Part 1
16:56, 19 November 2023Meyongi pov...
හිම වැටෙන සීතල රෑක මම තනියම පාරට බැස්සේ යන තැනක් නම් හරියට හිතා ගෙන නෙමෙයි. අයියා එයාගේ බිස්නස් වැඩකට මාස හයකට ඇමරිකා ගියේ මීට මාස තුනකට කලින්. ඔව් ඔව් එයා ලොකූ බිස්නස්මන් කෙනෙක්. මගේ ඔප්පාගේ නම Jung Ho-seok. JH Company එකේ chairman එයා. එයාගේ යාලුවෝ නම් එයාට කතා කරන්නේ J hope කියලා.
මේ ලොකේ මට කියලා ඉන්නේ මගේ අයියා යි මගේ යාලුවා සුහෝගි යි විතරයි. සුහෝගි කියන්නේ පොඩි කාලේ ඉදලා මගෙ හොඳම යාලුවා.මගේ දකුණු අත වගේ තමා ඉතින්🤭 කොහෙද අපේ අයියා හොබ්බා මේකිට ආදරේ කරන්න ගත්තානේ අන්තිමට.ඉතින් මට මගේ හොඳම යාලුවව නෑනා කර ගන්නත් වුනා😅අපි දෙන්නා එකතු වුනා කියන්නේ ඉතින් අයියාට සොරි ඩොට් කොම්...😂✊මොනා වුනත් අපේ සුහෝ අයියට පන ඇරලා. අයියත් එහෙමයි.මම අවංකව සතුටු වෙනවා මගේ අයියට ඒ වගේ හොඳ කෙල්ලෙක් ලැබුන එක ගැන.අයියා දැන් ඉන්නේ ගොඩක් සතුටින්☺️💗
අයියා බිස්නස් ටුවර් එක යද්දි සුහෝගි මන් එක්ක කොරියාවල ඉන්න හැදුවත් මන් එයාව අයියණ්ඩි එක්කම ඇමරිකා පැටෙවුවේ දෙන්නට දෙන්නා නැතුව මාස හයක් තියා එක විනාඩියක්වත් ඉන්න බෑ කියලා මන් දන්න නිසා...හැබැයි ඉතින් එයාලා පොඩි කාලෙකට වුනත් මාව දාලා ඇමරිකා ගිය එක මට ගොඩක් දැනුනා. සමහර වෙලාවට නොදැනිම ඇස්වලට කඳුලු එන්නේ තනිකම දරා ගන්න බැරැව හරියට මේ දැන් වගේ🥺එදා ඇක්සිඩන්ට් එකෙන් අම්මයි තාත්තයි මගෙ ඇස් ඉස්සරහම නැති වුනාට පස්සෙ මාව පරිස්සමෙන් බලා ගත්තේ මගෙ ඔප්පා... මන් එයා නැතුව එක විනාඩියක්වත් ඉන්නේ නැති තරම් දැන් වුනත් මම අයියට පැයකට සැරයක් කෝල් කරනවා.එයත් එහෙමයි ඉතින්.....
මන් seoul වල වීදියක් දිගේ ඇවිදන් ගියෙ ice cream එකකුත් කන ගමන්. Winter season එක නිසා කොහොමත් මේ දවස්වල කට්ටිය රෑට ගෙවල් වලින් එළියට බහින්නේ හරිම අඩුවෙන් දවල්ට ගොඩාක් කාර්‍ය්ය බහුල මේ විදීයේ මහ රෑ තනියම මම ඔහේ ඇවිදන් ගියේ කිසිම අරමුණක් නැතුව. මට ඕනේ වුන එකම දේ ටිකක් මගේ තනිකම මකා ගන්න එක🙂මන් ඔහොම යද්දි එක පාරටම කවුද කෙනෙක් ඇවිත් මගේ ඇඟේ හැප්පුනේ මගෙ අතේ තිබ්බ ice cream එකත් බිම වැටෙද්දි
👤ඕහ්....ශිට්
අනේ මට සමාවෙන්න...
👤තමුසේ ඇස් දෙක කටේ දාගෙනවද ඉන්නේ ඕයි
එයාම ඇවිත් මගෙ ඇඟේ වැදිලා මටම බනින හැටි. ඒ මදිවට වැනෙනවත් එක්ක මට පෙන්නේ මෙයා බීලා වගේ... කොල්ලෙක් වුනාම කෙලින් කටින් ඉන්න පුලුවන් තරමට බොන්න ඕනේ ඉතින්...හුම්
"අනේ ඇත්තටම මන් ඔයාව දැක්කේ නෑ...මට සමාවෙන්න මිස්ටර්..."
මෙන්න ඒ පාර මේ මනුස්සයා මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා😒
👤ඕහෝ.....මිස්ටර් කෑලි ඕන නෑ...මන් දැන්නේ දැක්කේ ඔයාගේ ලස්සන😏
"මොකා🙄😶"
මේ මොකද....මේ මනුස්සයා ටික ටික මන් ගාවට එන්න ගත්තා.කොණ්ඩෙත් අතින් හද හද අමුතු කුරිරැ පැණි හිනාවක් දාගෙන එන විදිහටනම් එන්නේ හොඳකට නෙමෙයි කියලා මට තේරුනා.
"ඒයි ඔහොම නවතිනවා...එන්න එපා ළඟට"
👤අයියෝ බබා...මොකද කෑ ගහන්නේඅපි පොඩ්ඩක් විනෝද වෙමුකෝ
"තමුසේ මොනාද මේ කියවන්නේ... බිවුවනම් ගෙදර යනවකෝ පාර යන කෙල්ලන්ට කරදර නොකර"
👤මොකද ආ ඔච්චර සද්දෙ...😏 කොහොමත් ඉතින් කෑ ගැහුවා කියලා ඔයාව බේර ගන්න මෙතන කවුරුත් නෑ...
මේ මනුස්සයා එක පාරටම මගේ මූන අල්ලන්න යද්දි මම හිතට ගැම්ම අරන් දඩාස් ගලා අත මිට මොලවල මුගේ බඩට ගැහුවේ වෙන කරන්න දෙයක් මේ වෙලාවේ මතක් නොවුන නිසා...
👤ආහ්.......😩 තමුසේ කොහොමද මට අත ඉස්සුවේ ආ...තමුසේ දන්නවද මන් කවුද කියලා😠ඒ මනුස්සයා එක පාරට කෑ ගහන්න ගත්තා...
"ඔහේ කවුරු වුනත් මට වැඩක් නෑ මිස්ටර්"
මන් එහෙම කියාගෙනම මගේ ඉස්සරහ හිටිය ඒ කොල්ලව තල්ලු කරන් එතනින් යන්න හදද්දි ඒකා හයියෙන් හිනා වෙන්න ගත්තා...
👤දැනට ඔහොම යනවකෝ...😆හැබැයි
"හැබැයි...ඇයි මොකද ආ😠"
👤මොකද නේද...මගෙන් බේරැනා කියලා හිතන්න එපා...මන් පස්සෙ බලාගන්නම් බබා ඔයා ගැන😏😆
මොනාද දන්නේ නෑ මන් ගැන බලන්නේ මන් එහෙම හිතින් හිත හිත එතනින් මාරු වුණේ ගෙදර යන්න කියලා....මොනා වුනත් බය වුණා ආ මන්😒 ඔප්පා කියලත් එක්ක ගියේ රෑ දෙගොඩ හරියේ ඇවිදින්න යන්න එපා කියලා. කොහෙද මන් කියන දෙයක් අහන්නේ නෑනේ😁😂හී හී.........
Author pov...
මේ හැමදේම වෙන අතරේ එතන හිටියේ අර මනුස්සයයි මියොන්ගි යි විතරක් වුනාට තව කෙනෙක් ඈත ඉදලා මේ සිද්ධිය දිහා බලන් හිටියේ හරියට පරණ ෆිල්ම් එකක් කිසිම වුවමනාවක් නැතුව බලන්න ඕනෑවට බලනවා වගේ...(😂😂) උස building වලින් පිරිච්ච මේ සෝල් නගරේ එතනම තිබුන එක company එකකට අයත් building එකක 6 වන මහලේ ඉදන් පහල වෙන මේ සිද්ධිය දිහා ඔහු බලන් හිටියා. මියෝන්ගි හිටියේ මේ building එකට පිටුපාලා නිසා ඒ කෙනා මියොන්ගිගේ මූනනම් හරියටම දැක්කේ නෑ.... හැබැයි ඉතින් ඔහුට පහල වුන සේරම හොඳින් පෙනුනා. කෙල්ල යන දිහා ටිකක් බලන් හිටිය ඔහු ආයේම ඇවිත් ඔහුගේ chair එකේ වාඩි වුනේ කිසිම හැඟීමක් නැතුව...
..................................................................................................................................................
Next day morning🌥
Meyogi pov...
උදේම නැගිටලා උණු උණු coffee එකකුත් හදාගෙන garden එකට ආවේ ඔප්පට වීඩියෝ කෝල් එකක් ගන්න කියලා හිතන්
📱හෙලෝ.........😀
💙📱අයියෝ මොකද මෝඩියේ කෑ ගහන්නේ මට කන් ඇහෙනො
📱හරි හරි අනේ😒
💙📱ම්ම් ම්ම්🤭 ඉතින් මගෙ නංගි බබා මොකද කරන්නේ
📱මන් මේ උණු උණුවෙන් coffee එකක් බොනවා
💙📱මටත් coffee ටිකක් දෙනවකෝ
📱ඇයි ඔයාගේ ප්‍රිය භාර්‍යයාව ඉන්නේ එයාට කියලා එකක් හදා ගන්න😂
💙📱bathroom එකට ගියා ගියාමයි දැන් පැයකටත් වැඩියි තාම නෑ එයා😂
📱ඕකි ඔහොමමයි😂
💙📱ඔව් ඉතින් ඔයාගේ bestie නේ ඒ😂😁
📱😂හී
💛📱අයියයි නංගියි එකතු වෙලා මට නේද ඔය එක එක ඒවා කියන්නේ😏
💙📱මෙන්න ඇවිත්
📱සුහෝ උබ මෙච්චර වෙලා bathroom එකේ පැළ හිටෙවුවද බන්😂
💛📱නෑ මන් හිටෝලා තිබ්බ පැළවලට වතුර දැම්මා බන්😒😂
💙📱අම්මො මේ දැන්ම ඕක නවත්තන්න ආ😂 මට බෑ වලි බේරන්න😂😂
💛📱අපි එහෙම වලි දා ගන්නේ නෑ නේ මියො...
📱අන්නේකයි😌
💙📱ඔව් ඔව්...මන් දන්නේ නැතෑ දෙන්නා ගැන😅
💛📱ඉතින් මියො...මොකො වෙන්නේ
📱මොනා වෙන්නද හලෝ ඔහේ ඉන්නෝ
💛📱මොකො අවුල🙄
💙📱චූටි...👀එක පාරට මොකද වුනේ...මොකක් හරි ප්‍රශ්නයක් ද🙄
📱නෑ ඔප්පා...එහෙම ප්‍රශ්නයක් නෑ ඉතින් ඒත් මට පාලුයි🥺
💙📱අනේ චූටි...තව මාස තුනකින් අපි එනවනේ...ම්ම්
💛📱ඒකනේ මියො...තව ටික දවසයිනේ🥺 අපි ඉක්මනට එන්නම්
📱හ්ම්ම්🥺🙂
💙📱මන් ඒකනේ චූටි ඔයාට කිවුවේ job එකක් කරමු කියලා.එතකොට පාලුවක් දැනෙන්නේ නෑ
💛📱ඔව් මියෝ ඒකනම් ඇත්ත...ඔයා අච්චර fashion designing degree එකකුත් තියා ගෙන ගෙදර ඉන්න එකේ ඒ අදහස නම් හොඳයි
📱අනේ මේ😒 නරකයි දෙන්නම....මන් අපේ company එකට එන්න හැඳුවම එපා කියලා දැන් job එකක් කරන්නලු
💙📱😄චූටි....ඔයා අපේ company එකට ආවොත් නම් කකුල් දෙකත් උඩ තියන් ගොරෝ ගොරෝ නිදා ගනියි දවසෙම😄😂
📱මන් නිදා ගත්තට ගොරවන්නේ නෑ හරි ද...😒
💙💛📱😂😂
💛📱මේ...මන් යනවා coffee හදන්න
📱පලයම් පලයම් මගේ අයියට coffee එකවත් වෙලාවට දෙන්නේ නෑ😒😂
💛📱අනේ පල😒
💙📱😂😂
📱මේ ඔප්පා....මට බෑ අනේ වෙන company වල වැඩ කරන්න😒මන් අපේ එකට යන්නම්කෝ... අනික මගේ ඔප්පා බිස්නස්මන් කෙනෙක් ඉතින් මන් මොකටද වෙන තැන්වල job කරන්නේ😌
💙📱ඔව් ඉතින් ඒකනම් ඇත්ත මට මගේ වදකාර නංගිව හැමදාම බලා ගන්න බැරි කමක් නම් නෑ😌
📱අනේ මගේ ඔප්පේ ආදරෙයි ඈ මන්😩🥺❤️
💙📱ඔන්න ඔන්න දැන් අඩන්න නම් ලෑස්ති වෙන්න එපා හොදේ චූටි😒
📱හරි හරි මගෙ සුදු ඔප්පේ....මේ ඔප්පා fashion design කිවවම මතක් වුනේ මන් net එකේ තිබිලා advertisement එකක් දැක්කා yoo group කියලා company එකකට fashion designer කෙනෙක් හොයනවා කියලා. ඒ company එකත් මේ ලඟමයි තියෙන්නේ... මන් ඒක ගැන සලකලා බැලුවට කමක් නැද්ද...😁
💙📱Yoo group👀 මන් එකේ chairman ව දන්නවා...මගේ හොඳම යාලුව එයා...ඔයා කැමතිනම් interview එකට යන්න චූටි.මන් එයාට කතා කරන්නම්කොහොමත් ඉතින් ඔයා fashion design වලට ආසයි නේ
📱හරි ඔප්පා...තෑන්කූ...😚
..........
සුපුරුදු පරිදි අදත් ඉතින් රෑ වෙලා එළියට ආවේ ඊයේ වගේ ice cream එකක් කකා ඇවිදින්න කියලා😁 හිම වැටෙන එකත් ටිකක් මේ වෙලාවේ නතර වුණ නිසා මම ඇදන් හිටිය sweeter එකත් ගලවලා ice cream එකත් සීතලේම රස විදින ගමන් street එක දිගේ ඇවිදගෙන ඉස්සරහට ගියා.මෙන්න යකෝ අර මනුස්සයා අදත් ඉන්නවා ඊයේ හිටපු තැනම😐 අද නම් හැබැයි හොඳ සිහියෙන් වගේ ඉන්නේ.මන් අඬිය ඉක්මන් කරලා ඉස්සරහට ගියේ ඊයේ වෙච්ච දේ මතක් වෙලා.ඒත්........................
ඒත්.......එක පාරටම මේ මනුස්සයා මගේ ඉස්සරහට පැන්නේ මට හිතන්නවත් වෙලාවක් තියන්නේ නැතුව
👤ආහ්....බබා
මන් ඒ මනුස්සයා ව ගණන් ගන්නේ නැතුව ඉස්සරහට යන්න හැදුවත් එකපාරම මගේ අතින් ඇදලා ගත්තේ අත හයියෙන් තද කරලා
අතාරිනවා මාව😑😩
👤මන් කිවුවනේ තමුසෙට මගෙන් බේරෙන්න බෑ කියලා
මට යන්න දෙනවා...😩අනේ මාව බේර ගන්න...
👤😆තමුසේ කොච්චර හයියෙන් කෑ ගැහුවත් වැඩක් නෑ...තමුන්ව බේර ගන්න කෙනෙක් මෙතන නෑ
අනේ මට යන්න දෙන්න😣 ඔප්පා...අනේ මාව බේර ගන්නකෝ
👤😆කෑ ගහනවා තව හයියෙන් ඒත් තමුන්ව බේර ගන්න නම් කවුරුත් එන්නේ නෑ...හැබැයි.......😏
හැබැයි...ඇයි මොකද ආ😑මගෙ අත අතාරිනවා
👥අපි ආවා....😏
👤ආ...උබලා ආවද මන් ඒත් බැලුවා මොකද පරක්කු කියලා
👥මේකිද අර කිවුව කෙල්ල😏
👤ඔව් ඔව්...මේකි තාම
👥ම්ම්...අද අපිට හොඳට විනෝද වෙන්න පුලුවන් වෙයි වගේ😆😏
👤හෝව් හෝව් මචන්ලා...කලබල වෙන්න එපා උබලට කලින් මේකි මගේ😆
👥😆😆
අනේ මගේ ළඟට එන්න එපා...මාව අතාරින්නකෝ😣
මේ කට්ටිය එන්න එන්නම මගේ ලඟට ලං වුනේ හරියට තමන්ගේ ගොදුරට ලං වෙන කෑදර බල්ලෝ ටිකක් වගේ😐 ඒ මදිවට අර මනුස්සයාගේ ජරා හිනාව😣 එන්න එන්නම මගේ බය වැඩි වෙද්දි ආයෙත් හිම වැටෙන්න ගත්ත නිසා ඇති වුන දැඩි සීතලත් එක්ක මට දැනුනේ මගේ ඇඟ පන නැති වීගන එනවා. වටේ පිටේ හැමදේම පෙන්නේ නැතුව සිහිය නැති වෙද්දි මට දැනුනා කවුරුහරි මාව අල්ල ගත්තා වගේ...
...........................................................................................................................................................................................................................
හායි ලමයි...ඔන්න first part එක දුන්නා...හොඳද කියලා කියන්න හොදේ...
ඉස්සරහට මොනා වෙයිද කියලා බලන්න දිගටම කතාවත් එක්කම එකතු වෙලා ඉන්න එහෙනම්....
බායි🙋🏻♀️
මියොන්ගි💜️
There are no comments yet. Log in to be the first to leave a review!





