Fanfics

𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟶𝟹

14:47, 29 September 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ⁰³' ඖකන්නා '

" ජාන්...  මේ ඉන්නෙ මිස්ටර් වන්ග් යීබෝ. .  අද ඉදන් ඔයාගෙ පර්සනල් බොඩිගාඩ්...."

කවදහරි දැනිලා තියෙනවද ඔයා හිතලා හිතලා ප්ලෑන් කරලා කරපු දෙයක් එකපාර අනිත් පැත්තට හැරෙනකොට විනාශ වෙලා තියෙන වේදනාව... පොඩ්ඩක් හිතන්න..  ඔයා දවස් ගාණක් ප්ලෑන් කරලා ඔයා ඔයාගේ බොඩිගාඩ්ව එලවගෙන පැය විසි හතරක් යන්න කලින් ආයෙම බොඩිගාඩ් කෙනෙක්... මට දැනෙන්නෙ වේදනාවක්. නිකම්ම නිකම් වේදනාවක් නෙවෙයි.  ඒක ඇත්තටම කිව්වොත් කකුලේ සූටි ඇඟිල්ල කොහේ හරි වැදෙනවටත් වඩා ලොකු වේදනාවක්. ඇයි මටම මෙහෙම වෙන්නෙ....

"ඒත් පපා...."

"ඒත් මේත් නෑ.. අද ඉදලා මිස්ටර් වන්ග් ඔයාගෙ පර්සනල් බොඩිගාඩ්... "

එහෙම කරන්න බෑනේ. මට බෑ පැය විසි හතරම මේ යකා එක්ක ඉන්න. හරි හරි..  මම දන්නවා cudu mahaththaya හැන්ඩ්සම් තමයි. එයාගෙ වොයිස් එකත් පට්ට සෙම්සි.. ඒත් එහෙමයි කියලා මගේ නිදහස නැති කරගන්න බෑනේ..  මෙයාව කොහොමහරි හලන්නම වෙනවා..

"ඒත් පපා..  කලින් අය එක්ක බලනකොට මෙයා...."

"මිස්ටර් වන්ග් කියන්නෙ ස්පෙෂල් ෆෝර්ස් එකේ හිටිය කෙනෙක්.. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ..."

එතකොට මේකා හමුදාවෙත් හිටිය එකෙක්ද.. මෙයාගෙ කනෙන් රිංගන එක නම් ලේසි නෑ වගේ. මම මගේ ඉස්සරහා වාඩි වෙලා කෑම කන මගේ අලුත් බොඩිගාඩ් දිහා බැලුවා. මේකට නම් කියන කිසි දෙයක් ගැන වගක් නෑ වගේ. ඔහේ කනවා. මොනවා උනත් එයා කනකොට කම්මුල් පිම්බෙනකොට ශෝක්. අනින්නමයි හිතෙන්නෙ. ඇත්තට මේකා ඩයට් කරනවා වත්ද.. ප්ලේට් එකේ තියෙන්නෙ ටෝස්ට් දෙකකුයි ඇවකාඩෝ ක්‍රීම් එකකුයි ඔම්ලට් එකකුයි විතරයි. ඒකට මම.. චොක්ලටුයි ස්ට්‍රෝබෙරියි පුරවපු ක්‍රේප්ස්..  මෙහෙම වෙනකොට මට හරි යයිද මම අහන්නෙ... වෙලාවට කන ඒවා මොලේට ජීර්ණය වෙන්නෙ. නැත්තම් මම කන කෑමේ හැටියට මම අලි පැටව් දෙන්නෙක්ගෙ සයිස් වෙන්න ඕන.

"අනිත් එක ජාන්.... "

පපා කිව්වෙ එයා කාලා ඉවර වෙලා ඩයිනින් ටේබල් එකෙන් නැගිටිනකොට. මම කතා හිටිය ක්‍රේප් කෑල්ලත් කටේ ඔබාගෙන එයා දිහා බැලුවා. පපා ඔෆිස් යන්න වගේ ලෑස්තිය. එකාතකට ඒකත් හොඳයි. මොකද මට එතකොට cudu mahaththayaට තව ටිකක් වද දෙන්න පුළුවන්.

"තමුන් ආයෙම මොනවහරි බූරු වැඩක් කරලා තිබ්බොත් මම මිස්ටර් වන්ග්ව තමුන්ගෙ රූම් එකේම නවත්තනවා... "

ඒ පාර මොන පරාල ඇණයක්ද මගේ ඔලුවට කඩා පාත් වෙන්න යන්නෙ.  

ගෙදර ඉඳන් කොලේජ් එකට එනකම්ම මම හිටියෙ ඔලුව ග්ලාස් එකට හේත්තු කරගෙන ඇස් පියාගෙන.නිදාගෙන... මොන පිස්සුද..  නිදාගෙන නෙවෙයි. මම හිටියෙ මේ අලුත් එකාව එලවන්න විදියක් හිතන ගමන්. හැබැයි මේ පාර ප්ලෑන් එක අනිත් සේරටම වඩා හොඳ වෙන්න ඕන. 

"යන්ග් මාස්ටර් ජාන්..  අපි කොලේජ් එකට ඇවිත් ඉන්නෙ... "

එයා කියනකොට මම වටපිට බැලුවා. ඇවිල්ලා නේන්නම්. උදේ ලෙක්චර්ස් පටන් ගන්න වෙලාව කිට්ටු නිසා ගොඩක් අය කොලේජ් එකට එනගමන් ඉන්නකොට මගේ කට කොනට හිනාවක් ආවා. දැන් තමයි cudu mahaththaya ඔයා මගේ හැටි දැනගන්නෙ. අද.ඉතින් ඔයා අල්ලයි මගෙ නැට්ට.

"මිස්ටර් වන්ග්...  අඩි දහයක් පස්සෙන් එන්න.. මොකද මම කැමති නෑ තමුන් මගේ ඇඟේ ඇලෙන්න එනවට. "

එයා මගේ පස්සෙන් එනකොට මම වෙනදා යන පාරේ නොයා කට්ටිය ගොඩක් ඉන්න පාර දිගේ ඇවිදගෙන යන්න පටන් ගත්තා. එයා මට වඩා අඩි දහයක් ඈතින් ඉන්නකොට පාරේ කට්ටිය වැඩි තැනක් බලපු මම ගාල කඩාගත්ත හරකා වගේ දුවගෙන ගියේ වටේම හිටිය අයගෙන් බැනුම් අහන ගමන්. බැනුමක් අහනවා වගේද අරයගෙන් බේරෙන එක.  කොහොමත් දැන් cudu mahaththaya මාව කොහේ අල්ලන්නද..  අපේ ෆැකල්ටි එකේ හැම හෝල් එකකම මාව හොයලා අවසානෙට හොයාගන්න කොට තව පැයක්වත් යනවා...  ඒ වෙනකොට මම කොලේජ් එකෙනුත් මිසින්..

"ආ... හම්පඩයා....."

මම කිව්වෙ ලොකර් එක ගාවට වෙලා කල්පනා ලොව මල් වනේ සැරිසරන බිනාගෙ පිටට හයියෙන් එකක් ගහන ගමන්. ඒකා බය වෙච්ච පාරට හිටිය තැනිනුත් ටිකක් එහාට විසිවෙන කොට ඒකා මගේ දිහා බලාගෙන හිටියෙ අමුතු සතෙක් දිහා බලන විදියට..

"මදෑ දවසක් දෙකක් පාඩුවේ ඉන්න හැදුවා..  තෝව ඊයෙ කිඩ්නැප් කරේ නැද්ද..."

"නොදෝමකින් මෙහෙමත් යාළුවෝ.. තොපි වගේ උන් කඩදාසිවලිනුත් කපන්න පුළුවන්."

මම මූණත් ඇද කරගෙන බිනාට කිව්වා. කොච්චර රණ්ඩු උනත් මට හිටිය එකම යාළුවා බිනා. චූටි කාලේ මමා නෑ කියලා එක එක්කෙනා මට විහිළු කරනකොට මාව බලාගන්න හිටියෙ බිනා විතරයි. කොච්චර මම රණ්ඩු කලත් මම වෙනුවෙන් හිටියෙ එයා විතරක් වෙනකොට මට උනත් එයා එක්ක වැඩි දවසක් තරහ වෙලා ඉන්න හිතුනේ නෑ..

"ඇත්තටම ජානා.  ඒ කවුද.."

"මගේ අලුත් බොඩිගාඩ් බම්.... උඹ දන්නවද මම අද ඒකව අතරමං කරලා ආවා..."

"ජ්..ජානා...."

බිනා එකපාරටම ගොත ගහනකොට මම ඔලුව උස්සලා බැලුවා. මොකද මේකා නිකම් මේ යකෙක් දැකලා වගේ... පිටිපස්සෙ ඉන්නෙ කවුද බලන්න පිටිපස්ස හැරුණු මගෙත් කට ඉබේටම ඇරෙනකොට මම මගේ දිහා අත් දෙකත් බැඳගෙන හෙන සීරියස් විදියට බලාගෙන ඉන්න cudu mahaththayaට දත් තිස් දෙකම පේන්න සිග්නල් ඇඩ් එකේ වගේ හිනාවක් දැම්මා. ඒත් කියන්න සන්තෝසයි... කිසි වැඩක් උනේ නෑ.   ඒකා ගල් ගිලලා වගේ බලාගෙන ඉන්නවා.

"ඔයා ආවද....."

"දුවලා ඉවරයිද යන්ග් මාස්ටර් ජාන්..."

මේ මනුස්සයා එක්ක මට රෙද්දක් ඇඳගෙන ඉන්න වෙන්නෙම නෑ වගේ. ඇයි යකෝ... එයා කියන කිසි දේකට දෙන්න උත්තරයක් නැති තැන මම බෑග් එක ලොකර් එකට දාලා පොත් දෙකක් විතරක් එලියට ගත්තා.

මම බිනා එක්ක ලෙක්චර් හෝල් එක දිහාවට ඇවිදගෙන ගියා. වෙනදට මම යනකොට මගේ දිහාවට රේඩාර් ඔන් කරගෙන ඉන්න සේරම අද cudu mahaththaya දිහාවට රේඩාර් ඔන් කරගෙන ඉන්නකොට මට පොඩියට වගේ මෙව්වා එකක් දැනුනා. පොඩ්ඩයි හොදේ.. ගොඩක් නෙවෙයි. ඇයි ඉතිං ඒකෙනුත් අඩු වෙන්නෙ මගේ ෆෑන් බේස් එකනේ. ෆෑන් බේස් එක තමා වටින්නෙ. දැන් බලන්න ඔය මෙළෝ රෙද්දක් කරන්න නොදන්න උන් උනත් පොලොවට අඩි දහයක් විතර උඩින් යන්නෙ එයාලට ගොට්ට අල්ලගෙන ඉන්න ෆෑන් බේස් එක නිසානේ.. පුඃ... මල විකාර...

"බිනා... වරෙම් බම් යන්න... "

මම බිනාවත් ඇදගෙන ලෙක්චර් හෝල් එක ඉස්සසරහට එනකොටම මගේ කකුල් දෙක නැවතුනා. මෙච්චර වෙලා ආතල් එකේ හිටිය මගේ දත් ටික එකට පූට්ටු වෙනකොට මගේ අතේ තිබ්බ පොත රෝල් වෙලා ගියා.

"ඖකන්නා....."

Anastasia Wang ❤️‍🔥21.08.22

දොළහෙන් පස්සෙ එන්නම්

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories