Fanfics

Part 4

15:39, 2 June 2021

Nishi's pov

මෙහෙම සති දෙකක් විතර ගියා. එක දවසක් ආශි උදේ පාන්දර නැගිටලා මට කරදර කරන්න ගත්තා. එදා කැම්පස් එකේ නිවාඩු දවසක්. ඒක නිසා මං හොදට නිදාගන්න හිටියේ. මේ පිස්සු හෝන්තුවත් එක්ක බෑනෙ.😒😒😒

"අනේ නිශියෝ නැගිටිනවකො. නිවාඩු දවසෙත් නිදාගෙන ඉන්නෙ?"

"අනේ මොකද අප්පා මං ඊයෙ රෑ නිදාගන්නකොට පරක්කු වුනා. අදවත් හරියට නිදාගන්න දෙනවකො" ඇදේ අනික් පැත්තට හැරෙන ගමන් මං එහෙම කිව්වා.

"අනේ අද නිවාඩු දවස එකේ ටවුන් එකේ පොඩි ෂොපින් පාරක් දාලා එමුකො. "

"පොඩි??? හොද පොඩි.. මං දන්නවා නෙ ඔයාගෙ පොඩිකම. ඔයා පොඩිකම ටවුන් එකේ ෂොපින් මෝල් දැක්ක ගමන් ලොකු වෙනවා 😏😏" මාත් ඉතිං ආශිගෙ හැටි දන්න නිසා එහෙම කිව්වා.

"හරි හරි අනේ. මොකක්ද අයියෝ ඔයා කියන්නේ ඔයා වගේ මෙහෙත් ගෙදරට වෙලා ඉන්න කියලද? අනෙ මට නම් එහෙම බෑ. බලන්න මෙහෙ කොච්චර ලස්සනද කියලා ඇවිල්ලා මාසයකුත් වෙනවා ඔයා කියන්න පුළුවන් නම් කැම්පස් එක ඇර මෙහෙ අපි ගියපු තව තැනක්? එහෙම කියලා එකක් නෑනෙ. මාසයක් ගිහිල්ලත් හරියට අපෙ වටේ තියෙන ලස්සන බලාගන්න බැරි වුණා. අනෙ මට නම් බෑ ඔයාගෙ අම්මා කියනවා වගේ ගෙදරට වෙලා ඉන්න. ඇයි මෙච්චර ලස්සන දේවල් තියෙද්දී ඒවා නොබලා ඉන්න එක මෝඩකමක් නෙමේද? අනික දැන් ඔයත් මේවට පුරුදු වෙන්න ඕන. මට නම් බෑ ඔයාව ඔය අම්මා කියන විදියට ආරක්ෂා කරන්න. ඇයි උබව මගෙ ඉස්සරහපිට කවුරුහරි ඇවිත් උස්සන් යයි වගේ නෙ කියන්නේ. උබලගෙ අම්මට පිස්සු. එයා මෙහෙ ගැන දන්නේ නෑ. එයා මෙහෙත් ලංකාව වගේ කියලද කොහෙද හිතන් ඉන්නේ 😒..."

ආශි එක දිගටම කියවගෙන යනවා. එයා කියන කතාවත් හරි. හැමදාම මට අම්මා කියන විදියට ඉන්න බෑනේ. අද නම් ආශිගෙන් බෑ නොකියන්න අහගන්න වෙන්නේ අම්මා නිසා. එයාටත් අම්මා කියන දේවල් අහන් ඉදලා ඇති වෙලාද කොහෙද. ඇයි ඉතිං හැමදාම උදේ පාන්දර ආශිට කෝල් කරලා එකම දේමනෙ කියන්නෙ 😒😒

"හරි හරි යං එහෙනම් මටත් බඩු වගයක් ගන්න තියෙනවා." මම එහෙම කිව්වෙ මේකිගේ කියවිල්ල නවතින පාටක් නැති හින්දා.

"හරිනේ එහෙනම් ලොකු දෙයක් තේරුම් ගත්ත එක. අනික උබව පරිස්සම් කරන්න පොඩි එකෙක් නෙවේනෙ. එහෙනම් ඉක්මනටම ලෑස්ති වෙන්න. අපි අද පට්ටම ශොපින් පාරක් දාලා එමු."ආශි කිව්ව විදිහට නම් මගෙ අද සල්ලි ඔක්කොම ඉවර වෙයි වගේ කෝකටත් මගදී බැංකුවෙන් ගන්න එක හොදයි.

"ඒක නෙවේ. අද ජිමින් එන්නෙ නැද්ද? වෙනදට අපිත් එක්ක හැම මගුලටම එන කෙනානෙ." මං යනගමන් එහෙම ඇහුවෙ ආශි මට විහිළු කරයි කියල හිතල.

"ආ එයාද? එයාට අද වැඩ වගයක් තියෙනවලු කැම්පස් එකේ. හවසට කොහොම හරි මීට් වෙන්න බලන්නම් කියලා කිව්වා."

ගෙදර ඉදන් ටවුන් එකට අපිට වැඩි දුරක් තිබ්බේ නැති නිසා අපි පයින්ම ටවුන් එකට ආවා. බැංකුවෙන් සල්ලිත් අරගෙන ටවුන් එකේ ලොකුම ෂොපින් මෝල් එකට ගියා. එතන ගොඩක් දේවල් තිබ්බා. කෑමද,ඇදුම්ද හැම දේම. ඒ බිල්ඩින් එක හුගක් උසයි🏢🏢🏢. තට්ටු ගොඩක් ඒකෙ තිබ්බා. හරියට කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වගේ. ඒ හැම තට්ටුවකම වගේ ඇදුම්, කෑම, රූපලාවන්‍ය බඩු එහෙම තිබ්බා.

ආශිත් ආපු වෙලේ ඉඳන් හැම බඩුවක්ම වගේ අරගෙන බලනවා. හරියට ඒකිට සල්ලි තියෙනවා වගේ. මමත් මට ඕන ඇදුම් කෑම ගත්තා.

කොහොම හරි අපි වටේම ගිහින් ඇවිදලා එනකොට ටිකක් හවස් වෙලා තිබ්බ. මට ආශිව මෝල් එකෙන් එලියට ගන්න බැරුව හිටියේ. ආපු වෙලේ ඉඳන් අරක ගමු මේක ගමු කිය කිය වටේ තියෙන හැම එකක්ම ගන්න හදනවා. එලියට ආවාට පස්සේ ආශිට කෝල් එකක් ආවා. 

"කවුද කතා කලේ?" කෝල් එක කට් කරාට පස්සේ මං ආශිගෙන් ඇහුවා.

"ජිමින් කතා කලෙ. එයාට කාටද මන්දා අපිව මුනගස්වන්න ඕන කිව්වා.  මං කිව්වා අපි ශොපින් මෝල් එක ඉස්සරහ ඉන්නෙ ඉක්මනට එන්න කියලා. "

"කවුද දන්නේ නෑ නේද?"

"දන්නේ නෑ කවුද කියල කිව්වෙ නෑ කවුරුහරි එයාගෙ යාලුවෙක් වෙන්න ඇති"

එහෙම කියලා අපි දෙන්නා එයා එනකම් බලාගෙන හිටියා.

ටික වෙලාවකින් කාර් එකකින් ජිමින් ආවා🚗🚗🚗. පට්ට කාර් එකක් ඒක. මං හිතුවේ නෑ ජිමින්ට මෙච්චර ලොකු කාර් එකක් තියෙනවා කියලා. එයා ඇවිත් අපී ඉස්සරහ නැවැත්තුවා. අපි කාර් එකේ පිටිපස්සේ ඉදගත්තා.ඇත්තටම ඒකෙ ඇතුලෙ මාර සනීපයි. ඒසී එහෙම තිබ්බා හොදට.

"ඒ ජිමින් කාගෙද අප්පා මේ කාර් එක. උබේ තාත්තා ජනාධිපති ද මෙහෙ? මාර කාර් එක ඕයී." නැග්ග ගමන් ආශි එහෙම ඇහුවා. මටත් දැනගන්න ඕන වෙලා තිබුනේ ඒ ගැන.

"ආ මේකද? මේක මගෙ නම් නෙමේ මගෙ හියුන්ග් කෙනෙක්ගෙ නම්ජූන් කියලා. එයාව තමා අපි හම්බවෙන්න යන්නේ. එයයි තව හියුන්ග්ලා කීප දෙනෙක් ඉන්නවා. එයාලා හැමෝම මගෙ යාළුවො. මං එයාලට ඔයා ගැන කිව්වා. එයාලට ඔයාලව හම්බවෙන්න ඕනෙ කිව්ව ඒක නිසා තමයි එක්ක යන්නෙ." ජිමින් කිව්වා.

"ආ එහෙමද එයා මොනවද කරන්නේ? "මං එයාලා ගැන දැනගන්න ආසාවට ඇහුවා.

"නම්ජුන් හියුන්ග් මියුසික් කරන්න ආස නිසා එයා ස්ටුඩියෝ එකක් කරනවා. අනිත් අය එයාට උදව් කරනවා. එයාලට සින්දු කියන්න පුළුවන් ඒකයි. මමත් උදව් කරනවා. ඒත් මට කැම්පස් නිසා අනිත් අය තරම්ම ඒ ගැන බලන්න වෙන්නේ නෑ." ජිමින් කිව්වා.

"ආනෙ ඒ කියන්නේ ඔයාටත් සින්දු කියන්න පුළුවන්ද? 😀😀😀අපිට ඒ ගැන කිව්වෙවත් නෑනෙ" ආශි ඇහුවා.

"ඔව් මටත් ටිකක් පුළුවන් සින්දු කියන්න. 😁😁"ජිමින් ලැජ්ජාවෙන් වගේ කිව්වා. මෙයාටත් සින්දු කියන්න පුළුවන් ඇති. නැත්නම් ඒ වගේ අය යාළුවො වෙන්නෙ නෑනෙ.

"මරුනෙ. අපි ගිහින්ම එයාලව හම්බවෙමුකො. මං හරි ආසයි ඔයාගෙ හියුන්ග්ලව බලන්න. ඒ වගේම අද අපිට ජිමිනාගෙ සින්දුවකුත් අහන්න පුළුවන් වෙයි.😏😏😏" ආශි කින්ඩියට හිනාවක් දාලා එහෙම කිව්වා. ජිමිනුත් හිනාවුණා.

අපි ආවේ ටිකක් ලොකු ගෙදරකට. ඇතුලට ගියාට පස්සේ කොල්ලො හය දෙනෙකුයි, කෙල්ලො දෙන්නෙකුයි අපි දෙන්නා දිහා බලාගෙන හිටියා.

"මේ ඉන්නේ මගේ යාළුවෝ ටික". ජිමින් එහෙම කියාගෙන ආවා

"මේ ඉන්නෙ මං අර කිව්ව මගේ කැම්පස් එකේ හම්බවෙච්ච යාළුවො දෙන්නා. නිශියි, ආශියි" මේ දෙන්නා ලංකාවේ."ර්‍"ආනේ ඒ ඔයදෙන්නද? හදුනාගැනීම සතුටක් "කියලා උස කොල්ලෙක් ලගට ඇවිත් මට අතට අත දුන්නා.

"මම නම්ජූන්. ඒ කොල්ලා කිව්වා". ආ එතකොට මෙයාද අර ජිමින් කිව්වෙ. හරිම හැන්ඩියෙක් ජිමින් වගේ.

"ආ හායි. මම නිශි. හදුනාගැනීම සතුටක්." මමත් හිනාවෙලා කිව්වා. එයා ආශි ලගටත් ගිහිං අතට අත දුන්නා.

"අනේ ඔයාද නම්ජූන්? හරිම සතුටුයි" කියලා එකපාරටම ආශි නම්ජූන්ව බදාගත්තා. අදත් ගම කයි වගේ.

"මේ තමා හොබී මෙයා නම් අශී ඔයාටම ගැලපෙන කෙනා" කියලා ටිකක් උස කොල්ලෙක්ව පෙන්නුවා. අශි වගේ කියන්නෙ විහිළුකාරයෙක් වෙන්න ඇති මෙයත්. එයත් ආශිටයි මටයි අතට අත දුන්නා. ආශිනම් එයත් එක්ක ටිකක් හිනා වෙවී කතා කර කර හිටියෙ. ජිමින් කිව්වා වගේ හරියනම කෙනා තමා හම්බ වෙලා තියෙන්නේ.

"හායි මම කිම් තේයන්ග්. Nice to meet you" කියලා තව ලස්සන කොල්ලෙක් ඇවිත් හිනාවෙලා මට අතට අත දුන්නා. එයා නම් මාර හැන්ඩි. එයාගෙ ඇස් දුඹුරු පාටයි. එයාට තියෙන්නේ ලස්සන බොක්සි හිනාවක්.

"හායි මම නිශි. අර මගෙ යාළුවා ආශි." මමත් එයාට හිනාවුණා.

"මට ජිමින් ඔයාලා දෙන්නා ගැන මට කියලා තියෙනවා. ඔයාලා දෙන්නා හරිම වෙනස් දෙන්නෙක්ලු. ඔයා හරි අහිංසක කෙනෙක්ලු. අර ආශි නම් හැමවෙලේම පිස්සු වැඩමලු කරන්නේ." එයා හිනාවෙවී කිව්වා.

"ඔව් ඒ ආශිගෙ හැටි. මම නම් එච්චර සෝශලි කෙනෙක් නෙවේ ඒකයි."මමත් කිව්වා.

"ඔව් ඔය දෙන්නගෙ පෙනුමෙන් පේනවා ඔය දෙන්නා හරි හොදයි කියලා." එයත් කිව්වා.

"ඒක නෙවේ ඔයාලා ස්ටුඩියෝ එකක් කරනවලු නේද?" මටත් එයාලගෙ වැඩි විස්තර දැනගන්න ඕන නිසා එයාගෙන් ඇහුවා.

"ඔව් නම්ජුන් හියුන්ග් තමා වැඩේ පටන් ගත්තෙ. අපි පස්සෙ තමා එකතු වුනේ. "

"නම්ජුන් හියුන්ග් කියන්නෙ එයා වැඩිමල්ද?"

"ඔව් අතන අර උස කෙට්ටු කෙනෙක් ඉන්නෙ? එයා තමා අපෙන් වැඩිමල්ම කෙනා. එයාගෙ නම තමා ජින්." තේයන්ග් එහෙම කියලා උස කොල්ලෙක්ව පෙන්නුවා එයා ජිමින් එක්ක කතා කර කර හිටියෙ.

"ඊට පස්සේ වැඩිමල්ම කෙනා තමා නම්ජූන් කියන්නෙ. ඊට පස්සේ හොබීයි,අතන ඉන්න කෙනයි තමා වැඩිමල්. එයා සුගා." එහෙම කියලා සෙටිය උඩ නිදිකිරා වැටෙන කොල්ලෙකව පෙන්නුවා එයා හරියට පූසෙක් වගේ.

"ආ.. ඇයි එයා නිදාගෙන ඉන්නෙ?"

"එයාගෙ හැටි එහෙම තමයි. එයා හැම වෙලේම කරන්නේ නිදාගන්න එක. අපිත් එයාට කරදර කරන්නෙ නෑ නැත්නම් එයාගෙන් බැනුම් අහන්න වෙන්නෙ නින්ද කැඩුවා කියලා."

"එතකොට ඔයාගෙ වයස?"

"මමයි ජිමිනුයි එකම වයසෙ. මං තාම කොලේජ් එකේ සටඩි කරනවා."

"එතකොට අර කවුද?" මං එහෙම ඇහුවේ හාවෙක් වගේ කියුට් මූණක් තියෙන ලස්සන කොල්ලව පෙන්නලා.

"ආ එයාද? එයා ජන්ග්කුක්. එයත් මගේ කොලේජ් එකේ එකට ඉගෙන ගන්නවා. එයා තමා බාලම කෙනා. එයා මට වඩා අවුරුදු දෙකක් බාලයි." තේයන්ග් කිව්වා. ඒ එක්කම ඒ කොල්ලා මේ පැත්තට එන්න ගත්තා.

"හරි මං ඔයාගේ අනිත් ෆනී යාළුවාවත් හම්බ වෙලා එන්නම්කො." තේයන්ග් එහෙම කියලා ගියා.

"හායි මං ජන්ග්කුක්." එහෙම කියලා අර හා කොල්ලා හිනාවෙලා අතට අත දුන්නා.

"මං නිශි. හදුනාගැනීම සතුටක්."

"ජිමින් හියුන්ග් කියලා තියෙනවා.මට හරිම පුදුමයි ඔයාලා දෙන්නා ගැන. එයා කෙල්ලොන්ට කැමතිත් නැති කොට ඔය දෙන්නත් එක්ක කොහොම යාළු උනාද මන්දා."

"මගෙ යාළුවා අශිට තමා එයාව මුලින්ම හම්බවුනේ. දැන් අපි හොඳ යාළුවෝ." මම ජන්ග්කුක් ට කිව්වා.

"යා.. ජන්ග්කුකා.. ඉස්කෝලෙ කෙල්ලො මදිවට මේ කෙල්ලවත් අල්ල ගන්න හදනවද? යනවා ගිහිං අර හොද්ද හැදි ගානවා." එහෙම කියලා අර උස කෙට්ටු කොල්ලා අර හිටිපු කෙල්ලෝ දෙන්නත් එක්ක ආවා. මොකක් හොද්ද? මෙයාලා උයනවද? අම්මෝ මෙයාලා අපිට වඩා හොදයි එහෙම බලද්දී.

"හරි මං යන්නම්. නැත්නම් මට බේරෙන්න බැරිවෙයි". ජන්ග්කුක් එහෙම කියලා දුවගෙන ගියා.

"හායි මම ජින්. හමුවීම සතුටක්. මේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ජීනී. එතකොට මේ නම්ජූන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් යේසු." එහෙම කියලා එයාගෙ දෙපැත්තේ හිටපු ලස්සන ගැහැනු ළමයි දෙන්නා මට අදුන්වලා දුන්නා.

"හායි ජින් හියුන්ග්, හායි ජිනි ඔන්නි හායි යේසු ඔන්නි. මම නිශි. අර මගේ යාළුවා ආශි". මං එයාලට අතට අත දුන්නා. එයාලා හරිම ලස්සනයි.

"හායි නිශි. හදුනාගැනීම සතුටක්". එයාලත් හිනාවෙලා අතට අත දුන්නා."ජිමින් අපිට ඔයා ගැන කියලා තියෙනවා. ඔයාලගෙ මූනෙන් මට පේනවා ඔයා හරිම ලස්සන හොද ගැහැණු ළමයෙක් කියලා". යේසු ඔන්නි හිනාවෙලා මට කිව්වා.

"හී 😁 thanks ඔන්නි. ඒක නෙවේ ඇයි ජන්ග්කුක් ව යැව්වෙ? "මං ජින්ගෙන් ඇහුවා.

"ආ එයාගේ පස්සෙන් කොලේජ් එකේ කෙල්ලෝ එනවා. මොකද එයාගේ තාත්තා පොහොසත් ව්‍යාපාරිකයෙක්. ඒක නිසා මෙයා කොලේජ් එකේ ප්‍රසිද්ධ කෙනෙක්. අපි එයාගෙ පස්සෙ කෙල්ලො එනවා කියලා විහිළු කරනවා. එතකොට එයාට කියලා ඕන වැඩක් කරගන්න පුළුවන්. "ජින් හිනාවෙවී කිව්වා.

ඔහොම අපි ගොඩක් වෙලා එයාලත් එක්ක කතා කර කර හිටියා. එයාලා හරිම හොඳ අය. හොබීගෙයි ආශිගෙයි විහිළු එකතු උනාම කිරියි පැණියි වගේ. ඒ වගේම ජින් හියුන්ග් ගෙ කෑම හරිම රසයි. අපිට එයාලත් එක්ක ඉද්දී වෙලාව යනවා තේරුනේ නෑ.

කොහොමහරි ටික කාලයක් යද්දී එයාලාත් අපේ හොඳම යාළුවො උනා.  කැම්පස් ඇරිලා හැමදාම වගේ එයාලගේ ඩෝර්ම් එකට අපි ගියා. අපිට ඒක නිසා පාළුවක් තනිකමක් දැනුනෙම නෑ.

මේ ඉන්නේ නම්ජූන් හියුන්ග්

මේ ඉන්නේ ජින් හියුන්ග්

මේ ඉන්නේ සුගා හියුන්ග්

මේ ඉන්නේ හොබී හියුන්ග්

මේ ඉන්නේ කිම් තේයන්ග්. එයා කියුට් නෙහ්?😁

මේ ඉන්නේ ජන්ග්කුක්

මේ ඉන්නේ යේසු ඔන්නි. නම්ජුන් හියුන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්

මේ ඉන්නේ ජිනී ඔන්නි. ජින් හියුන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්.

ඔන්න 4වෙනි කොටසත් දුන්නා. අඩුපාඩු තියේ නම් කියන්න හොඳේ 😁වෝට් කරන්න අමතක කරන්න එපා.

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories