Part 11
05:07, 21 June 2021Author's pov
නිශි හිටියේ ටිකක් බයෙන් උනත් ඔන්නිලා හිටපු නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙයි කියලා හිතුවා.
"ඔක්කොම කට්ටිය යැව්වද?" ආපු ගමන් ආශි හියුන්ග්ලගෙන් ඇහුවා.
"ඔව්. කුකීවයි,ටේවයි යැව්වේ වැඩ වගයකට අපි කට්ටියම බුසාන් යනවා කියල. අර දෙන්නව යැව්වෙත් ස්ටුඩියෝ එකේ වැඩ වගයකට දවස් දෙකකට එලියට යන්න වෙනවා. ඉදලා වැඩක් නෑ කියලා."
"අම්මෝ ඒක හොඳයි හියුන්ග්ලා දෙන්නටත් මාර මොල දෙකක් තියෙන්නේ. ශුවර් නේද අදම ජිමින් එන්නේ නෑ කියලා?😳😳"
"ඔව් ඔව් ශුවර් ශුවර්. ඕකා එන්නෙ නෑ කිව්වොත් එන්නෙ නෑම තමා.මං දන්නවනේ උගෙ හැටි 😏😏😏 ඕකා තව සතියකින්ම තමා එන්නේ." නම්ජුන් හියුන්ග් කිව්වා.
නිශීව ගෙන්නලා ඔන්නිලා එයාව කාමරේකින් තියලා බීම එකක් බොන්න දුන්නා මොනවමහරි අමාරුවක් ඇති උනොත් කියන්න කියලා.එයාගේ තනියට යේසු ඔන්නි එයත් එක්ක හිටියා. මොකද අමාරුවක් ඇති වුනොත් ආශිට නිශිව අල්ලන්න බැරි නිසා.
"නිශී මේ අහන්න. ඉර බහින්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. ඉර බැස්ස ගමන් ඔයාට මොනවා හරි අමාරුවක් ඇති වුනොත් යේසු ඔන්නිට කියන්න හරිද?"
ජිනී ඔන්නී හියුන්ග්ලයි ආශිත් එක්ක සාලෙට ගියා.
වෙලාව පහමාරයි. හයට තව පැය භාගයක් විතරයි තියෙන්නේ. නිශී බයෙන් කාමරේ යේසු එක්ක ඇද උඩ හිටගෙන හිටියේ ඒ පැය භාගයත් ඉබේ ම ගෙවෙන්න ඉඩ හැරලා.
ඒ අතරේ ජිනීයි ආශියි හියුන්ග් ලා එක්ක සාලෙට වෙලා හිටියේ කවුරුහරි ආවොත් මුහුණ දෙන්නෙ කොහොමද කියලා සාකච්ඡා කර කර.
හවස හය උදාවුනා. නිශි ගේ මුද්ද දිලිසෙන්න ගත්තෙ ඒ බව සංඥා කරනවා වගේ. ඒ එක්කම ලොකු ඔළුව රිදීමකුත් එක්ක ඇග රිදෙන්න ගත්තෙ යකඩ ගිනියම් වෙන ගානට නීශීගේ ඇග රත්වෙනකොට.
තවත් මේ දේ ඉවසන්න බැරි හින්දා යේසුට නිශී කිව්වේ කවදාවත් මේ වගේ වේදනාවක් දරලා නැති නිසා. යේසු ජිනීට කතා කරලා ඉක්මනින් නිශීව එක්කගෙන ගිහින් කලින් ඉදන් ලෑස්ති කරලා තිබ්බ බාත් ටබ් එකට නිශීව බැස්සුවෙ එයාට පුංචි හරි සහනයක් ඒකෙන් ලැබෙයි කියලා හිතාගෙන.
ටබ් එකේ තිබ්බ සීතල වතුර නිශිගෙ ඇගේ වදිනවාත් එක්කම එයා කිදුරියක් වුනේ එක නිමේෂයකින්.
ගොඩක් වෙලා ඉවසං හිටපු නිශිට එක පාරටම වේදනාවත් එක්ක කෑ ගැහුනෙ එයාටවත් නොදැනිම. එයා ඔන්නිලා දෙන්නගෙ අත් තදින් අල්ලගෙන ගොඩක් වෙලා හිටියා.
"ආයි.. රිදෙනවා ඔන්නි මුළු ඇගම. මට මේක ඉවසං ඉන්න බෑ.😖😖😖"
"නිශී ඉවසන්න. පුළුවන් තරම් ඉවසන්න. හැම කිදුරියක්ටම මේ දේ සිද්ධ වෙනවා. අමාරු නෑ. ඉවසන්න." ජිනී එහෙම කියලා නීශීගේ හිත සැනසුවා.
පැය තුනක් විතර ගෙවිලා ගියත් නම්ජූනුයි ජිනුයි සාලෙට වෙලා හිටියේ කවුරුහරි ආවොත් කියලා. එයාලටත් නිශීගේ වේදනාත්මක හඩ ඇහුනෙ නැතිව නෙවේ. ඒත් එක පාරටම නොහිතූ දෙයක් සිද්ධ වුණා.
හියුන්ග්ලා දෙන්නටම ඇහුනා තමන්ගේ ගේ ඉස්සරහ වාහනයක් නවත්වන සද්දයක්. ටික වෙලාවකින් දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා. දොර ඇරියාම ඉස්සරහ හිටපු කෙනාව දැකලා දෙන්නාටම කියන්න වචන තිබුනෙ නෑ.
"ජිමින්??😲😲😲" දෙන්නටම එකට කියවුනා.
"ඔන්න හියුන්ග්ස් මං ආපහු ආවා. ඔයාලා නැතුව මං පුදුම පාළුවකින් හිටියේ කොහෙද අපෙ අම්මා එන්න දෙන්නෙ නෑනෙ.😄😄"
"අපි හිතුවේ නෑනෙ ඔයා මෙච්චර ඉක්මනට එයි කියලා"
"අපෙ අම්මට ලොකු අමාරුවක් නෙවේ වෙලා තියෙන්නේ. පොඩ්ඩක් ප්‍රෙශර් වැඩි වෙලා. ඒකයි. ආපුවාම අම්මගෙ වදේට තමා හිටියේ. ඒත් එහෙම කියලා හැමදාම ඉන්නද මගෙ කැම්පස් එකේ වැඩ ගොඩ ගැහිලා. ඒවත් කරන්න එපැයි. ඒකයි ආවෙ. අනික නම්ජුන් හියුන්ගේ කාර් එකත් දෙන්න ඔිනනේ. " 😁
"ඉතිං කියලා එන්න එපැයි අපි බයවෙනවනේ නොකියා ආපුවාම. අනික කාර් එක පස්සේ හරි ගන්න පුළුවන් නෙ. අැයි ඔික කවුරුහරි උස්සන් යන එකක්යැ." නම්ජූන්ට ඕන උනේ කොහොම හරි වෙන පැත්තකට කතාව හරවලා ජිමින්ව යවන්න.
"මට ඔයාලව සප්‍රයිස් කරන්න ඕන උනේ. කෝ අනිත් උන්?" ජිමින් ඇතුලට ඇවිත් වට පිට බැලුවා.
"ආ පොඩි උන් දෙන්නට උන්ගෙ ගෙවල් වලින් කතා කරලා ගියා. අරුං දෙන්නාත් ගෙදර ගියා දැන් උබත් ගියා නම් හරි." ජින් සුපුරුදු බොරුව කිව්වා.
"ඉතිං මං ආවා විතරයිනෙ. පොඩ්ඩක් ඉන්නවා." ජිමින් එහෙම කියනකොටම නිශීගේ කට හඩ ඇහුනත් එක්කම දෙන්නට දාඩිය දාන්න ගත්ත.
"හියුන්ග් කවුද ඉන්නේ ඇතුලේ?"😕
"ආ දන්නවනේ ඔන්නිලගේ හැටි ඒ දෙන්නා තමා වෙන කවුද? ඔය දෙන්නට උයන්න දුන්නොත් ඉවරයි. ඉරානෙයි පලස්තීනෙයි වගේ තමා.😁" ජින් හියුන්ග් කිව්වා.
"නෑ හියුන්ග්. එ් ඔන්නිලගෙ කටහඩ නෙවෙයි. නිශි මෙහෙ අාවද? 🤨"
"මලා..." හියුන්ග්ලා දෙන්නා මූනට මූන බලාගත්තා😳😐😑
...................
පැය තුනක් ගෙවිලා ගියේ නොදැනුවත්වමයි. එ්ත් නිශිගේ වේදනාව තාම ඉවරවෙලා නම් නෑ.
"අනේ ඔන්නි තවත් නම් ඉවසං ඉන්න බෑ මට😣". කෙල්ලගෙ අැගේ දැන් පනක් කියලා දෙයක් නැතිතරම්.
"තව චුට්ටක් ඉවසන්න. තව පොඩි වෙලාවයි." ඔන්නිලා දෙන්නටත් සනසනවා අැර වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.
අාශිටත් පුළුවන් කමක් තිබ්බේ නෑ තමන්ගේ යාළුවට රිදෙනවා බලන් ඉන්න. එයාට දැන් ඔින වෙලා තිබ්බේ කෙල්ලට ගැලපෙන මේට්ව හොයලා දීලා මේ වේදනාව නැති කරන්න.
ටිකක් වෙලා ඉන්නකොට නිශිගේ මුද්ද දිලිසෙන්න ගත්තේ එයාගේ මේට් ලග ඉන්නෙ කියලා සංඥා කරන්න. එ්ත් එ් ගැන හිතන්න කලින් බාත්රූම් එකේ දොර අැරගෙන අාපු ජිමින්ව දැකලා නිශි අැර හැමෝම පුදුමෙනුත් පුදුමයට පත් වුනා.
"ජි...ජි...ජිමින්???" අාශිටත් කියාගන්න දෙයක් නැතිව ගියා
නිශිව දැකලා කොල්ලටත් මුකුත් කියාගන්න බැරි වුනා.
"නි.. නිශි, ඔ... ඔ... ඔයා කිදුරියක්ද? "
හැමෝගෙම කටවල් වැහුනා එ් ප්රශ්නෙටනම්.
නිශිට කොල්ලා දිහා හැරිලා වත් බලන්න පුළුවන්කමක් තිබුණේ නෑ.
එ් එක්කම පිටිපස්සෙන් දුවගෙන අාවෙ නම්ජුනුයි, ජිනුයි. එ් දෙන්නටත් මොනවා කියන්නද කියලා තේරුනේ නෑ.
"අැ.. අැයි ඔයාලා මට මේ ගැන නොකිව්වෙ? මම ඔයාලගේ යාළුවනේ." ජිමින් ෂොක් වෙලා වගේ. එයා අාශි දිහා හැරිලා අැහුවා. අාශිත් ශොක් වෙලා වගේ තමා හිටියේ.
"අනික අැයි මෙයා අමාරුවෙන් ඉන්නෙ? අැයි එයාව වතුරෙ තියන්නෙ? "
"නිශි දියකිදුරියක් තමා ජිමින්. කලබල වෙන්න එපා. එයා ඔයාගෙ උපන්දිනේ දවසේ තමා කිදුරියක් වුනෙ." නම්ජුන් කිව්වා.
"හදෙන් කිදුරියන්ට අැතිවන බලපෑමක් නිසා තමා එයා මෙහෙම ඉන්නේ. අපි ඔයාට වුනත් කිව්වේ නැත්තෙ එයාගෙ අාරක්ෂාව ගැන හිතලා. නැත්නම් විශ්වාස නැති නිසා නෙමෙයි. "ජිනී ඔන්නි කිව්වා.
"ඉතින් අැයි මෙච්චර අමාරුවෙන් ඉද්දි හොස්පිටල් ගෙනියන්නේ නැත්තෙ? "
"එ්ක හොස්පිටල් ගෙනියලා සනීප කරන්න පුළුවන් ලෙඩක් නෙවේ ජිමින්. එ්ක හොද වෙන්නේ හද බැස්සට පස්සේ. එ් කියන්නේ රෑ දොලහෙන් පස්සේ." ජින් හියුන්ග් කිව්වා.
"ම... ම... මට සමාවෙන්න ජි.. ජිමින්. මට ඔයාට කියන්න බැරි වුනා." නිශි අමාරුවෙන් කිව්වා.
"කමක් නෑ. 😔 ඔයාට හුගක් අමාරුද?" එහෙම කියලා ජිමින් කට්ටිය එපා කියද්දී නිශිගේ උරහිසට අත තිබ්බා. එහෙම අත තියලත් ජිමින්ට මොකුත් වුනේ නැති එකට හැමෝම පුදුම වුනා. මොකද කිදුරියෙක්ට අැර එහෙම අත තියන්න පුළුවන් එයාගේ මේට්ට විතරයි.
ජිමින් අත තිබ්බාම නිශිගේ මුද්ද දිලිසෙන්න පටන් ගද්දී කෙල්ලගෙ අැගේ තිබුණු එ් වේදනාව නැති වෙලා ගියේ ඉබේමයි. එයා අත තිබ්බාම නිශිගේ තිබ්බ සුදුමැලි ගතිය හැමදේම නැති වෙලා ගියා.
"ඔන්නි, අනේ බලන්නකො මගේ අැගේ හැම අමාරුවක්ම එක පාරටම නැති වෙලා ගියානෙ." නිශි එකපාරටම කිව්ව කතාව අහලා හැමෝටම අදහා ගන්න බැරි වුනා.
"අැත්ත තමයි. කෝ කලින් තිබ්බ සුදුමැලි ගතිය නැති වෙලා ගිහින්නෙ". ඔන්නිලත් පුදුමයෙන් කිව්වත් ජිමින්ට නම් එ්ක පිස්සුවක් වගේ.
"මොකක්? කොහොමද එකපාරටම ඔයාට හොද වුනේ? මං අල්ලපු නිසාද එහෙම වුනේ? නැත්නම් ඔයාලා හැමෝම මට බොරු කියනවද? "
"ඔව් ඔයා අල්ලපු නිසා තමා එහෙම වුනේ අනික අපි ඔයාට බොරු කියනවානම් එයාගේ කලින් තිබ්බ සුදුමැලි ගතිය නැති වෙලා ගියේ කොහොමද? මං හිතන්නේ නිශිට ලගදීම එයාගේ මේට්ව හම්බවෙයි වගේ." යේසු ඔන්නි හිනාවෙලා කිව්වා. එ්කට හියුන්ග්ලත් හිනා වුනා.
"මොකක්ද කියන්නේ? මං අැල්ලුවාම කොහොමද නිශිට හොද වුනේ? අනික කවුද මේට් කියන්නේ? කවුද නිශිගේ මේට්? මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ. ඔලුව විකාර වෙලා තියෙන්නේ." කොල්ලට දැන් නම් මේ හැමදේම පිස්සුවක් වගේ.
"හරි හරි ජිමින් කලබල වෙන්න එපා. යමුකො. අපි මේ හැමදේම ඔයාට තේරුම් කරලා දෙන්නම්." නම්ජුන් ජිමින්ගෙ කරට අත දාගෙන සාලෙට එක්කගෙන ගියා.
"අැත්තටම ඔන්නි එයා මගේ මේට්ද?" නිශි ජිනී ඔන්නිගෙන් අැහුවා.
"මේ යන විදියට එ් වගේ තමා නිශි." ජිනී ඔන්නි කිව්වා.
එ් කොහොම වුනත් නිශිට වේදනාව නැති වෙච්ච එකට නම් ගොඩක් ලොකු සහනයක් දැනුනා. එ්ත් එයාගෙ මේට් ජිමින් වුනොත් එයා එ්කට කැමැති වෙන්නේ නැති වෙයිද කියලා බයෙන් තමා හිටියේ. මොකද එයාව පිලිගත්තේ නැති වුනොත් හැමදාම හද පායනකොට මේ වේදනාව දරා ගන්න වෙයි කියලා.
ඔන්න එකොලොස්වෙනි එපියත් දුන්නා. මට වෝට් කරන්න අමතක කරන්න එපා. මේක නිශියගෙන් බේරගෙන මගේ විදියට ලියන්න මං ෆුල් ට්‍රයිය දෙනවා 😁👍
There are no comments yet. Log in to be the first to leave a review!





