Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟶𝟼

14:47, 29 September 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ⁰⁶'ඒක එහෙම එකක් නෙවෙයි '

"ඇස් දෙක පියා ගත්තට වැඩක් නෑ. මම ඔයා වගේ කැහැටු කොල්ලෙක් කිස් කරන්නෙ නෑ..."

එයා මගේ කන ගාවටම ළං වෙලා කිව්වෙ මගේ ඇඳේ හෙඩ් බෝඩ් එක ගාවට විසි වෙලා තිබුණ එයාගෙ පොත ගන්න ගමන්. එතකොට මේ මනුස්සයා මගේ ඇඟට නැවුනේ ඒ පොත ගන්නද. වස විලි ලැජ්ජයි සාම්ත. දැන් කොහොමද මම මේ යකා ඉස්සරහ රෙද්දක් ඇඳගෙන ඉන්නෙ. මම ඇස් දෙක පියාගෙනම ඉන්නකොට එයා ගිහිං ආයෙම අර සෝෆා එකට වැටෙන සද්දෙ මට ඇහුනා. විනාඩි ගාණක් යනකම් ඇහුනේ එයා පොතේ පිටු පෙරළන සද්දෙ විතරක් වෙනකොට මම යන්තම් ඇහැක් ඇරලා එයා දිහා බැලුවා. ම්හුක්... ඒ යකාට මගේ දිහා බලන්න කිසි ඕනි කමක් නෑ. කමක් නෑ. මගේ දිහා බලාගෙන ඉන්නෙ නැති එක වඩාත් හොඳයි.

"ජාන් බේබි...."

ආන්ටි ශැන්ග්ගෙ කටහඬ ඇහෙනකොට ඇඳෙන් බැහැපු මම දොර අරින්න හැදුවා. ඇත්තටම කිව්වොත් පපා කියනකම් මට රූම් එකෙන් එලියට යන්න තහනම් කරලා තිබ්බා. වෙනදට මම ඒවා අහන්නෙ නෑ තමයි. ඒත් ඉතින් තල්මහෙක් වෙරලට ගොඩ ගැහුවා වගේ මේ cudu mahaththaya ඉන්නවනේ මගේ රූම් එකෙන් හෙල්ලෙන්නෙ නැතුව. නැත්තම් මම මේ වෙනකොටත් ගෙදරත් නෑ.

"ඔහොමද එලියට යන්න හදන්නේ...."

Cudu mahaththaya කිව්වෙ පොතෙන් ඇස් අයින් කරන්නෙවත් නැතුව.

"කොහොම.."

හත්තලාමයි. මම මෙච්චර වෙලා ඉදලා තියෙන්නේ ශර්ට් එක නැතුව නේ. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. මේ වෙලාවට තමයි හිතෙන්නෙ කවුරුවත් නැති පාළු දූපතට වෙලා මුහුද අයිනේ කැෆේ එකක් දාගෙන ජූස් විකුණන්න. ඇයි අෆ්ෆා. මම මෙච්චර වෙලා cudu mahaththaya  ෆ්‍රී ෆිල්ම් පෙන්නනවා කිව්වට බලාගෙන යනකොට ෆිල්ම් එක පෙන්නලා තියෙන්නෙ මමනේ. මම ඉක්මනට ටී ශර්ට් එක ඇඳගෙන ගිහිං දොර ඇරියා.

"ජාන් බේබි ට ලොකු මහත්තයා ඔෆිස් එකට එන්න කිව්වා.."

ආන්ටි ශැන්ග් කියලා යනකොට මම නිකමට වගේ මගේ දිහා බැලුවා. තවම මම කොලේජ් යන්න ඇඳපු ඇඳුම පිටින්. හරි ඉතිං වොෂ් දැම්මෙ නෑ කියලා කොල්ලා ගඳ නෑ. ඒ වුණාට පපා ගාවට යනකොට මෙහෙම යන්න බෑනේ. මම එහෙමම වොෂ් රූම් එකට රිංගගත්තෙ ඇඳුමකුත් අරගෙන. දැන් ඉතින් ඉස්සර වගේ හෙළුකුට්ටෙන් රූම් එකේ දඟලන්න වෙන්නෙ නෑ නේත කියලා මතක් උනාම හරි වේදනායි.

මම වොෂ් දාගෙන එලියට එනකොට එයා ආයෙම බ්ලේසර් එක ඇඳගෙන සෝෆා එකේ වාඩි වෙලා හිටියා. ඒ වගේම එයාගෙ අතේ තවමත් අර පොත තිබුණා. මම හිතන්නේ මේ මනුස්සයට ඔය පොත දෙන්න ඇත්තෙ එක්කො වයිෆ්. නැත්තම් ගර්ල් ෆ්‍රෙන්ඩ්. එහෙම නැත්නම් ඕකම බදාගෙන ඉන්නෙ නෑනේ. දැන් පැය කීයක්ද නේත. ඒක නෙවෙයි.. ඇත්තටම එයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි වයිෆ් කෙනෙක් හරි ඉන්නවා ඇතිද..

"ඔයා කොහෙද එන්නෙ.. "

මම රූම් එකෙන් එලියට එනකොට මගේ පස්සෙන් ආවා cudu mahaththayaගෙන් මම ඇහුවා. මේක හෙන මඟුලක් උනානේ. මට මගේ ගෙදර අස්සෙවත් පාඩුවේ කොහෙවත් යන්න බෑද.

"සොරි යන්ග් මාස්ටර් ජාන්... මට ඔයාව ගේ ඇතුලෙවත් තනියම යවන්න එපා කියලා තියෙන්නෙ..."

පපා.... මට අර ගිනි ගන්න එක මැද හිනා වෙන ස්පොන්ජ් බොබ් වගේ ෆීලින් එකක් දැනුනා. ඇත්තටම දැන් නම් මාව පිච්චෙනවා වගේ. ඉදලා ඉදලා පපා මගේ බෙල්ලටම තොණ්ඩුව දාලා එහෙනම්. මොනවා උනත් මම වගේ අහිංසක පූස් පැටියෙක් වගේ කොල්ලෙක් ට මෙහෙම කරන එක සාධාරණද.  පූස් පැටියෙක් කිව්වම මතක් උනේ. කෝ මගේ ටූත්ලශ්.. අද දවසටම දැක්කෙ නෑ..

පැයක විතර දේශනේකට පස්සෙ මම පපාගෙ ඔෆිස් රූම් එකෙන් එලියට ආවා. ඇයි අප්පා ගෙදර මනුස්සයෝ බනින්න ගියාම සූටි කාලේ කරපුවත් මතක් කර කර බනින්නෙ.. ඩිටෙන්ශන් එකට පලා මට බනින්න පටන් ගත්ත එක නැවතුනේ මීට අවුරුදු පහකට විතර කලින් පපාගෙ ඇඟේ එල්ලෙන්න ආව එයාගෙ සෙකට්‍රිගෙ බෑග් එකට මැරුණු මීයෙක් දාපු එකෙන් වෙනකොට පපාගෙ බැනුම් අහලම ගොඩ වෙච්ච මගේ කන් දෙක ඇඟිල්ලෙන් හාර හාර එලියට ආව මම එහෙමම දොර ගාව නැවතුනේ මගේ කට බිම වැදෙන තරමට ඇරෙනකොට. මේ මොන අපරාදයක්ද හච්ජෙයියනේ...

"ටූච්ලශ්.....  තමුසෙ මොන හිතකින් ද මට බූට් එක තියලා cudu mahaththaya එක්ක යාළු වුණේ. "

(කළු පූසෙක් කියලා හිතාගන්න. )

මම එලියට එනකොට අද දවසටම දැක්කෙ නැති ටූත්ලස් cudu mahaththayaගෙ අතට වෙලා එයාගෙ මූණ ලෙවකන ගමන් හිටියා. මට මේ ලෝකෙ ඉවසන්නම බැරි දේවල් වලින් එකක් උනේ මම ආදරේ කරන අය වෙන අයට ආදරේ කරන එක වෙනකොට මගේ පණ වගේ හිටිය ටූත්ලශ් cudu mahaththayaට ලං වෙලා ඉන්න එක මට දරාගන්න බැරි වුණා. පපා බනින වෙලාවට උනත් මම මගේ දුක් කියන්නෙ ඌට වෙනකොට මාව දැකලත් දැක්කෙ නෑ වගේ ටූත්ලශ් cudu mahaththayaගෙ ඇඟේ ඇතිල්ලෙන කොට මට තරහ ගියා. පපා බැනපු එකේ තරහයි මගේ නිදහස නැතිවෙච්ච තරහයිත් ඒකට එකතු වෙනකොට මම cudu mahaththayaගෙ අතේ හිටිය ටූත්ලශ්ව ඇදලා ගත්තෙත් රවන ගමන්.

"තවුසෙ ආයෙම මගේ පූසව අල්ලන්න එපා..."

මම එහෙමම ටූත්ලශ්ව උස්සගෙන ආවේ බාත්රූම් එකට. මොන හේතුවකටද මන්දා මට එයා Cudu mahaththayaට තුරුළු වෙලා ඉන්නවා බලාගෙන ඉන්න බැරි වෙනකොට මම කලේ එයාව සින්ක් එකට දාලා ටැප් එක ඇරියා.

තනි කළු ටූත්ලශ්ව වතුරට පෙඟිලා හෙණ ගහපු චුපකාබ්රා වගේ පේනකොට ඌ මගේ දිහා බලාගෙන හිටියෙ ඔබට සතුටුයිද දැන් වගේ පෙනුමකින්. කවදාවත් නැතුව මගේ අතත් හූරලා ටූත්ලශ් පැනලා යනකොට ගොනා වගේ බාත්රූම් එකේ දොර වහන්න අමතක වෙච්ච මම මොකාද එකා වගේ බලාගෙන හිටියා. ඌටත් මාව එපා වෙලාද මන්දා.. 

වතුරත් හලාගෙන දුවපු ටූත්ලශ් නිසා මගේ රූම් එකේ ටයිල් ලිස්සන්න අරගෙන තියෙන නිසා පරිස්සමින් අඩිය තියන තිය ආව මම දැක්කෙ ටූත්ලශ්ව පිහිදන cudu mahaththayaව. ඒකත් එහෙමයි එහෙනම්. ඔයා ඇත්තටම මට බූට් එක තිබ්බා නේත ටූත්ලශ්. කමල්ලෑ ජුකක් නෑ. මම තනියෙන් මේ වේදනා දරා ගන්නම්.

ටූත්ලශුයි උගේ අලුත් අයිතිකාරයයි ගණන් ගන්නෙ නැතුව මම ඇවිත් ඇඳට නැගලා පෝන් එක අතට ගත්තා. ඇස් කොනින් cudu mahaththaya දිහා බැලුව මම දැක්කෙ එයා ටූත්ලශ්ව හුරතල් කරනවා වෙනකොට මම වෙයිබෝ එකේ තිබ්බ පෝස්ට් ඔහේ ස්ක්‍රෝල් කරගෙන ගියා. ඒත් එක්කම හම්පඩයගෙන් මැසේජ් එකක් එනකොට මම වී චැට් එකට ලොග් වුණා.

අඩෝ ජානා...  අරක වීඩියෝ වෙලා තිබුණ කාර් එක මේක...

ඒ මැසේජ් එක එක්ක බිනා එවලා තිබුණේ වීඩියෝ එකක්. මූට ඒකෙ පොටෝ එකක් ගහලා එවන්න බෑද දන්නෑ. කමක් නෑ. ආයෙ ගියාම ඔය කාර් එකටත් මම වැඩේ දෙන්නම්. යතුරක් අරගෙන ගිහිං මම ඕක හූරනවා. අනිවා කරනවා. එහෙම හිතන ගමන් මම යූ බින් එවලා තිබ්බ වීඩියෝ එක ප්ලේ කරා...

"ආහ්... ආ....ආහ්..."

කලබලේට මගේ අතින් පෝන් එකත් බිමට වැටෙනකොට ටූත්ලශ් අතේ තියාගෙන හිටිය එකා ඇස් දෙක මොකක්ද කරගෙන මගේ දිහා බලාගෙන හිටියා.

"අනේ... ඒක එහෙම එකක් නෙවෙයි..."

Anastasia Wang ❤️‍🔥27.08.22

එහෙම එකක් නෙවෙයිලු.

කවදාවත් යාළුවෝ එවන කිසිම වීඩියෝ එකක් hand free නැතුව ප්ලේ කරන්න එපා.

Imeshahansani  Happy birthday පොක්ක

මේ මනුස්සයා පොඩ්ඩක් සනීප නැතුව හිටියෙ 🙂.

මේ ඉන්නෙ මගෙ චූච්ලශ්. එයාගෙ පොටෝ ගන්න එක කරන්න බැරි වැඩක්. ඔය ගත්තෙත් ලේනෙක් අල්ලලා මගෙන් ගුටි කාලා නිදාගෙන ඉන්නකොට. ඔය පූසට ජාන් දුන්න වද සේරම මම මෙයාට දෙන ඒවා 😂

රෑ වෙලා summoner of Death එක්ක එන්නම්. කුමාරයා දෙන්න විදියක් නෑ. මගේ ඔළුව විකාරයි.  යක්සාරූඩ වෙලා ඉන්නෙ මේ දවස්වල. වෙඩිම අස්සෙ ජාන්ව මැරුවොත් එහෙම 🙂

Meanwhile මේ වෙලාවේ ජාන්

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories