𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟷𝟷
16:11, 29 September 2024𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ¹¹' ඇත්තටම මම'
"බබා... ඔයා මට නැගිටිනකොට දෙන කිස් එක දුන්නෙ නෑනේ.."
මම කිව්වෙ ඒ කෙල්ල ඇස් දෙක කටේ දාගෙන වගේ බලාගෙන ඉන්නකොට. අතිසාර්ථක විදියට ඒ මඟුලත් කඩා කප්පල් කරපු මම තව ටිකක් තදට එයාව බදාගන්න කොට cudu mahaththaya මේඩ් කෙල්ලට හිනා වෙලා මාව මගේ රූම් එකට ඇදගෙන ඇවිත් දොර ලොක් කරා. එයාගෙ මූණේ තියෙන පෙනුමට ඇත්තටම මට බය හිතෙනකොට මම ටිකෙන් ටික පස්සට ගියා.. ඒත් වැඩි දුරක් යන්න කලින් මම බිත්තියේ වැදෙන කොට එයා මගේ ගාවටම ඇවිත් මගේ දෙපැත්තෙන් අත් දෙක තියාගෙන මගේ මූණට නැවුණා..
"ඔයාට මාව විහිළුවක්ද යන්ග් මාස්ටර් ජාන්.."
එයාගෙ කටහඬ සාමාන්‍යයෙන් එයා කතා කරනවට වඩා ගැඹුරු වෙලා තියෙනකොට මම කරන්න ඕනි මොකක්ද කියලා හිතාගන්න බැරුව ඔව් කියන්න ඔළුව වැනුවත් තත්පර දෙක තුනකට පස්සෙයි මට තේරුණේ එයා ඇහුනේ මොකක්ද කියලා... මම ආයෙමත් නෑ කියන්න ඔළුව දෙපැත්තටම වනනකොට එයා මගේ දිහා බලාගෙන හිටියේ සීතල බැල්මකින්...
"ඔයාට කිසි දෙයක් කියලා වැඩක් නෑ..."
මම එයා දිහාම බලාගෙන ඉන්නකොට එයා රූම් එකෙන් එලියට ගියේ මම එතනම බිම වාඩි වෙනකොට. ඇත්තටම එයා මෙච්චර ළං වෙනකොට මාව ස්ටක් වෙන්නෙ ඇයි..හරියට නිකන් කාලේ නැවතුනා වගේ ගතියක් දැනෙන්නෙ ඇයි... ඒ වගේම එයා මාව ගණන් ගන්නේ නැති වෙනකොට මට රිදෙන්නෙ ඇයි...
උත්තරයක් නැති ප්‍රශ්න ගොඩක් හිත ඇතුලේ ඉතුරු වෙනකොට මට එකපාරටම ඇහුනේ මගේ පෝන් එක රින්ග් වෙන සද්දෙ. නැගිටලා ගිහින් ඇඳ උඩ තිබුණ පෝන් එක අතට ගත්ත මම දැක්කෙ ඒ කෝල් එක සේව් නොකරපු නම්බර් එකකින් එන එකක් කියලා. හිතට අමුත්තක් දැනුනත් මම ඒක ආන්ස්වර් කලා..
"හෙලෝ......"
"ඉතිං ජාන්...... මම නැතුව සතුටින් ඉන්නවා වගේ..."
හීනෙන් වගේ ඇවිදගෙන ගිය මම ඇඳ ගාව තියෙන නයිට් ස්ටෑන්ඩ් එකේ යටම ලොකර් එක ඇරියා. එක එක විදියේ පාට පාට කොල කෑලි එකින් එක එලියට එනකොට අවසානෙදි මගේ අතට අහු වුණේ ෆ්‍රේම් කරලා තිබුණ පොටෝ එකක්... ඒකෙ හිටියෙ අවුරුද්දක විතර පුංචි ළමයෙක්.. එයාගෙ දෙපැත්තේ එයාගෙ අම්මයි තාත්තයි හිටියා. ඒ පුංචි ළමයා හිනා වෙලා හිටියෙ එයා හරියට මේ ලෝකෙ සතුටින්ම ඉන්න කෙනා වගේ... ඒත් ඒ පොටෝ එක සම්පූර්ණයෙන්ම ඉරිතලලා ගිහින් තිබුණා... හරියට ඒ පුංචි ළමයගෙ ජීවිතේ වගේම.... මම ඒක දන්නෙ කොහොමද කියලා අහනවනම් මම ඇරෙන්න වෙන කවුරුවත් ඒක ගැන හොඳට කියන්න දන්නෙ නැතුව ඇති... මොකද ඒ මම නිසා...
Yibo's POV
රූම් එකෙන් එලියට ආව මම ගියේ කිචන් එක පැත්තට. හිතුවා වගේම මිසිස් ශෙන්ග් වගේම අනිත් මේඩ්ලත් උයන ගමන් හිටියත් මීට ටික වෙලාවකට කලින් උඩට ආව කෙල්ල එතන හිටියෙ නෑ. කට කොනට හිනාවක් එනකොට මම කිචන් එකෙන් ස්ටෝ රූම් පැත්තට තියෙන කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ගියා. හිතුවා වගේම ඒ කෙල්ල හිටියෙ කොරිඩෝ එකේ වෙනකොට එයා ඉන්නෙ කෝල් එකක කියලා මට තේරුණ නිසාම මම ඉක්මනට බිත්තියකට මුවා වුණා. සැරින් සැරේ වටපිට බලන ගමන් හිටිය එයාට අනිත් පැත්තෙන් කියන්නෙ මොනවද කියලා මට ඇහුනේ නැති උනත් ඒ කෝල් එක හොඳකට ගන්න එකක් නෙවෙයි කියලා මට තේරුණා.
"හරි මැඩම්... මම උත්සාහ කරන්නම්..."
ඒ කෙල්ල කෝල් එක කට් කරලා යුනිෆෝම් එකේ පොකට් එකට දාගෙන වටපිට බල බල යනවා දකිනකොට මම තව ටිකක් බිත්තියට තද වුණා. මැඩම්... ඒ මම හිතන කෙනා මද..
"යීබෝ.... කොහොමද අපේ එකා පාඩුවේ ඉන්නවද...."
මම ආයෙමත් උඩට යන්න හදනකොට මට ඇහුනේ මාස්ටර් ශිආඕගෙ කටහඬ. එයා මට ඔෆිස් එකට එන්න කියාගෙන ඇතුලට යනකොට මම දොරත් වහගෙන ඇතුලට ගියා. ඇතුලේ හිටියෙ මමයි මාස්ටර් ශිආඕයි මගේ අන්කල් වුණ වන්ග් යොන්ග් විතරක් වෙනකොට මම ගිහිං එයාගෙ ඉස්සරහ තිබ්බ පුටුවෙන් වාඩි උනා.
"සර්... ප්‍රශ්නයක් තියෙනවා..."
මම කිව්වෙ වටේ යන්නැතුව කෙලින් කතා කරන එක මගේ පුරුද්ද නිසා.. අන්කල් වගේම මාස්ටර් ශිආඕත් මගේ දිහා බැලුවේ පුදුමෙන් වගේ. එතනින් නැගිටපු මම ගියේ ශිආඕ බංග්ලෝ එකේ සම්පූර්ණ layout එකක් හදලා තියෙන ටේබල් එක ගාවට.. එතන තිබ්බ ස්ටික් එක අතට ගත්ත මම ඒක දික් කරේ බංග්ලෝ එකේ පැත්තකින් තියෙන ගස් දිහාවට. ආව දවසෙම ඒ පැත්තට ජොගින් කරන්න ඇවිදගෙන ගිය මම දැක්කෙ ඒ පැත්ත හරියට කැලෑවක් වගේ කියලා. අන්කල් නම් කිව්වෙ ඒක එච්චර ලොකු නෑ කියලා..
"මේ හරියෙ ඉඳන් කවුරුහරි කෙනෙක් මාස්ටර් ජාන් ගැන ඔත්තු බලනවා... අද එයා රූෆ් ටොප් එකේ ඉන්නකොට මට ටෙලස්කෝප් එකකින් පරාවර්තනය වෙන එලිය පෙනුනා.."
මම කියනකොට මාස්ටර් ශිආඕගෙ ඇස් දෙක පුංචි වුණා. එයා තරහින් කියලා මට තේරුණත් මම දිගටම කතාව කරගෙන ගියා.
"එයාට ගේ ඇතුලේ කෙනෙක් උදව් කරනවා කියන සැකේට මම මාස්ටර් ජාන්ව රූම් එකට අරගෙන ගිහින් කර්ට්න්ස් වහලා දැම්මා. හිතුවා වගේම ඇතුලේම මේඩ් කෙනෙක් එයාට උදව් කරනවා..."
"ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දෙන්න... අපි දන්නවා කියලා පෙන්නන්න එපා..."
අන්කල් කියනකොට මම බැලුවේ මාස්ටර් ශිආඕ දිහා. එයත් ඔළුව වනනකොට මම යන්න හැරුණේ වැඩි වෙලාවක් මාස්ටර් ජාන් ගාවින්ම ඈත් වෙලා ඉන්න බැරි නිසා. එයා කොච්චර නොදන්නවා උනත් එයා ඉන්නෙ අනතුරක කියන දේ මට අමතක කරන්න බෑ..
"යීබෝ පුතා... මම ඔයාව දන්නේ පුංචි කාලේ ඉදන්... කොහොමහරි මගේ දරුවව පරිස්සම් කරගන්න..."
ඔෆිස් රූම් එකෙන් එලියට ආව මම දැක්කෙ දොර ගාවට වෙලා මල් වාස් එකක තිබ්බ මල් වගයක් මොනවද කරන අර මේඩ්ව වෙනකොට මම එයාට හිනා වෙලා උඩට ආවේ අර පුංචි යක් පැටියා මොනවා කරනවද කියලා හිතන ගමන්. දෙයියනේ කියලා ඔත්තු බලන එකාට සැක නොහිතෙන්න කියලා නොදුන්නත් මේකා වැඩ ටික හරියට කරනවා කියලා මතක් වෙනකොට මටත් හිනා ගියා. ඒකත් හරියට බලාගෙන ගියොත් යුක්රේන්වල සෙලෙන්ස්කි වගේ. පාලමකට ගහලා කට වහගෙන පාඩුවේ ඉන්නෙ නැතුව මුද්දරේකුත් ගහගෙන ඉල්ලගෙන කනවා. බලාගෙන ගියාම වැඩි වෙනසක් නෑ..
යන්ග් මාස්ටර් ජාන්ගෙ රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියා මම දැක්කෙ හීනෙන්වත් නොහිතපු දෙයක්.. එයා හිටියෙ බිම නිදාගෙන. එයාගෙ වටේට කොලකෑලි ගොඩක් විසිරිලා තිබ්බා. බිමට නැමිලා ඒකක් අරගත්ත මම දැක්කෙ ඒවගෙ තියෙන්නෙ පොඩි ළමයෙක්ගෙ චිත්‍ර කියලා. පිරිමි කෙනෙක් ගෙ අතින් අල්ලගත්ත පොඩි දරුවෙක්... එයා බලාගෙන ඉන්නෙ ගෑනු ළමයෙකුයි තවත් පිරිමි කෙනෙකුයි එක්ක ඉන්න ගෑනු කෙනෙක් දිහා. ඒ එයාගෙ අම්මා කියලා මට තේරෙනකොට මට ඉබේටම අත මිටි මෙලවුණේ මෙච්චර අහිංසක පොඩි එකෙක් දාලා වෙන මිනිහෙක් එක්ක යන්න තරම් දරුණු වුණු ඒ ගෑනු කෙනා මතක් වෙලා.
බිම විසිරිලා තිබ්බ Happy birthday, Happy mother's Day කියලා ලියලා තිබ්බ කාඩ්, එයා අම්මට ලියපු ලියුම් මැද්දෙ එයා බිම නිදාගෙන හිටියා. ඒ උරහිස් ගැස්සෙන විදියට එයා අඬනවා කියලා තේරනකොට මම එයාගෙ උරහිස් යටින් අත් දෙක දාලා එයාව උස්සලා ගත්තා..
ඒ ඇස් කඳුළුවලටම රතු පාට වෙලා තියෙනකොට එයාගෙන් බිමට වැටුනේ වීදුරුව බිඳිලා ගිහින් තිබ්බ පොටෝ එකක්... ඒක එයාගෙ පුංචි කාලේ එකක් කියලා තේරෙනකොට මම එයාව පරිස්සම් අරගෙන ඇඳෙන් තියලා යන්න හැදුවේ වතුර එකක් ගේන්න. ඒත් ඊට කලින් එයා මගේ අතරෙන් අල්ලගත්තා.
"ම්...මම ඇ..ඇත්....තටම ඉ..ඉපදෙ..න්න ඔ..ඕන න්..නැති ක්..කෙනෙක්ද...'
To be continued...
Anastasia Wang 🥀18.10.22
හිනා උනා ඇති නේත...
හෙට හරි අනිද්දා හරි එන්නම්...
There are no comments yet. Log in to be the first to leave a review!





