𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟶𝟷
14:46, 29 September 2024𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ⁰¹' එයා මාව පැහැරගත්තා'
නිශ්ශබ්දයි. මගේ හිතට ආව පලවෙනි හැඟීම ඒක. ඒ හැඟීමත් එක්කම මම වෙනදා පුරුදු විදියටම මගේ ඉස්සරහින් වැහිලා ගිහින් තියෙන දොර දිහා බැලුවා. ඒක එහෙම්මමයි. ඒත් ඒකෙන් එහා පැත්තේ ලොකූ වෙනසක් තිබුණා. මොකද අද එයා එතන නෑ... අද විතරක් නෙවෙයි අදින් පස්සේ කවදාවත් එයා නෑ....
අම්මෝ ඉතින්.... දැනෙන නිදහස... හරියට පැය ගාණක් හිර කරගෙන හිටිය සූ පාරක් දැම්මම දැනෙන නිදහස වගේ. කියන්න වචන නෑ. මට කාලෙකින් සැනසීමේ හුස්මක් ගන්න පුළුවන්. මෙච්චර දවසක් මගේ හීනෙ වෙලා තිබුණේ එයා යන එක. වැඩි මහන්සියක් ඕනෙ වුණේ නෑ. මම හරියට වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා එයා යන්න ගියා. ඇත්තටම වුණේ මම එයාට ජීවිතේ එපා කරපු එක. ඒත් ඉතින් එහෙමයි කියලා මම ඒක පිළිගන්නවද. කොහෙත්ම නෑනේ. .
ආ.. මම කවුද කියන්න අමතක වුණානේ. මගේ නම සීන් ශිආඕ ජාන්.. පොතේ හැටියට වයස විසි එකයි. විසි දෙක වෙන්න තව මාස එකහමාරයි. Xiao Group එකේ අනාගත අයිතිකාරයලු. මොකද ඒකෙ වැඩිම ශෙයාස් තියෙන්නෙ මගේ පපාට... නියමයි වගේනේ. මොන පිස්සුද... එහෙම නෑ. මොකද බිස්නසුයි මමයි කියන්නෙ මාළු හොදියි අයිස්ක්‍රීමුයි වගේ. කොහෙත්ම ගැලපෙන්නෙ නෑ.. ගලපන්නත් බෑ...
මට ඉන්නෙ පපා විතරයි. මොකද මම පොඩි කාලෙම මගේ මමාට මාව ඕනි නෑ කියලා එයා යන්න ගිහින්ලු. සමහරවිට මම පුංචි කාලේ ගොඩක් නරක ළමයෙක් වෙන්න ඇති. දැන් කියලත් ඉතිං වෙනසක් නෑ තමයි. මොනවා උනත් මගේ පපා මගේ මමාගෙ ආදරෙත් එක්කම මට දුන්නා. කවදාවත් එයා මට අඩුවක් කලේ නෑ. ඒ වගේම එයා මගේ මමාගෙ තැන වෙන කාටවත් දුන්නෙත් නෑ. ඒ වුණාට එයා ගැන කතා කරලා වැඩක් නෑ අෆ්ෆා. එයා මට මොනදේ දුන්නත් මට ඕන දේ දුන්නෙ නෑ... ඒ මගේ නිදහස....
මගේ වයසේ අනිත් අය වගේ හතරවටේ ඇවිදින්න... පාර දිගේ තියෙන ස්ට්‍රීට් ෆුඩ්ස්වල රස බලන්න... ඒවා ඉතිං මට හීන විතරයි. මොකද මේ වෙනකොට මාව දෙපාරක් කිඩ්නැප් කරලා තියෙනවා. ඉතින් පපා මට ගෙදරින් එලියට අඩියක් තියන්න නොදෙන එකත් සාධාරණයි.. මම ගෙදරින් එලියට අඩියක් තිබ්බත් පපාගෙ බොඩිගාඩ්ලා මගේ පස්සෙන් හිටියා. පපාගෙ කිව්වට එයාලා බලාගත්තෙ මාව. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි එතන දහයක් පහළවක් හිටියා. මම යන්නෙ කොතනද එයාලා එතන. ඒත් ඒක කරදරයි වගේ නිසා අවසානෙදි කෑ ගහලා ගහලා මම ඒ ගාන එක්කෙනෙක්ට අඩු කරගත්තා. ඒ කියන්නේ මේ අසරණයට දැන් ඉන්නෙ එක බොඩිගාඩ් කෙනයි. හැබැයි වැඩේ කියන්නේ මම යන්නෙ කොතනද එයා එතන. වෙන එකක් තියා මම යුනි එකට ගිහින් හදිස්සියේවත් වොෂ් රූම් එකට ගියත් ඒ යකා මගේ පිටිපස්සේ.. නිදහසේ සූ පාරක් දාගන්නවත් මට නිදහසක් නෑ ...
ඒත් අද මම මේ මාසෙට පස්වෙනි වතාවටත් සාර්ථක වුණා. මොකද මට පුළුවන් වුණා මේ මාසෙට පපා මගේ බොඩිගාඩ් කරපු කෙනාවත් මම එලවගත්තා. නිකන් නෙවෙයි... ඒ මනුස්සයා ආයෙම ජීවිතේට බොඩිගාඩ් කෙනෙක්ගෙ රස්සාවක් කරන්නෙ නැති වෙන තරමටම එයාට මේක එපා කරලා.. දැන් මගෙන් කරපු විදිය අහන්න එපා.. මොකද ඒවා කිව්වම ඉස්සරහට එන කෙනාට ඒවා කරන්න ගියාම මගේ කතාව අහගෙන ඉන්න ඔයාලටත් එපා වෙනවනේ...
ඇඳට වෙලා ඔහේ පෙරලිලා පෝන් එක ඔබ ඔබ හිටිය මට ඇහුනේ කාර් එකක සද්දෙ. මම එහෙමම වෙලාව බැලුවා. හරි ඉතිං. ඒ වෙන කවුරුත් නෙවෙයි පපා. කියන්න දෙයක් නෑ දැන් එයා කඩාගෙන බිඳගෙන එන්නෙ මගේ රූම් එකට.
එකායි.....
දෙකායි
තුනායි
"ජාන්...."
පපා වෙනදා වගේම බෙරිහන් දීගෙන දොර ඇරගෙන ඇතුලට එනකොට ඇඳ උඩ හිටිය චූච්ලශ් ඇඳෙන් පැනලා දිව්වා. දැන් ඉතින් ඒකගෙ නැට්ටවත් අල්ලන්න වෙන්නෙ නෑ...
"ජාන්.... මොනවද මේ කරන වැඩ... දැන් ඔයාට විසි දෙකක්... තමුන්ගේ ආරක්ෂාවටයි මම තමුන්ට බොඩිගාඩ් කෙනෙක් දුන්නෙ... එහෙම නැතුව විකාර කරන්න නෙවෙයි....."
බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා......
පපා මොනවා කිව්වද කියලා දන්නෙ නැති වුණාට ඕක හැමදාම ඇහෙන තැටියම වෙන්න ඇති. ඒ වුණාට කවුද ඕක අහගෙන ඉන්නෙ. එයාට ඕන කියවලා ඇති වෙන්නෙත් නෑ මට ඕක මේ කනෙන් අහලා අනිත් කනෙන් එළියට දාලා ඇති වෙන්නෙත් නෑ.. එච්චරයි....
"තමුන් ගෙදරින් එලියට අඩියක් හරි තියලා තිබ්බොත් මම බලාගන්නම...."
ඒම කිව්වට වැඩක් වෙනවද... නෑනේ.. මොකද මට ඕනි නම් මම ගෙදරින් පැනලා යනවා. ඒක නවත්තන්න කාටවත් බෑ.. පලා යනකම් ඉදලා මම බාත්රූම් එකට රිංගගත්තා. මම අට වෙනකොට ක්ලබ් එකට එනවා කියලා පොරොන්දු වුණා. හොඳ ළමයි වුණාම පොරොන්දු කඩන්න හොඳම නෑ... ඉක්මනට වොෂ් එකක් දාගත්ත මම ඇවිල්ලා ඉක්මනට ක්ලබ් එකට යන්න රීප්ඩ් ට්‍රවුසර් එකක් ඇදගෙන හූඩියක් දාගත්තා. ඔය ඉන්නෙ කොල්ලා නළුවා වගේ.. බොඩි ස්ප්‍රේ එකත් ඇඟ පුරාම ස්ප්‍රේ කරගත්තම සේරම හරි. ඊළඟට මම කලේ කලින් දවසක රෙකෝඩ් කරලා තිබ්බ වීඩියෝ ගේම් ප්ලේ එකේ සවුන්ඩ් එක ප්ලේ කරපු එක. රූම් එකේ ලයිට්ස් කොහොමත් දාලනේ තියෙන්නෙ. හෙමිහිට ජනේලේ ගාවට ආව මම එබිලා බැලුවේ පපාගෙ අර හරක් පැටව් ටික ඉන්නවද කියලා. ම්හුක්.. එකෙක්වත් පේන්න නෑ.. වෙනදා විදියටම බටේ දිගේ පහළට බහින්න ගිය මම දැක්කෙ බැල්කනියට හේත්තු කරලා තිබ්බ ඉනිමගක්. ඕකට තමයි දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනවා කියන්නෙ. මම හිතුවේ පහළට බහින ගමන්... ඉස්සර නම් මම ගෙයින් එලියට පැන්නෙ එහා පැත්තේ තිබුණු ලොකු අඹ ගහේ පිහිටෙන්. ඒත් පපාට ඕක අහු වුණාට පස්සේ එයා ඒ ගහ කපලා දැම්මා. ඊට පස්සේ තමා මේ අසරණයට ස්පයිඩර් මෑන් වගේ බට දිගේ බඩගාන්න වුණේ. හරිම වේදලයි. පේන්න එකෙක්වත් නැති වෙනකොට මම ඉක්මනට පහල ගේට් එකෙන් එලියට ආවා.. මම දැන් නිදහස් මිනිහෙක්.. .
I see the fire in your eyesIt makes me feel, it takes me highSo bring it on the dance floorBaby, you better start this rightI'm losing it, I can't controlThis must be love, love
Come on, boy, move that body'Cause tonight I'm naughty, naughtyDance with me like it's my partyWe go wild, we're in safari
කන් දෙක දෙදරන්න ඇහෙන සද්දෙ මැද මම තුන්වෙනි ග්ලාස් එකත් හිස් කරන්න පටන් ගත්තා. මට ඉතින් ලිකර් කියන්නෙ නතින්. බෝතලයක් බිව්වත් කොල්ලා කෙලින්. පාට පාට ලයිට්ස් මැද්දෙ නටන මිනිස්සු දිහා බලාගෙන හිටිය මටත් ඉබේටම නැටවුණා..
"ජානා.... උඹ කොහොමද බම් අද පැනගත්තෙ...."
උණ හපුළුවෙක් කියලා නේද හිතුවේ? නෑ වැරදියි.. මේ ඉන්නේ ඝර්ම කලාපීය ආසියානු රටවල වෙසෙන, Hibiscus pangira කියන සත්ව විශේෂය.. සරල භාෂාවෙන් නම් හම්පඩයා කියලා හදුන්වන්නෙ මෙයා තමයි..ඒ වෙන කවුරුවත් නෙවෙයි මගේ හොඳම යාළුවා Yu Bin...
කාමරේ සෙට් එකට දැම්මා ගේම් ප්ලේ එකක්.. ගෙදර අය හිතන්නේ මම ගේම් ප්ලේ කරනවා කියලා....
"උඹ ඉතිං මොළ ගෙනාව නැවක්නේ..."
යූ බින් කියනකොට මම මූඩිය පොඩ්ඩක් උස්සගත්තත් මගේ මූණේ තිබ්බ හිනාව එකපාරටම නැති වෙලා ගියේ පෝක් එක වයිබ්‍රේට් වෙනවා දැනෙනකොට. මෙච්චර ඉක්මනට දැනගත්තෙ කොහොමද...
හිතුවා වගේම කෝල් එක පපාගෙන් වෙනකොට මම පෝන් එක ඕෆ් කරලා පොකට් එකට දාගත්තා. දැනටත් එයාගෙ බොඩිගාඩ්ලා සෙට් එකම පිස්සු බල්ලො වගේ මාව හොයනවා ඇති. බට් එයාලට මාව හොයාගන්න ගොඩක් වෙලා යයි. කොල්ලට තියෙන්නෙ ටිකිරි මොළයක් නිසා මම අද ආවේ වෙනදා යන එකට නෙවෙයි වෙන එකකට...
"ජානා.... සිරාවටම අංකල්ට හොයාගන්න බැරි වෙයිද... "
"බෑ තමයි.. "
මම කිව්වෙ තවත් ග්ලාස් එකක් අතට ගන්න ගමන්... දැන් නම් පෝඩ්ඩක් වගේ මගෙ ඔලුව කැරකෙනවා. යන්තමට ඩබල් වෙලා පේන මිනිස්සු අතරින් මට පෙනුනේ අපේ දිහාවට ඇවිදගෙන එන කොල්ලෙක්ව... කවුද සාන්ත ඒ..
අපේ ගාවටම ඇවිදගෙන ආව ඒ කොල්ලා මගේ දිහාම බලාගෙන ඉන්නවා මම යන්තමට වගේ දැක්කා. මම මොනවත් හිතන්නත් කලින් මාව උස්සලා කරේ තියාගත්ත එයා ක්ලබ් එකෙන් එලියට ගියේ යූ බින් කට ඇරගෙන බලාගෙන ඉන්නකොට...
පොඩ්ඩක් ඉන්න.... එයා මාව පැහැර ගත්තා...
Anastasia Wang ❤️🔥19.08.22
ඔයාලා මේකට කැමතියි නම් ඩේලි දෙනවා.
හෙට උදේට කුමාරයගෙ කුමාරයගෙ වෙඩිමට යන්න ලෑස්ති වෙලා එන්න....
There are no comments yet. Log in to be the first to leave a review!





