Fanfics

Part 12

07:09, 24 July 2021

Auther's pov

කියන්න සතුටුයි ඉතාමත් සාර්ථක ලෙස මට තව එක එපියක් නිශිගෙන් ඉල්ලා ගැනිමට හැකි වුනි. හුරේ..😄🎉🎉

නිශී - තව එකම එකක් කරහං හැබැයි උබ මං නැති ටිකට අපෙ රීඩර් නන්ගිලා ඉස්සරහ මගෙ චරිතය ගාතනය කරලා තිබ්බොත් මං උබ ගැන එදාට බලාගන්නම් ඕතරයො හරිද?😏😏😏

ඕතර් - හුම් හාරි හාරි. දැං මට පාඩුවේ මේ කතාව අපෙ රීඩල් ඇත්තන්ට දිග අරින්න දීලා පලයං මෙතනින්.

නම්ජුන් හියුන්ග් ජිමින්ව ඇදගෙන සාලෙට එක්කගෙන ගියා. ඒ අතරෙදි නිශීත් ඇදුම් මාරු කරගෙන ආවා. හැමෝම ජිමින්ට හැමදේම කිව්වා.

"ඉතිං කවුද නිශීගෙ මේට්?"🤨🤨🤨 ඔක්කොගෙම කතා අහලා අවසානෙට ජිමින් ඇහුවා. ඇත්තටම දැනට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒක තමයි.

"සමහර කිදුරියන්ගෙ මේට්ලගෙ උපන්දිනෙ දවසෙ තමා ඒ කිදුරියන් පරිවර්තනය වෙන්නේ. එතකොට නිශි පරිවර්තනය වුනෙ ඔයාගෙ උපන්දිනෙ දවසෙ. අනික ඔයා එයා ලගට එන හැම වෙලාවෙම එයාගෙ අතෙ තියෙන මුද්ද දිලිසෙනවා. ඒක මේට්ව දැනගන්න එක සලකුනක්." නම්ජුන් හියුන්ග් කිව්වා.

"එතකොට නිශීගෙ මේට් මමද?"😳😳😳 ජිමින් පුදුම වෙලා ඇහුවා.

හැමෝම ඔව් කියලා ඔළුව වැනුවෙ මීලගට ජිමින් දෙන උත්තරේ බලාපොරොත්තුවෙන්.

ජිමින් ටිකක් වෙලා කල්පනා කරලා දුන්නු උත්තරේ නම් එච්චර හොඳ උත්තරයක් නෙවේ.

"මේකයි හියුන්ග්, මං මෙච්චර කල් නිශිව සැලකුවේ යාලුවෙක් විදියට. එහෙම හිතපු කෙනෙක්ව එකපාරටම මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කරගන්න බෑ හියුන්ග්. අනික මං එච්චර කෙල්ලොන්ට කැමති කෙනෙකුත් නෙවේ. මට තව ඉගෙනගන්න ඕන. මට මේවා ගැන හිතන්න බෑ. සොරි නිශී."😑😑😑

නිශීට ඒ වචන ඇහුනෙ හීනෙකින් කියනවා වගෙ. මොකද ඒ වෙනකොට එයාටත් ජිමින් ගැන පොඩි අදහසක් තිබුනා. එයාට එ්ක ජිමින්ව හම්බවුන පලවෙනි දවසෙම තමා අැතිවුනෙ. ඒ ඇරත් එයා කැමති වුණේ නෑ අර වේදනාව විදින්න.

"අයියො කමෝන් ජිමින්. මොනවද අප්පා. අපිත් ඉගෙනගන්න කාලෙදි තමා මෙයාලව හොයාගත්තෙ. කෝ එහෙම කියලා අපි විභාග පාස් නොකර හිටියෙ නෑනෙ." ජින් හියුන්ග් කිව්වා.

"බෑ හියුන්ග්. අම්මලගෙ හිත මට කඩන්න බැහැ. මට බයයි. මං හදපු හීන හැමදෙයක්ම නැති වෙයි කියලා. මං හිතනවා මට වඩා හොද කොල්ලෙක් නිශීට හම්බවෙයි කියලා මේට් විදියට. සොරි මට තවමත් ඔයා වෙනුවෙන් හිත හදාගන්න බෑ නිශි. ඒකට මට ටික කාලයක් ඕන වෙයි. ඒත් මං හිතනවා ඔයාට හොඳ කොල්ලෙක් හම්බවෙයි කියලා."

"ඒත් එහෙම කරන්න එපා ජිමින්. ඔයා කැමතිද ඔයාගෙ හොදම යාළුවා දුක් විදිනවා බලන් ඉන්න." ඒ කතාකරෙ ආශි. එයාටත් මේ දේවල් බලාගෙන ඉන්න බැරි කමටයි කිව්වෙ.

"මට එහෙම බලාගෙන ඉන්න බෑ තමයි. ඒත් ඒ යාලුවෙක් විදියට මිසක් එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් විදියට නෙවේ.

"මට ඇත්තටම සමාවෙන්න නිශි. මට ඔයාට වඩා මගෙ අම්මයි තාත්තයි වටිනවා. ඒකයි." 😔😔එහෙම කියලා ජිමින් නැගිටලා ගියා. එතකොට නිශිගෙ ඇස්වලින් කදුළු බේරුනෙ එයාටවත් නොදැනිම.

"බයවෙන්න එපා නිශී. අපි එයාව කොහොමහරි යාළු කරල දෙන්නම්."😥😥 නම්ජුන් හියුන්ග් කිව්වා.

"ඕන නෑ හියුන්ග්. එයාට ඔහොම ඉන්න දෙන්න. එයා ඒකට කැමති නැත්නම් අපිට එයාව බලෙන් යාළු කරවලා වැඩක් නෑ." 😪😪😪නිශී අඩ අඩ කිව්වා. ආශිත් ඒ වෙනකොට ජිමින් එක්ක තිබ්බ යාළුකමත් අතහැරලා තිබ්බෙ.

ජිමින් යන ගමන් ඒ වෙච්ච දේට ගොඩක් දුක් වෙවී තමා ගියෙ. මොකද එයාටත් නිශි ගැන ආදරයක් නොතිබ්බාම නෙවේ. ඒත්. එයාට එයාගෙ ඉගෙනීම වෙනුවෙන් ආදරය හරස් කරගන්න ඕන වුණේ නෑ.

.........

මාස තුනක් විතර ගෙවිලා ගියා. ඒ කාලෙදි හැමදේම වෙනදට වඩා වෙනස් වුනා.

හියුන්ග්ලා කොච්චර උත්සහ කරත් ජිමින්ව කැමැති කරගන්න බැරි වුනා.

නිශි ගොඩක් අඩුවෙන් තමා කැම්පස් අාවෙ. එ්ත් මේ දේවල් නිසා ඉගෙනීමට බාධාවක් වෙයි කියලා බයට පුළුවන් උපරිමයෙන් එයා වැඩ කලා.

ජිමින් කැම්පස් අාවට එයා නිශිට වැඩිය පේන්නෙ නැතුව ඉන්න ගොඩක් උත්සහ කලා.

මේ අතරෙ අාශි සුහො කියලා තව කොල්ලෙක් අල්ලගෙන තිබ්බා. අාශි කොහොමහරි මේ නිශිට කොල්ලව යාළු කරවලා එයාගෙ වේදනාව නැති කරලා දාලා එයාව සතුටින් තියන්න තමා බැලුවෙ. අන්තිමට එ් කොල්ලත් නිශිගෙ පස්සෙන් යන්න පටන් ගත්තේ අාශිගෙ වැඩේ තවත් පහසු කරලා. එ්ත් නිශි එයාව මගඅැරියා. අාශිත් නිශිට නිකං ඉන්නකොට එ් කොල්ලා ගැන කියලා යාළුකරන්න හැදුවා.

"අර ජිමින්ට වඩා හොදයිනෙ සුහො. එයත් ඔයාගෙ පස්සෙන් එන එකේ යාළුවුනාම මොකෝ වෙන්නෙ. මට ඔ්න ඔයාගෙ ඔය වේදනාව නැති කරලා දාන්න. " 😌😌😌

"එ්ත් ඉතිං එයා මං ලගට එනකොට මගෙ මුද්ද දිලිසෙන්නෙ නෑනෙ. මං හිතන්නේ නෑ එයාව යාළුකරගත්තා කියලා මගෙ වේදනාව නැති වෙයි කියලා." 😒😒

එ්ත් තාම සුහොටත් නිශි කිදුරියක් කියලා කිව්වෙ නෑ.

නිශිට ගිය මාස දෙකේම හදේ බලපෑමට අැතිවන වේදනාව විදින්න සිද්ධ වුනා. හියුන්ග් ලටත් කරන්න පුළුවන් වුනෙ එයාට එ් දවසට එයාලගෙ ගෙදර ගෙන්නගන්න එක විතරයි.

ඊලග හද පායන දිනය ලං වුනා. නිශි අාශි එක්ක ගියේ හියුන්ග් ලගෙ ගෙදරට. නිශිට මේ වැඩේ එපා වෙලා තිබුනෙ. එ්ත් තනියම මේ දේවල් කරන්න තාම බැරි නිසා ගියා.

අාවට පස්සේ වෙනදා වගෙ කාමරයක කෙල්ල ඔන්නිලා එක්ක හිටියා හවස්වෙනකං. හද පෑව්වත් එක්කම කෙල්ලට අමාරුවෙන්න ගත්තා. එ්ත් කෙල්ල ඉවසගෙන හිටියා. හද පායලා ටිකක් වෙලා ගිහින් මුද්දත් දිලිසෙන්න පටන් අරගෙන තිබ්බත් කෙල්ල මුකුත් නොකිව්ව එකට ඔන්නිලත් පුදුම වෙලා හිටියේ. සාමාන්ය‍යෙන් හද පෑව්ව ගමන් කිදුරියෙක්ට අමාරුවෙනවා.

"නිශි, ඔයාට තාම මුකුත් අමාරුවක් දැනෙන්නේ නැද්ද?" බැරිම තැන ජිනී ඔන්නි අැහුවා. නිශි මුකුත් කිව්වේ නෑ. ටිකක් වෙලා යනකොට නිශිගේ මූන රතුවෙලා දාඩිය දාන්න ගත්තා.

"නීශි??" 😟😟😟 අායෙමත් ජිනි ඔන්නි අැහුවත් කිසිම උත්තරයක් දුන්නේ නෑ. ටිකක් වෙලා ගිහින් එකපාරටම කෙල්ල දොරවලුත් කඩාගෙන දුවන්න ගත්තේ හැමෝම අන්ද මන්ද කරලා. එයාලත් කෙල්ල පස්සේ දුවලා හැම තැනම හෙව්වත් කෙල්ල එ් වෙනකොට කොහෙ ගියාද කියලා කාටවත් හොයා ගන්න බැරි වුනා.

ඔයාලා හිතන්නේ නිශි කොහෙ ගියා කියලද? හැමෝම කමෙන්ට් කරන්නකො එ් ගැන. අනේ මන්ද ඔයාලට නම් මේ කතාව නිකං පිස්සුවක් වගේ අැති නේද? එක වෙලාවකට වෘක කතාවක් වගෙත් අැති නෙහ්? මේ මගේ පලවෙනි කතාවනෙ. කමක් නෑ හැමෝම කියවන්න නොතේරෙන තැන් තියෙනවානම් මට කියන්න. ඊලග ස්පෙශල් එපියෙන් හම්බවෙමු. එ්ක හොට්ම හොට් එපියක්. හැමෝම කියවන්න ලෑස්ති වෙලා ඉන්න. මට වෝට් කරන්නත් අමතක කරන්න එපා ඔන්න 😁😁😁

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories