Fanfics

06

22:52, 25 April 2023

Taehyung pov

අත් ඔරලෝසුවෙන් වෙලාව බලද්දි වෙලාව රෑ දොලහයි හතලිහයි. මන් හිටියෙ අද අපේ මැච් එක තිබ්බ ග්රවුන්ඩ් එක අයිනේ බැම්මක වාඩි වෙලා. මට වම් අත පැත්තෙන් හිටියෙ ජිමින්. දකුණු අත පැත්තෙ පිළිවෙළින් හිටියෙ ජන්ග්කුක්තුයි එයාගෙ අර සුදු පාට යාළුවයි අනිත් කට කියවන එකයි.

කට්ටියම හිටියෙ කෙඳිරි ගගා අත පය එහාට මෙහාට දික් කරලා හිරි අරින ගමන්. කාපු ගුටි කෑමට මගේ වෙරිත් හිඳුණා. අන්ඩ​ර් නයින්ටීන් බොක්සින් චැම්පියන් ජියොන් ජන්ග්කුක් පවා ලෙසටම ගුටි කාලා ඉද්දි අපි ගැන කවරකතාද.

" අඩෝ ටේහ්යුනා.... මට පස්ස නෑ වගේ. කොන්දත් රිදෙනවා බන්. එකෙක් මාව අල්ලලා පොළොවේ ගැහුවෙ නැතෑ. මේ හලෝ ඔය සුදු එක්කෙනා. මාව බේරගත්තට තැන්කිව් ඕයි. "

ජිමිනා කියද්දි සුදු පාට එකා බලන් හිටියෙ අපි දෙන්නා දිහා කන්න වගේ.

" මන් සුදු එක්කෙනා නෙමේ. මගේ නම මින් යුන්ගි. "

" ආ එල. තැන්නක්ස් මින් බුන්ගි. "

" බුන්ගි නෙමේ කොටෝ. යුන්ගි යුන්ගි "

" මම කොටා නෙමේ මම පාක් ජිමින්.. "

" හරි හරි ජිමින් බැරි නම් හිමින් හරි මට වැඩක් නෑ. "

" උඹලට තැන්කිව් බන් අපේ උදව්වට ආවට. "

මන් එහෙ කියද්දි උන් තුන් දෙනාත් ඔළුව වැනුවෙ හා කියලා කියන්න. මට මන් ගැනම ලැජ්ජ හිතුනෙ මන් උදේ මේ සෙට් එකට පලු යන්න බැන්නා නේද කියලා මතක් වෙද්දි. අර තඩි පොරවල් ටික ගහගෙන යද්දි මුන් ටිකත් මැද්දට පනිද්දි මට ලාවට සතුටක් දැනුණා. හැබැයි මුන් ආවා කියලා ලොකු වෙනසක් වුණේ නෑ. කට්ටියම කරේ ගැහුව එක නෙමේ ලෙසටම ගුටි කෑව එක. අන්තිමේදි පොලිස් සයිරන් සද්දෙ ඇහෙද්දි කට්ටිය දුවපු දිවිල්ලට අනිත් උන් කොහේ ගියාද දන්නෑ. අන්තිමට අපි පස් දෙනා නැවතුණේ දුවලා දුවලා ඇවිත් ග්රවුන්ඩ් එක ළඟ.

මන් බැලුවෙ මට එහා පැත්තෙ වාඩි වෙලා ඉන්න ජන්ග්කුක් දිහා. කොල්ලගෙ තොල පැලිලා ලේ එනවා. යුන්ගිටනම් ඒතරම් ආබාධයක් නෑ වගේ. අනිත් කොල්ලත් උරහිස අල්ලන්. හැමෝමගෙම අරහෙන් මෙහෙන් පොඩි පොඩි තැලුම් පාරවලුයි හීරීම්තුයි තියනවා. මන් නැගිට්ටෙ ෆාමසියට ගිහින් මුන්ගෙ තුවාල වලට බෙහෙත් ටිකක් අරන් එන්න.

" කොහෙද උඹ යන්න හදන්නෙ. "

" මන් මේ ෆාමසියට ගිහින් උඹලට බෙහෙත් ටිකක් අරන් එන්නම්. ඔහොම ඉඳපන් ටිකක්. "

" ඉඳපන් මාත් එන්නම්. "

එහෙම කියලා ජිමින් හැදුවෙ මාත් එක්ක යන්න එන්න.

" අනේ පොඩි එකෝ උඹ පැහෙන්නැතුව ඔන්න ඔතනින් වාඩි වෙලා ඉඳාම්. දැන් පස්ස රිදෙනවා කියලා විලපා ගැහුවා නේද. දැන් හිතපම් මගදි අර සෙට් එක ආපහු මුණ ගැහුණොත් මොකෝ උඹට දුවගන්නවත් පුළුවන්ද. "

යුන්ගිගෙ කතාවනම් සීයට සීයක් හරි. හැබැයි ජිමින්ගෙ මූණ තමයි බලන්න වටින්නෙ. සත පහ වගේ වෙලා.

" කෝ යන් මන් එන්නම්. "

එහෙම කියපු ජන්ග්කුක් මාත් එක්ක එන්න ආවෙ ෆාමසි එකට. වෙලාව එකටත් කිට්ටු නිසා වැඩි වාහන තදබදයක් වගේම මිනිස්සුත් නෑ. නිකන් අපි දෙන්නා විතරක්ම වගේ.

" මන් වෙනුවෙන් අර වෙලාවෙ ක්ලබ් එකේදි ආවට තැන්කිව්. "

" කවුද කිව්වෙ තමුසෙ නිසා කියලා. මන් ආවෙ යුන්ගි නිසා. ඌ අර මිනිහට බෝතලෙන් ගහපු පාර ඉතුරු සෙට් එක යුන්ගියට නෙලන්න ගත්ත නිසා තමා මාත් ආවෙ. "

අපරාදෙ මගෙ වචන ටික. මන් ජන්ග්කුක් දිහාවට ලේන්සුව දික් කරේ එයාගෙ තොලෙන් එන ලේ ටික පිහිදගන්න කියලා.

අපි දෙන්න වැඩි කතා බහක් නොකරම ෆාමසියෙන් බෙහෙතුත් අරන් එද්දි ග්රවුන්ඩ් එකට ටික දුරක් මෙහායින් හම්බ වුණේ ක්ලබ් එකේ අපිට ගහපු සෙට් එක. මමයි ජන්ග්කුක්තුයි හිටු කියලා එතන නැවතුණේ උන්ගෙ අතේ තිබ්බ යකඩ පොළු ටික දැකලා.

" ජන්ග්කුක් අපි මොකද දැන් කරන්නෙ මුන්ට. "

" වෙන මොනා කරන්නද. දෙන්නත් එක්ක දුවමු. "

මෙන්න එහෙම කියපු එකා මාවත් ඇඳන් ආපහු අනිත් පැත්තට දුවන්න ගත්තා. අර මිනිස්සු ටිකත් අපි පස්සෙන් එලවන් එදදි අපි ගියේ අතුරු පාරක් දිගේ. උදව් ඉල්ලන්නවත් මිනිහෙක්වත් නෑ. යක්කු ගස් නගින වෙලාවේ ඇහැරිලා ඉන්න මින්ස්සුන්ට පිස්සුවක් නෑනෙ. ටික දුරක් ගිය ජන්ග්කුක් කකුලත් බදන් බිම වාඩි වෙද්දි මම බැලුවෙ මොකද කියලා.

" ඇයි මොකද වුණේ. "

" නෑ මේ කකුල ආහ්.... "

මන් නැවිලා බලද්දි ජන්ග්කුක්ගෙ කකුලක් නිල් වෙලා. මට හොඳටම ෂුවර් අද මැච් එකේදි මගේ අතින් ජන්ග්කුක්ගෙ කකුලට හොඳ පාරක් වැදුණෙ මෙතනට කියලා. මන් ජන්ග්කුක්වත ඇඳන් තාප්පයක් අස්සට මුවා වුණේ අර මිනිස්සු ටික අපිව පහු කරලා යනකම්.

" කෝ බන් අරුන් දෙන්නා. කොහෙටද ගියේ. "

ඒ මිනිස්සුන්ගෙ සද්දෙ එන්න එන්නම අපි ළඟින් ඇහුණා. ජන්ග්කුක් හිටියෙ එයාගෙ කකුලෙ වේදනාව නිසා අමාරුවෙන්. එයා හිටියෙ මහ හයියෙන් හුස්ම දාන ගමන්. මම අතින් ජන්ග්කුක්ගෙ කට තද කරලා වැහුවෙ අර මිනිස්සුන්ට ඇහෙයි කියලා.

මේ කට්ට කරුවලේ වුණත් ජන්ග්කුක්ගෙ බෝල ඇස් දිලිසුණේ හරියට තරු වගේ.  මෙච්චර ලස්සන ඇස් දෙකක් දැක්කමයි. මූණෙන් පේනවා එයාට හොඳටම මහන්සියි කියලා. ඒ පුංචි පරතරයක් තිබුණු බිත්තියකුයි තාප්පයකුයි අතරමැද හිටිය අපි දෙන්නා අතර තිබුණෙ සෙන්ටිමීටර පහක වගේ පරතරයක්.

ඒ එක්කම වගේ ජන්ග්කුක් එයාගෙ ඔළුව මගේ පපුවට හේත්තු කර නිසා මාව ගැස්සුණේ වුණ දේත් එක්ක. ජන්ග්කුක් මගේ ෂර්ට් එකේ කොනක් පොඩි කරන් හොඳටම හුස්ම අල්ලනවා.

" ජන්ග්කුක් මොකද මේ. "

මන් ඇහුවේ එයාට මොකක්හරි අසනීපයක්ද කියලා හිතුණු නිසා රහසින්මයි. මොකද අපේ සද්දෙ අර මිනිස්සුන්ට ඇහුණොත් මෙතන වෙන්නෙ ඊට වැඩිය විනාසයක්.

" මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙන්න පුළුවන්ද "

තව තව අමාරුවෙන් හුස්ම අල්ලන ගමන් කියද්දි නම් මන් හොඳටම බය වුණා. මගේ පපුවෙ හන්ගන් හිටිය ඒ මූණ මන් අත් දෙකින් අල්ලන් මෑත් කරද්දි ඒ බෝල ඇස් තිබ්බෙ බාගෙට පියවිලා.

" ජන්ග්කුක් මාව බය නොකර නැගිටිනවා මිනිහෝ. "

මන් බයටම මහ හයියෙන් කෑ ගගහා ජන්ග්කුක්ගෙ මූණට අතින් ගගහා තට්ටු දාද්දි තමයි මට කරපු ගොන් කමේ තරම තේරුණේ.

" මෙතනින් තමයි සද්දෙ ආවෙ. බලන්න මෙතන ටිකක්. "

එහෙම කියපු ගමන් ඒ මිනිස්සු ටික මාවයි ජන්ග්කුක්වයි ඇදලා ගනිද්දි දෙන්නම ඇදිලා ගියේ හරියට පරඬැලක්  වගේ. දෙන්නම එහෙන්ම බිම පත බෑවෙද්දි මන් දැක්කෙ හිනා වෙවී අපි ඉස්සරහට එන සුසීගෙ කොල්ලා. ජන්ග්කුක් තාමත් ඉන්නෙ සිහියත් අසිහියත් අතරෙ.

සුසීගෙ කොල්ලා යකඩ පොල්ල අරන් ඉස්සරහට එද්දිම වගේ කාර් එකක් ඇවිත් ඒ මැද්දෙන් නතර කරද්දි මන් සැනසුම් හුස්මක් හෙළුවෙ ඒ කාර් එකේ අයිතිකාරයා මන් කවුද කියලා හොඳටම දන්න නිසා.

" නම්ජූන් හ්යුන්ග්. "

#දේදුනු 23/04/26

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories