Fanfics

Part 5

07:06, 24 July 2021

Nishi's pov

ඔන්න ඉතින් ජිමින්ගෙ උපන්දිනෙ ලං වුනා. අනිද්දා තමා එයාගේ උපන්දිනෙ තියෙන්නේ. මායි ආශි කතා කර කර හිටියෙ මොනවද එයාට දෙන්නෙ කියලා.

"මොනවම හරි ලොකු දෙයක් තමා දෙන්න වෙන්නේ. එදාට පාටියකුත් තියෙනවා. අපි දෙන්නට යන්න වෙයි." ආශි කිව්වා

"හම් ඔව් අනිද්දා නෙ. ඉක්මනට මොනවහරි ලෑස්ති කරගන්න වෙයි."

"මේ අපිට බැරිද එදාට මල් පොකුරකුයි💐, චොක්ලට් එකකුයි🍫 දෙන්න. වැඩි වියදමක් යන්නෙත් නෑනෙ. ඕනෙනම් මල් පොකුරක් රුපියල් සීයක් වගේ වෙයි.😁😉"ඔන්න කිව්වා ගොන් කතාවක්. මේකිගෙ ඔළුවෙ මොනවා තියෙනවද මන්දා. කවුද යකෝ උපන්දිනේකට මල් පොකුරුයි චොක්ලටුයි දෙන්නෙ? ජිමින් අපිව ගහල පන්නයි මේකි කියන විදිහට තෑගි දුන්නොත්.

"ඇයි මල් පොකුරු දෙන්න ප්‍රපෝසල් කරන්න යනවා කියලද හිතන් ඉන්නේ? ඇයි බං දෙයියොන්ට උබට මොලයක් දෙන්න බැරි වුනේ අනිත් ඔක්කොම දේවල් දීලා?. හොදම යාළුවො විදියට අපි මොකක් හරි හොද තෑග්ගක් දෙන්න එපැයි. එයාට වටින තෑග්ගක්. උබට ඕන නම් දීපන්. " මං කිව්වා.

"හරි හරි බං ඒක නෙවේ. අපිට පාටියට හොද ඇදුමක් ඇදගෙන යන්න වෙයි."

"ඒක තමා. අපිට එහෙම පාර්ටි වලට අදින ඒවා නෑනේ."😐😐😐

"මේ හෙට නිවාඩු දවස එකේ ෂොපින් මෝල් එක පැත්තෙ රවුමක් දාලාඅපිට ඕන බඩු ටික ගමු. එතකොට අපිට පුළුවන් නේ ජිමින්ටත් හොද තෑග්ගක් බලන්න."😁👍 ආශි එහෙම කිව්වා.

"ඔව් එහෙම කරමු "👍👍👍 කියලා මමත් කිව්වා.

Another Day,

අපි ෂොපින් මෝල් එකට ගිහින් ඉස්සෙල්ලාම හොද ඇදුමක් තෝරන්න ගත්තා පස්සෙ ජිමින්ට තෑග්ගක් ගන්නවා කියලා. මොකද ඇදුම් තෝරනවට වඩා ඒ වැඩේ අමාරු නිසා.

අපි හිතුවට වඩා ගොඩක් ලස්සන ඇදුම් ඒකෙ තිබ්බා. එකක් කියලා හොයන්න අමාරුයි. ඔක්කොම ගන්න හිතෙනවා. ඒ තරමටම ලස්සන ඇදුම් තිබ්බා.

පාර්ටි එකකට යන නිසා අපි ගවුම් තමා තේරුවේ. ඇත්තටම කිව්වොත් අපි නෙවෙ ආශි. එයා ඇදුම් ගැන සියල්ල දත් නෙ. මට කිසිම දැනුමක් නෑ ඇදුම් තෝරන එක ගැන. එයා නිසා මට පස් පාරකට වඩා ඇදුම් මාරු කර කර බලන්න වුණා.

"උබට ගැලපෙන්නේ නිල් පාට එකක්. හිටහං උබට ටක්කෙටම ගැලපෙන ගවුම තෝරලා දෙන්නම්" කිය කිය පැය ගානක් තේරුවා. අන්තිමට ලස්සනම ලස්සන නිල් පාට ගවුමක් තෝරලා දුන්නා. ඇත්තටම ආශිගේ චොයිස් මරු හොදේ. මං ඒක මූනට කියන්නේ නෑ. එහෙම කිව්වොත් මට තමා නෝන්ඩි වෙන්න වෙන්නේ.

"ආශි ඒත් මේක ඉස්සරහ කොටයිනේ. කැත වෙයි අදිනකොට."

"අයියෝ බං පිස්සු කියවන්න එපා බං. උබ දැන් කොට ඒවත් අදින්න පුරුදු වෙයං. මෙහෙ මදුරුවො නෑ බං කකුල් කන්න. ඒක නිසා කොට එකක් ඇන්දට කමක් නෑ. අනික උබ තමා පාර්ටි එකේ ලස්සනටම ඉන්නේ හරිද?" ආශි එහෙම කියලා හිනා වුණා. එයත් ලස්සනම රෝස පාට ගවුමක් ගත්තා.

අන්තිමට ගියෙ දෙන තෑගි මොනවද කියලා බලන්න. කොහොමහරි මම ලස්සන ඔරලෝසුවකූයි, ලස්සන පෙන්ඩන්ට් එකකුයි, උපන්දින කාඩ් එකකුයි ගත්තා. ආශිත් සුවද පර්ෆියුම් එකකුයි, බ්ලේස්ලට් එකකුත් අරගෙන තිබ්බා.

මෝල් එකෙන් එලියට එනකොට අපෙ අතේ බඩු ගොඩක් තිබ්බා.ඇදුම්, මේකප් බඩු ගොඩක් ජාති තිබ්බා.

ගෙදර ඇවිත් අපි ආපහු ඇදුම් ඇද ඇද ලස්සන බැලුවා. එතකොටම ජිමින්ගෙන් කෝල් එකක් ආශිට ආවා.

"හෙට පාටියට එනවද කියලා අහන්න අරගෙන තියෙන්නේ. බීච් එකේලු පාර්ටි එක හවස පහට තියෙන්නේ." කෝල් එක කට් කරලා ආශි කිව්වා.

"එහෙනම් ගොඩක් අය එයි නේද?"

"හම් ඔව්. හැමෝගෙම යාළුවො එයි."

"එහෙනම් අපිට හෙට කැම්පස් ගිහින් යන්න පුළුවන් නෙ නේද?"

"ඔව් කැම්පස් ගිහින් ගෙදර ඇවිත් යමු." ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා කාලා ඉක්මනට අපි නිදා ගත්තා.

@the next evening,

අපි කැම්පස් ගිහින් එනකොට ටිකක් පරක්කු වුනා. ඊටපස්සේ කාලා ඇදුම් ඇදගෙන ලෑස්ති වුණා. මට මේකප් කරන්න තේරෙන්නේ නැති නිසා ආශි මගෙ මේකප් එක දැම්මා. මේකප් එක දැම්මට පස්සේ මේ ඉන්නේ මංද කියලා හිතාගන්න බැරි වුණා. මොකද මං කවදාවත් මෙහෙම ලස්සනට පාර්ටි එකකට ගිහින් නැති නිසා.

"අඩෝ මේ උබමද බං ඉන්නේ? පට්ට ලස්සනයි ඕයි. මං කවදාවත් උබ ඔය විදියට ඉන්නවා දැකලා නෑ. ඔන්න බලහං උබේ වෙඩිම දවසටත් මං තමා උබව මේකප් කරන්නෙ." ආශිටත් හිතාගන්න බැරි වුණා.එයත් අද ගොඩක් ලස්සනට රෝස පාට ගවුමට හිටියා.

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories