Part 6
17:15, 4 June 2021Nishi's pov
අපි දෙන්නට මේකප් කරන්න ටිකක් වෙලා ගියපු නිසා පාර්ටි එකට යන්න ටිකක් පරක්කු වුණා. කොහෙද ඉතින් මේ ආශිගෙ වැඩේම මේකප් කරන එක. යන ගමනුත් මේකප් කරනවා.
අපි එනකොටත් ගොඩක් කට්ටිය ඇවිත් හිටියා. මුහුදු වෙරලෙ පාටිය තිබ්බෙ. ටේබල් ගොඩක් දාලා තිබ්බ. මැද්දෙ ලොකු ටේබල් එකක ජිමින්ගෙ ලස්සන බර්ත්ඩේ කේක් එක තිබ්බා.
අපි යනකොට හැමෝම එයාලගේ කතාවල් නවත්තලා අපි දිහා බලාගෙන හිටියා. ජිම්නුයි එයාගෙ හියුන්ග්ලයි අපි එනවා දැක්කා. අර ඔන්නිලා දෙන්නත් හිටියා. ඒ දෙන්නත් හරිම ලස්සනයි. හියුන්ග්ලත් ලස්සනට ඇදගෙන ඇවිත් හිටියා.
එතකොටම වගේ ජිමින් අපි ලගට ලස්සන හිනාවක් දාගෙන ආවා. එයා අද හරියට මල් කුමාරයෙක් වගේ. දම් පාට කෝට් එකට එයා හරිම හැන්සම්.
"අනේ ඔය දෙන්නා ආවද?" එයා හිනාවෙලා ඇහුවා. "ඔව් හැපි බර්ත්ඩේ ජිම්න්. මේක මගෙන් ඔයාට." මම එහෙම කියලා මං ගෙනාපු තෑගි ටික ජිමින්ට දුන්නා."ආ මගෙනුත් ඔයාට තියෙනවා තෑගි. මං ගෙනාපු ඒවා මෙයාගෙ ඒවට වඩා වටිනවා හොදේ 😏😏"එහෙම කියලා ආශිත් එයා ගෙනාපු ඒවා දුන්නා."අනේ තැන්කියු. මෙච්චර මොකටද වියදම් කලේ? පොඩි දෙයක් ගන්න තිබ්බනෙ" ජිමින් ඒවා ගන්න ගමන් එහෙම කිව්වා."අපි යාළුවොනෙ ඉතිං. ඒක නෙවේ ඔයා අද හරිම ලස්සනයි ❤️." මම එහෙම කිව්වා. "ඔව් බං උබ අද ඉන්න විදියට ඊලග දවසෙ ඉඳන් කෙල්ලො එයි උබේ පස්සෙන්." ආශිත් මගේ දිහා බලලා කිව්වා."තෑන්ක්ස්. ඔය දෙන්නත් අද හරිම ලස්සනයි." ජිමින් ලැජ්ජාවෙන් වගේ හිනා වෙලා කිව්වා.
"ඔය දෙන්නා මගෙ අම්මයි තාත්තයි දැකලා නෑනෙ ඉන්න මං පෙන්නන්නම්. එයාලත් අද ආවා." එහෙම කියලා ජිමින් අපි දෙන්නවත් ඇදගෙන ටේබල් එකක් ගාවට එක්කගෙන ගියා. එතන අවුරුදු පනහක විතර වයස ජෝඩුවක් හිටියා.
"අම්මේ මේ මං අර කිව්ව කැම්පස් එකේදි හම්බවෙච්ච මගේ යාළුවෝ දෙන්නා." ජිමින් ඒ දෙන්නට කිව්වා. "මේ මගේ අම්මයි තාත්තයි. මේ දෙන්නා ඉන්නෙ බූසාන් වල. අද මගේ උපන්දිනය නිසා තමයි ආවෙ." ජිමින් අපිට ඒ දෙන්නව පෙන්නලා කිව්වා. ඒ දෙන්නත් හරියට ජිමින් වගේමයි. අම්මගෙ මූනම තමා ජිමින්ටත් තියෙන්නේ.
"එහෙනම් ඔයාලා කතා කරන්න. මම බොන්න මොනවා හරි අරගෙන එන්නම්" එහෙම කියලා ජිමින් ගියා.
"ආනේ ඒ ඔයාලද? පුතා ඔය දුවලා දෙන්නා ගැන අපිට කියලා තියෙනවා.දුවලා හරිම හොඳයි. ඔය දුවලා කොහෙද ඉන්නේ?" ජිමින්ගෙ අම්මා ඇහුවා.
"ආන්ටි අපි ලංකාවේ. ශිෂ්‍යත්වයකට තමා අපි මෙහෙට ආවෙ."
"ආ.. ලංකාව ගැන අපි අහලා තියෙනවා. එහෙ ගොඩක් ලස්සනයිලු නේද? අපි දවසක දුවලගෙ රට බලන්න එන්නම්කො ජිමින් එක්කම." එයාගෙ තාත්තා හිනාවෙලා කිව්වා.
ඔහොම අපි ටික වෙලාවක් කතා කර කර හිටියා. අපි ඔන්නිලත් හම්බවෙලා කතා කරා. හොබීගෙ විහිළු කතා ගොඩක් ඇහුවා. ජිමින් සින්දුත් කිව්වා හියුන්ග්ලා කිව්ව නිසා. ඇත්තටම එයාගෙ කටහඩ එයා වගේම හරිම ලස්සනයි. එයා ලස්සනට සින්දු කිව්වා.
දන්නෙම නැතුව රෑත් වුණා. අද හරිම ලස්සනට හද පායලා තිබුනා. ඒක නිසා මුහුදු වෙරලෙත් අද අමුතුම ලස්සනක් තිබ්බා.මං ආශි එක්ක කතා කර කර මුහුද පැත්තට ගියේ ඒ ලස්සන තවත් විදගන්න.
හද අද හොදට පායලා තිබ්බ නිසා අද හැමතැනම පැහැදිලිව පෙනුනා.ටිකක් වෙලා අපි කතා කර කර ඉන්නකොට අමුතු දෙයක් සිද්ධ වුණා.
මමයි ආශි මුහුදු වෙරලෙ ඉදන් කතා කර කර හිටියෙ. අද පාටිය ගැන.ඒත් එකපාරටම මගෙ අතේ තිබ්බ මුද්දෙ දියමන්තිය දිලිසෙන්න ගත්තා. ඒ එක්කම මගෙ ඇගට පන නැති වුනා. කකුල් දෙක නෑ වගේ දැනෙන්න ගත්තා.
ආශි පුදුම වෙලා මං දිහා බලන්න ගත්තා. ඒ එක්කම මුද්දෙ එලිය තව වැඩි වුණා. "නිශී, ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඔයාගෙ ඇස් නිල් පාට වෙලා." ආශි එහෙම කිව්වා. ඒ එක්කම මගෙ පෙනීම නැති වෙලා ගියා.
ටික වෙලාවකින් මට හැමදේම පේන්න ගත්තා. එතකොට මම කාමරේක ඇදක හිටියේ. ආශි මගෙ මූන දිහා බලාගෙන හිටියා.ඒ වගේම ජිමිනුයි,හියුන්ග්ලයි මං ගාව හිටියා.
මං නැගිටලා වටපිට බැලුවා. "නිශි, ඔයාට මොකද වුණේ?" ආශි ඇහුවා.ඒත් මට ඒ වෙලාවේ දේවල් එච්චරටම මතක නෑ."අනේ මන්දා. මගේ ඇඟ පණ නැති වුණා. එච්චරයි මතක." මං කිව්වා.
"හරි ඔයාට දැන් කොහොමද?" නම්ජුන් හියුන්ග් ඇහුවා.
"දැන් නම් මගෙ ඔළුව පොඩ්ඩක් රිදෙනවා."
"ඔයාලා දැන් ගෙදර යන්න. නිශිට මෙහෙම ඉන්න අමාරුයිනේ. ජිමින් ඔයා මගේ කාර් එකෙන් මෙයාලව ගෙදර එක්කගෙන යන්න." නම්ජුන් හියුන්ග් ජිමින්ට කිව්වා.
අපි ඊටපස්සේ ජිමින් එක්ක ගෙදර ආවා. "නිශි, ඔයාට මොනවාහරි ඕනි නම් කියන්න. මං එන්නම්." ජිමින් එහෙම කියාගෙන ගියා. ගෙදර එනකොට හුගක් රෑ වෙලා තිබ්බෙ. ඒක නිසා ඇදුම් මාරුකරගෙන නිදාගන්න හැදුවා.
"මේ නිශි මොකද බං උනේ?" ආශි කාමරයට එන ගමන් ඇහුවා.
"අනේ මන්දා. මට උන දේ නම් මතක නෑ." මං ඔළුව අල්ල අල්ල කිව්වා.
"මේ බං ඔය මුද්දෙ මොකක් හරි බලයක් තියෙනවද? ඕක ඒ වෙලාවේ දිලිසෙන්න ගත්තනෙ." ආශි මගේ මුද්ද දිහා බලාගෙන ඇහුවා.
"නෑ මං දන්නා විදියට මේකෙ එහෙම විශේෂ දෙයක් නෑ. අත්තම්මගෙන් ලැබුණු නිසා දාගෙන ආවෙ විශේෂ දෙයකට තිබ්බෙ මේකෙ දියමන්ති ගල විතරයි මං හිතන්නේ හද එලියට වෙන්න ඇති." මම මුද්ද අල්ලගෙන කිව්වා.
"හම් එහෙමද? දැන් උබට කොහොමද අවුලක් නෑනේ නේද?"
"නෑ ඔළුව පොඩ්ඩක් රිදෙනවා. ඒක නම් පෙනඩෝල් එකක් බිව්වාම හරියයි."
"හරි හරි එහෙනම් නිදා ගන්න. මොනවහරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න හරිද?" ආශි එහෙම කියලා එයාගේ කාමරයට ගියා.
මමත් එහෙම්මම නිදා ගත්තා. ගොඩක් මහන්සි වෙච්ච නිසා මට නින්ද යන්න එච්චර වෙලාවක් ගියේ නෑ.
අද ඕතර්ගෙ හෑල්ලට ලියන්න එච්චර දෙයක් නෑ. මට වෝට් කරලා. කමෙන්ට් කරන්නකො ❤️
There are no comments yet. Log in to be the first to leave a review!





