07
07:59, 26 April 2023Jungkook pov
ඇස් දෙක නිකන් ලාටු ගාලා අලවලා වගේ. ඒ මදිවට ඔළුව පුපුරන්න තරම් රිදෙනවා. මන් බොහොම අමාරුවෙන් ඇස් ඇරලා බලද්දි හිටියෙ වෙනදා උදේට නැගිට්ටම ඉන්න මගේ කාමරේ නෙමෙයි. වටපිට බලද්දි දැක්කෙ තැන් තැන් වල වැටිලා ඉන්න අනිත් සෙට් එක.
මට එහා පැත්තෙන්ම වගේ ඇඳේ හිටියෙ හෝසොක්. ඇඳ ගාව බිම හිටියෙ යුන්ගි. එතකොට යුන්ගිව බදා ගෙන හිටියෙ ජිමින්. සෝෆා එකේ කොට්ටෙකුත් බදාගෙන හිටියෙ ටේහ්යුන්. අනේ ඉතින් මේ අර කොයි වෙලෙත් මල අතේ තියන් ඉන්න නපුරු මිනිහා නේද කොට්ටෙකුත් බදන් හුරතලේට නිදන් ඉන්නෙ.
කට්ටිය නිකන් මැරිලා වගේ නිදි. මේ දසුනම ඇති සංසාරෙ කලකිරෙන්නත්. එක පාරටම කාමරේ දොර ඇරන් කවුද මන්දා සුදු උස අයියා කෙනෙක්. ආපු ගමන් ටේහ්යුන්ගෙ කොට්ටෙ ඇදලා අරන් පස්සට එකක් ගහද්දි ටේහ්යුන් සෝෆා එකෙන් බිම වැටුණෙ කෑ ගහගෙනමයි.
" අනේ ජින් හ්යුන්... ඔයා හදන්නෙ මගේ ඉතුරු ඇට කටු ටිකත් කඩලා දාන්නද. "
වැටිච්ච පාරට නම් අනිවා තව ඇටකට්ටක් බිදෙන්නම ඇති. ඒ අයියා ටේහ්යුන්ගෙ ඔළුවත් අත ගාලා කෙළින්ම ආවෙ මන් දිහාවට. ඇවිත් මගේ ඔළුවටයි බෙල්ලටයි අත තියලා උණ බලද්දි මන් පුදුමෙන් බලන් හිටියෙ මේ මොකද වෙන්නෙ කියලා.
" දැන් ඔයාට කොහොමද මල්ලී. "
මම එයා අහපු එකට උත්තර නොදී ටේහ්යුන්ගෙ මූණ දිහා බැලුවේ මේ කවුද කියලා අහන්න වගේ. ආපහු කතා කරන්න ගත්තෙ ඒ සුදු උස අයියා.
" ආ කියන්න අමතක වුණානේ. මම ටේගෙ ලොකු අයියා කිම් සොක්ජින්. මම ඩොක්ටර් කෙනෙක්. ඊයෙ රෑ ඔයාට හොඳටම උණ ගත්තා. ඒකයි උණ බැහැලද කියලා බැලුවෙ. මන් පොඩ්ඩක් ඔයාව චෙක් කරාට අවුලක් නෑ නේද. "
" ආ ආ කමක් නෑ. "
මන් එහෙම කියද්දි එයා මගේ ඇඟට අත තියලා උණ බලලා කිව්වෙ මගේ උණ බැහැලා කියලා. ඒත් එක්කම වගේ කාමරේට ආවෙ ටේහ්යුන්ගෙ අම්මා කියලා හිතන්න පුළුවන් තරම් වයසෙ ලස්සන ගෑණු කෙනෙක්. එයාටත් තිබුණෙ ටේහියුන්ගෙ වගේම ලස්සන කෝපි ඇස්.
" අනේ ලොකූ කවුද අනේ මේ හුරතල් කොල්ලා. බලන්නකො නිකන් හා පැටියක් වගේ. "
" ඒක තමා අම්මා. එයා හරි හුරතල් නේද. "
ටේහ්යුන්ගෙ අම්මයි අයියයි මගේ ළඟින් වාඩි වෙලා ඔළුව අත ගගා හුරතල් කරනවා. කාටද ඉතින් ආඩම්බර හූම්. මන් ලාවට වගේ දැක්කෙ ටේහ්යුන් ඒක දැකලා හිනා වෙනවා. ඒ හිනාව නම් තනිකර පිස්සු වැටෙන ඉනාවක්.
" ටේ බබා. ඔයා කෙහෙන්ද අනේ මේ කොල්ලව උස්සගෙන ආවෙ. බලන්නකො අනේ මට මෙයා ගෙදර තියා ගන්නම හිතෙනවා. "
" ඔයාගෙත් බොරුව නේ අම්මා. ඉන්නකන් මටයි හ්යුන්ලා දෙන්නටයි බැන බැන ඉඳලා තොපිට වඩා හොඳයි පොල්පිති වලින් ළමයෙක් කපා ගත්තනම් කියලා දැන් මේ තව එක්කෙනෙක්ව දරුකමට හදා ගන්න හදනවා. ඔයත් ඉතින් අනේ මන්දා. "
" අනේ උඹ කටපියන් ඉදාම්. පුතේ ඔයා ඕවා ගණන් ගන්න එපා. "
ටේහ්යුන්ගේ අම්මා ඒක කියන ගමන් මගේ ඔළුව අතගෑවෙ හරිම ආදරයෙන්. අම්මෙක් හරියට තමන්ගෙම ළමයෙක්ගෙ ඔළුව අත ගානවා වගේ. පේන විදියට ටේහ්යුන්ට තියෙන්නෙ හරි ලස්සන ආදරණීය පවුලක්. විනාඩියකට හිතුණෙ මටත් මෙහෙම පවුලක් තිබුණනම් කියලා.
" ළමයි ඔයාලා කට්ටිය පහළට එන්න. උදේට කෑම රෙඩි කරලා තියෙන්නෙ. කෑම ටික සීතල වෙන්න කලින් එන්න හොදේ. "
ටේහ්යුන්ගෙ අම්මා ගියේ මගේ කම්මුලකට හාද්දකුත් දීලා. මන් කම්මුල් දෙකට අත් දෙකෙන් තට්ටු දෑවෙ ලැජ්ජාවට මාව රතු වෙයි කියලා බයට.
" යා ජියෝන් ජන්ග්කුක්.. ඒ තමුසෙගෙ කෙල්ල නෙමේ මගේ අම්මා. ඔච්චර ලැජ්ජ වෙන්න එපා. බලනවකො ඒ ටිකට රතු වෙච්ච හැටි. "
පේන්නම බැරි මේකගෙ මේ කින්ඩි හිනාව. ටේහ්යුන් එක්ක තිබ්බ තරහ ඇරියේ මන් එහා පැත්තෙ නිදාගෙන හිටපු හෝසොක්ගෙන්. ළඟ තිබුණු කොට්ටෙකින් දඩාං ගාලා ඔළුවට ගැහුවෙ ඇහැරවන්න ඕන කමට.
" උඹ නම් මහ තිරිසනෙක් ඕයි. උඹ මෙතන එද්දිත් සැපට නිදා ගෙන ඇවිත් දැන් අපි ටිකක් නිදා ගන්න හැදුවම ඉන්න දෙන්නෑ. "
හෝසොක් ඇඟ මෑලි කඩ කඩම මට බැන්නෙ එයාව ඇහැරවපු එකට. ඒත්. කවුද දැන් එද්දිත් නිදාගෙන ආවෙ. ඇයි මට ටේහ්යුන්ගෙ ගෙදරට ආවෙ කොහොමද කියලා මතක නැද්දෙ.
" මන් එද්දි නිදා ගත්තා කිව්වා කතාව මොකක්ද. "
" ඇයි මහත්තයට මතක නැද්ද කාර් එකේ මගේ උරහිසට ඔළුව තියන් නිදන් ආපු විදිය. "
මන් ටේහ්යුන්ගෙ මූන දිහා බැලුවෙ එයා දැන් මේ කිව්වෙ මොකක්ද කියලා අහන්න වගේ.
" ඔහොම ඇස් ලොකු කරන් කටත් පුම්බන් මන් දිහා බලන්න එපා ඕයි. ගිලින්න හිතෙනවා තමුසෙ. "
මන් වටපිට බැලුවෙ හෝසොක්ට ඒක ඇහුණද කියලා. ඇහුණනම් විලි ලැජ්ජාවේ බෑ මෙතන. ඒත් පොර තාම ඇඳේ වාඩි වෙලත් බාගෙට නිදි. මේ ටේහ්යුන්ගෙ කට නම් ෂික් විතරක් ගන්න දෙයක් නෑ. මල විකාරමයි කියවන්නෙ.
" ගිලින්න මේ මාව... ඒවා හඳේ බ්‍රෝ. "
මන් එහෙම කියලා බැලුවෙ යුන්ගිව ඇහැරවන්න. යුන්ගිට අලුත් පුළුන් කොට්ටයක් අහු වෙලා වගේ අර අසරණ පොඩි එකාව චොප්ප චොරොප්ප කරන් හොඳටම නිදි. මන් ඇඳෙන් බැහැලා බිමට ගියේ යුන්ගිව ඇහැරවන්න.
" යා යුන්ගියා නැගිටිනවා.... යුන්ගියා නැගිටිනවා. "
යුන්ගිත් ඇඟ මෑලි කඩ කඩ නැගිටිද්දි එක පාරටම යුන්ගි විලාප තියන් වාඩි වෙලා ඉඳපු තැනින් නැගිටිද්දි බාගෙට ඇහැරිලා හිටපු හෝසොක් වගේම තද නින්දෙ හිටිය ජිමිනුත් ඇහැරුණෙ ගැස්සිලා.
" මොකද බල්ලෝ මරලතෝනි දෙන්නෙ උදේ පාන්දර. "
ඒ අපේ හෝසොක්.
" මේ පොඩි එකා මොකද මන් ළඟ නිදා ගත්තෙ. "
ජිමින් මෙලෝ හසරක් නොදැන ඔළුවත් කස කස ගියේ යුන්ගිවත් ගණන් නොගෙන බාත් රූම් එකට. කට්ටියම වොෂ් එකක් දාගෙන පහළට ගියේ තුන්වෙනි වතාවටත් ටේහ්යුන්ගෙ අම්මා කෑම කන්න එන්න කියලා කෑ ගහද්දි.
#දේදුනු23/04/26
There are no comments yet. Log in to be the first to leave a review!





