Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟷𝟶

14:48, 29 September 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ¹⁰' ගල් පණුවා '

2k views වලට ගොඩක් ඉස්කෝතුයි..

"තවුසේ.... තවුසෙ හාවා කිව්වෙ මටද.. "

මම කිව්වෙ ඇඳෙන් පැනලා වගේ. මට මේ ලෝකෙ පේන්නම බැරි දේ තමයි මට හාවෙක් වගේ කියන එක. ඇත්ත. මට තියෙන්නේ හාවෙක් ගෙ වගේ දත් දෙකක් තමයි. ඒත් ඒක එකා ඒක නිසා මට බඤී බඤී ගානකොට ඒ ඉන්න එකාගෙ දත් දෙක බඩට යවන්න තරම් මට කේන්තියක් එනවා.

"නැත්තම් මෙතන වෙන කවුරුවත් නෑනේ නේද..."

"තවුසේ.... ඔට්ටපාලු හිපාටුවා. "

ඊළඟට ඇත්තටම මොනවා උනාද කියන්න මමවත් දන්නෙ නෑ. Cudu mahaththaya හිටියෙ ඇඳ උඩ. මම හිටියෙ එයාගෙ බඩ උඩ. මම ඇදලම cudu mahaththaya ගෙ ශර්ට් එකේ බට්න්ස් ටික කැඩිලා ඒක දෙපැත්තට වෙලා තිබුණා. ඒ මදිවට මගේ කොණ්ඩෙට කරන්ට් වැදිලා වගේ. හම්නේ... හරියට අපි දෙන්නා රෙස්ලින් මැච් එකක ජෝන් සීනායි රැන්ඩි ඕටනුයි රින්ග් එකට බැහැලා වගේ. ඒ උනාට මට උන් දෙන්නම පේන්න බෑ.

"ස්.. සමා...වෙන්න "

එකපාරටම දොර පැත්තෙන් සද්දයක් ඇහෙනකොට මම දැක්කෙ එතන ඉන්න අලුතින් ආව මේඩ් කෙනෙක්. ඒකි ඇස් දෙක කටේ දාගෙන වගේ බලාගෙන ඉන්නකොට තමයි මට තේරුණේ cudu mahaththayaයි මමයි ඉන්නෙ මොන වගේ පොසිෂන් එකකද කියලා. ඒක හරියට නිකන් අපි අරක කරන්න හදනවා වගේනේ. ඒ කෙල්ල දොර වහගෙන යන්න ගියා. මම කලබලෙන් එයාගෙ ඇඟෙන් අයින් වෙන්න හදනකොටම කකුල් පැටලිලා බිමට ඇදගෙන වැටුණේ මගේ පශ්චාත් බාගෙ රොටියක් වගේ සමතලා වෙනකොට. කොන්දත් ඇනුනද මන්දා....

"ඕක හරියට ගානවකෝ අප්පා..."

මම කිව්වෙ මගේ කොන්දේ ජෙල් එකක් ගාන cudu mahaththaya ට. එයාගෙ දිග ඇඟිලි මගේ කොන්ද දිගේ ලතාවට එහාට මෙහාට යනකොට කොන්දෙ කැක්කුම පැත්තකට දාලා බැල්කනියෙන් පැනලා මැරෙන්න හිතුනා. ඇයි අෆ්ෆා ටූත්ලස් කොන්ද උඩ ඇවිද්දත් මීට වඩා හයියෙන් ඇවිදියි.

"හරියට තමයි ගාන්නෙ..."

"යැයි යැයි තමා.. ඇත්තටම තවුසෙ හරියට ඕක ගෑවේ නැත්තම් මම අර ආව කෙල්ලට කියලා ඕක ගා ගන්නවා.. "

මම කියනකොට මට මගේ පිට උඩ තිබුණ එයාගෙ ඇඟිලි තද වෙනවා දැනුනා. ඊළඟට මට කෙඳිරි ගෑවෙන්නම එයා තදින් අතුල්ලන්න ගත්තෙ මට දවල් තරු ඔවුන් වටේට පේනකොට. මේ මනුස්සයා මොන තරහක් මගෙන් පිරිමහනවද මන්දා...

"ඒ කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්නවා... "

ආ... ඒකයි එහෙනම් මේ. ඒවා හරියන්නෙ නෑ cudu mahaththaya මාත් එක්ක. අර පොටෝ එකේ ඉම්න අක්කට අසාධාරණයක් වෙන්න මම ඉඩ දෙන්නෑ... අපි බලමුකෝ cudu mahaththaya.. මමත් ඉන්නෙ මෙහේනේ...

"ඒ... "

"අනේහ්.. ."

"මේ අහනවකෝ හලෝ..."

"කන් ඇහෙන්නේ නෑද අෆ්ෆා. "

මම හිටියෙ ආයෙමත් පුරුදු විදියට පොත බලාගෙන හිටිය එයාට කතා කරන ගමන්. වැටිලා කොන්ද ඇනුන පාරට ඒක රිදෙන නිසා මම ඇඳෙන් බැස්සෙත් නෑ. පපා අපේ ෆැමිලි ඩොක්ටර්ව ගෙන්නන්න හැදුවත් මම ඒකට ඉඩ දුන්නෙත් නෑ. අවසානෙදි ඒක දෙයියනේ කියලා හරි ගියත් මම කොන්ද රිදෙනවා කියලා cudu mahaththaya ට කියලා කරගන්න තියෙන සේරමත් කරගෙන ඒවාටම කියලා කෑම එකත් ගෙන්නගෙන ඇදටම වෙලා කාලා පොඩ්ඩක් නිදාගෙනත් නැගිට්ටට පස්සෙ මට පොඩ්ඩක් එයාට කතා කරන්න ඕනි උනා. වැදගත් දෙයක් නෙවෙයි. ඒ උනාට මට එයා පොත දිහා බලාගෙන ඉන්නකොට කටු ඇනෙනවා වගේ දැනුනා. නෑ මම කියන්නෙ ඉතිං කතා කරන්න මනුස්සයෙක් ඉන්නකොට පොතක් බලලා වැඩක් නෑනේ...

"යීබෝ ග' ගා "

අවසානෙදි ලොකුකම බල්ලට දාලා මම එයාට ග' ගා කිව්වා. මම එයාට එයාගේ නම කියලා කතා කරේ පලවෙනි වතාවට වෙනකොට එයා අතේ තියෙන පොතෙන් ඇස් අයින් කරගෙන මගේ දිහා බැලුවා.

"ම්ම්ම්..."

අවසානෙදි ගලකින් පට්ටයක් ගන්නවා වගේ එයාගෙන් වචනයක් පිට වෙනකොට මම එයාට දත් සේරම පේන්න හිනාවක් දැම්මා.

"යීබෝ ග'ගා... ප්‍රශ්නයක් අහන්නද..."

"හ්ම්ම්......"

"ඔයා ගල් පණුවව දන්නවද...."

"මොකා...."

"ගල් පණුවා අනේ... ගල් පණුවා.."

මම හිතින් හිනා වෙවී කියනකොට එයා නිකන් මොකෙක්ද එකෙක් වගේ කල්පනා කලා. කොහේ ඉන්න ගල් පණුවෙක්ද ඉතින්. එහෙම එකෙක් ඉන්න එපැයි. ඔයා පව් cudu mahaththaya.

"මම දන්න ගල් පණුවෙක් නෑ..."

එයා කිව්වෙ ආයෙමත් පොත බලන ගමන්. අද ඉතිං ඔයාට ඕක බලන්න දෙන්නෙ නෑ මම. ඇඳෙන් බැහැපු මම ගිහින් එයාගෙ අතේ තිබ්බ පොත අයින් කරලා එයාගෙ එහා පැත්තෙන් වාඩි වුණා.

"පොඩ්ඩක් ඕක පැත්තකින් තියලා අහනවකෝ අප්පා. "

එයාගෙ මූණටම එබිලා කියනකොට මගේ ඇස් නැවතුනේ එයාගෙ ඇස්වල. ඒවා හරි නපුරු පාටයි. තද දුඹුරු පාට ඇස් බෝගවලින් මට පෙනුනේ මාවම වෙනකොට තත්පර ගාණකට එයා මගේ බොඩිගාඩ් කියන එක වගේම මම කියන්න හිටිය එකත් අමතක උනා. නිකන් මගේ කන්වලට Billie Eilish ගෙ Ocean Eyes ඇහෙනවා ඇහෙනවා වගේ වෙනකොට ඇත්තටම මට ඕනි වුණේ ඒ ඇස් දෙක කිස් කරන්න උනත් එයා උගුර පාදන සද්දෙට මම පියවි සිහියට ආවා.

"ගල් පණුවා කියන්නෙ ගල් කන පණුවෙක්ටනේ අනේ.."

එයා මගේ දිහාට හෙන සවුත්තු බැල්මක් දැම්මා. හරියට නිකන් එයාගෙ පොත ගත්තෙ ඒකටද අහන්නද වගේ.

"ඒක නෙවෙයි හැබැයි ප්‍රශ්නෙ. "

මම කිව්වෙ තව ටිකක් එයාගෙ ගාවට යන ගමන්..හරියටම බැලුවොත් මම ඉන්නෙ එයාගෙ ඇඟ උඩ වගේ වෙනකොට එයා හයියෙන් හුස්ම ගන්න සද්දෙත් මට ඇහුනා. මේ මනුස්සයට ඒ පාර මොනවා වෙලාද...

"ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා දැන් පොලව මැදින් හාරගෙන හාරගෙන හාරගෙන යනවා. කොහොමහරි හාරලා හාරලා එයා පෘථිවියේ එහා පැත්තට යනකම්ම පෘථිවිය මැදින් හිලක් හෑරුවා. ඊට පස්සේ එයා ඒ මිල හරියටම හෑරිලද බලන්න චූටි ගල් කැටයක් දැම්මලු. ඒත් ඒ ගල අනිත් පැත්තෙන් ආවේ නෑලු. ඒ මොකද...."

එයා එයාගෙ ඇස් දෙක චූටි කරලා මගේ දිහා බැලුවා. ඔයා කොහොම හිතුවත් මම දන්නවා cudu mahaththaya ඔයාට මේකට උත්තර දෙන්න බෑ කියලා.

"කියන්නකෝ අප්පා..."

"පෘථිවිය අංශක 23 1/2 ක් ඇල වෙලා තියෙන නිසා වෙන්නැති "

ඔය කිව්වෙ එකක්. මූ මොනවා උනත් හොදට සයන්ස් පීරියඩ් එකේ ඉදලා තියෙනවා. මම වගේ නිදාගෙන නෑද කොහෙද.

"නෑ අප්පා..ඕවා අදාළ නෑ..."

"මම දන්නෑ...."

මේ මනුස්සයා කිසිම හිතක් පපුවක් නෑ. වෙන කෙනෙක් නම් හිත හැදෙන්න හරි තව උත්තර දෙක තුනක් දෙනවා. ඒකට මේකා.. මම ජන්නෙ ඤැහ්... මම එයාගෙ මූණටම එබුණේ එයාගෙ ඇඟ උඩින් අත් දෙකම කියලා එයාගෙ දිහාට බර වෙලා. හදිස්සියෙවත් බැලන්ස් නැති උනොත් මම එයාගෙ ඇඟ උඩ.

"ඔයා නම් මහ මොකෙක්ද මන්දා... ගල වැටුනේ නැත්තෙ ගල් පණුවා ගල කාපු නිසා..".

එයාට යකා වැහුණා මම හිතන්නේ. එකපාරටම මාව සෝෆා එකට තල්ලු කරපු එයා මගේ මූණ ගාවටම ළං වුණේ එයාගෙ හුස්ම මගේ බෙල්ලෙ වදිනකොට. ඇයි මේ මගේ හාට් එක හයියෙන් ගැහෙන්නෙ...

"මට කියලා ගල් පණුවා පෙන්න ගන්නෙ නැතුව පාඩුවේ ඉන්න යන්ග් මාස්ටර් ජාන්.."

එහෙම කියලා එයා එලියට ගියේ මම මොකක්ද වුණේ කියලා හරියට මොලේට දාගන්න බැරුව බලාගෙන ඉන්නකොට. එයා කොහොමද මට ගල් පණුවව පෙන්නන්නෙ.. ගල් ප...... Ewwww... එයා ඇත්තටම ඒකෙන් කිව්වෙ ඒක ගැන නෙවෙයි වෙන්න ඇතිනේ. එහෙම හිතනකොටත් නිකන් මොකක්ද මොකක්ද වගේ...

එලියෙ කවුරුහරි කතා කරන සද්දයක් ඇහෙනකොට මම හොරෙන් දොර ඇරලා එබිලා බැලුවා. යකෝ... Cudu mahaththaya අලුතින් ආව මේඩ් කෙල්ල එක්ක මොනවද මේ කරන්නෙ. අර අක්කා පව්ඌඌඌඌඌ. මේම වෙන්න දෙන්න බෑ. ප්‍රීති වෙසක් ඕනි පුපක් කියලා මම ගිහින් එයාව පිටිස්සෙන් බදා ගත්තා.

"බබා... ඔයා මට නැගිටිනකොට දෙන කිස් එක දුන්නෙ නෑනේ.."

To be continued....

පාස්තා වෑන්ග් 🌝27.09.22

Happy Debut Anniversary Zhange

හායි..

කලින් එනවා කියලා හිටියට මට උණ හැදුණනේ.

දැන් ඉන්න පොඩි එවුන් නම් මහ මොකුන්ද මන්දා. මම අද අපේ පුංචි එක්ක එයාගෙ මොන්ටිසෝරි එකට ගියා. එක කොල්ලෙක් චිත්‍රයක් ඇදලා . මම ඇහුවා ඉතින් මේ මොකක්ද කියලා. ඒක මාලිගාවක්ලු. මම ඒකෙ කින්ග් කොහෙද ඇහුවම මාලිගාවේ දොර වහලලු. ඇරලා බලන්න ඕනලු කින්ග් කොහෙද කියලා.

ඒක නෙවෙයි... මේක 20න් නවත්තන්නත එපාත 🙃

Hide අරගෙන එන්නම්. ඔයාලා කුමාරයට මොකක්ද උනේ කියලා හිත හිත මොලේ කුරුවල් කරගම්න.

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories