Fanfics

Part 9

07:08, 24 July 2021

Nishi's pov

"ඒක නිසා තමයි ඔයා මෙච්චර පරිස්සම් වෙන්න ඕන."

ජිනී ඔන්නි ලොකු සුසුමක් හෙලලා කතාව ඉවර කලා.😑😑😑

"ඒක නිසා ඔයා මේට් කෙනෙක් හොයාගන්න ඕන. මේට් තමා ඔයාට එකම ක්‍රමය ආරක්ෂා වෙන්න. මොකද මේට්ගෙ අතේ තමා ඔයාගේ හැමදේම තියෙන්නේ. කොටින්ම කිව්වොත් ඔයාගේ ජීවිතේ පවා එයාගෙ අතේ තියෙන්නේ. එයාට විතරමයි ඔයාව ආරක්ෂා කරන්න පුළුවන්. එයා තමා ඔයාගේ එකම ආරක්ෂකයා.

මේට් නැතිව කිදුරියක්ට කොහොමත් ඉන්න බෑ. අනිවාර්යයෙන්ම මේට් කෙනෙක් හොයාගන්න වෙනවා. මේට් හොයාගන්නකම් යන කාලයෙ කිදුරියන්ට තමන්ගේ බලය පාලනය කරන්න ගොඩක් අමාරුයි. ඒ කාලයෙ වින්ද වේදනාව දන්නෙ කිදුරියක්ම විතරයි.

අවුරුදු දහ අටෙන් පස්සෙ දියකිදුරියන් වෙන හැම කෙනාම හද එලිය වැටුන ගමන් පරිවර්තනය වෙනවා. ඒ පරිවර්තනය උනාට පස්සෙ මේට් කෙනෙක් හොයාගන්නකම් තමන්ගේ ඇගෙ බලය පාලනය කරන්න හරිම අමාරුයි. ගොඩක්ම අමාවක දවසට.

අපිට මේට්ලා හිටපු නැති කාලයේ හද එළියෙන් කොච්චර හැංගුනත් වැඩක් නෑ. හද පායන දවසට අපේ ඇග කෙලින් හිටගන්න බැරි විදියට පණ නැති වෙලා යනවා. ගොඩක් ඇග රිදෙනවා. හරියට periods හැදුනාම දැනෙන අමාරුව වගේ. එ් වගේ ම අපේ ඇගෙන් ඇති වෙන රස්නියට අපිව කාටවත් අල්ලන්න බෑ. ගිනියම් වෙනවා වගේ. අපේ ඇග එතකොට අල්ලන්න පුළුවන් කිදුරියන්ට විතරයි. ඒ කාලෙ ඒක නිවාගත්තෙ වතුරට බැහැලා. නමුත් මේට්ලා හම්බවෙලා මාර්ක් කලාට පස්සේ ඒ වේදනාව විදින්න ඕන නෑ.

ඒ වගේම අපේ ඇගේ බලය ඒ කාලෙදි අපිට පාලනය කරන්න අමාරුයි. වතුර පොඩ්ඩක් වත් අල්ලන්න බෑ. ඇල්ලුව ගමන් පරිවර්තනය වෙනවා. ඒත් මේට්ව හම්බවුනාට පස්සේ අපේ පරිවර්තනය වෙන්න අපිට හිතන්න විතරයි ඕන.

හැබැයි අපිට නමට විතරක් මේට් කෙනෙක් හොයාගෙන වැඩක් නෑ. අපෙ දෛවයේ ඉන්න කෙනා තමා මේට් විදියට පත් වෙන්න ඕන.හැමෝම මුද්දෙන් බලය පාලනය කරනවා කියලා හිතාගෙන හිටියට ඒකෙන් වෙන්නේ අපෙ මේටිව හොයාගන්න උදව් කරන එක විතරයි.ඒ වගේම මේට් හම්බවුනාම අපිට මේට්ව, මේට්ට අපිවත් ඕන වෙන වෙලාවට සංඥා කරනවා.

මේට්ව හම්බවුනාට පස්සේ එයාගේ නලලෙ ඔය මුද්දෙන් ලකුණු කරනවා වගේම බෙල්ල පිටිපස්සෙ චූටි hickey mark එකක් තියන්න ඕන. නලලෙ තියෙන ලකුණ පේන්නේ කිදුරියන්ට විතරයි." යේසු ඔන්නි කිව්වා.

"ඒක තමා මං ජින් හියුන්ගෙයි, නම්ජුන් හියුන්ගෙයි දෙන්නගෙම කළුපාට තිත් දෙකක් නලලෙ තියෙනවා දැක්කා. ඒ ඔයාලා තිබ්බ මාර්ක්ද?" මං ඇහුවා.😁😁😁

"ඔව් ඔව් ඒවා තමා. ඒවා අපිට කරදරයක් උනාම මුද්දෙ බලයෙන් දිලිසෙන්න ගන්නවා. එතකොට තමයි එයත් දැනගන්නෙ අපිට කරදරයක් කියල." 🤭🤭🤭ජිනී ඔන්නි ලැජ්ජාවෙන් වගේ හිනා වෙලා කිව්වා.

"අපේ මේට්ව හොයාගන්න විදි තියෙනවා. එකක් ඔයා මුද්ද. ඒක ඔයාට මේට්ව හම්බවෙන හැම වෙලාවෙම දිලිසෙන්න ගන්නවා. අනික තමා මං අහලා තියෙනවා සමහර කිදුරියන් පරිවර්තනය වෙන්නෙ තමන්ගෙ මේට්ගෙ උපන්දිනෙ දවසෙ කියලා. ඒක හැමෝටම වෙන්නේ නැල්ලු. ඒත් ඒක ගැන අපි හරියටම දන්නේ නෑ."

ඒකට නම් මගෙයි ආශිගෙයි ඇග කිලිපොලා ගියා. 😐😐😐

"මොකක් මම පරිවර්තනය උනේ ජිමින්ගෙ උපන්දිනෙ දවසෙනේ. ඒ කියන්නේ මගෙ මේට් ජිමින්ද?"😳😳😳 මං පුදුමෙන් වගේ ඇහුවා.

"ම්ම්.. හදිසි තිරණ ගන්න එපා නිශි. අපි ඒක ගැන හරියටම දන්නේ නෑනෙ. "

මමත් ඔළුව වනලා මේසෙ උඩ තිබ්බ හිස් වීදුරුවට මං මගේ බල දන්න නිසා නිකමට වගේ අත දික් කලා. වතුර බිදක්වත් නැති ඒ වීදුරුව කවුරුත් අල්ලන්නේ නැතුව මේසෙන් එහාට ගියෙ ආයෙත් අපි හැමෝම පුදුම කරමින්.

"වාහ්... සාමාන්‍යයෙන් නිල් කිදුරියන්ට බල දෙකයි පිහිටන්නේ. ඔයාට බල තුනක්ම තියෙනවා. එහෙම කිදුරියක්ට ලැබෙන්නේ කලාතුරකින්."යේසු ඔන්නි කිව්වා.😃😃😃

"ඔයාට ඉස්සරහට මේට් කෙනෙක් හොයාගන්නකම් බල පාලනය කරන්න අමාරු වෙයි. කමක් නෑ අපි ඉන්නවනේ. අපි ඔයාට ඒක හසුරුවන්න කියලා දෙන්නම්." ජිනී ඔන්නි කිව්වා.

හද පායන දවසට තව මාසයක්ම තියෙනවනේ. ඒ වෙනකං අපි හැමෝම ඔයාට බල පාලනය කරන විදිය පුරුදු කරන්නම්. යේසු ඔන්නි කිව්වා.

ජින් හියුන්ග්නුයි, නම්ජූන් හියුන්ග්නුයි ආවට පස්සේ අපි වෙච්ච හැමදේම කිව්වා. එතකොට ජන්කුකුයි තේයන්ග්නුයි කොලේජ් ගිහිං හිටියෙ ඒ වගේම සුගා හියුන්ග්නුයි, හොබී හියුන්ග්නුයි ස්ටුඩියෝ එකට ගිහින් හිටපු නිසා අපිට ඒ ගැන කියන්න අමාරුවක් උනේ නෑ.

නිශි ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕන කාලය තමා මේ. පුළුවන් තරම් වතුරෙන් ඈත් වෙලා ඉන්න බලන්න මේ ටිකේ. අනික ඔයා මේ දවස් ටිකේ වැඩිය කැම්පස් නොයන එක තමා හොඳ. මොකද මේ දවස්වල ඔයාගේ බලය ඔයාට තනියෙන් පාලනය කරන්න අමාරුයි. හදිස්සියේ ඔයාගේ එක බලයක් හරි කැම්පස් එකේදි ක්‍රියාත්මක වුනොත් කැම්පස් එකේදිම ඔයාගේ රහස හෙළිවෙයි. හද පායන්න තව මාසයක් තියෙනවා තමයි. ඒත් ඔයා දැන්ම ඉදන් පරිස්සම් වෙන එක තමයි හොඳ. ඔයාට තාම මේ දේවල් එච්චර පුරුදුත් නෑනෙ" නම්ජුන් හියුන්ග් බැරෑරුම් විදියට කිව්වා.🤨🤨🤨

"ආශිට පුළුවන්නෙ ඒ වෙනුවට නිශිගේ නෝට් ටිකත් සම්පූර්ණ කරන්න නේද?" ජින් හියුන්ග් ඇහුවා. අනේ මන්දා ආශිට වැඩ වැඩිවෙනවා මං නිසා.😒😒😒

"ඔව් මං ඒ ටික කරලා දෙන්නම්. සුළු දෙයක්නේ."😊😊 ආශි හිනාවෙලා කිව්වා. මට නම් අවුල් ඉතිං. මං මගේ වැඩ තනියෙන් කරගන්නවා මිසක් කවදාවත් ඒ වැඩ කාටවත් කරන්න දීලා නෑනේ.😑😑😑

ගෙදර ආවට පස්සේ පොඩි සැහැල්ලුවක් දැනුනත් හිතට වද දෙන එක ප්‍රශ්නයක් තිබ්බා. ඒක නිසාම ඒ ප්‍රශ්නෙත් මේ වෙලාවෙම විසදගන්න ඕන නිසා ගෙදර ආපු ගමන් මං අම්මට කෝල් එකක් ගත්තා.

ඔන්න නව වෙනි කොටසත් ඔය විදියට දුන්නා. පලවෙනි කතාව නිසා අඩුපාඩු ඇති. කමක් නෑ. මේ කතාවට ආදරෙයි නම් වෝට් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලට මේ කතාව ගැන මොනවහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මට කමෙන්ට් කරන්න. මං ඒකට අනිවාර්යයෙන් උත්තර දෙන්නම්.😊😊👍

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories