Fanfics

𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟶𝟸

14:46, 29 September 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ⁰²' Cudu mahaththaya '

"මාව බිමින් තියනවා"

"මාව බිමින් තියනවා මෝඩ ඌරෝ...."

"මම ආයෙ කියන්නෑ .. "

"මාව බිමින් තියපාපාපාන්..... "

මම කිව්වෙ මාව උස්සගෙන යන එයාගෙ  පිටට අත් දෙක ගුලි කරලා ගහන ගමන්. ශුවර් එකටම මේකගෙ කන් ඇහෙන්නේ නෑ. නැත්තම් ඉතිං සූටි ඝාන්ටාරයක් වගේ මගේ කටේ සද්දෙට එයාට ඇහෙන්නෙ නැති වෙන්න කොහෙත්ම ඉඩක් නෑනේ. මම එයාගෙන් බේරෙන්න දැඟලුවත් මාව එයාගේ අත්වලට තදට හිර වෙලා තිබුණා. සේරටම වඩා එයා මාව උස්සගෙන හිටියෙ මගේ මූණ එයාගෙ පිට පැත්කට වැටිලා කකුල් දෙක එයාගෙ ඇඟේ ඉස්සරහ පැත්තට වෙන්න තියෙන විදියට. යකෝ මේ මනුස්සයා හිතාගෙන ඉන්නේ මම අල ගෝනියක් කියලවත්ද... හැබැයි ඉතින් ඒකෙත් වාසියක් තියෙනවා. මේ මනුස්සයගෙ වයිෆිට දෙවි පිහිටයි...

"ආආආආව්......."

මාව පැහැර ගෙන යන එකාගෙ අනාගතේ අඳුරු කරන්න කියලා හිතාගන දික් කරපු මගේ කකුල යකඩ ගොඩක් වගේ එකක වැදෙනකොට මම හයියෙන් කෑ ගැහුවා. මට දැන් හොඳටම විශ්වාසයි... මම මෙච්චර දවසක් මගේ බොඩිගාඩ්ලට කරපුවා මටම පල දෙනවා. කකුල වැදුණු පාරට ෆියුස් ගිහිං වගේ හිටිය මාව එකපාරටම ගැස්සිලා ගියේ මගෙ කිඩ්නැපර් කාරයා මාව කාර් එකක් අස්සට ඔබනකොට. ඔව්.. ඔයා කියෙව්වෙ හරියට. ඒකා මාව කාර් එකකට එබුවා තමා. පොඩ්ඩක් ඉන්න... මේකා මාව අපයෝජනය කරන්න යනවාවත්ද.... කැප් එකකට වැහිලා තිබුණා උනාට මම ඒකගෙ  මූණේ දැක්කෙ මහ මරුමුස් හිනාවක්...

"තමුසේ කවුද කිය.. ම්ම්හ්ක්..."

මේ යකා මගේ කටට එබුවේ නැතෑ ලේන්සුවක්... මේක හෝදලද දන්නෙත් නෑ. මේ යකා මේකෙන් හොටු පිහිදලාද දන්නෑ.. eww... ඒක හිතෙනකොටත් මට නිකන් වමනේ යන්න වගේ ආවා. මම හැදුවේ මගේ කටට ඔබපු ලේන්සුව අයින් කරන්න උනත් මට වඩා ඉක්මන් වුණ කිඩ්නැපර් කාරයා මගේ අත් දෙක එකට අල්ලලා ගැට ගැහුවා.

"පාඩුවේ වද නොදී හිටියොත් කිසි කරදරයක් වෙන එකක් නෑ... "

මගේ දිහා බලාගෙන එයා කියනකොට මට ඉබේටම ඔලුව වැනුනා.. ඒ කටහඬ... ඒක මාර ගැඹුරුයි... ඊටත් වඩා ඒක මාර සෙම්සි....ජාන්... තවුසේ මොනවද ඕයි මේ හිතන්නෙ... ඒ තවුසෙව කිඩ්නැප් කරපු එකා..  ඒකගෙ කටහඬේ සෙම්සි ගතිය හොයන්නැතුව මෙතනින් පැනලා යන්න විදියක් හිතපන්....

ආව්ව් අෆ්ෆා.... මේ යකා වංගු ගන්නවද නැත්තම් හිතලම සිග්සැග් හැඩේට යනවද..  අත් දෙක ගැටගහලා හිටිය මම කාර් එක එහාට හැරෙන කොට පිටිපස්සෙ ශීට් එකේ එක පැත්තකට ගිහින් දොරේ වැදෙනවා. ආයෙ මෙහාට හැරෙන කොට ගිහින් අනිත් පැත්තෙ දොරේ වැදෙනවා. දොරවල් දෙකේම වැදිලා මගේ උරහිස් දෙකම රිදෙනවා.  මට මේ කරන අපරාදෙට මේ කිඩ්නැපර් කාරයගෙ උරහිස් දෙකම පනින්න ඕන... ඒස්වා පුඃ....

"මහත්තයා එහෙනම් දැන් කාර් එකෙන් බැස්සා නම්...."

'බහිනවා තමයි.  පැලවෙලා ඉන්නෙ නෑ සෙද්ද... '

කටින් නෙවෙයි කිව්වෙ හිතින්.. හිතින් කිව්වෙ බයට කියලා හිතන්න එපා. මගේ කටට ලේන්සුවක් ඔබලනේ. නැත්තම් මම කියන්නෙ ඇහෙන්න තමා..  මම කිඩ්නැපර් කාරයා දිහා බලලා ඇස් දෙක හීනි කරලා රැව්වා.. මොනවා උනත් ඒ සෙම්සි වොයිස් එකට හිත ඇදීලා යනවා...

"රවලා ඉවරයි නම් ඇතුලට යමුද..."

මම එයාටත් ගස්සගෙන ඇවිදගෙන ආවා. යන්නෙ කොහෙද කියලා දන්නැති වුණාට ඇරලා තිබ්බ දොරකින් ඇතුලට ආව මම එකතැනම නැවතුනා. ඇයි මේ කිඩ්නැපර් කාරයගෙ ගෙදර නිකන් මගේ ගෙදර වගේ පේන්නෙ... මම හිතන්නෙ කාර් එකේ දොරේ වැදුණු පාරට මගේ මොලේ හෙල්ලිලා...

"ජාන්... "

ඒ පාර මට පපාගෙ කටහඬත් ඇහෙනවා. ඇත්තටම මොලේ හෙල්ලිලා තමයි. නැත්තම් මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද.. එකපාරටම ගැටගහලා තිබ්බ මගේ අත් දෙක ලීහෙනකොට මම මෙච්චර වෙලා කටේ හිර වෙලා තිබුණ ලේන්සුව අයින් කරා.. ඒක අයින් කරලා මම පිටිපස්සට හැරුණේ කිඩ්නැපර් කාරයට හොද දෙකක් කියන්න. ඒත් ඊට කලින් මගේ කට ඉබේටම ඇරුනා.

"කවුද යකෝ මේ cudu mahaththaya.... "

"ජාන්...... "

ආයෙම පාරක් මට පපාගෙ කටහඬ ඇහෙනකොට මම හැරිලා බැලුවා. නෑ. මගේ මොලේ හෙල්ලිලා නෑ... පපා ඇත්තටම එතන ඉන්නවා.  පොඩ්ඩක් ඉන්න..  එතකොට මොන මඟුලටද cudu mahaththaya මාව කිඩ්නැප් කරලා මගේ ගෙදරටම ගෙනාවේ...

"ප්....පපා....."

"තමුන්ගෙ හැටි බලනවා ජාන්..  බේබද්දෙක් වගේ බීලා...  දැන් තමුන්ගෙ රූම් එකට යනවා.... හෙට උදේට මේ ගැන කතා කරමු...."

පපාගෙ කටහඬ ඇහෙනකොට මම ගියා නෙවෙයි යැවුනා. කොච්චර කොහොම උනත් මම එයාට බය නෑ. ඒත් එයාට තරහ ගියාම  ඒක වෙනම කතාවක් වෙනවා. අද දවසට මම පපාට අනුව දරුණුම ගණයේ වැරදි දෙකක් කරලා තියෙනකොට හෙට අනිවාර්යයෙන්ම මට පනිශ්මන්ට් එකක් ශුවර් වෙනකොට මම උඩට ගියේ ඒක තව වැඩි කරගන්න බැරි නිසා..

"ජාන් බේබි......"

"ජාන් බේබි.... දැන් නැගිටින්නකෝ.... "

"පීස් තව විනාඩි පහක් ඉම්න දෙන්න.... "

මම කිව්වෙ ආයෙමත් වතාවක් කම්ෆර්ටර් එක අස්සට රිංගන ගමන්. උදේ පාන්දරින් නැගිටිනවා කියන එකම මට මහ කරදරයක් වෙනකොට මට ඕනි උනේ තව පැය දෙකක්වත් හොඳට ගුලි වෙලා නිදා ගන්න. මොකද අද උදේ පාන්දරම මේ අශරණ කොල්ලගෙ ඔළුවත් රිදෙනවා. මොන මගුලකට මම ඊයෙ බිව්වද මන්දා...

"ජාන්... නැගිටිනවද නැද්ද...."

මෙච්චර වෙලාවක් ඇහුණු ආන්ටි ශැන්ග්ගෙ කටහඬ වෙනුවට පපාගෙ කටහඬ ඇහෙනකොට මම ඉබේටම ඇඳ උඩ වාඩි වුණා. පපා කොයි වෙලාවෙද ආවේ...

"මම නැගිටලා ඉන්නෙ පපා.... "

"නැගිටලා ඉන්නෙ කියන්න මටත් පේනවා... විනාඩි පහළවක් දෙන්නම්..  පහළට එනවා.. තවම ඊයෙ ප්‍රශ්නෙ විසඳලා ඉවරත් නෑනේ...."

පපා කියනකොට මට ඉබේටම කෙළ ගිළුණා. ඒක අමතක වෙලා නෑද.. මම හිතාගෙන හිටියෙ දෙයියනේ කියලා මේ වෙනකොට ඒක අමතක වෙලා ඇති කියලා. ඒත් ඒක එහෙම නොවෙනකොට මම ඕනි මඟුලක් කියලා ඇඳෙන් බැස්සා. දැන් වෙලාවට පහළට නොගියොත් පනිශ්මන්ට් එක තව වැඩියි.

වෙනදා පුරුද්දට මට අදත් බැල්කනි එකට යැවෙනකොට මම දැක්කෙ වෙනදට නොදකින දෙයක්. Cudu mahaththaya ජොගින් කරනවා... අම්නේ... ඒකගෙ ලස්සන... හොම්බට හැටක් අනින්න හිතෙනවා. ඊයෙ මාව ක්ලබ් එකෙන් කිඩ්නැප් කරලා අල ගෝනියක් වගේ ඔළුව පහලට හිටින්න උස්සගෙන ආවා. ඒ මදිවට අත් ගැට ගහලා කටට ලේන්සුවක් එබුවා. නැති වංගු අරගෙන උරහිස් දෙකත් රිද්දුවා.... බලාගෙන ඉන්නකො cudu mahaththaya... මම මේවට පිළිගන්නෙ පන්න පන්න.... යාහ්... හරියට ශිවන්‍යා වගේ... ස්ස්ස්ස්...

විනාඩි දහයෙන් වොෂ් කරගෙන මම වෙනදා විදියට කොලේජ් යන්න ලෑස්ති වෙලා පහළට එනකොටත් පපා ඩයිනින් ටේබල් එක ගාව වාඩි වෙලා හිටියා. එයාට එහා පැත්තෙන් ඉඳගෙන හිටියෙ cudu mahaththaya... මේ යකා ඇත්තටම කවුද අෆ්ෆා..... හිත පුරා දැවෙන ප්‍රශ්න පිනුම් ගහනකොට මම ගිහිං පුරුදු තැනින් වාඩි වුණා.

"ජාන්...  මේ ඉන්නෙ මිස්ටර් වන්ග් යීබෝ. .  අද ඉදන් ඔයාගෙ පර්සනල් බොඩිගාඩ්...."

Anastasia Wang ❤️‍🔥21.08.22

හායි...  ඊයෙ දෙන්න හිටියෙ නින්ද ගියානේ  ඉතිං.. ..

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories