𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟷𝟾
16:12, 29 September 2024𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ¹⁸' බ්රොකැනේක්ජල්'
"ජාන්.... නැගිටිනවකෝ දැන්වත්..."
අති සාර්ථකව විදියට suspension එක ඉවර වෙලා මට කොලේජ් යන්න තියෙන පලවෙනි දවසෙ උදේ පාන්දර ඉදන් Cudu mahaththaya ඝාන්ටාරේ හොල්ලන්න පටන් ගත්තා. වෙනදට උදේ පාන්දර බෙරිහම් දෙන කිම් අක්කා හොදයි වගේ. එයා නම් ඩූ මී ඩූ මී ඩූ මී ලයික් දැට් කියලනේ කෑ ගහන්නෙ. ඒ උනාට මම එයා කියන එකට නැගිටින්නෙත් නෑ. මම නැගිටින්න නම් පපා ඇවිත් මෙතන යකා නටන්නට ඕන. නැත්තම් ආන්ටි ශෙන්ග් ඇවිත් කෑ ගහන්නේ ඕන. හැබැයි cudu mahaththaya ආවත් හරි ඒ කිසි දෙයක් උනේ නෑ.
"ජාන්... අද කොලේජ් යන්න ඕන..."
"අද....ත් නොයා ඉන්....න බෑ...ද"
මම යන්තමට ඇස් ඇරගෙන කියනකොට එයා මගේ ඇඳට දාලා තිබ්බ බෙඩ් ශීට් එක ඇද්දෙ මාව ඇදෙන් බිමට වැටෙන්න. සෝක් එකට පශ්චාත් බාගේ රොටියක් උනා. ඇත්තටම මේ මනුස්සයට මගේ පශ්චාත් බාගේ එක්ක මොකක් හරි තරහක් තියෙනවා. තල්ලු කරොත් තල්ලු කරන්නෙ පශ්චාත් බාගෙ ඇනෙන්නමයි.
Cudu mahaththaya ටත් බැන බැන පස්සත් අත ගගා මම බාත්රූම් එකට ගියා. ගිහින් කණ්ණාඩිය ඉස්සරහ තිබ්බ කප් එකෙන් මගේ ටූත් බ්රෂ් එකට ටූත් පේස්ට් ටිකක් දාගෙන කටේ ගහගත්ත මම තවමත් නිදිමත බේරෙන ඇස්වලින් හෙව්වෙ බාත්රූම් එකේ ඉන්න මගේ යාළුවව. ආහ්... ඔය ඉන්නෙ...
ඔව් අෆ්ෆා. එයා හූනෙක්. ඇයිද කියන්න දන්නෙ නෑ. මම ඔය වගේ චූටි චූටි සත්තුන්ට ගොඩක් ආසයි. විශේෂයෙන් ඔය ගොඩක් අය අප්පිරිය කරන සත්තුන්ට. කුරුමිණියෝ, හූනෝ ඊට පස්සේ අර රෝස පාට චූටි මී පැටව්... එයාලා හරිම හුරතල්. ඒ වගේම ආදරේ හිතෙනවා. මම වෙනදා විදියටම ඒකට හිනා වුණා. ඇත්තටම පුළුවන් නම් මම ඒකව අරගෙන ගිහිං ඇති කරනවා. ඒත් අපේ ටූත්ලශ් එක්ක ඒවා කරන්න බෑනේ.
(A/N මටත් ඔහොම හූනෙක් හිටියා. හෙන කියුට් ඌ. ඒත් අපේ ගොබ්බ ටූත්ලශ් ඒකව කෑවා)
හෙමිහිට දත් ටික මැදගත්ත මම ඇඳුම් සේරම ගලවලා ශවර් එක යටට ගියා. කිසිම හැදියාවක් නැති අර හූනත් මොකෙක්ද වගේ මම නානවා බලාගෙන හිටියා..මහ වලත්ත හූනෙක්. ශවර් එක ඔන් කරපු ගමන් සීතලම සීතල වතුර ඇඟට වැටෙනකොට මාව වෙව්ලලා ගියත් ටිකකින් ඒ ගතිය නැති වෙනකොට මම සිංදුවක් කියන ගමන් නාන්න පටන් ගත්තා..
අම්ස ලෝලි බ්රොකැනෙනේජල්අම්ස ලෝලි ලෙස්සටුමයෙ හාට්වොන ලෝලි බ්රොකැනෙන්ජල්කාමන් සේමි බිෆො අයි ෆෝලින් හාට්...
ශවර් ජෙල් එක ගාව ගමන් මම බෙරිහන් දුන්නා. බාත්රූම් එක සවුන්ඩ් පෘෆ් නිසා හොඳයි නැත්තම් Cudu mahaththaya ගෙ කන් බෙර පැලෙනවා. මොනවා උනත් නාන වෙලාවට තමයි ලෝකෙ ඉන්න හොඳම ගායකයෝ මතු වෙන්නෙ. නානකොට කියන සිංදුව හොදයි නම් දෙයියනේ කියලා ඔය ස්ටාර්ලා තෝරන කම්පෙටිශන් එකකට යන්න තමා තියෙන්නෙ.
බල්ලා කුකුලා පරෙවියා මකරිනා....ඕඕඕඕඕ.... මාකරිනා...
බ්රෝකන් ඒන්ජල් එකෙන් පටන් ගත්ත මියුසිකල් ශෝ එක මකරිනාගෙන් ඉවර වෙනකොට අර හිටිය හූනත් කොහේ හරි ගිහිං හිටියා. ඌට ඉරිසියාවද කොහෙද... නැත්තම් මම වගේ සැඟවුණු දක්ෂතා තියෙන ගායකයෙක් ගෙ සිංදුවක් නොඅහා යන්න යනවද...
බාත්රූම් එකේ දොර ගාවට ආව මම දොරෙන් එලියට බෙල්ල දාලා බැලුවා. මොකද මට ඇදුම් උස්සගෙන යන්න අමතක උනා. Cudu mahaththaya ත් පේන්න නැති නිසා මම දඩබඩ ගාලා රූම් එකට පැනලා ඇදුමක් දාගෙන කොණ්ඩේ වේලන්න පටන් ගත්තා. ඔය ඉන්නෙ දැන් කොල්ලා නළුවා වගේ.
"ජා..."
නම කියාගෙන ඇතුලට එන්න ආව Cudu mahaththaya දොර ගාවම නැවතුනා. එයාගෙ කන් දෙක රතු වෙලා. කොල්ලට ලැජ්ජ හිතිලාවත්ද...
"ලෑස්ති වෙලා ඉවරයි නම් පහළට එන්න. මාස්ටර් ශියාඕට ඔයා එක්ක කතා කරන්න ඕනලු. "
එයා යන්න යනකොට මම බෑග් එකත් අරගෙන එලියට ගියා. පහළ ඩයිනින් ටේබල් එකේ වෙනදා වාඩි වෙන තැනම පපා වාඩි වෙලා ඉන්නකොට මම ගිහින් එයාගෙ ඉස්සරහින් වාඩි වුණා. Cudu mahaththaya ඇවිත් වාඩි වුණේ මට එහා පැත්තෙන්. ලලාට එහා පැත්තෙන් වන්ග් අන්කල් වාඩි වෙලා හිටියා..
"අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ජාන් .."
පපා කතා කරන්න පටන් ගත්තෙ කාලා ඉවර කරලා චොප්ස්ටික්ස් දෙක ප්ලේට් එක උඩින් තියන ගමන්.
"මේ අවසාන වතාව. ආයෙ මෙහෙම දෙයක් උනොත් වෙන දේ මතක් කරන්න ඕන නෑනේ.."
"ඔව් පපා... "
පපා යන්න ගියාම ටේබල් එකේ ඉතුරු උනේ මමයි Cudu mahaththaya යි විතරයි. එයා නම් එයාගෙ සුපුරුදු කෑම එකම කකා හිටියා. ඇත්තට වෙන දෙයක් මේ මනුස්සයා කන්නෙම නෑද කොහෙද.
'අපි යමුද."
Cudu mahaththaya නැගිටින ගමන් කියනකොට මමත් නැගිටලා බෑග් එක දාගත්තා. මට කලින් ගිය Cudu mahaththaya කාර් එක ගාවට වෙලා හිටගෙන ඉන්නකොට මම වෙනදා විදියටම කාර් එකට නැග්ගෙ සිංදුවකුත් ප්ලේ කරගෙන ඒක කියන ගමන්. Cudu mahaththaya තවම අලුත් නිසා එයාට මේක අමුතුයි වගේ පෙනුනට ඩ්රයිවර් අන්කල්ට නම් මේවා අමුත්තක් නෑ..
එනොමරකර කාසේකනකොට මල වාසේඩිගිනි ගිනි ඩිගිනි ගිනිඩිගිනි ගිනි ගිනි...
https://www.youtube.com/watch?v=FcAaAvAsGqY
අමුතු සතෙක් දිහා බලන බැල්ම දාපු Cudu mahaththaya ඔළුව වනලා ඉස්සරහට නගින කොට අන්කල් කාර් එක ස්ටාර්ට් කලා. වෙනදා විදියටම පලවෙනි ලෙක්චර් එක පටන් ගන්න විනාඩි දහයක් විතර තියෙනකොට අන්කල් කාර් එක නතර කරනකොට මම Cudu mahaththaya එක්ක හෝල් එක දිහාවට ඇවිදගෙන ගියා..දාලා ගියාට වැඩක් නෑනේ. මෙයා හොයා ගන්නවනේ. ඉස්සර වගේ නෙවෙයි දැන් එයා එක්ක මෙහෙම ඇවිදගෙන යන එකත් හරි වෙනස් වගේ...
"යන්න.... මම එලියෙන් ඉන්නම්... "
එයා කියනකොට මම ඇතුලට ගියා. ආ... ඔය ඉන්නෙ හොයපු එකා. මම පිටිපස්සෙම පේලියෙ හිටිය හම්පඩයා ගාවට ගිහින් බෑග් එකෙන්ම ඒකගෙ පිටට ගැහුවා. මොකටද කියලා අහන්න එපා.. මේකා නිසා මම කාපු චාටර් එක හොදටම ඇති. ඌටත් දෙකක් ගහලා උගේ එහා පැත්තෙන් ම වාඩි වුණ මම දැක්කෙ හෝල් එකට එන ලෙක්චර්ව...
මිස් වෙච්ච සති දෙකේ නෝට් ටිකත් ඉල්ලගෙන එලියට ආව මම දැක්කෙ ඖකන්නා Cudu mahaththaya ගාවට වෙලා මොනවහරි කියනවා. මේ ඔලමොට්ටලීට පාඩුවේ ඉන්නම බෑ. කරන්න තියෙන හැම මඟුලම කරලා දැන් Cudu mahaththaya වත් අල්ලගන්න හදනවා. එයාලා දෙන්නා මැද්දට පැනපු මම Cudu mahaththaya වත් ඇදගෙන පාර ගාවට ආවේ බිනා කට ඇරගෙන බලාගෙන ඉන්නකොට..
"ඔයාට මොකක්ද ඒකි එක්ක තියෙන කතාව..."
"ජාන්.. මොකද මේ..."
"මොකද මේ නෙවෙයි... කියනවා මොකක්ද..."
"ජාන්...."
එයා මට සම්පූර්ණ කරන්න නොදී මාව තල්ලු කරලා දැම්මා. එයා දිහා බැලුව මම දැක්කෙ එයාට අඩි දෙක තුනක් එහායින් තියෙන ටිපර් එකක්...
To be continued....
ANA S TASIA25.11.22
හායි...
බායි....
There are no comments yet. Log in to be the first to leave a review!





