Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟷𝟽

16:12, 29 September 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟷𝟽' පොටෝ එක '

එ...එයා එයා මගේ මමාව දන්නවද.  හැබැයි නොදැන ඉන්නත් විදියක් නෑ. මොකද පපා අනිවාර්යයෙන්ම එයාට කියලා තියෙන්න ඕනිනේ. මගේ අත් දෙක එයාගෙන් ඉබේටම ගැල වෙනකොට මම ඇඳෙන් වාඩි වුණා. එයා ඉස්සෙල්ලා එලියට යන්න හැදුවත් ආයෙම එයා ඒ තීරණය වෙනස් කරන්න ඇති.. එලියට යනවා වෙනුවට එයා මගේ එහා පැත්තෙන් වාඩි වුණා.

"ජාන්... "

"ම්ම්ම්..."

එයා මගේ උරහිස වටේට අත දාලා මාව එයාට හේත්තු කරගත්තා. එයාගෙ දිග සීතල ඇඟිලි මගේ කොණ්ඩේ අවුල් කරනකොට මම ඇස් දෙක පියා ගත්තා.. ඒක හරි සනීපයි. පපා ඇරෙන්න වෙන කෙනෙක් මගේ ඔළුව අතගාන පලවෙනි වතාව.

"Thank you"

මම මිමිණුවේ ඇහෙන නෑහෙන ගාණට.

"මොකටද..."

"ඔයා නොහිටියා නම් මම මේ වෙනකොට ක්ලබ් එකකට වෙලා වැටෙන්න බොනවා..."

"වැටෙන්න බොන එක ප්‍රශ්නවලට විසඳුමක් නෙවෙයි... ඒකෙන් වෙන්නේ ප්‍රශ්නෙ තවත්  වැඩි වෙන එක විතරයි. "

එයා කියනකොට මම උත්තර දෙන්න ගියේ නෑ. මොකද එයා කියන වචනයක් ගානෙම ඇත්ත.

"එයා ඔයාගෙ මමා වෙන්නැති ජාන්... ඒත් අමතක කරන්න එපා ඔයාට එයාව ඕනම කාලෙදියි ඒවා ඔයාව අත් හැරියෙ කියන දේ..."

Cudu mahaththaya ඊට පස්සේ වචනයක්වත් කිව්වෙ නෑ. එයයි මමයි දෙන්නම කිසිම කතාවක් නැතුව වැස්ස දිහා බලාගෙන හිටියා. ඇත්තටම වැස්ස දිහා බලාගෙන හිටියෙ එයා විතරයි. මම බලාගෙන හිටියෙ එයා දිහා. ටිකෙන් ටික මගේ හිතේ එයා ගැන තියෙන්නෙ මොන හැඟීමක්ද කියලා මටම තේරෙන්න පටන් ගන්නකොට මම බය උනා. ඔව්..  කොච්චර කොහොම කිව්වත් මම එයාට ආදරෙයි. එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා ඉරිසියයි. ඒත් මට එයාවත් නැති උනොත්... මට දරාගන්න පුළුවන් වෙයිද...

"ම්හ්ක්..."

පෝන් එකේ ස්ක්‍රීන් එකෙන් වෙලාව පාන්දර එකයි කියලා පේනකොට මම ඇඳේ අනිත් පැත්තට පෙරලුනා. නිදාගන්න ආවේ මීට පැය දෙකකට විතර කලින් උනාට මම කලේ ඇඳේ පෙරලි පෙරලි හිටිය එක. Cudu mahaththaya වෙනදට මම නිදාගන්නකම් ඇහැරගෙන හිටියත් තෙමිලා හෙම්බිරිස්සාව හැදිලා හිටිය නිසාද මන්දා එයාට කලින්ම නින්ද ගිහින් තිබ්බා. බැල්කනි එකේ තිබ්බ ලයිට් එලියෙන් යාන්තමට පේන එයාගෙ මූණ දිහා බලාගෙන හිටිය මම හෙමිහිට ඇඳෙන් බැස්සා.

සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න අඩිය තියන තිය ගිය මම නැවතුනේ සෝෆා බෙඩ් එකේ නිදාගෙන හිටිය එයා ගාව. නහය පොඩ්ඩක් රතුත් වෙලාද මන්දා. බෙල්ල ගාවටම පොරවගෙන හිටිය එයාගෙ බ්ලැන්කට් එක පහළට කරපු මම එයාගෙ නළලට අත තියලා බැලුවේ උණ හැදිලද කියලා. වෙලාවට එයාට උණ හැදිලා නැති වෙනකොට ඕනි දෙයක් වෙන්න කියලා මම එයා බදාගෙන හිටිය කොට්ටෙ අයින් කරලා එතනින් හාන්සි උනා..

"...බා...."

"ජාන්...."

"ජාන්..... නැගිටින්න..."

"ම්හ්ක්..."

මම තව ටිකක් තදට මගේ කොට්ටෙ බදා ගත්තා... කවදා ඉදලද මගේ කොට්ටෙ මෙච්චර රස්නෙ උනේ. ඒ මදිවට ඒක තදයි වගේ... ඒ උනාට සනීපයි...

"ජාන්..."

Cudu mahaththaya ගෙ කටහඬ කන ගාවින් ඇහෙනකොට මම යන්තම් ඇස් ඇරියා. මගේ මූණට අඟලක් විතර ඈතින් එයාගෙ මූණ තියෙනකොට මම එකපාරටම ගැස්සිලා ගියා. එයා කොයි වෙලාවෙද ඇඳට ආවේ.. එතකොටම තමයි මට මතක් වුණේ ඊයෙ රෑ මම එයාගෙ ගාවට ආවා නේද කියලා...

"දැන් නිදාගත්තා ඇති නේද... "

"නෑ... "

මම කිව්වෙ ආයෙමත් ඇස් පියාගන්න ගමන්. මහ රෑ වෙනකම් හිටිය නිසාද මන්දා මට දැනුනේ පට්ට නිදිමතක්. මේ නිදිමතේ හැටියට සතියක් විතර නිදාගන්න පුලුවන්.

"එහෙනම් ඇඳට යන්න... මෙතන ඉන්න එක ඔයාට හොඳ නෑ... "

Cudu mahaththaya කිව්වත් මම ඇහුනේ නෑ වගේ හිටියා. ඒ පාර එයා කලේ සෝෆා එකෙන් නැගිටලා මාව උස්සලා අරගෙන ඇඳෙන් තියපු එක.. ඊට පස්සේ එයා යන්න හැරුණත් මම එයාගෙ අතින් ඇදලා එයාවත් ඇඳට පෙරළගත්තා...

"ජාන්...."

"ඉන්නවකෝ අනේ තව ටිකක්..."

මම කිව්වෙ යන්තමට ඇරුණු ඇස් වලින් එයා දිහා බලාගෙන. එයාගෙ කන් දෙක රතු පාට වෙලා තිබ්බා. Cudu mahaththaya ට ලැජ්ජාවක් කියලත් එකක් තියනවා මට නැති උනාට නේද... මම දෙපාරක් හිතන්නේ නැතුව එයාගෙ කම්මුලක් උඩින් මගේ තොල් දෙක තද කලා.

"ජ්...ජාන්..."

"ඔයා තවමත් එයාට ආදරෙයිද..."

මම ඇහුවේ Cudu mahaththayaගෙ ඇස් දෙක දිහා බලාගෙන. මට එයා තවමත් ලින්ග් ලින්ග් ට ආදරේ කරනවද කියලා දැනගන්න ඕනි වුණා. මම එයාට ආදරේ උනත් එයා ආදරේ වෙන කෙනෙක්ට නම්... මම දන්නවා හිත රිදවගෙන හරි මම එයාගෙන් ඈත් වෙයි. මොකද මම හොඳටම දන්නවා ආදරයක් බලෙන් අයිති කරගන්න ගියොත් වෙන දේ... මට වෙච්ච දේ තවත් පොඩි ළමයෙක්ට වෙන්න ඕනි නෑ ..

"නෑ...."

එයා කිව්වෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා.   එයාගෙ මූණෙන් සාමාන්‍යයෙන් හැඟීම් පේන්නෙ නැති උනත් එයා ඉන්නෙ කලබල වෙලා කියලා එකට පැටලුණු එයාගෙ ඇඟිලි වලින් මට තේරුණා. මමත් ඇඳේම වාඩි වෙලා එයාගෙ අත් දෙක උඩින් මගේ අත් දෙක තිබ්බා.

"එහෙනම් ඇයි තවත් ඔයා එයාගෙ පොටෝ එකක් වොලට් එකේ දාගෙන ඉන්නෙ..."

"එහෙනම් ඔයා ඇයි තවමත් ඔයාගෙ ex ගෙ පොටෝ කබඩ් එකේ දාගෙන ඉන්නෙ...."

හරිනෙ ඉතිම්. ඉදලා ඉදලා මමත් නැට්ටෙ ඉඳන් ගා ගත්තනේ. ඇත්තටම මම මොකටද ඒ පොටෝ එක අයින් නොකළේ කියන එක මටත් ප්‍රශ්නයක්..බැරි වෙලාවත් මම එයාට තවම ආදරෙයිද. ඒත් මම දැන් Cudu mahaththaya ටත් ආදරෙයිනේ. අනේ මන්දා. මේවා ලව් නෙවෙයි ඉලව්... මමත් නිකම් හරියට confused unga bunga වගේ..

"ඔයාට වගේ තමයි. මටත් උත්තරයක් නෑ... ඒත් මම දන්නවා ඒ උත්තරේ ආදරේ නෙවෙයි කියලා...."

To be continued....

ANA S TASIA 🌼16.11.22

චක

ොටස් විස්සකින් ඉවර කරන්න ලියන්න ගිය කතාව නේත මේ සාන්ත😂

බාල්දියක් දාන්නත් හිතෙනවා 🙂

වවුල් පැටියා 20k අරගෙන. මට හරි සතුටුයි අෆ්ෆා 🥺🥺🥺

වෝට් 50 කමෙන්ට් 50යි

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories