𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟶𝟻
14:47, 29 September 2024දෙකක් දැම්මා. කලින් එකත් බලාගෙනම එන්න
𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ⁰⁵ 'එයාට සික්ස් පැක් තියෙනවා '
"මෙන්න ඔයාගෙ iced green tea latte එක. Double cream එක්ක වැඩිපුර තත්පර තිහක් බ්ලෙන්ඩ් කරලා... "
විනාඩි දහයකට විතර පස්සෙ එයා ඇවිත් මට මම ඉල්ලපු ලතේ එක දෙනකොට මගේ කට ඉබේටම ඇරුණා. මේ මනුස්සයට මම කියපු එක තේරුණද.. මම කියාගෙන ගියේ බුලට් ට්රේන් එකක් වගේනේ. දැන් නම් මට ඇත්තටම මෙයා මනුස්සයෙක්ද කියලත් සැකයි. වෙස්වලාගත්ත වැම්පයර් කෙනෙක් හරි වෙයාවුල්ෆ් කෙනෙක් හරි වෙන්න බැරිද... එහෙමත් නැත්නම් ශේප් ශිෆ්ටර් කෙනෙක්... එයා කවුරු උනත් වැඩක් නෑ. එයාව එලවලා දාන්න මම කරපු කිසි දෙයක් හරි ගියේ නෑනේ.
මම කිසි කතාවක් නැතුව ලතේ එක බොන්න ගත්තා. ඒ වුණාට ෆ්රන්ට් මිරර් එකෙන් එයා දිහා බලාගෙන හිටිය මට එයාගෙ කට කොනේ ඇඳිච්ච හිනාව පේනකොට මගේ කම්මුල්වලට ලේ පිරෙනවා මටම දැනුනා. එයාගෙ කටහඬ වගේම එයාගෙ හිනාවත් මාර සෙම්සිනේ... එයත් සෙම්සි කටහඬත් සෙම්සි හිනාවත් සෙම්සි... හැබැයි ඉතින් ඒක එහෙම උනාට මට පාන්ද නේත...
"යන්ග් මාස්ටර් ජාන්.... "
එයාගෙ කටහඬ ටිකක් සීරියස් වෙනකොට මම ලතේ එක බොන එක නවත්තලා එයා දිහා බැලුවා. එයත් ඒ වෙලාවෙම වගේ මගේ දිහා බලනකොට අපේ ඇස් තත්පර ගාණකට මුණ ගැහෙනකොට එයා ඉක්මනට අනිත් පැත්ත බලාගත්තා.
"අර ගෑනු ළමයා කවුද...."
"ඇයි කසාද බඳින්නද...."
ඖකන්නව මතක් වෙච්ච තරහට මම එයාට බනිනකොට එයා ආයෙමත් කට කොනින් හිනා වුණා. අපි හිටියෙ ට්රැෆික් එකේ හිර වෙලා වෙනකොට එයා ස්ටියරින් වීල් එක උඩ තිබ්බ එයාගෙ අතකින් ඒකට හෙමිහිට තට්ටු කලා.
"ඒකත් අවුලක් නෑ.. කෙල්ල ලස්සනයි...."
මෝඩ බූරු පත්තෑයා... මම කටින් නොකිව්වට හිතෙන් කිව්වා. මොකද ඕක කටින් කිව්වොත් මේකා හිතයි මම ඉරිසියාවට කිව්වා කියලා. මට ඇති ඉරිසියාවක් නෑ. මට ඕනි ඖකන්නා වගේ එකකින් අහිංසක ජීවිතයක් බේරලා පිනක් කරගන්න.
"ඒ ඇමී ශෙන්ග්.. Zones Entertainment එකේ Chairmanගෙ දුව...."
මම කිව්වෙ අහක බලාගෙන. ඒත් මට ග්ලාස් එකෙන් එයාව පේනවා. එයාගෙ මූණ එකපාරටම අමුතු වුණා. සමහරවිට පපා දැනටමත් එයාට කියලා ඇති. එයා ආයෙමත් වචනයක්වත් නොකියන කොට මමත් ග්ලාස් එකට හේත්තු වෙලා එලිය බලාගෙන හිටියා.
ගේ ඉස්සරහින් කාර් එක නවතිනකොට මම කාර් එකෙන් එලියට බැහැලා උඩට දිව්වා. මගේ අසරණ රූම් එක.. අද ඉදලා මගේ නිදහස නැති වෙනවා නේද කියලා මතක් වෙනකොට මට හික් ගෑවුණා. දැනටමත් එයාට මගේ රූම් එකේ ඉඩක් වෙන් කරලා තියෙනකොට මම මගේ ඇඳට වැටුණා. එයා අද ඉදලා ඉන්නෙ මාත් එක්ක. මගේ් බාත්රූම් එකටත් එයා යනවා. මගේ වර්ඩ්රොබ් එකට එයාගෙ ඇඳුමුත් දායි. රූම් එකට තව ඇඳක් දාලා නෑ කියන්නෙ මට ඉන්න වෙන්නෙ එයා එක්ක එක ඇඳකද... මට බෑ අෆ්ෆා මේක කරන්න... එක්කො රූම් එකේ තියෙන්නෙ සෝෆා බෙඩ් එකක් නිසා ඇඳක් දාන එකක් නැති වෙයි. හොඳ වෙලාවට මම ඒකක් ඕන කියලා කිව්වෙ. යන්තම් ඇඳේ ප්රශ්නෙ විසඳුනා. කොහොමහරි එයාව මේකෙන් එලවගන්නම ඕන..
මම එයාව රූම් එකෙන් එළවන්න ප්ලෑන් කරන අතරේ එයා රූම් එකට ආවා. මම ඒ වෙනකොට හිටියෙ මගේ කොට්ටෙට මූණ ඔබාගෙන. මම යන්තම් ඇහැක් උස්සලා බලනකොට දැක්කෙ එයා ඇඳගෙන හිටිය බ්ලේසර් එක ගලවනවා. මෙයා මට මෙතන ෆ්රී ෆිල්ම් එකක් පෙන්නන්නද යන්නෙ...
වැඩි දෙයක් උනේ නෑ. එයා බ්ලේසර් එක ගලවලා පොතකුත් අරගෙන සෝෆා එකෙන් හාන්සි වුණේ මගේ දිහා හැරිලවත් බලන්නෙ නැතුව. ඇත්තටම මට සැකයි මේ මනුස්සයට පොඩ්ඩක් හරි ෆීලින්ග්ස් තියෙනවද කියලා. මොකද මට පේන හැටියට නම් එහෙම දෙයක් නෑ. නැත්තම් මේ තරම් සෙම්සි මම ඉන්නකොට යන්තම්වත් නොබලා ඉඳියිද...
පැයක්, දෙකක් විතර ගියා. මම එයා මගේ දිහා බලයිද කියලා බලාගෙන ඉඳලා ඉබේටම නින්දට වැටිලා තිබුණා. මම නැගිටිනකොටත් cudu mahaththaya හිටියෙ පොත දිහා බලාගෙන. දැන් මට ඔය පොත ඉරලා පුච්චන්න හිතෙනවා. ඇයි මගුල
මම කලේ ඇඳෙන් බැහැලා පොඩ්ඩක් සද්දෙට අඩි තියලා රූම් එකේ එහාට මෙහාට ඇවිදපු එක. හිතුවා වගේම එයාගෙ ඇස් මගේ පැත්තට හැරෙනකොට මම කලේ ඇඳගෙන හිටිය ටී ශර්ට් එක ගලවලා දාපු එක. මගේ ගාව විනාඩියක් විතර නැවතිලා තිබ්බ එයාගෙ ඇස් ආයෙම පොතට වැටෙද්දි මට කේන්ති යාගෙන එනකොට මම එයාගෙ ගාවට ගිහින් එයා බල බල හිටියා පොත ඇදලා ගත්තා.
"තමුසේ මොකක්ද මම ඇඳුම් මාරු කරනකොට මගේ දිහා බලාගෙන කරන්නෙ.. "
"ඔය කටු බොඩියෙ මොනවා බලන්නද..."
එයා කිව්වෙ මගේ අතේ තිබ්බ පොත ගන්න හදන ගමන්. ඒ උනාට ඒකට ඉඩ නොදී මම ඒක මගේ පිටිපස්සට කර ගත්තා...
"පිළිගන්න.. මට ඔයාට වඩා හැන්ඩ්සම් ඇඟක් තියෙනවා කියලා.. "
මම කියනකොට කට කොනින් හිනා වුණ එයා අඩියෙන් අඩිය මගේ ගාවට එනකොට මට ඉබේටම කකුල් දෙක පිටිපස්සට ගියා. මම නෙවෙයි ගියේ. මගේ කකුල් දෙක.. වැරදියට තේරුම් ගන්න එපා.. පිටිපස්සෙන් පිටිපස්සට ගියා මම ඇඳේ පැටලිලා ඇඳ උඩට ඇදගෙන වැටෙනකොට එයා මගේ මූණට බර වුණේ එක කකුලක් ඇඳ උඩ තියලා. එයාගෙ අත් දෙක ඇඳගෙන හිටිය ශර්ට් එකේ බට්න්ස් එකින් එක ගලවලා දානකොට මට හිතුනේ ඒඑක දෙයයි. මේ යකා හදන්නෙ මාව රේප් කරන්න....
"ඔයා හැන්ඩ්සම් ඇඟක් කියන්නෙ ඔය කටු බොඩියට නම්... මේකට කියන්නෙ මොකක්ද..."......."යන්ග් මාස්ටර් ජාන්....."
එයාගෙ හුස්ම මගේ බෙල්ලෙ වදින තරමට මගේ ගාවට ළං වෙලා එයා කියනකොට මටත් කීකරු නැති මගේ ඇස් එයාගෙ ඇබ්ස් උඩ නැවතුනා. මගේ ඇස් එයාව මේ වෙනකොටත් රේප් කරන්න පටන් අරගෙන තියෙනකොට මගේ අත් ඉබේම දික් වුණේ එයාගෙ ඇබ්ස්වලට.. එයාට සික්ස් පැක් තියෙනවා.. මට ඒවා අල්ලන්න ඕනි වුණත් මගේ අත් ඒවා උඩ නවතින්න කලින් එයා මගේ අත අල්ලගත්තා..
"මම කැමති නෑ යන්ග් මාස්ටර් ජාන් වගේ කෙනෙක් මාව අල්ලනවට.. "
එයා කියනවත් එක්කම වගේ මගේ තොල්වල එයාගෙ තොල් වැදෙන නොවැදෙන ගාණට පහත් වුණා. එයා පිට කරන හුස්ම මගේ ඇඟේ වැදෙන කොට මගේ ඇඟ පුරා කරන්ට් එකක් යනවා වගේ දැනෙනකොට මට ඉබේටම ඇස් පියවුණා...
Anastasia Wang ❤️🔥23.08.22
මේ ඊයෙ එක...
අද ඒක රෑට....
Amyට ඉන්නෙ Lee Joo Young කියන south Korean actress . විලන් කෙනෙක්ට ගැලපෙන කෙල්ලෙක් හොයනකොට එයාව දැක්කෙ.
Amy ටික කාලෙකට එහාට දාමු. මොකද පටන් ගත්ත ගමන් බාල්දි ඕන නෑනේ.
හැබැයි ඉතින් ඖකන්නා කියන්නෙ Yang Zi අක්කටත් වඩා එපාම කරපු බාල්දියක්ලු 🙂😁
There are no comments yet. Log in to be the first to leave a review!





