𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟶𝟺
14:47, 29 September 2024𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ⁰⁴' Detention එක '
"ඖකන්නා...."
එකට තද වෙච්ච දත් අතරින් මට කියවෙනකොට මගේ එහා පැත්තෙන් හිටිය බිනා මාව තදින් අල්ලගත්තා. ඒ හිටියෙ මම ජීවිතේ වැඩියෙන්ම වෛර කරන කෙනා වෙනකොට මාව දැක්ක ඇමී සවුත්තුවට හිනාවෙන ගමන් මගේ ගාවට ආවා. මේකි ඇමරිකා ගියා නේද... ගිය විදියට ඉන්නෙ නැතුව ආයෙමත් ඇවිත් මට පව් දෙන්න...
"සෝ... මයි ලවින් ජාන් බේබි..... "
එයා මගේ ළඟටම ඇවිත් අහනකොට මගේ අතේ තිබුණු පොත මගේ අත්වලට තෙරපෙන සද්දෙ මටම ඇහුණා. මම හිටියෙ කේන්තිය උපරිමේටම පාලනේ කරගෙන වෙනකොට මට ඒ වෙලාවේ ඕන වෙලා තිබුණ එකම දේ ඇමීගෙ කන රත් වෙන්න දෙකක් ගහන්න උනත් බිනා සන්සුන් වෙන්න කියන එක මන්තරයක් වගේ මගේ කනට මැතිරුවා.
"මාව දැකලා ඔයාට සතුටු හිතුනද පැටියෝ..."
ඇමී මගේ ගාවටම ඇවිත් මාව අල්ලන්න හැදුවත් මම පිටිපස්සට වුණා. එයාගෙන් වැදෙන හුස්මක් උනත් මට ගෙනාවෙ මහ පිළිකුලක්. ඒත් ආයෙමත් වතාවක් එයා මාව අල්ලන්න හදනකොට මෙච්චර වෙලා අමාරුවෙන් පාලනය කරගෙන හිටිය කේන්තිය පුපුරලා යනකොට මම එයාගෙ කනට එකක් ගහන්න අත් ඉස්සුවත් ඊට කලින් කෙනෙක් ඇමීගෙ අතින් අල්ලගත්තා.
"මම හිතන්නේ මිස් පැත්තකට වෙලා ඉන්න එක හොඳයි. එයා ඔයාට කැමති නෑ කියලා ඔයාට තේරෙනවනේ..."
මට ඇහුනේ යීබෝගෙ කටහඬ වෙනකොට බිනා මාව ඇදගෙන ලෙක්චර් හෝල් එකට ඇදගෙන යන්න ගියත් මම ඒක නැවැත්තුවා. මම දැක්කා ඇමී යීබෝ දිහා බලාගෙන ඉන්න විදිය. ඒ ඇස්වලින් මම දැක්කෙ එදා දැක්ක පෙනුමම වෙනකොට මට දැනුනේ බයක්. මොකද කලින් වෙච්ච දේවල් ආයෙමත් සිද්ධ වෙන්නයි යන්නෙ.
"ජානා... "
"ජාන්... මොකද බම් මේ..."
මම එකපාරටම ගැස්සිලා ගියේ බිනා මගෙ උරහිසෙන් අල්ලලා හොලවනකොට. එතකොටයි මම දැක්කෙ ලෙක්චර් එක පටන් අරගෙන කියලා. එතකොට මම මෙච්චර වෙලා හිටියෙ මොන ලෝකෙද. නිකමට වගේ එලිය බලද්දී හෝල් එකේ එහා පැත්තෙන් තිබ්බ ජනේලෙන් කණුවකට හේත්තු වෙලා මගේ දිහා බලාගෙන ඉන්න cudu mahaththayaව පේනකොට මම ඉක්මනට එයාගෙන් ඇස් අහකට ගත්තා. ඒත් නිකමට වගේ මගේ ඇස් ඖකන්නා දිහාවට හැරෙනකොට මම දැක්කෙ එයත් බලාගෙන ඉන්නේ cudu mahaththaya දිහා කියලා. මේකිට නම් මොනවමහරි දෙයක් කරන්න වෙනවා.
"ශිආඕ ජාන්.... "
මාව එකපාරටම කොහේ හරි ඉදන් ලෙක්චර් හෝල් එකට කඩාගෙන වැටුණා. ප්‍රොෆෙසර් කාරයා බලාගෙන හිටියේ මගේ දිහා වෙනකොට මට ඉබේටම නැගිට්ටුණා.
"ඔය ළමයට ඔෆිස් එකට එන්නලු.. "
මම ලෙක්චර් හෝල් එකෙන් එලියට ඇවිත් ඔෆිස් එක දිහාවට ඇවිදගෙන ගියා. Cudu mahaththayaත් මගේ පස්සෙන් ඇවිදගෙන එනකොට මම කල්පනා කලේ මම ඔෆිස් එකට ගෙන්නන්න තරම් කරපු වැරැද්ද මොකද්ද කියලා. මෙහෙමයි ඉතින්. මම සතියකට සැරයක් ඔෆිස් එකට ගිහින් මූණ පෙන්නලා එනවා. ඒත් දැන් තත්ත්වේ වෙනස්නේ. මොකද අදින් පස්සෙ මම වැරැද්දක් කළොත් ඒකෙන් විඳවන්න වෙන්නෙ මට. මොකද එහෙම දෙයක් වෙලා පපා දැනගත්තොත් cudu මහත්තයා මගේ කාමරේට දානවා. එතකොට ඉතින් මට ඉන්න වෙන්නෙ අර බ්‍රෂ් එක කටේ ගහගත්ත පූසා වගේ තමයි.
වෙනදා විදියටම දොරටු තට්ටු කරලා ඩීන්ගෙ ඔෆිස් එකට ගිය මම එතනම නතර වුණේ ඩගියා ඉන්නවා දැකලා. අද නම් සොරි ඩොට් කොම් තමයි. මම දවස් දෙක තුනකට කලින් ඩගියගෙ කාර් එකේ රෝදවල හුළං ඇරියා.
"ආ... ජාන් ආවද... මම මේ මිස්ටර් ශිආඕට කිය කිය හිටියෙ පුතාගේ හපන්කම් ගැන..."
"ප්..පපාට...."
හරී... සේරම හරි. මට වෙන්න තියෙන කරදර සේරම එකම දවසේ මගේ ඇඟට කඩාගෙන වැටුණා. ඩීන් කාරයා පපාවත් ගෙන්නවලා තිබුණා වෙනකොට මට ඉබේටම බැලුනේ cudu mahaththaya දිහා. එයා කිසි හැඟීමක් නැතුව බලාගෙන ඉන්නවා. දැන් එතකොට මට ඉස්සරහට ඉන්න වෙන්නෙ මේ ගල් ගිලපු භූතයා එක්කද..
"මිස්ටර් ශිආඕ... මම කිව්වා වගේම ජාන්ගෙ පෙර වැරදි ගොඩක් තියෙනවා. ඒ වගේම මේක සමාව දෙන්න පුළුවන් වැරැද්දක් නෙවෙයි. මම හිතන්නේ සති දෙකක් විතර detention එකක් දුන්නොත් මේ ළමයගෙ මුරණ්ඩු ගති ටිකක් අඩු වෙයි කියලා. "
Detention එකක්..... මට.... පපාගෙ තරහ ගිය මූණ මගෙ ඇස් කොනට පේනකොට මට ඉබේටම කෙල ගිලුණා. මම දන්නවා මේ වෙන හැටියට මාව නිවාස අඩස්සියට වැටෙනවා කියලා. ඒකත් cudu mahaththaya එක්ක. මට දෙවි පිහිටයි.
ර්"යීබෝ... ඔයා මේකව අරගෙන ගෙදර යන්න.. මම මිසිස් ශැන්ග්ට කතා කරලා කියන්නම් ඔයාටත් ඒ රූම් එකේ තැනක් ලෑස්ති කරන්න කියලා.. "
ඔෆිස් එකෙන් එලියට ආව පපා මගේ දිහාවත් නොබලා එයාට කියලා යන්න ගියේ මම බලාගෙන ඉන්නකොට. ඒ වෙනකොටත් ලෙක්චර් එක ඉවර වෙලා තියෙනකොට එහා මෙහා යන ළමයි අතරෙන් මම දැක්කෙ මම දිහා බලාගෙන ඉන්න ඖකන්නව. එයාගෙ මූණෙ තිබුණු පෙනුම මට අල්ලන්නෙ නැති වෙනකොට මගේ ඉස්සරහට ආව cudu mahaththaya මාවත් ඇදගෙන ලොකර් තියෙන පැත්තට ගියා..
"ගන්න තියෙන දෙයක් අරගෙන යමු. "
මොන හේතුවකටද මන්දා මට දැන් එයා එක්ක රණ්ඩු කරන්න ඕනි වුණේ නෑ. එයා කියපු විදියට ගෙනියන්න ඕනි කියලා හිතුන ටික බෑග් එකට ඔබාගන්න ගමන් හිටිය මට ඇහුනේ බිනා කෑගහන සද්දෙ.
"ජානා...."
"ජ්..ජානා ඇයි ම්..මේ...."
"මට detention එකක් හම්බුනා. "
මම කියනකොට ඒකා අර උණහපුළුවගෙ වගේ ලොකු ඇස් දෙක තවත් ලොකු කරගත්තා. බොරුවට ද මම මූට හම්පඩයා කියන්නෙ. නමේ හැටියට කොල්ලා වැඩ.
"ඒ පාර මොකටද..."
"ඩගියගෙ කාර් එකේ රෝදවල හුළං යවපු එක අහු වෙලා බම්.. "
"ඒත් බම් අපි හුළං යවන්න කලින් එතන තිබ්බ CCTV කැමරා ටිකත් ගැලෙව්වනේ..."
"එතන නවත්තලා තිබුණු කාර් එකක තිබ්බ කැමරා එකක බම් රෙකෝඩ් වෙලා තිබිලා තියෙන්නේ..."
මම කිව්වෙ මගේ දිහා බලාගෙන ඉන්න Cudu mahaththaya දිහා ඇස් කොනින් බලන ගමන්.. දැන් නම් එයාට හිතෙනවා ඇති මගේ බොඩිගාඩ් වුණේ මොන කරුමයක් පඩිසන් දීලද කියලා. කමක් නෑ.. ඔයාටම එපාවෙන තරමට මට හොඳයි.
"දැන්වත් යමුද යන්ග් මාස්ටර් ජාන්..."
යීබෝ කියනකොට මම එයා එක්ක එන්න ආවා. කමක් නෑ. අදම මම ඔයාට මේක එපා කරන්නම්. මම කට කොනින් හිනා වෙනකොට බිනා ඔලුවේ අත ගහගත්තා.
"මට Starbucks යන්න ඕනි. "
මම කිව්වෙ කාර් එකේ ඉදගෙන.
"ඔයාට කොහෙවත් යන්න බෑ යන්ග් මාස්ටර් ජාන්... "
"ඒත් මට ඕනිමයි.. "
"අනේ.."
"අනේ ප්ලීස්..."
මම කිව්වෙ පිටිපස්සෙ ඉදගෙන ඩ්‍රයිව් කරන එයාගෙ උරහිසට අතක් තියලා. ෆ්රන්ට් මිරර් එකෙන් මගේ දිහා බලපු එයාට මම මගේ තියෙන අහිංසකම බැල්ම දැම්මා..
"හරි.. හැබැයි මම ගිහිං එනකම් කාර් එක ඇතුලටම වෙලා ඉන්න ඕන...."
බලමුකෝ ඔයා මට ඕනි එක ගෙනෙයිද කියලා.. ඔයා පව් cudu mahaththaya....
"මොනවද ඕන දැන්...."
එයා කිව්වෙ Starbucks එක ගාව කාර් එක නවත්තලා. මම කට කොනින් හිනා වෙලා එයා දිහා බැලුවා..
"Icedgreentealattewithdoublecream.වැඩිපුරතත්පරතිහක්බ්ලෙන්ඩ්කරලා..."
Anastasia Wang ❤️🔥 23.08.22
සොරි එදා බලාගෙන හිටියා නම්. අපිට සිග්නල් ලොස්ට් එකක් ආවා. අදත් හරි නෑ. තවම කණු දෙකයි අහුවෙන්නෙ 🙂
පොටෝස් මම පස්සෙ දාන්නම්. Printerest එක තවම ලෝඩ් වෙන්නෙත් නෑ.
තව ටිකකින් ඊයෙ එපිය දෙන්නම්. මේ පෙරේදා දෙනවා කියලා කියපු දෙවනි එක
There are no comments yet. Log in to be the first to leave a review!





