Episode 22
05:25, 2 June 2020Jeon Jungkook POV 💕💕💕
ආදරේ කියන දේ ජීවිතේට එකතු වුනාම දැනෙන හැගීම කොයි වගේද? ජීවිතේ පලවෙනි වතාවට මම ඉදියේ ඒ් සොදුරු හැගීම විද ගන්න ගමන්.....මට මේ තරම් සතුටක් ගෙනාපු මගේ සුරංගනාවී තාමත් දොයි............
නූරියා.....මම එයාගේ කනට කෙදිරුවේ මූනට වැටිලා තිබුනු කෙස් රොද ඉවත් කරන ගමන්...............
ම්.......... නූරි හෙමින් ඇස් ඇරියා.......
ජන්ග්කුකා......මේ මම ඔියි......තමුසෙට මොන යකෙක් වැහිලද?
ආහ් මොන රෙද්දක්ද මේ..........මම ඇස් දෙක ඇරලා බැලින්නම් එතන ඉදියේ නූරි නෙවෙයි නාම්ජුනී හ්යොන්ග්.........🤦♂️🤦♂️🤦♂️
හ්යොන්ග් මොකක්ද ඔයා මෙතන කරන්නේ.........මම දඩිබිඩියේ ඇදෙන් බහින ගමන් ඇහුවා...
වේ.....මමත් නිදාගත්තේ මේ ඇදේ තමයි.......මං එනකොට තමුසේ හොදටම නිදි....... නාම්ජුුුුුනී හ්යොන්ග් කිව්වා...
අරස්සෝ..........මට දැනුයි තේරුනේ වුනේ මොකක්ද කියලා.........එතකොට මං දැක්කේ හීනයක්ද?
ඒක නෙවෙයි තමුසෙට එක පාරටම වැහුනු යකා මොකාද? කලින් මට අප්පිරියාවේ බැරි වුනා මගුල....... හ්යොන්ග් කිව්වේ මුනත් එක්ක පුලුටු කරගෙන .....😣😣😣
මියානේ හ්යොන්ග්... මම හීනයක් දැක්කා.....ඒක අමතක කරලා දානෝ..... මම කාමරෙන් එලියට ආවේ වුන ලැජ්ජාවට මටම හිනා වෙවී.........
ජන්ග්කුක් ෂී......Good Morning.... ඔයා එනවා නේද?
නූරි එවලා තිබුනු Message එක seen කරපු මම එයාට එනවා කියලා reply කරලා bathroom එකට දිව්වේ අද මගේ ජීවිතේ වැදගත්ම දවසක් නිසා...වෙනදට වඩා පිළිවෙලට ඇදගත්ත මම හ්යොන්ග්ලගේ සුබ පැතීම් මැද කාර් එක පාරට දාගත්තා........
විනාඩි 45ක විතර ගමනකින් පස්සේ මගේ කාර් එක නතර වුනේ නූරිලගේ අලුත් ගේ ගාව....අද තමයි මම නූරිගේ අප්පා ඉස්සරහට bts ජන්ග්කුක් විදිහට යන පලවෙනි දවස.....මම කාර් එකෙන් බැහැලා බෙල් එක රින්ග් කලා.....තත්පරයක් දෙකක් යන්න ඇති.....නූරි ඇවිල්ලා දොර ඇරියේ හිනාවකින් මූන පුරවගෙන.........
ජන්ග්කුක් ෂී.....එන්න ඇතුලට....නූරි කිව්වේ එයාගේ අලුත්ම ගේ පෙන්නන ගමන්.......ම්.......මාත් ඇතුලට ගියේ නූරි ගැන පොඩි ආඩම්බරයක් දැනෙද්දී.........ඇතුලට යද්දීම වගේ නූරිගේ අප්පා එලියට ආපු නිසා මම එයාට ආචාර කලේ නුරි මාව අප්පාට අදුන්නලා දෙද්දී..........
ම්......අන්ජාසේයෝ.......(වාඩිවෙන්න) අප්පා කිව්වේ මට පුටුව පෙන්නන ගමන්........
දේ...මම ටිකක් විනීත වෙන්න උත්සාහ කලා....
මට නූරි මේ ගැන කිව්වේ ඊයේ......මෙයා මේක කියනකන්ම මං හිතන් හිට්යේ ලී චාන්ග් ලමයගෙයි අපේ නූරිගෙයි සම්බන්ධයක් තියනවා කියලා.....ඒත් මට විශ්වාසයි නූරිගේ නැතත් ඒ ලමයාගේ හිතේ නූරි ගැන අදහසක් තිබුනා කියලා.........
අප්පා එහෙම කියද්දී මම නුරි දිහා බැලුවේ අප්පා අපිට කැමති නෑ කියන්නද හදන්නේ කියලා හිත හිත......
අප්පා .........අපිට කැමති නැද්ද? නූරි ඇහුවේ මගේ බැල්ම තේරුම් ගත්තා වගේ.......
අනියා අනියා....ඒක නෙවෙයි මං අදහස් කලේ.......මං කැමතියි ඔය දරුවට.......ඒත් ඔය ලමයගේ දෙමව්පියෝ මේ ගැන දන්නවද?අප්පා ඇහුවා....
දේ.......මං ඔම්මාට නූරි ගැන කියලා තියෙන්නේ.......මං එහෙම කිව්වම නුරි මං දිහා බැලුවේ පුදුම වෙලා වගේ.............................
ඒක හොදයි....ගොඩක් ජනප්‍රිය දරුවෝ ගෑනු ලමයි ආශ්‍රය කරන්නේ විනෝදෙට.......අප්පා............මං කිව්වනේ ජන්ග්කුක් ෂී එහෙම නෑ කියලා..... නූරි කෑ ගැහුවේ අප්පා කියන්න ගිය දේ වත් ඉවර කරන්න දෙන්නේ නැතුව....
අරස්සෝ අරස්සෝ......මම දන්නවා මගේ දුව වැරදි තීරනයක් ගන්නේ නෑ කියලා...... මට දැන් නිදහසේ ඇස් දෙක පියාගන්න පුලුවන්......මගේ දූ ඔය ලමයට බාරයි.......අප්පා කිව්වේ මගේ අත් දෙක තද කරලා අල්ල ගන්න ගමන්.........
අප්පාගේ කැමැත්ත මෙච්චර ලේසියෙන් ලැබෙයි කියලා මං හීනෙකින් වත් හිතුවේ නෑ.......මම නූරිත් එක්ක garden එකේ තිබුන bench එකට ආවේ හැමදේම හොදින් සිද්ධ වෙච්ච නිසා දැනුනු full happy එකේ.......🤗🤗🤗
ජන්ග්කුක් ෂී..ඔයා එවලේ අප්පාට කිව්වේ ඇත්තමද?
මොකක්ද?🙄🙄🙄
ඔම්මාට මං ගැන කිව්ව කියලා කිව්ව එක......
ආා....ඒ්කද? ...... දේ මං ඔම්මට ඔයා ගැන කිව්වේ ඔයා මට කැමතියි කිව්ව දවසෙමයි........
මං ඒ ගැන ගොඩක් බයෙන් ඉදියේ......ඔම්මා මට අකමැති වෙයි කියලා.......
වේ................🤔🤔🤔
ඔම්මා කැමති වෙයිද එයාගේ ජනප්‍රිය කඩවසම් ගායක පුතාව මං වගේ කැත කෙල්ලෙකුට දෙන්න.....
ඔය ඉතින් මට කියලා ඔයා ලස්සනයි කියලා කියව ගන්නනේ හදන්නේ.... මං දන්නැද්ද මේ කපටි කෙල්ලගේ වැඩ.....😉😉😉
ආව්.....ජන්ග්කුක් ෂී මගේ කන රිදෙනවා......අතඅරින්න.....😣😣😣
මියානේ මියානේ..........
Kung Mi Noory POV 💕💕💕💕
මිනිස්සුන්ගේ ජීවිතේ කාලෙන් කාලෙට වෙනස් වෙන විදිහ හරිම අපූරුයි.....මේ මගේ ජීවිතේ හොදම කාලේ..එහෙමයි මට හිතෙන්නේ.... ජන්ග්කුක් ෂි....අප්පාට පස්සේ මං මගේ ජීවිතේ විශ්වාස කරන එකම පුද්ගලයා..හැමදාම වගේ අදත් මං බලන් ඉදියේ එයාගේ රාමු කරපු පින්තූරේ දිහා......
නූරි........
දේ අප්පා වේයෝ.......අප්පා මට කතා කලේ ඔය අතරෙදි.....ඒත් එයාගේ මූන නම් එච්චර හොද බවක් පෙනුනේ නෑ.....🤔🤔🤔
අන්න අර ලමයා ඇවිත්.....
නුගුයා......ජන්ග්කුක් ෂී..ද?.......... මම ඇදෙන් බිමට පැන්නේ මෙයා මට එනවා කියලා නිකන් වත් කිව්වේ නෑනේ කියලා හිත හිත....
අනියා.....ලී චාන්ග් දරුවා......ඒ් දරුවට ඇත්තම කියන්න......මට විශ්වාසයි ඒ දරුවා ඔයා ගැන බලාපොරොත්තුවෙන් ඉදියේ.....
අරස්සෝ අප්පා...... මම එහෙම කිව්වේ තවත් ලී චාන්ග් ෂී මං ගැන බලාපොරොත්තු තියාගන්න එක තේරුමක් නැති නිසා....
අන්යෝසෙයෝ ලී චාන්ග් ෂී... මම සාලෙට ගියේ එයාට ආචාර කරන ගමන්.....
අන්යෝසෙයෝ...නූරි Congratulations your new life ...ලී චාන්ග් ෂී අතට අත දුන්නේ කට පුරා හිනා වෙන ගමන්...
ආහ්....බෝයා ඔයා එදා wish කලානේ ලී චාන්ග් ෂී....මම කිව්වේ එයා මට අලුත් ගේ නිසා wish කලා කියලා හිතලා....
අනී...මම කිව්වේ ජන්ග්කුක් ෂීගෙයි ඔයාගෙයි අලුත් ජීවිතේ ගැන....එයා කිව්වේ මං පුදුම වෙලා බලන් ඉද්දී..
ලී චාන්ග් ෂීට කවුද කිව්වේ.....මම ඇහුවේ අපි අතර තියෙන සම්බන්ධෙ ගැන තාම කවුරුත් වැඩිය දන්නේ නැති නිසා...
ඔි බය වෙන්න එපා මට කිව්වේ ජන්ග්කුක් ෂීමයි....ඔන්න එහෙනම් මං wish කලා.....අන්යොන්........ලී චාන්ග් ෂී මගේ ඔළුවට තට්ටුවක් දාන් යන්න ගියේ මම ගල් ගැහිලා වගේ එක තැන බලන් ඉද්දී.....
මම හැරෙන තැපෑලෙන් ජන්ග්කුක් ෂීට කෝල් කලේ වෙච්ච දේ එයාට කියන්න ඔින නිසා......
යොබ්සෙයෝ ජන්ග්කුක් ෂී ලී චාන්ග් ෂී මෙහෙ ආවනේ.......
ම්....අරස්සෝ......... එයා ඔයාට wish කරන්න එන්න ඇත්තේ.....
දේ... එයා කිව්වා ඔයා එයාට අපි ගැන කිව්වා කියලා.....
දේ.......මම කිව්වා....බය වෙන්න එපා තවත් එයා ඔයා ගැන බලාපොරොත්තු තියාගන්නේ නෑ.....
ඒත් මට එයාට Thank කරන්න වත් බැරි වුනා.....එයා අපිට ගොඩක් උදව් කලා.....
අරස්සෝ නූරි ...අපි එයාට Thank කරමුකෝ......කොහොමටත් මම එයාට ගොඩක් Thank කරන්න ඔිනේ..... ඒත් මම එයාවත් අවිශ්වාස කලා......
වේ..........
මං පස්සේ කියන්නම්කෝ...... මං ඔයාගේ අස්වීමේ ලියුම මැනේජර්ට දුන්නා....
අරස්සෝ ජන්ග්කුක් ෂී...... මාත් දැන් රැකියා විරහිතයෙක්....
අනේ ඉන්නවා පන්ඩිත කෙල්ල.....මම තියනවා....Bye......
හ්ම්.......Bye......
ජන්ග්කුක් ෂී මොනව හරි මට හංගනවා.....කමක් නෑ පස්සේ කියයිනේ.......
writer's note💕💕💕💕
ලමයි කතාව ඉවර වෙන්න යන්නේ....මෙච්චර දවසක් මාත් එක්ක එකතු වුනා වගේම Ever Mine අවසාන කොටසත් එක්කත් එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා......ම්.....මම කොහොමද මේක ඉවර කරන්නේ කියලා තාම හිතලා නෑ...කොහොම වුනත් මට හරි සතුටුයි මං හිතුවට වැඩිය ගොඩ දෙනෙක් මගේ කතාව කියෙව්වා....හැමෝටම Thanks.....End episode එක ඉක්මනට Upload කරන්නම්......................💙💙💙💙
There are no comments yet. Log in to be the first to leave a review!





