Episode 19
14:42, 13 May 2020Kung Mi Noory POV 💕💕💕
ඔන්නී......කුමාවෝ මේවාට.....RM ෂීට මම thank කලා කියන්න.....මට ලොකු පඩියක් නෑනේ මේවාට වියදම් කරන්න...මාත් එක්ක ආපහු restaurant එකට එනගමන් ඉවරයක් නැතුව කියව කියව ආවේ Tae min su යෝ තුංසෙන්...( නංගි)
අනී....ඔයාටයි අපි thank කරන්න ඔීනේ....ඔයා අද කට උත්තර දුන්න නිසා තමයි Jungkook ෂීව බේරගන්න පුලුවන් වුනේ......චොම්බල් කුමාවෝ......ඔික පොඩි තෑග්ගක් විතරයි....මම කිව්වේ min su අතේ තිබුනු bts live shows වල ticket ටික පෙන්නන ගමන්....
ම්.......ඔන්නී ඔයා ඇත්තටම ජන්ග්කුක්ෂී ගේ යෝජා චින්ගුද???👀👀
Min su ඇස් දෙකත් බෝල කරන් ඇහුවම මගේ මූනට ආවේ පොඩි හිනාවක්....
ඔන්නී චේබල් කියන්නකෝ.....මං කාටවත් කියන්නේ නෑ....
අනියා......මම එයාගේ යෝජා චින්ගු නෙවෙයි...මම big hit එකේ වැඩ කරන්නේ......මම කිව්වේ එයා වැඩ කරන restaurant එකට ඇවිත් වාඩි වෙන ගමන්.....
ඔි චින්චා.......ඔන්නී අපි සෙල්ෆියක් ගහමු...මං මේක යාලුවන්ට කිව්වම එයාාාාලා පුදුම වෙයි.....මින් සු උඩ පැන පැන කිව්ව විදිහට මට දුකත් හිතුනා...
මං ඔයාට විතරයි කිව්වේ මං වැඩ කරන්නේ කොහේද කියලා...ඒ ගැන කාටවත් කියන්න එපා....මම එහෙම කිව්වම කෙල්ලගේ මූන අදුරු වෙලා ගියේ එක තත්පරෙන්..,,..
අරස්සෝ ඔන්නී...ඒත් ඔයයි ජන්ග්කුක් ෂීයි marry කරනකොට මාව flower girl කෙනෙක්ට ගන්න හොදේ.....මින් සු එහෙම කියාගෙන shop එක ඇතුලට දිව්වේ ඇහිපිල්ලමක් ගහන වේගෙන්...
ආාහ් චින්චා මේ කෙල්ල....මං කිව්වනේ එහෙම දෙයක් නෑ කියලා...මං ඔලුවත් කස කස වටපිට බැලුවේ කාටවත් ඇහුනද කියලා හිත හිත.....
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
මම බස් එකෙන් බැහැලා පාර දිගේ ඇවිදගෙන ගියේ අද වෙච්ච දේවල් හැම එකක්ම එකින් එක මතක් වෙද්දී.......මං ෆෝන් එක දිහා බැලුවේ වෙනදට උදේ හවස කෝල් කරන ජන්ග්කුක් ෂී අද msg එකක් වත් දැම්මේ නෑ නේද කිිිිියලා හිත හිත....සමහර විට එයාට මාව එපා වෙන්න ඇති මේ සිද්දියෙන්ම.....
හ්ම්.....එක අතකට එහෙම වෙන එකත් හොඳයි......මම එහෙම හිතුවේ මගෙම හිත රවට්ටගෙන.....😞😞😞
මම ගේ ලගට එනකොට ජන්ග්කුක් ෂීගේ කාර් එක නවත්තලා තියෙනවා මම ඈත තියා දැක්කා...මට දැනුනේ කියාගන්න බැරි සතුටක්.....මම කාර් එක ගාවට දිව්වේ අඩියට දෙකට.....🤗🤗🤗
ජන්ග්කුක් ෂී ඇයි ඔයා..........🙄🙄🙄මම කියන්න හදපු දේ කියන්න වුනේ නෑ...ජන්ග්කුක් ෂී දොරත් ඇරන් එලියට ආවේ මාව අලු කරලා දාන්න තරම් කේන්තියෙන් මං දිහා බලාගෙන....
නූරි මියානේ......ඔයා ආයේ මාත් එක්ක කතා නොකලට කමක් නෑ.....මම ඔයාගෙන් අහපු දේ ඇහුවේ නෑ කියලා හිතාගන්න.....මේ වෙච්ච හැමදෙයක්ම අමතක කරන්න.....මං හිතන්නේ ඔයාට එච්චර අමාරු වෙන එකක් නෑ මාව අමතක කරන්න.....😏😏😏ජන්ග්කුක් ෂී මගේ මූනවත් බලන්නේ නැතුව එක දිගට කියාගෙන ගියේ පපුවට පිහියෙන් ඇන්නා වගේ.....
ජන්ග්කුක් ෂී මියානේ....මම නිසා තමා ඔයාට මේ හැමදේම වුනේ....ඒත් ඇයි ඔයා මට කතා කරන්න එපා කියන්නේ.........
මම ඇස් වලට උනපු කදුලු ඔහේ ගලන්න ඉඩදීලා බලන් ඉදියේ එයා උත්තරයක් දෙනකම්......😥😥😥
මට ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලාවක් නෑ....මං කිව්ව දේ මතක තියාගන්න.......මට ආයේ ඔයා එක්ක කිසිම සම්බන්ධකමක් නෑ...අරස්සෝ.....ජන්ග්කුක් ෂී එහෙම කියාගෙන කාර් එකට නැග්ගේ පුලුවන් තරම් වේගෙන් දොර වහන ගමන්..........
මම එතනට වෙලා ගල්ගැහිලා වගේ බලන් ඉඳියේ ජන්ග්කුක් ෂීගේ කාර් එක ඉගිලිලා යන දිහා.....මට දැනුනේ මගේ අත පය එකතැන ගල් වෙලා වගේ හැගීමක්...පාරේ යන මිනිස්සු මං දිහා බල බලා යද්දී මම කදුලු පිහිදාගෙන ගෙට දිව්වේ ඇයි හැමදේම මටම වෙන්නේ කියලා හිත හිත.....
Jeon Jungkook pov💕💕💕
හ්යොන්ග් ඔයාලා මට මොනවහරි හංගනවද..... හ්යොන්ග්ලා නිකන් අමුතුයි.....මම හොබී හ්යොන්ග් ගෙන් ඇහුවේ එයාලගේ අමුත්තක් මට දැනුනු නිසා........
අනී අනී.....ඊයේ නිදාගන්න වුනේ නෑනේ ජන්ග්කුකා....ඒකයි....හ්යොන්ග් එහෙම කියාගෙන මග ඇරලා ගියේ මට පේන්න ඈනුමකුත් යවන ගමන්.......
කිසිකෙනෙක් පේන්න ඉදියේ නැත්තේ ඔක්කොමලා නිදි නිසා වෙන්න ඇති කියලා හිතපු මම පහලට ආවේ කිසිම අරමුනක් ඇතුව නෙවෙයි...ඒ්‍ත් පහලට ආවාම නම් මට කරන්න වැඩ ගොඩක් හම්බුනා......
හ්යොන්ග්ලා රෑ ඉදන් එහෙ මෙහෙ දිව්ව නිසා dorm එක අස් කරන්න කාටවත් වෙලාවක් තිබුනේ නෑ..නිකන් ඉන්න එකේ dorm එක වත් අස්කරනවා කියලා හිතාගෙන මම වැඩේට බැස්සේ තිබුනු කම්මැලි කමටත් එක්ක....
ටිකක් අස් කරනකොටයි තේරුනේ ජින් හ්යොන්ග් හැමදාම මේවා කොහොම කරනවද කියලා....
යුන්ගි හ්යොන්ග් එයාගේ බෑග් එක stool එක උඩ දාලා ගිහින් තිබුනු නිසා මම ඒකත් අරන් හ්යොන්ග් ගේ කාමරේට යන්න හැදුවේ.....
බෑග් එක ගත්තා විතරයි..ඒකේ තිබුනු ඔක්කොම කුනු කන්දල් ටික බිම වැටුනා....
ආාාාාාාහ් බෝයා......මොන රෙද්දක්ද මේ......😒😒😒බෑග් එක වහලා නෑ....දැන් අහුලපන්කෝ ඉතින්.....මං මටම කියාගත්තේ දත්මිටි කකා...
යකෝ perfume ම කීයක් තියෙනවද මේකේ.........මල සමයං😏😏😏....මං එකින් එක ඇහිදලා ආපහු බෑග් එකට දැම්මේ ඒවායේ සුවද බලන්නත් අමතක නොකර......
මේ මොකද්ද මේ.......සල්ලිත් එක්ක envelope ✉ එකක් බිම වැටිලා තිබුවුනිසා මං සල්බි ඇහිදල ආපහු ඒකටම දැම්මේ හ්යොන්ග්ට හිතින් බැන බැන......ඒ ටිකත් එක්ක ලියුමක් තිබුනත් ඒක හ්යොන්ග්ගේ නිසා මට ඇරලා බලන්න හිතුනේ නෑ...ඒත් මගේ හිත කිව්වෙම ඒක ඇරලා බලන්න කියලා...
කමක් නෑ....හ්යොන්ග් මට බනින්නේ නෑ...ඔීක බැලුවා කියලා....මම එහෙම හිතලා ලියුම දිග ඇරියේ බෑග් එක ආපහු stool එකෙන් තියන ගමන්.....
ඒත් ඒ ලියුමේ තිබ්බේ හ්යොන්ග්ලා ඔක්කොම මට හංගන්න හදපු නුරිගේ අස්වීමේ ලියුම.....මම එක තත්පරයක් වත් පරක්කු නොවී කාමරේට දිව්වේ කාර් එකේ යතුර අරන් එන්න...
කැප් එකයි මාස්ක් එකයි දාගත්තු මම කෙලින්ම ගියේ big hit එකට......manager තව දෙතුන් දෙනෙක් එක්ක කතාවක ඉඳියත් මම කඩාගෙන බිදගෙන ඇතුලට ගියේ මේක මට හැමදේටම වඩා වැදගත් කාරනාවක් හින්දා.....
ජන්ග්කුක් ෂී...මොකක් හරි ප්‍රශ්නයක්ද?මැනේජර් එහෙම ඇහුවේ අර මිනිස්සුන්ට යන්න කියන ගමන්....
දේ...මට කතාකරන්න ඔීනේ නූරි ගැන......මම කිව්වා...
ඔයත් ආවේ ඒ ගැන කතා කරන්න නම් අපි ඒ ගැන කතා නොකර ඉමු....මැනේජර් එහෙම කිව්වේ මට වාඩි වෙන්න කියලා සන් කරන ගමන්....
ඒ ගෑනු ලමයාව මමයි බලෙන් එක්කන් ගියේ ඒ ගමන.....මං නිසා එයාගේ රස්සාව නැති වෙන්න දෙන්න මට බෑ....මම කිව්වේ මැනේජර්ගෙන් හොද පිලිතුරක් බලාපොරොත්තුවෙන්...
ඉතින් ඇයි ඔයා එහෙම කලේ....ඔයා නොදන්නවා නෙමෙයිනේ මේක බරපතලකම......මේ වැඩ වලින් අමාරුවේ වැටෙන්නේ ඔයා විතරක් නෙවෙයි....ඔයාගේ හ්යොන්ග්ලටත් මේක ප්‍රශ්නයක් වෙනවා.....මට වෙන කරන්න දෙයක් නෑ.....
Ok.......මම එයා එක්ක සම්බන්ධයක් නැතුව ඉදියොත් එයාට රස්සාව දෙනවද......මම එහෙම ඇහුවේ මොන දේ කරලා හරි නූරිගේ රස්සාව බේරලා දෙන්න ඔිනේ නිසයි.....
සාමාන‍්‍යයෙන් ඒක කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ ජන්ග්කුක් ෂී....
කරන්න අමාරුයි තමයිි...ඒත් මං කොහොම හරි කරන්නම්.....මම හිතේ තිබුනු දුක පාලනය කරන් හිනා වුනේ වෙන කරන්න දෙයක් නැතිකමට....
Ok මම ජන්ග්කුක්ව උපරිම විශ්වාස කරනවා....මැනේජර් එහෙම කිව්වේ මගේ අතේ තිබුනු කවරේ ආපහු ගන්න ගමන්.....
මම මැනේජර්ට ආචාර කරලා ආපහු කාර් එකට ආවේ මං මොකක්ද ඒ කලේ කියලා හිතන ගමන්....
මං දැන් කොහොමද නූරි එක්ක කතා නොකර ඈත් වෙලා ඉන්නේ....මං කිව්ව දේ බරපතල කම මට තේරුනේ කාර් එකට ආවට පස්සේ......ඒත් මට මතක් වුනේ නූරිගේ හිතේ තිබුනු බලාපොරොත්තු ගොඩ.....එයාට ඔිනේ වුනේ එයාගේ මහන්සියෙන් අප්පාව බලාගන්න බෙහෙත් අරන් දෙන්න...අප්පාව එයාගෙම කියලා ගෙදරට එක්කගෙන යන්න.....ඒ එකම හීනෙක වත් මම ඉදියේ නෑ......ඒක නිසා නූරිට ටික දවසක් යනකොට මම කතා නොකර ඉන්න එක ගැන ගානක් නැතිවෙයි...මම එහෙම හිතුවේ මගේ හිත සැහැල්ලු කරගන්න හිතාගෙන.........කමක් නෑ මට හැමදාම නූරිව දකින්න හරි පුලුවන්......මම එහෙම හිතාගෙන කාර් එක start කලේ කොහෙද යන්නේ කියලා අරමුනකින් නෙවෙයි....
මම නූරිගේ ගේ ගාවින් කාර් එක නතර කලේ ඇතුලට යන්න බැරි වුනත් මට මෙතන ඉන්න කාගෙන්වත් අවසර ඔිනේ නැති නිසා.....මම නූරිගේ ගේ දිහා බැලුවේ වැරදිලාවත් එයා එලියට එයිද කියලා හිත හිත....ඒත් සිද්ද වුනේ මං හිතපු දේ නෙවෙයි..... නුරි පාර දිගේ කාර් එක දිහාවට ඇවිදගෙන ආවේ හිනාවකින් මූන පුරවගෙන...
මම කාර් එක අරන් යන්න හිතුවත් ඒ වෙනකොට මං පරක්කු වැඩි වුනේ නූරි ඒ වෙනකොටත් කාර් එක ලගට ඇවිත් තිබුනු හින්දා.....
ජන්ග්කුක් ෂී ඇයි ඔයා.......නූරි මොනවද අහන්න හැදුවත් මං ඊට කලින් කාර් එකෙන් බැස්සේ එයා දිහා වැරදිලාවත් බලන්නේ නැතුව.....මට එයාව බදාගෙන තුරුලු කරගන්න ඔීනේ වුනත් මම මගේ හැගීම් වලට සමුදෙන්න තීරනය කලේ නූරිගේ අනාගතේ ගැන හිතලා......
නූරි මියානේ......ඔයා ආයේ මාත් එක්ක කතා නොකලට කමක් නෑ.....මම ඔයාගෙන් අහපු දේ ඇහුවේ නෑ කියලා හිතාගන්න.....මේ වෙච්ච හැමදෙයක්ම අමතක කරන්න.....මං හිතන්නේ ඔයාට එච්චර අමාරු වෙන එකක් නෑ මාව අමතක කරන්න.....මම එක දිගට කියාගෙන ගියේ මගේ පපුව කියාගන්න බැරි තරම් වේදනා දෙද්දී.......
ජන්ග්කුක් ෂී මියානේ....මම නිසා තමා ඔයාට මේ හැමදේම වුනේ....ඒත් ඇයි ඔයා මට කතා කරන්න එපා කියන්නේ.........
නූරි අඬ අඬා එහෙම ඇහුවම මට දැනුනේ මාව පිච්චිලා යනවා වගේ......
මට ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලාවක් නෑ....මං කිව්ව දේ මතක තියාගන්න.......මට ආයේ ඔයා එක්ක කිසිම සම්බන්ධකමක් නෑ...අරස්සෝ.....
ඇස්වලට කදුලු උනද්දී මම බොහොම අමාරුවෙන් ඒවා පාලනය කරගෙන නූරිට උත්තර දීලා එතනින් ආවේ නූරි දිහා side කන්නාඩියෙන් බල බල.....
Writer's note💕💕💕
ලමයි මං මේ කතාවට hater කෙනෙක් දැම්මේ නෑ....මම මේකේ ජන්ග්කුක්ගේ ආදරේට දාපු ලොකුම බාධාව එයාගේ ජනප්‍රියත්වය.....අනික තමා නූරිගේ රස්සාව....ඒත් ගොඩ දෙනෙක්ට හිතෙනවා ඇති නූරි ජන්ග්කුක්ට කැමති වුනොත් එයාට රස්සාවක් කරන්න ඔීනේ නෑනේ...ජන්ග්කුක්ට එයාවයි අප්පාවයි බලාගනීනේ කියලා....ඒත් මං කැමති නෑ නුරිව ඒ වගේ නිවට චරිතයක් කරන්න....මට ඔිනේ එයා හැමදේම දරාගන්න පුලුවන් ශක්තිමත් චරිතයක් කරන්න.....එතකොට ජන්ග්කුක් ගැන මට ඔිනේ වුනා එයාගේ ඇත්තම ස්වාභාවය ලියන්න.....ඒත් මං දන්නේ නෑ ඒක සාර්ථකද කියලා........කියවන ඔයාලට කතාව ගැන හිතෙන දේ කියන්න...... හොඳ නැත්නම් ඒත් කියන්න...thank you හැමෝටම💖💖💖💖
There are no comments yet. Log in to be the first to leave a review!





