Part 7
20:02, 7 June 2021Nishi's pov
මට තිබ්බ මහන්සියත් එක්ක හොදට නින්ද ගියත් නින්ද මැද්දේ හිනෙන් කවදාවත් නැතුව මගේ අත්තම්මව පෙනුනා. එයා කිව්වෙ මහා අමුතු කතාවක්.
"පුතේ මට අද හරිම සතුටු දවසක්. මොකද කියනවනම් මෙච්චර කල් මං බලාගෙන හිටපු දේ අද සිද්ධ වෙනවා. ඔයා තමා අපේ ඊලග බලාපොරොත්තුව පුතේ. ඔයා තමා අපේ පරපුරේ ඊලග පුරුක. ඔයා තමා අපේ කුලයේ ඊලග රැජිණ.
පුතේ, ඔයා දන්නේ නැති වුනාට මුළු ලෝකයම හොල්ලන්න පුළුවන් බලයක් ශක්තියක් ඔයාගෙ ඇගේ දැන් තියෙනවා.මං මෙච්චර කල් බලාගෙන හිටියේ ඒ බලය ඔයාගෙ අතට ගන්නකම්. මට ලොකු බලාපොරොත්තුවක් ඒක ගැන තිබුණා, මං ඒක දැක්කා.
පුතේ දැන් ඔයා පරිස්සම් වෙන්න ඕන කාලය ඇවිත්. ඔයා දන්නේ නැති වුනාට ගොඩක් හතුරන් ඉන්නවා ඔයාව මරන්න බලාගෙන. ඒ අයගෙන් ඔයා ආරක්ෂා වෙන්න ඕන. ඒ වගේම ඔයාගෙ සහකාරයා හොයා ගන්න කාලය හරි. එයා ඔයාට හැමදේටම උදව් කරයි. එයා තමා ඔයාගෙ ආරක්ෂකයා වෙන්නෙ.ඔයාගෙ සහකාරයාව හොයා ගන්නකම් ඔයාගේ අතේ තියෙන මුද්ද තියෙනවා ඔයාගෙ ආරක්ෂාවට. ඔයාගෙ සහකාරයාව හොයා ගන්නත් ඒ මුද්ද ඔයාට උදව් කරයි.
පරිස්සම් වෙන්න පුතෙ. මං ඔයාට වෙන හැමදේම බලාගෙන ඉන්නවා. අද මධ්‍යම රාත්‍රියේ ඉදන් ඔයාගේ ඇගෙ තියෙන ඒ ශක්තිය ක්‍රියාත්මක වෙන්න පටන් ගනියි."
එහෙම කියලා අත්තම්මාව පේන්නේ නැති වුනා. ඒ එක්කම මාව හීනෙන් නැගිට්ටුනා.
අම්මෝ මොනවද ඒ අත්තම්මා කියෙව්වෙ? මට බලයක් තියෙනවලු, පරිස්සම් වෙන්නලු කීයද අප්පා වෙලාව දැන්?
දොලහට දහයයි වෙලාව.🤪🤪🤪 අනේ මන්දා බයත් හිතෙනවා. මං එහෙම හිතලා නිදාගත්තා.
ආපහු උදේ පාන්දර නැගිට්ටුනේ මට ඇති වෙච්ච වතුර තිබහ නිසා.නිදිමතේම පහලට ගිහින් ලයිට් එක දාන්න ස්විච් එක ඔන් කරනකොටම ලයිට් එක පිච්චිලා ගියා.
"ආ.. මේ ලයිට් නම් මේ වෙලාවටමනෙ පිච්චෙන්නෙ." මම එහෙම කියලා අමාරුවෙන් ඉටිපන්දමක් හොයාගෙන පත්තු කළා.
එතකොටම මට මතක් වුනේ ඊයෙ ආත්තම්මා කිව්ව දේ. මං එහෙම හිතලා නිකමට වගේ වතුර ටැප් එක ඔන් කරලා ඒකට අත දික් කලා. එතකොට මගෙ අතේ මුද්ද දිලිසෙන්න ගත්තා.එතකොටම මගෙ අත ඉස්සරහට ලොකු වතුර බෝලයක් ටැප් එකෙ වතුරෙන් ඇදිලා ආවේ මාවත් බය කරගෙන. ඒක මං අත හරවන හරවන පැත්තටම යනවා. මොකක් මේකද එතකොට ඊයෙ ආත්තම්මා කිව්ව බලේ? එතකොට අර ලයිට් එක පිච්චුනේ?? මො - මොකක්? මට මොකක්ද මේ වෙලා තියෙන්නේ?🤪😲 ඒ එක්කම මගෙ අතින් අර වතුර බෝලෙ සින්ක් එකට වැටුනා.
