𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟶𝟿
14:48, 29 September 2024𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ⁰⁹' මම කන්න ආස හාවන්ව '
"ටූත්ලස් නෙවෙයි මේකට කියන්න ඕන ශාප් ටූත් කියලා.... "
මම නින්දෙන්ම මිමිනුවේ මගේ කම්මුල් හපන ටූත්ලසයව පැත්තකට කරලා. උගෙ තියෙන මහ එපාම කරපු පුරුද්ද තමයි ඕක. ඌ හිතාගෙන ඉන්නෙ මම උගෙ අර මෝඩ ටෙඩියා කියලද දන්නෙ නෑ. හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන තැන හපනවා. බලාගෙන යනකොට ඌ දන්න එකම දේ මාව හපන්නයි නිදාගන්නයි කන්නයි මට ගස්සන්නයි විතරද කොහෙද.
සුපුරුදු පරිදි කොණ්ඩෙට හෙණ ගස්සගෙන නැගිට්ට මම අත් දෙක උඩට උස්සලා පත ඈනුමක් යැව්වා. කවුරු දකින්නද සාම්ත. දිශ් ඊශ් මයි කින්ග්ඩම් ඇන්ඩ් අයි'ම් ද කින්ග්.... සෝ මට ඔය යටත් wesiyo අදාලම නෑ. කොටින්ම කිව්වොත් cudu mahaththaya වන උනත්. ඒ වුණාට පොඩ්ඩක් අදාළ කරගන්න ඕන හැබැයි. මොකද එයාට රසට උයන්න පුළුවන්. හැබැයි ඉතින් නූඩ්ල්ස් නම් හැමෝටම හදන්න පුළුවන්නේ.
හැමදාමත් වෙනවා වගේ නැගිට්ට ගමන් දැනෙන බොක්ක පුපුරන්න එන ෆීලින් එකක් එක්ක බාත් රූම් එකට දුවන්න ගියත් ඒකෙ දොර ලොක් කරලා තිබුණා. මේ cudu mahaththaya ටත් දැන්මම මේකට රිංගන්න ඕන වුණානේ. ඉවසගෙන ඉන්න බැරිම තැන මම බාත්රූම් එකේ දොරට ගහන්න ගත්තෙ හයියෙන් කෑ ගහන ගමන්.
"මොන මඟුලක්ද කරන්නෙ එලියට එන්නේ නැතුව... ඉක්මනට එනවකෝ වදේ...."
මේකා මගේ ඉවසීම ටෙස්ට් කරන්නද මන්දා බාත්රූම් එකට වෙලා ඉන්නකොට මම බාත්රූම් එකේ දොරත් අල්ලගෙන උඩට පැන්නා. දැන් නම් ඉන්නම බෑ යකූ. කකුල උස්සලා දොරටු ගහන්නත් බෑ ඒ තරමටම ශුවරුත් නැති වෙනකොට මම හැදුවේ එහා පැත්තේ තියෙන රූම් එකක බාත්රූම් එකකට දුවන්න හදනකොටම දොර ඇරුණා..
Cudu mahaththaya සුදු පාට ටවල් එකක් විතරක් ඇදගෙන දොර අරිනකොට මම එයාවත් තල්ලු කරගෙනම ඇතුලට දුවගෙන ගියා. වෙන වෙලාවක ඉතිං cudu mahaththaya ඔහොම දැක්කනම් මම කෙල හලනවා තමා. ඒත් දැන් සිටුවේශන් එක වෙනස්නේ. ඒත් ඉතිං එහෙමයි කියලා කුප්ප ගති මුළු ඇඟ පුරාම තියෙන මගේ අත් පය නිකන් ඉන්නවත නෑනේ. Cudu mahaththaya පහු කරගෙන යන ගමන්ම එයා ඇඳගෙන හිටිය ටවල් එකත් කඩලා දාපු මම හයියෙන් හිනාවෙන ගමන් බාත්රූම් එකේ දොර වහගත්තා. ඕම තමා වශ්ටුවේ අපි පලි ගන්නෙ...
පැය බාගයක් විතර බාත්රූම් එකට වෙලා වොෂ් එකකුත් දාගෙන බාත්‍රොබ් එකත් ඇදගෙන එලියට ආව මම දැක්කෙ පුරුදු විදියට සෝෆා එකේ වාඩි වෙලා පොකට් ඇලිලා ඉන්න cudu mahaththaya. මම එනවා දැකලත් එයා දැක්කෙ නෑ වගේ ඉන්නකොට මමත් අහක බලාගත්තා. අනේ ඉතිං.. අපිට මොකටද එයාගෙ ගෑස්... ඕවා බලනවට වඩා හොදයි ලිට්රෝ එකෙන් පුපුරන්න හරි ගෑස් ගන්නවා.
ඇඳුමකුත් දාගෙන මම පහලට ආවේ මේ වෙනකොට පපා ගෙදර නෑ කියලා දන්න නිසාමයි. නැත්තම් මගෙ ටූත්ලස්වත් එයි පහලට. පුරුදු විදියටම ගේ දෙවනත් වෙන්න කෑ ගහගෙන පහලට ගිය මම ඩයිනින් ටේබල් එකෙන් වාඩි වෙනකොට ආන්ටි ශෙන්ග් මගේ දිහාවට ආවේ මම ආසම විදියට හදපු මගේ හොට් චොක්ලට් එක අරගෙන.
"ඔයා හරි නරකයි අෆ්ෆා... අද මාව නැගිටින්න ආවෙත් නෑ... "
මම අඬන්න හදන පොඩි එකෙක් වගේ මූණ හදාගෙන කියනකොට ආන්ටි ශෙන්ග් මගේ ඔළුව අතගෑවා. මම චූට්ටක් හරි හුරතල් උනේ එයා ළඟ විතරයි. සමහරවිට ඒ මමා ගිය දවසෙ ඉදලා මාව බලාගත්තෙ එයා නිසා වෙන්නැති.
"මම ආවට මිස්ටර් යීබෝ කිව්වනේ ජාන් බේබිට නිදාගන්න දෙන්න කියලා. ඉතින් මම නැගිට්ටුවේ නෑ.."
එතකොට cudu mahaththaya මට නිදාගන්න ඉඩ දීලත.. හිතුවට වඩා එයා හොදයි. දැන් නම් එයාව එලවන්නත් ඕන නෑ වගේ. එහෙම හිතන ගමන් මම බැලුවේ මගේ පැත්තට ඇවිදගෙන එන එයා දිහා. ෆුල් කිට් එක වෙනුවට ට්‍රවුසර් එකකට ශර්ට් එකක් ඇඳගෙන හිටිය එයාගෙන් පෙනුනේ... ඇත්තටම පෙනුනේ මොකක්ද... මටත් තේරුණේ නෑ හැබැයි.
එයා ඇවිත් මගේ ඉස්සරහා තියෙන පුටුවෙන් වාඩි වෙනකොට ශෙන්ග් ආන්ටි එයාගෙ ඉස්සරහින් වගේම මගේ ඉස්සරහිනුත් ප්ලේට් දෙකක් තිබ්බා. මට වෙනදා වගේම චොක්ලට් පෑන් කේක් තියෙනකොට එයාට තිබ්බෙ ටෝස්ට් දෙකක්. ඇත්තටම මේ මනුස්සයට වෙන දෙයක් කන්නම බෑද දන්නෑ...
"ඇත්තටම මම අහන්නෙ... ඔයා ඕක ඇරෙන්න වෙන දෙයක් කන්න කැමති නෑද..."
මම ඇහුවේ පෑන් කේක් කෑල්ලක් කටේ ඔබාගන්න ගමන්. එයා හිටියෙ එතන තිබ්බ ෆ්‍රෙෂ් ෆෘට් ජූස් එක බොන ගමන් වෙනකොට මගේ දිහා බලලා එයා මහ සවුත්තු හිනාවක් දැම්මා.
"එහෙම ලොකූ විශේෂයක් නෑ...."
"මම ඇත්තටම අහන්නෙ හලෝ...."
"කියනවකෝ බස්සෙක් වගේ බුම්මගෙන ඉන්නෙ නැතුව..."
"මේ හලෝ.... මම තමුසෙගෙන් අහන්නෙ...."
"මම කන්න ආස හාවන්ව... තව ප්‍රශ්න තියෙනවද"
ඇයිද මන්දා මට එයා කැමති දේවල් ගැන දැනගන්න ඕන වගේ හිතෙනකොට මම එයා කියනකම් එයාට වද දුන්නා. අවසානෙ මගේ කරදරේ දරාගන්නම බැරිම තැනද කොහෙද මට උත්තර දීලා එයා මගේ දිහා බලලා කට කොනකින් හිනා වෙනකොට මට ඇත්තටම ඒ දත් ටික බඩට යන්න ගහන්න හිතුනා. මේ මෝඩයා මාව විහිළුවට අරගෙන...
"ඇයි තවුසෙ හාවෝ කන්න නරියෙක්ද.. හැබැයි නැට්ට විතරයි අඩු...."
මුගේ ආච්චිට... ආච්චි ඉන්නවද දන්නෑ හැබැයි. මොට්ට බොඩි ගාඩ් කාරයා. මම එයාට රවන ගමන් මගේ පෑන් කේක් එකට හයියෙන් ඇන්නා. පුළුවන් නම් මම ඕකට අනිනවා මේකෙන්..
තිබ්බ තරහට කාපු ටිකත් වාෂ්ප වෙලා යනකොට මම ෆ්‍රිජ් එකෙන් චොක්ලට් එකකුත් අරගෙන රූෆ් ටොප් එකට ආවා. ගේ ඇතුලේ ඉන්නත් බෑ වගේ. උඩට ආව මම කම්මැලි කමට පූල් එක ගාව තිබුන ඩේ බෙඩ් එකක හාන්සි වුණා. ඇත්තටම මම cudu mahaththaya ව එලවන්න ඕනද නෑද.. එයා ඉන්න එකත් කරදරයක්. හැබැයි කලින් අය තරමටම නෑනේ. දැන් ඒවාටත් එලෙව්වොත් පපාගෙන් මට ලැබෙන්නෙ එසේ මෙසේ පනිශ්මන්ට් එකක් නෙවෙයිනේ. ආයෙත් කිව්වනේ. ඒක නිසා ටික දවසක් පාඩුවේ හිටියොත් හොඳයි වගේ.
"ඇතුලට යන්න..."
මගේ පස්සෙන් ඇවිත් රූෆ් ටොප් එකේ රේලින් එකට හේත්තු වෙලා හිටිය cudu mahaththaya මට කියනකොට මම එයා දිහා රවලා බැලුවා. මොන මඟුලක්ද යකූ මේ. කොතනකවත් පාඩුවේ ඉන්න බෑද මට. මම එයා කියන එක ඇහුනේ නෑ වගේ ඉන්නකොට එකපාරටම මගේ ගාවට ආව එයා පලවෙනි දවසෙ වගේම මාව උස්සලා කරේ තියාගත්තා. මේ මනුස්සයට මාව අල ගෝනියක් වගේ උස්සගෙන යන එක පුරුද්දට ගිහින්ද...
මාව උස්සගෙන මගේ රූම් එකට ගිය එයා මාව ඇඳ උඩට දාලා ගිහින් ජනේල් වහලා කර්ට්න්ස් සේරම වහලා දැම්මා. නිකන් බයක් වගේ එකක් දැනෙනකොට මම ඇදේ කෙළවරටම ගියා. Cudu mahaththaya මොකාටද එන්න හදන්නෙ...
"ත්..තවුසෙ ම්..මොකක්ද ක්.. කරන්න හ්..හදන්නෙ..."
"හාවෙක් කන්න..."
පෝඕඕඕඕඩ්ඩක් ඉන්න.... මේකා ඉස්සෙල්ලා හාවා කිව්වෙ මටද....
Anastasia Wang ❤️🔥15.09.22
හායිම්... ගොඩක් දවසකින් නේත.
ඇත්තටම හාවෙක් කයිද නෑද...
අප්ඩේට් පරක්කු වෙන එකට සොරි. ඒත් මේ දවස්වල මම පෝන් එක ගන්නවා ගොඩක් අඩුයි. ඇත්තටම දෙනවා අඩුයි. 😂 මගේ ඇස් වලට හොඳ නැති නිසා දවසකට පැය තුනක් විතර වගේ හම්බෙන්නෙ. ඒකත් එකදිගට නෙවෙයි. එහෙම ටයිප් කරන්න ගියාම මටත් කම්මැලීනේ. ඒක නිසා මෙහෙම තමයි දෙන්න වෙන්නෙ.
ඔයාලට ඕනි කතාව මොකක්ද කියලා මම අප්ඩේට් එක දුන්නම announcement එකක් දාන්නම්. වැඩියෙන්ම ඉල්ලන කතාව ඊළඟ දවසට දෙන්නම්. ඩේලි නම් බැරිවෙයි.
එතකම් ගීන් එන්නම්. බායි...
There are no comments yet. Log in to be the first to leave a review!





