදව් කරපු නිසා. කොහොමත් දැන් කොල්ලගෙ හිත වෙනස් කරන්න බෑ කියලා අාශි දැනගෙන හිටියේ.

එ්ත් ඉතින් දවස් තුනකට විතර පස්සෙ අමුතුම වැඩක් තමා වුනෙ

නිශියි අාශියි අැවිද අැවිද හිටියේ කැම්පස් එකේ library එක ගාව තියෙන ලස්සන පාර්ක් එකේ. පාර්ක් එක library එක අල්ලපු වත්තෙ නිසා library එකට පාර්ක් එක හොදට පේනවා. මේ වෙලාවේ ජිමිනුත් library එකේ පොතක් කියව කියව හිටපු නිසා කොල්ලට කෙල්ලො දෙන්නාව හොදට පේනවා. එ් වුනාට කොල්ලා එ් ගැන වැඩි තැකීමක් නොකර තමන් ගෙනාපු පොත කියව කියව හිටියේ.

කෙල්ලො දෙන්නා කතා කර කර ඉස්සරහට යද්දී එකපාරටම එතනට පැන්නේ සුහො.

ටිකක් වෙලා කතා කර කර ඉදලා එයා නීශි ඉස්සරහ දණ ගැහුවෙ වැරුද්දක් කරලා වගෙ.

එකපාරටම සුහො සාක්කුවෙන් අැදලා ගත්තේ රෝස මලක්. එතනින්ම කෙල්ලො දෙන්නට තේරුනා මොකක්ද දැන් මෙයා කරන්න යන්නේ කියලා.

"නිශි, මං ගොඩ දවසක ඉදන් මේක ඔයාට කියන්න හිටියේ. එ්ත් ඔයා වැඩිය කැම්පස් අාවෙ නැති නිසා මට මේක කියාගන්න බැරි වුනා. එ්ත් ඔයා දැන් හැමදාම කැම්පස් එන එක මට සතුටට හේතුවක් වුනා. මං ඔයාට අැත්තටම අාදරය කරනවා නිශි. එ්ක අද ඊයෙක නෙවේ. ඔයාව මුලින්ම දැකපු දවසෙ ඉදන් තමා අැතිවුනේ. ඔයාගෙ රට මට කිසිම ප්රශ්නයක් නෑ. ඔයා ඔ්න තරම් කාලයක් අරගෙන මේ ගැන හිතලා බලන්න. " සූහො එහෙම කියලා රෝස මල නීශිගෙ අතට දුන්නා. නීශි ජිමින් ගැන කියනවද නැද්ද කියලා කල්පනා කර කර හිටියේ.

"ම්.. මේකයි, මං දන්නෑ ඔයා මොනවා හිතයිද කියලා. අැත්තටම කිව්වොත් මට බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. "අන්තිමට නීශි ලොකු හුස්මක් අරගෙන කිව්වාඑ්ක කිව්වාම සූහොගෙ මූන අදුරු වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

"බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? කවුද එයා? "සූහො එහෙම අැහුවාම පුස්තකාලය අැතුලෙ ඉන්න ජිමින් දිහා නිශි හොරෙන් බැලුවෙ මේ ගැන කියනවාද නැද්ද කියලා හිත හිත.

ජිමින් නිශි එයා දිහා බලාගෙන ඉන්නවා කියලා දැක්කා. එ්ත් එයා එ්ක ගනන් ගන්නෙ නැතුව එයා දිහා බලලා අාපහු එයා කියවන පොත බලන්න ගත්තා.

"අනේ ජිමිනෝ පේන්නෙ නැද්ද? ප්ලීස් එනවකො." නිශි එයා දිහා බලලා හිතුවා. සූහොත් කිසි දෙයක් තේරුම්ගන්න බැරිව නිශි දිහා කට අැරගෙන බලාගෙන හිටියා. අාශිටත් වෙන දේ හිතාගන්න බැරිව හිටියේ.

"නිශි, ඔයාගේ බෝයිෆ්රෙන්ඩ් කවුද කියන්න. මං දන්න විදිහට ඔයාට එහෙම කෙනෙක් හිටියේ නෑ. මම ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ. ඔයා මට කැමැති නැද්ද? එ්කද ඔයා මෙහෙම කියන්නේ? මට කියන්න." සූහො බැරිම තැන අැහුවා. නිශි අන්තිමට ජිමින් ගැන කියනවා කියලා හිතලා ජිමින්ගෙ නම කියන්න කට අැරියා විතරයි. නිශිගෙ උරහිසට කවුදො අතක් තියනවා දැනුනා. මුද්දත් දිලිසෙන්න ගත්තා.

"මම තමා නිශි ගෙ බෝයිෆ්රෙන්ඩ්." එහෙම කියාගෙන ජිමින් ඉස්සරහට අාවා. ජිමින් ව දැකලා ඔක්කොම පුදුම වුනා. ගොඩක් පුදුම වුනේ සූහො. මොකද එයා දන්නවා ජිමින් කොහොමත් කෙල්ලොන්ට කැමැති නෑ කියලා.

"ඔව්. ජිමින් තමා මගෙ බෝයිෆ්රෙන්ඩ්." එහෙම කියලා නිශිත් ජිමින්ගෙ අතක් අල්ලගත්තා.

එ්ක දැක්කම සුහොගෙ මූන තවත් අදුරු වුනා. 💔💔💔

"සොරි සූහො. මට මේක කලින් ඔයාට කියන්න බැරි වුනා." නිශි දුකෙන් වගේ කිව්වා. එ්ත් සූහොට මේක අදහගන්න බැරි වුනා.ජිමින් කියන්නේ පාඩුවේ ඉන්න ළමයෙක් නිසා සුහො වැඩිය ජිමින්ට කැමැත්තක් දැක්වුවෙ නෑ. එ්ක නිසා එයා මේ සම්බන්ධෙට කැමැති වුනෙ නෑ. නිශිව අත හැරියෙත් නෑ.

"නෑ නෑ. It's ok👌 කමක් නෑ. මං දන්නෙ නෑනෙ." එහෙම කියලා දුකෙන් සුහො ගියා. එ්ත් එයා නිශි ගැන තිබ්බ අදහස නම් අත් හැරියෙ නෑ.

සුහො ගැන පොඩි අනුකම්පාවක් නිශි ට හිතුනත් එයා ගොඩක් සතුටු වුනා ජිමින් අාපු එකට. එ්ක නිසා සුහො ගියාට පස්සේ නිශි ජිමින්ව බදාගත්තා.

"උම්ම්ම්මා.. මගෙ වීරයා අාවා නේද අන්තිමට මාව බේර ගන්න? මං ඔයාට කැමැති එ්ක නිසා නෙ. 😙😙😙"

"අත හරින්න මාව. මං අාවෙ ඔයාට තියෙන අාදරේට නෙවේ. සුහො ඔයා ලගට අාපු වෙලේ ඉදන් මගෙ ඔළුව රිදෙන්න ගත්තා. බැරිම තැන තමා අාවෙ හරිද?😤😤😤" එහෙම කියලා ජිමින් නිශිට රවාගෙනම යන්න ගියා.

නිශිට චුට්ටක් දුක හිතුනත් ජිමින් එයා වෙනුවෙන් අාපු එකට සතුටක් දැනුනා.

මේ අතර මේ හැම දෙයක්ම බලාගෙන හිටපු අාශි කල්පනා කර කර හිටියේ කොහොමද දැන් සුහොට මුහුණ දෙන්නේ කියලා.

"මොකො වෙලා තියෙන්නේ අාශි? අපි යමුද?" නිශි අන්තිමට අැහුවෙ අාශි කල්පනා කර කර ඉන්නවා දැකලා.

"නෑ මුකුත් නෑ. අපි යමු." එහෙම කියලා අාශි හිතාගත්තෙ හවසට ගෙදර අාවාට පස්සේ සුහොට මැසේජ් එකක් දානවා කියලා හිතලා.

සුහො අාශිත් එක්කත් ගොඩක් කේන්තියෙන් හිටියේ. එ් නිසා අාශිව දකින්න සුහො පොඩ්ඩක් වත් කැමැති වුනේ නෑ.

කැම්පස් ගිහින් අාවට පස්සේ අාශි sorry කියලා මැසේජ් එකක් දැම්මත් සුහො කිසිම උත්තරයක් දුන්නේ නෑ.

එ් එක්කම ජිමින් එක්කත් ලොකු තරහක් සුහො ට අැතිවුනා. එ්කෙ ප්රතිඵලයක් විදියට ඊලග දවසේ කවුරුත් නොහිතපු දෙයක් වුනේ.

නිශි හිටියේ අාශිත් එක්ක කැන්ටින් එකේ කෑම කන ගමන්. හිටි හැටියේ නිශිගෙ මුද්ද දිලිසෙන්න පටන් ගත්ත නිසා කන එක නවත්තලා ground එකට ගියෙ මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න.

එතකොටයි දැක්කෙ සුහො පෙරලගෙන ජිමින්ට ගහන හැටි. එ්ත් ජිමින් කිසි දෙයක් කලේ නෑ. මොකද ජිමින් දැනුවත්ව කාටවත් කරදර කලේ නෑ.

"තමුසෙ මගෙ කෙල්ලව හොරෙන් යාළු කරගෙන මොනවා කරන්නද හිතන් ඉන්නේ? අා.. හ්? එ් මගේ කෙල්ල. තමුසෙට කවදාවත් එයාව දෙන්නේ නෑ. ඊයෙ මං එයා නිසා ඉවසං හිටියේ. නැත්නම් මං තමුසෙව එතනම ඉවරයක් කරනවා. තමුසෙ දන්නෙ නෑ මං කවුද කියලා. මාව අවුස්සගත්තොත් තමුසෙවත් දන්නෙ නැති වෙයි තමුසෙ මැරුනෙ කොහොමද කියලා. මේ කැම්පස් එකේ ඉන්න හැම කෙල්ලෙක්ම තමුසෙට වහ වැටිලා ඉන්න නිසා මට හරියට කෙල්ලෙක් වත් අල්ලගන්න බෑ. අද මම තමුසෙගෙ ඔය ලස්සන මූන පාප්ප බාල්දියක් වගේ කරන්නම්කෝ"😡😡😡

සුහො වියරුවෙන් වගෙ කෑ ගගහා ජිමින්ට ගහනවා. ගහන පාරවල්වලට ජිමින්ගෙ තොල් හොදටම තුවාල වෙලා ලේ ගල ගල තිබ්බෙ. එත් සුහො එයාට ගහන එක නැවැත්තුවේ නෑ. එයා දැක්කෙ නෑ නිශි එතන ඉන්නවා කියල.

මේක නිශි ට බලං ඉන්න බැරි වුනා. එයාට සුහො එක්ක තරහක් අැති වුනා. එයා තේරුම් ගත්තා එයා මේකට මැදිහත් වෙනකං මේක විසදෙන්නේ නෑ කියලා.

"නවත්තන්න සුහො. මොකක්ද මේ කරන්නේ? මොකක්ද මේ නටන නාඩගම?" සුහො තව පාරක් ජිමින්ට ගහන්න ඔන්න මෙන්න තියෙද්දී නිශි කෑ ගහගෙන අාවා.

චුට්ටක් වැඩ වැඩිවෙලා තියෙන නිසා slow updates තමා දෙන්න වෙන්නේ. ඉක්මනින් ඊලග පහලොස්වෙනි චැප්ටර් එකත් දෙන්න බලන්නම්. වෝට් කරන්න අමතක කරන්න එපා 😉😉

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories