Episode 18
13:38, 8 May 2020Kung mi noory pov 💕💕💕
දැන් එතකොට තමුන් කියන්නේ තමාව බේරගන්න ජන්ග්කුක් ඒ මිනිස්සුන්ට ගැහුවා කියලද....😏😏😏
යකෝ මූට සිංහල තේරෙන්නෙ නැද්ද...🤨🤨🤨 මං දැන් කී සැරයක් එකම දේ කිව්වද?මම එහෙම හිතුවේ පොලිස්කාරයගේ මූනට බනින්න බැරි කමට.....
හරි තමුන්ට යන්න පුලුවන්...කොහොම වුනත් තමුන් හිතන්න එපා බේරුනා කියලා...මොනම හේතුවකට වත් නීතිය අතට ගන්න තමුන්ලට බෑ.....පොලිස්කාරයා කිව්වේ මං දිහායි ජන්ග්කුක් ෂී දිහායි මාරුවෙන් මාරුවට බල බල....
හහ්....හිතන් ඇති world famous නිසා හිතෙන හිතෙන හැමදේම කරන්න පුලුවන් කියලා... එහෙම කියාගෙන පොලිස්කාරයා යන්න ගියේ අපි දෙන්නව සත පහකට ගනන් නොගෙන....
ජන්ග්කුකා ක්වෙන්චනා....එහෙම අහගෙන සෝක් ජින් ෂී අපි ලගට එනකොටයි මං දැක්කේ ඔක්කොම කට්ටිය පොලීසියට ඇවිත් කියලා....
ජන්ග්කුකා තමුසේ එදා පැටලිලා තියෙන්නේ නොම්මර එකේ මැර කල්ලියක් එක්ක....ඔය පොලිස්කාරයා කාලයක් තිස්සේ ඒ team එකට supportලු...අනික දෙන්නෙක් තාම hospital එකේ නිසා අපිට මේකෙන් බේරෙන්න ලේසි වෙන්නේ නෑ.....නාම්ජුන් ෂී ජන්ග්කුක් ෂීගේ පිටට තට්ටු කර කර කියද්දී මට ඇඩෙන්න ආවේ මේ හැමදේකටම මුල මං නිසා....
හ්යොන්ග් ඒ cctv footage වල තියෙන්නේ මං උන්ට ගහන ටික විතරයි...උන් නූරිට කරදර කරන්න හදපු ටික නෑ...ජන්ග්කුක් ෂී කිව්වේ ලග තිබුනු bench එකේ වාඩිවෙන ගමන්....
හ්ම්....අපි ඒ ටික හොයාගන්න ඔීනේ අනිවාරෙන්ම....manager මට දැන් කී සැරයක් කෝල් කලාද දන්නවද?මේක තවත් හංගන එක අමාරුයි ජන්ග්කුකා...එහෙම කියාගෙන සොක්ජින් ෂී ටිකක් එහාට ගියේ කොල් එක answer කරන ගමන්....
බය නොවී ඉන්නවකෝ අපි මොනව කරලා හරි තමුසෙව බේරගන්නවා මේකෙන්....හෝසොක් ෂී කිව්වේ කාටද කෝල් එකක් ගන්න ගමන්....
මම අපේ ගෙදරට ආවේ හොඳ සිහියකින් නෙවෙයි...මොකක්ද දෙයියනේ මං මේ කලේ....මං කොහොමද ජන්ග්කුක් ෂීව මේකෙන් බේරගන්නේ....ඔය වගේ ප්‍රශ‌්න කොටියක් විතර ඔලුව පුරා දුවද්දී මම ඇවිත් ඇඳට වැටුනේ තිබුනු නිදිමතකට නෙවෙයි......
රෑ එලිවෙනකම්ම මං කලේ දුක තුනී වෙනකම් හොඳටම අඩපු එක...කවුද දොරට ගහනවා ඇහුනු නිසා මම කඳුලුත් පිහිදාගෙන ගිහින් දොර ඇරියේ කිසිම අරමුනකින් නෙවෙයි....
නාම්ජුන් ෂී.....මට ඉබේටම එහෙම කියවුනේ මුලු ඇගම සීතල වෙලා යද්දී...
ඔි මියානේ එන්න ඇතුලට මම දොර ගාවින් එහාට වුනේ ජිමින් ෂීටයි නාම්ජුන් ෂීටයි ඇතුලට එන්න ඉඩ දෙන ගමන්...
නූරි ඔයාට මතක නැද්ද එදා වෙච්ච දේ ඇස් දෙකටම දැකපු කවුරුහරි ඉදියද කියලා....නාම්ජුන් ෂී මගෙන් ඇහුවේ පුටුවෙ වාඩි වෙන්නත් කලින්.....
හොඳට කල්පනා කරලා බලන්න නුරි...උන් පැමිනිල්ල දාලා තිිිිිිිිියෙන්නේ ජන්ග්කුක් ඔයාට කරදර කරන්න හදද්දී උන් ඔයාව බේරගන්න හැදුවා කියලා...ජිමින් ෂී එහෙම කිව්වම මට දැනුනේ පුදුම කේන්තියක්....
හහ් එහෙනම් මං දුන්න කටඋත්තරෙන් ජන්ග්කුක් ෂීව බේර ගන්න පුලුවන්නේ....මං අහවල් දේකටද ජන්ග්කුක් ෂී මට කරදර කරන්න හැදුවනම් එයාව බේරගන්න උත්සාහ කරන්නේ....මම කිව්වාා..
ඔව් ඔයා හරි ඒත් පොලීසිය වැඩ කරන්නේ සාක්ෂි මත....අනික අර පොලිස්කාරයා ඒ මිනිස්සු එක්ක හිතවත් කියලා මම ඊයෙත් කිව්වනේ...අනික මේ ගැන මීඩියා වලට නොයන්න අපි ගොඩක් පරිස්සම් වෙන්න ඔීනේ...ඒ නිසා හොඳට මතක් කරන්න කවුරුහරි මේ සිද්දිය දැක්කද කියලා...නාම්ජුන් ෂී කිව්වේ හරිම බැරෑරුම් විදිහට....
ආහ් මට තේරෙන්නේ නෑ දෙයියනේ.....මගේ කටඋත්තරේ කොහොමද සාක්ෂියක් නොවෙන්නේ...මං ඔලුව පාත් කරගත්තේ කවුරුහරි කෙනෙක් දැක්කද කියලා කල්පනා කරන ගමන්......
ඔි ජිමින් ෂී මට මතක හැටියට coffe shop එකේ cashier ඉදපු girl දැක්කා..මං දැක්කා එයා බය වෙලා එලියට දුවන් එනවා...මම එහෙම කිව්වා විතරයි දෙන්නා නැගිටලා ආපහු කාර් එක ගාවට දිව්වේ මාවත් ඇදගෙන.....
එයාලගේ හැසිරීමෙන් එයාලා සාමාන්‍ය වෙන්න උත්සාහ කලත් එයාලගේ හිතේ තිබුනු බය අදුනගන්න මට අමාරු වුනේ නෑ.... කොහොමවුනත් මේ හැමදේම මං නිසා....මම ගිහින් කාර් එකට නැග්ගේ කොහොම හරි මේ ප්‍රශ්නේ හොඳින් විසදෙන්න කියලා හිතින් ප්‍රාර්ථනා කර කර....
Jeon junkook pov
ඔලුවට පොල්ලකින් ගහලා වගේ වේදනාවක් එක්ක මම ඇස් ඇරියේ ටේ ගේ කෑගැහිල්ලට....
ජන්ග්කුකාා....නැගිටිනවා....එකොලහත් පහුවෙලා....මම හිමින් සැරේ ඇදෙන් නැගිට්ටේ මොකද කිසිම සද්දයක් නැත්තේ කියලා හිත හිත...
හ්යොන්ග්....මොකද සද්දයක් නැත්තේ...කට්ටිය කොහේ ගිහින්ද මම ටේගෙන් ඇහුවේ ඇස් දෙකත් පොඩි කරකර...
තමුසෙ මෙහෙ නිදි.....අන්න big hit එකේ ගිනි ඇවිලිලා හලෝ.....gossip web sites වල ඊයේ වෙච්ච දේ අකුරක් නෑර post වෙලා.....උදේ ඉඳන් කෝල් එනවාා..බැරිම තැන මම phones ඔක්කොම off කලා....හ්යොන්ග්ලා කොහේ ගියාද මන්දා ජන්ග්කුකාා....
හ්යොන්ග් ඔතොකේ........මට පිස්සු හැදෙන්න වගේ.....මම කිව්වේ ඔලුවට අත තියාගන්න ගමන්...
අනේ මන්දා..හ්යොන්ග්ලා කිසි කෙනෙක් ඊයේ නිදාගත්තේ නෑ.....ටේ හ්යොන්ග් එහෙම කියද්දී මට දැනුනේ කියාගන්න බැරි දුකක්......
ජන්ග්කුකා........මේකා තාම නිදිද?එහෙම අහගෙන කාමරේට ආවේ ජින් හ්යොන්ග්.....
ජින් හ්යොන්ග්.....මොකක්ද මම කරන්නේ....මං ඔයාලවත් විනාශ කලාා.....මියානේ මියානේ.....චොම්බල් මියානේ.......මම කිව්වා....
ඒ......පිස්සුද කුකියා...මේකා අඬනවද? මට ඇහුනේ එහෙම කියපු ජින් හ්යොන්ග් ගේ කටහඬ....
චින්චා මෙන්න මේකා අඬනවා....ජිමින් හ්යොන්ග් මගේ ඔලුව අතගාද්දී මට ඉබේටම ඇඩුනේ කවදාවත් නොදැනුනු තරම් අසරනකමක් එක්ක........
ජන්ග්කුකා....ඒ ප්‍රශ්නේ ඉවරයි දැන්....අපි පුලුවන් විදිහට ඒ ප්‍රශ්නේ විසදුවා.....අපි කවදද ඔහේව අත ඇරියේ ප්‍රශ්නයක් වුනාම....මේ බලනවා.....එහෙම කියපු නාම්ජුන් හ්යොන්ග් මට පෙන්නුවේ එදා වෙච්ච සිද්ධියේ සම්පූර්න cctv footage ටික......
හ්යොන්ග් කොහොමද ඔයාලා මේවා හොයාගත්තේ....මම ඇහුවේ කඳුලු පිහිදාන ගමන්....
හහ්......මම BTS RM හරිද....මට හැමදාම වෙන්නේ තමුසෙලාගේ ප්‍රශ්න විසදන්න තමා....කවදද ඔීයි මම මං ගැන බලාගන්නේ.....😒😒😒හ්යොන්ග් ඒක ඇක්ෂන් දදා කිව්ව විදිහට මට විතරක් නෙවෙයි අපි ඔක්කොටම හිනා ගියා....
උන් තර්ජනය කරලා වටේ තිබුනු හැම shop එකකටම cctv footage delete කරන්න කියලා...ඒත් ඒ මිනිස්සු ඒක කරලා නෑ....මොකද මේක අපිට සම්බන්ධ ප්‍රශ්නයක් හින්දා....උන් ටික cctv footage වල බාගයක් විතරක් අරන් පොලීසියේ antry එකක් දාලා එදා ගුටි කාපු කේන්තියට......කොහොම වුනත් දැන් බය වෙන්න දෙයක් නෑ.....coffe shop එකේ ඉඳපු girl කට උත්තර දුන්නා එදා වෙච්ච හැමදේම කියලා....නූරිගෙයි ඒ කෙල්ලගෙයි කට උත්තර එකකට එකක් ගැලපෙන නිසා අර පොලිස්කාරයාට කටඋත්තර නැතිවුනා....කොහොමවුනත් තමුසේ සතුටු වෙනවා arrest නොකරපු එකට.....ජින් හ්යොන්ග් ඉවරයක් නැතුව කියවගෙන යද්දී මගේ කදුලු ආයෙත් අලුත් වුනා....
හ්යොන්ග්ලා කියපු හැමදේම ඇත්ත හ්යොන්ග්...මම හිතන් හිටියට මම දැන් ලොකුයි කියලා මට හ්යොන්ග්ලා නැතුව කිසිදෙයක් කරගන්න බෑ....මම කිව්වේ ජිමින් හ්යොන්ගේ උරහිස්සට ඔලුව තියාගන්න ගමන්....
හ්ම්........ඇති යන්තම් දැන්වත් තේරුනා.....😒😒😒නාම්ජුන් හ්යොන්ග් ඔලුවත් කහ කහ යන්න ගියේ ටේවත් එක්ක ගෙන....
At Big Hit🎀🎀🎀🎀🎀🎀🎀
Min Yoongy pov💕💕💕
මියානේ J hope ඒත් මට ආයේ අර ගර්ල්ව වැඩට ගන්න බෑ..මේක කරුනාකරලා එයාට දෙන්න...ඔතන three months salary තියෙනවා...
Manager please ඒ ගර්ල් ටැලෙන්ට්....මේක එයාගේ වරදක් නෙවෙයි..... Manager හොබියා කිව්ව කිසිදෙයක් අහන්නේ නැතුව නූරිගේ අස්වීමේ ලියුම අපි දෙන්නට දුන්නේ මාස තුනක salaryත් එක්ක....
මේක කොහොමද කියනවකෝ දැන් නූරිට දෙන්නේ...මම හොබියාගෙන් ඇහුවා......
ආාහ්....තමුසේ ඔික මගෙන් නෙවෙයි......අහනවා කුකියාගෙන්.....හොබියා මල පැනලා මගේ ඇගට කඩාගෙන පැන්නා....
ගන්නවා ජින් හ්යොන්ග්ට කෝල් එකක්...මම කිව්වා
හ්ම්......ඉන්නවකෝ......එහෙම කියලා හොබියා ජින් හ්යොන්ග්ගේ number එක dial කලා.....
යොප්සයෝ.....ජින් හ්යොන්ග්.....
ආ...තමුසෙලා දෙන්නා කොහේද මකබෑවුනේ....ඉක්මනට එනවලා....පරක්කු වෙලා ඇවිත් මෙතන අරව නෑ මේවා නෑ ගාන්න එපා.... මට කෑම ගැන වගකීම ගන්න බෑ...
ආහ්.....විකාර කියවන්න එපා හ්යොන්ග්....හොබියා මූනත් ඇඹුල් කරන් කෑගහද්දී මම පෝන් එක ඇදලා ගත්තේ මු මේක කියනකොට හෙට වෙයි කියලා හිත හිත....
මම වචනෙන් දෙකෙන් වෙච්ච සම්පූර්න සිද්ධිය ජින් හ්යොන්ග්ට කිව්වේ උත්තරයක් බලාපොරොත්තුවෙන්....
ජින් හ්යොන්ග් කිව්වා මේකත් අරන් අපිට ඉක්මනට drom එකට එන්න කියලා....මම හොබියාවත් ඇදගෙන කාර් එකට නැග්ගේ එහෙම කියාගෙන.....
අනේ මන්දා හ්යොන්ග් මොනදේ වුනත් ආපහු නූරිව වැඩට ගන්න නම් කිසි කෙනෙක් කැමති වෙන එකක් නෑ.....මේක හැමෝගෙම final decision එක කියලා මැනේජර් කිව්වා......ගොඩක්ම ගිය පාර අර photo seen එක වෙලෙත් මැනේජර් කියලමයි job එක දුන්නේ මීට පස්සේ ප්‍රශ්නයක් වුනොත් එයාට කතාකරන්න එපා කියලා....හොබියා කිව්වේ වීදුරුවෙන් පාර බලාගෙන....
අනේ මන්දා.....කරන්න පුලුවන් දෙයක් බලලා කරමු.....මම කිව්වේ වාහනේ වේගේ වැඩි කරන ගමන්.....
Writer's note💕💕💕💕💕💕
කියවලා බලලා හොඳ නරක කියන්න ලමයි.......ටිකක් පරක්කු වුනා මේක upload කරන්න....සමාවෙන්න ලමයි....thank you මගේ කතාව කියවන හැමෝටම....
There are no comments yet. Log in to be the first to leave a review!





