Part 10
07:08, 24 July 2021Author's pov
නිශි ගෙදර ආවාට පස්සේ අම්මලා මේ දේවල් නොකිව්ව එක ගැන ලොකු තරහක් තිබ්බෙ.
"ඔව් මේක නිසා තමා අම්මලා මාව පොඩි කාලෙ ඉදන්ම ගෙදර හිර කරලා තිබ්බෙ."
එයා කෙලින්ම ගෙදර ආපුවාම කෝල් ගත්තෙ අම්මට.
"හලෝ දුවේ 😃😃😃"
"හලෝ අම්මෙ 😒😒😒"
"අනේ දුවට මං කෝල් එකක් ගන්න කියලා හිටියේ කවදාවත් නැතුව ඔයා ගත්තානෙ මට. පුදුමයි.😊😊😊 කොහෙවත් ගියෙ නෑ නේද? කොහෙවත් යන්න එපා පුතේ පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න. කැම්පස් ගිහින් ආවාද පුතේ?"
"අම්මේ මට දැන්වත් ඇත්ත කියන්න.😑😑😑"
"මොකක් දුවේ? ඔයාට මොකද වුණේ?😳😳😳"
"මං ඔයා හන්ගගෙන ඉන්න ඇත්ත දන්නවා අම්මෙ. තවත් මට බොරු කරන්න ඕන නෑ."
"මොකක්ද පුතේ මං ඔයාට හැන්ගුව ඇත්ත? මං ඔයාට බොරු කියලා නෑ පුතේ.😢😢😢"
"නෑ අම්මේ. අම්මා මං දියකිදුරියක් කියන එක හැන්ගුවා. ඒකනේ අම්මා මාව පොඩිකාලේ ඉඳලාම හිරකාරියක් වගේ ගෙදර හිර කරගෙන තියාගෙන හිටියේ. අනික මං දන්නවා අම්මල මුල ඉදලම මේ ගමනට කැමති උනේ නෑ කියලා. ඒකනේ ඔයා මෙහෙ ආවට පස්සෙ ආශිට කරදර කර කර විස්තර ඇහුවෙ මගේ. දැං තවත් මොනවද හන්ගන්න තියෙන්නේ? මං හැමදේම දැනගත්තා. ඊයෙ මං දියකිදුරියක් විදියට පරිවර්තනය උනා. ඒක උනේ ඊයෙ රෑ තිබ්බ මගේ යාළුවගෙ පාටියෙදි. "
නිශිගෙ අම්මා නිශි මේ හැමදේම කියනකම් අහගෙන හිටියා. එයාට මුකුත් කියාගන්න බැරි වුණා. එයා තවමත් නිශ්ශබ්දයි.
"තවත් හංගන්න දෙයක් නෑ අම්මේ හැම දෙයක්ම මට කියන්න. සිද්ධ වෙන්න ඕන දේවල් නවත්තලා වැඩක් නෑ. එ්වා කොහොම හරි සිද්ධ වෙනවා. අම්ම දන්න හැම දෙයක්ම මට කියන්න. අම්මලා දිය කිදුරියන්ද එතකොට. එතකොට, අත්තම්මා?? අත්තම්මට කොහොමද අනාගතේ ගැන කියන්න පුළුවන් උනේ? මට මේ හැමදෙයක්ම විසදගන්න ඕන. මට හැමදේම කියන්න. තවත් හංගන්න හදන්න එපා."
නිශි හිටියේ හැම දේකම පැටලිලා එයාට ඕන උනේ කොහොම හරි මේ දේවල් විසදගන්න.
"හරි හරි. මං හැමදේම කියන්නම්. කිම් රාජකීය පෙලපත නැති වුනාට පස්සේ කළු කිදුරන්ගෙන් අපිට ගොඩක් කරදර සිද්ධ වුණා. එයාලා නිල් කිදුරියන් ගොඩක් මැරුවා. ඉතුරු වෙච්ච අය වෙන රටවල්වලට ආවා. ඔයාගේ ආච්චිගේ අම්මගේ අම්මා එහෙම ආපු එක දිය කිදුරියක්. එයා ලංකාවට ඇවිත් ලංකාවේ කෙනෙක් කසාද බැන්දා.එයාට දුවෙකුයි පුතෙකුයි ලැබුනා. ඒ පුතා සාමාන්‍ය මනුස්සයෙක්.එයාගේ දුව සුදු කිදුරියක්. එයාට පස්සේ ඔයාගේ ආච්චිව හම්බවුනා. එයා රතු පාටයි. එයාට හම්බවුනේ ඔයාගේ තාත්තව. එයා සුදු කිදුරෙක්. එයා අවුරුදු තිස් හතරෙදි මාව කසාද බැන්දා.
අපිට ඔයා ඉපදෙනකොට ලොකු වගකීමක් තිබ්බා ආරක්ෂා කරන්න කියලා. මගේ බඩේ ඉන්නෙ දුවෙක් කියලා දැනගත්තාම හිතේ සතුටක් වගේම බයකුත් ඇති වුණා ඔයා කොහොමත් දිය කිදුරියක් වෙන නිසා.අපිට අපේ දරුවව නැති වෙයි කියලා තිබ්බ බයට අපි ප්‍රාර්ථනා කලේ ඉපදෙන දරුවා නිල් කිදුරියක් වෙන්න එපා කියලා. නමුත් අවාසනාවකට ඉපදුන දවසේ ඔයාගේ ඇස් නිල් පාටින් දිලිසෙන්න ගත්තාම අපි දැනගත්තා ඔයා නිල් කිදුරියක් තමා කියලා. ඉතිං අපි කරන්න හැදුවෙ ඔයාව හැමදේකින්ම ආරක්ෂා කරන එක. ඔයාට තිබ්බ ආදරේටයි, ඔයාට නැති කරගන්න තිබ්බ බයටයි අපි එහෙම කලේ නැත්නම් ඔයා එක්ක අපිට තිබ්බ තරහකට නෙවේ පුතේ.😣😣😣
කවදාහරි නිල් කිදුරියක් හම්බවෙයි කියලා බලාපොරොත්තුවෙන් රට රටවල ඉදන් ආපු කිදුරියන් අතේ නිල් පාට මුද්දක් තිබ්බ එයාට දාන්න කියලා. ඒක තමා ඔයාගේ අත්තම්මා ඔයාට දුන්නු මුද්ද.
සිද්ධ වෙච්ච දේවල් සිද්ධ වෙලා ඉවරයි. කොහොමත් අපි දන්නවා ඔයාට හැමදාම මේ දේවල් හංගන්න බෑ කියලා. මොකද ඔයත් කවදහරි බදින වයසට එන නිසා. ඒක නිසා අපි හෙමින් සැරේ මේ දේවල් ඔයාට කියලා ලංකාවෙම කෙනෙක් කසාද බන්දන්න හිතන් හිටියෙ. ඒත් දැං ඒ හැමදෙයක්ම ඔයා දැනගත්තා. අපිට තවත් හංගන්න කිසිම දෙයක් නෑ.මේ තමා අපි දන්න ඇත්ත. පිලිගන්නවා නම් පිලිගන්න. අපි මේ දේවල් හැංගුව එක වැරදියි කියලා හිතනවා නම් මට සමාවෙන්න පුතේ. අපි මේ දේවල් කලේ ඔයාගෙම හොදට. ඔයා තමා පුතේ මේ කුලවල ඊලග රැජිණ වෙන්න ඕන. ඉස්සරහට හොදට හිතලා බලලා තීරණ ගන්න.මට අදත් කියන්න තියෙන්නේ පරිස්සම් වෙන්න කියලා. අපි ඔයාට කරන්න පුළුවන් හැම දේම කරනවා.😔😣"
අම්මා එහෙම කතාව ඉවර කරද්දී නිශිගේ ඇහැට කදුලක් ආවෙ ඉබේටමයි. නීශීගේ එහාපැත්තෙ හිටපු ආශි එයාගේ කදුළු පිහදැම්මා.
"අනේ සොරි අම්මා.😔😔😔 මං දන්නවා ඔයාලා මට ගොඩක් ආදරෙයි කියලා. ඒත් මගෙන් අම්මලා සමාව ඉල්ලන්න ඕනේ නෑ. මමයි සමාව ඉල්ලන්න ඕනේ නොදැන ඔයාට මෙහෙම බැන්නට. අම්මි ඉස්සර වගේම මාත් එක්කම ඉන්න ඕන. මං අම්මට තාත්තටයි මං ගොඩක් ආදරෙයි. අම්මලා මාත් එක්ක ඉන්නවා නේද?😢😢😢"
"පුතාටත් අපි ආදරෙයි. අපි පුතා එක්ක හැමදාම ඉන්නවා. අපි කවදාවත් තරහ නෑ පුතා එක්ක.😊😊"
"හම් හරි අම්මා. 😊😊😊 කෝ තාත්තා?"
"තාත්තා මාකට් එකට ගියා පුතෙ."
"හරි අම්මා මං තාත්තා මතක් කලා කියන්නකො. ආදරෙයි අම්මා. බායි බුදුසරණයි."
"බුදුසරණයි. පරිස්සමෙන් ඉන්න පුතේ."
නිශිට ගොඩක් සැහැල්ලුවක් දැනුනා. අන්තිමට එයාගේ ප්‍රශ්න හැම දේකටම උත්තර ලැබුණා.
මාසයක් ඒ විදියටම ගෙවිලා ගියා. නිශී වතුර වලින් හුගක් පරිස්සම් උනා. එයාව එහෙම පරිස්සම් කරන්න ආශිත් හුගක් මහන්සි උනා. ඒ වගේම නිශිගේ කැම්පස් එකේ වැඩත් ආශි පිලිවෙලට කලා. නිශිගේ වැඩ ටික කරල දෙන්න ආශි දෙපාරක් හිතුවේ නෑ. ඒ හැමදේම ආශි කරල දුන්නෙ නිශි තමන්ගේ සහෝදරියක් විදියට හිතාගෙන.
ජිමින්ට මේ හැමදේම පුළුවන් තරම් හැන්ගුවා. ජිමින්ට නිශී වැඩිය කැම්පස් එන්නෙ නැති එකයි, එයාගේ අමුතු හැසිරීමයි ගැන සැක හිතුනත්, එයා ඒ දේවල් එච්චර ගනන් ගත්තේ නෑ. එයාගේ අම්මට අසනීප වෙලා ආරංචි වුනාම අන්තිම සති දෙකේදි එයාට බුසාන් යන්න වුනා එයාව බලන්න.
ඔන්නිලත් පුළුවන් වෙලාවට නිශීව ගෙන්නලා එයාට බලය හසුරුවන විදිය පුරුදු කලා. එහෙම පුරහද දවස් ලං වෙනකම්ම එයා පුරුදු වුණා. ඒක නිසා නීශීටත් දැන් ටිකක් පුළුවන් බලය හසුරුවන්න.
පුරහද දවසට සතියක් වගෙ තියෙද්දි හොඳ වෙලාවක් හොයාගෙන කට්ටියම ඒකට ලෑස්ති වෙන්න කතා වුණා.
"අම්.. හරි ජිමිනුත් මේ සති දෙකේ එන්න වෙන්නේ නැති වෙයි කියලා කිව්වා. ඒක නිසා එයාට එදාට එන්න වෙන්නේ නැතිවෙයි. පොඩි දෙන්නවත් කොහොම හරි යවාගත්තා කියමුකෝ. ප්‍රශ්නෙ සුගාවයි හොබීවයි යවා ගන්න එක." නම්ජුන් හියුන්ග් කිව්වා.
"එක දවසකටනෙ. කොහොමහරි යවාගන්න පුළුවන් වෙයි." ජින් හියුන්ග් කිව්වා.
"ඔව් තව සතියක්ම තියෙනවා නෙ. අපිට මොනවහරි කියලා යවාගන්න බැරි වෙන එකක් නෑ. නිශී, වැදගත්ම දේ තියෙන්නේ ඔයාට. ඔයා මේ දවස් ටිකේ කලින් විදියටම පරිස්සම් වෙලා ඉන්න. වැඩිය එලියට යන්න එපා. වතුර එහෙමත් වැඩිය පාවිච්චි කරන්න එපා. එදාට හවසට අපි ඔක්කොමලව යවාගත්තට පස්සේ ඔයාට කෝල් එකක් දෙන්නම්. එතකොට ඔයාලා එන්න ලෑස්ති වෙලා ඉන්න. ඉතුරු ටික යේසුයි,ජිනියි බලාගනී. ඔයාට බය වෙන්න කිසිම දෙයක් නෑ. " නම්ජුන් හියුන්ග් කිව්වා.
අන්තිමට හද පායන දවස උදාවුනා. ආශි හවස කැම්පස් ගිහින් ඇවිත් කෑම හදලා දෙන්නම කාලා බලන් හිටියෙ නම්ජූන් හියුන්ගෙ කෝල් එක එනකං. හවස හතරාමාරට විතර ආපු නම්ජූන් හියුන්ගෙ කෝල් එකත් එක්ක දෙන්නම ලෑස්ති වෙලා ටැක්සියකින් ආවෙ හියුන්ග්ලගේ ඩෝර්ම් එකට. එනකොට කිව්වා වගේ හිටියේ ඔන්නිලා දෙන්නයි. හියුන්ග්ලා දෙන්නයි විතරයි.
නිශිගේ හිතේ තිබ්බ බයත් එක්ක එයා ආවෙ වතුර බිදක්වත් ඇගට යන්නෙ නැති වෙන විදිහට ෆුල් සේෆ් පිට. එයාව හරියට පෙනුනෙ ඒක නිසා නිකං පිටසක්වල ජීවියෙක් වගේ.
මෙතනින් මං කතාව නවත්තලා කුරිරු සතුටක් ලබමි 😁😏
මාගේ දැඩි ඉල්ලීම පිට මෙච්චර කල් තිබ්බ Nishi's pov කියන එක Author's pov කරගත්තෙමි. කමක් නෑනෙ එහෙම නේද?😁😁😁
නිශීට දුන්නාම ගම කනවා ඒකි. ඒකි හරියට කතාව කියන්නෙ නෑනෙ. මට කරන්න දෙන්නෙත් නෑ. මල මගුල. මෙහෙම ලියනකොට අරකි කියනවාට වඩා පැහැදිලියි නේද?
නිශි - මොකක්ද කියන්නේ ඕතරයෝ 😡😡
ආ නෑ.නෑ. මුකුත් නෑ.😁😁
නිශි - චැප්ටර් දෙකකට විතරයි තමුසෙට කතාව කරන්න දෙන්නෙ. එතනින් පස්සේ කරොත් තමුසෙගේ ඕතර් පට්ටම ගලවනවා මම😏😏😏
( යකූ මේකි බලහල්ලකො. මං හදපු කතාවට අයිතිවාසිකම් කියන ලස්සන) හරි හරි මං වැඩියෙන් කරන්නෙ නෑ.😒😒😒
නිශි - අන්න එහෙම වර😏😏😏
ආ හරි තව සුළු මොහොතකින් සිදුවන මහා පොරය සදහා අදට මෙම චැප්ටරය අවසන් කරමි. ඊලග එකොලොස් වන චැප්ටරයෙන් හමුවෙමු. සුබ දවසක්.💜💜💜
ආ.. මතක ඇතුව වෝට් කරපල්ලා ඇහ්???😁😁😁👍
එ් වගේම Happy BTS anniversary කියලා අාර්මිලා හැමෝටම කියනවා💜💜💜
There are no comments yet. Log in to be the first to leave a review!