බයත් එක්කම මගෙන් ආපු කෑ ගැහිල්ලට ඇහැරුනූ ආශි නිදිමරගාතෙ ආවෙ මොකද කියලා බලන්න.
"මොකද බං මේ මහා පාන්දර නැගිටගෙන කෑ ගහන්නේ. අනික ඇයි මේ කළුවරේ මොකක්ද කරන්නේ." එහෙම කියාගෙන ආශිත් ආවා.
"අනේ ආශි ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා. බලන්නකෝ." මං එහෙම කියලා ආයෙ මගෙ අත් දෙකම දික් කලා. එතකොටත් කලින් වතුර බෝලෙටත් වඩා ලොකු වතුර බෝලයක් මගෙ අත් ඉස්සරහට ආවා. (තේරුම් ගන්න පුළුවන් නේද මං කියන එක? තේරෙන්නේ නැත්නම් මං අර මුලින්ම හැදින්වීමෙදි දාපු වීඩියෝ එක බලන්න. ඒකෙ තියෙන දේම තමා වෙන්නෙ)
ඒක දැකපු ආශිටත් හිතා ගන්න බැරි වුණා.
මං ඊටපස්සේ වතුර බෝලෙ අතහැරලා, ඉස්සරහ තිබ්බ ලයිට් එකට අත දික් කලා. එතකොට ඒ ලයිට් එක පත්තු වෙලා පිපිරිලා පිච්චිලා ගියෙ අපි දෙන්නව තවත් පුදුම කරලා.
ආශි කලන්තෙ නොදැම්ම එක විතරයි නොවුනෙ. එයා මට වඩා පුදුම වෙලා හිටියා.
ටික වෙලාවක් කවුරුත් කතා කලේ නෑ. ආශි මං දිහා බයෙන් බලාගෙන හිටියා.
"අනේ මං මුකුත් දන්නේ නෑ මේ ගැන ආශි 😢" මං එහෙම කියලා එයාව අතින් අල්ලන්න ගියාම එයා බයවෙලා පස්සට ගියා.
"අනේ අශී විශ්වාස කරන්නකො. මං මේ කිසි දෙයක් දන්නේ නෑ. මමත් දැනුයි මේ ගැන දැනගත්තෙ. මට තාමත් හිතාගන්න බෑ මට මොකද මේ වෙන්නේ කියලා. අනේ මට උදව් කරන්න ආශි. අනික මං මොකටද මෙහෙම බලයක් තිබ්බත් ඔයාට ඒ ගැන නොකියා ඉන්නෙ? මට එහෙම කරන්න බෑනෙ. මාව විශ්වාස කරන්න ආශි. අනේ ආශි මට උදව් කරන්න. හොදම යාළුවා විදියට ඔයාට විතරයි මේකට උත්තරයක් දෙන්න පුළුවන්." මටත් දැන් ඇඩෙන්න වගේ 😢😢😢
"හරි. මං මේකට විසඳුමක් කල්පනා කරන්නම්." අශි එහෙම කියලා කල්පනා කරන්න ගත්තා.
ටික වෙලාවක් ගියා. ආශිට මොකක් හරි මතක් වෙලා වගේ.
"හරි මට මතකයි. ඊයෙ අපි පාර්ටි එකට ගියාම ඔන්නිලා දෙන්නගෙ අත් වලත් මේ වගේම මුදු දෙකක් තියෙනවා දැක්කා. හැබැයි ඒ දෙකේම දියමන්ති රතු පාටයි. ඕක එදා අපි මුලින්ම ආපු දවසෙත් ඒ දෙන්නා දාගෙන හිටියා. මං මේක කිව්වේ මොකද මට හිතෙනවා ඔය මුද්දයි, ඔයාගෙ ඔය බලයයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා.🙄🙄"
"අනේ එහෙනම් අපි මේ ගැන ඒ දෙන්නට කියමුද? එතකොට ජිමින්ට මේ ගැන කියන්න ඕන නැද්ද?" මට මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ.
"ඉස්සෙල්ලම අපි මේ ගැන ඔන්නිලට කියලා ඉමු. ඒ දෙන්නාගෙන් අහලා අපි ජිමින්ටත් කියමු මේ ගැන. මොකද එයාලත් අපිව දැන් හොදට දන්නවනේ. මං හිතනවා එයාලත් ඔය ගැන මොනවම හරි දන්නවා ඇති කියලා."
"අනේ එහෙනම් දැන් හරි අපි යමුකො ඩෝර්ම් එකට. පාන්දර උනාට කමක් නෑ. දැන් පහමාරයි නෙ වෙලාව. මං හිතන්නේ එයාලා මේ වෙලාවට ඇහැරිලා ඇති. අපි යමුකො මට මේ ගැන දැනගන්න ඕන."
"හම් හරි. අපි දැන් යමු. හැබැයි ඔයා දැන් වතුර අල්ලන්නෙ නැතුව හිටියොත් හොදයි. මොකද අපි මේ ගැන තාම හරියටම දන්නේ නෑනේ."
අපි ඉක්මනට ලෑස්ති වෙලා ටැක්සියක් අරගෙන ඩෝර්ම් එකට ගියා.අපි එනකොට දොර ඇරියෙ නම්ජුන් හියුන්ග්.
"ආ.. මොකද මේ දෙන්නා උදේ පාන්දරම? ජිමින්ව හම්බවෙන්නද ආවෙ? එයානම් නෑ. අද නිවාඩු දවසක් නිසා එයා අම්මයි තාත්තයි ඇරලවන්න ගියා. එන්නකො දෙන්නා ඇතුලට. "
"නෑ නෑ අපි ජිමින්ව හම්බවෙන්න නෙවේ ආවෙ. ඔන්නිලා පොඩ්ඩක් හම්බවෙන්න ආවෙ. "
"ආ.. ඒ මොකටද?"
"නෑ මේ අපිට කෑමක් හදන හැටි දැනගන්න ඕන වෙලා ආවෙ. මගෙ යාළුවෙක්ට දැනගන්න ඕනලු. එයාගෙ තාත්තාගෙ උපන්දිනේට හදන්න ඕන කියලා. කෝ එයාලා නැගිටලද දන්නෙ නෑ." මං උත්තරයක් දෙන්න යද්දිම ආශි පැනලා කිව්වා. වාහ්. මේකිට නම් මාර මොළයක් තියෙන්නේ බොරු ගොතන්න නම්.
"ආ ඒ දෙන්නා නම් කිචන් එකේ ඉන්නවා. මාත් මේ එක්සසයිස් කරන්න කියලා යන්න හැදුවෙ. ඔයාලා ගිහින් කතා කරන්නකො එහෙනම්." හියුන්ග් එහෙම කියලා එලියට ගියා.
අපිත් කිචන් එකට යනකොට ඒ දෙන්නා කෑම උය උය හිටියා.
"ආ ඔය දෙන්නත් ආවද? කොහොමද නිශි දැන් ඔයාට නම්ජුන් කිව්වා ඔයාට ඊයෙ පාටි එකේදි අසනීප උනා කියල." යේසු ඔන්නි ඇහුවා.
"ආ.. ඒකනම් හොදයි ඔන්නි. අපි මේ ඔන්නිලගෙන් කාරණයක් දැනගන්න ආවෙ. හැබැයි ඒක කාටවත් කියන්න එපා." මං කිව්වා
"එහෙනම් මෙතනින් ඉදගන්නකො." යේසු ඔන්නි එහෙම කිව්වෙ මං ඒක බරපතල විදිහට කිව්ව නිසාද මන්දා.
"ගොඩක් අයගෙ කට හඩවල් ඇහුන නිසා මං ආවේ. බලනකොට ඔය දෙන්නනෙ ඇවිත් ඉන්නෙ." එහෙම කියාගෙන ජිනි ඔන්නිත් ඇවිත් ඉදගත්තා.
"මෙයාලට අපෙන් මොනවදෝ දැනගන්න තියෙනවලු ඒක නිසාලු ආවෙ. මොනවද කියන්නකො දැන් ඔයාලට දැනගන්න තියෙන්නේ?"යේසු ඔන්නි හිනාවෙලා ඇහුවා.
ඔන්න හත්වෙනි කොටස. ඊලග කොටසෙදි හැදින්වීමෙදී මග හැරුනු කොටස් ඔයාලට දැනගන්න ලැබෙයි. කතාවෙ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්නකො ඒ ගැන ❤️❤️
There are no comments yet. Log in to be the first to leave a review!





