Fanfics

Part 20 (Final part)

12:03, 14 August 2021

Five months ago

(නිශි - දෙන්නගෙන් එක්කෙනෙක් පටන් ගන්න දැන්.😏😏ජිමින් - ඕතර් නංගි ඔයා පටන් ගන්න.🙂🙂ඕතර් - නෑ ජිමිනා ඔයා පටන් ගන්න.🙂🙂👍ජිමින් - නෑ නංගි ඔයා පටන් ගන්න ඔයානෙ කතාව ලියන කෙනා.😊😁ඕතර් - නෑ අයියෙ ඔයා පටන් ගන්න කියවන අයට කිව්වෙ ඔයා අද කතාව කියන්නේ කියලා.🙂ජිමින් - හරි ඉතින් ඔයා පටන් ගන්නනිශි - 🙄🙄🙄ඕතර් - එහෙම හරි නෑනෙ. ඔයා කතාව කියන්නෙ කිව්වාම මං ඒක කරලා හරියනවද?😁😁ජිමින් - නෑ ඒකට කමක් නෑ ඔයා පටන් ගන්න.😁ඕතර් - කමක් නෑ ජිමිනො ඔයා පටන් ගන්න.🙂නිශි - තොපි දෙන්නගෙන් එක්කෙනෙක් මගෙ යකා අවුස්සගන්නෙ නැතුව කතාව පටන් ගන්නවද? නැත්නම් මගෙන් කනවද?😏🔫🔫🗡️ඕතර් - නෑ ඕන නෑ මංම පටන් ගන්නම්😒😒👍)

Author's pov

නොදැනිම මාස පහක් ගෙවී ගිහින්. අද නිශිට විශේෂ දවසක්. මොකද අද එයාගෙ විසි පස්වෙනි උපන්දිනේ. අද හැමෝම එයාව පුදුම කරන්න යන්නේ ජේජු දූපතට.❤️❤️❤️

(නොකිව්වට නිශී දැන් කොරියාවට ඇවිත් අවුරුදු පහක් විතර වෙනවා හී 😁)

නිශීව එක්කගෙන ගියෙ ජේජු දූපතේ තිබ්බ ගුහාවක් ඇතුලට. යේසු ඔන්නියි නම්ජුන් ඔප්පයි ආශිත් එක්ක තමා ගියෙ.

ඒවගේම නිශීගෙ අම්මයි තාත්තයි කෙල්ලගෙ උපන්දිනෙ නිසාම මීට සති දෙකතුනකට කලින් කොරියාවට ගෙන්වාගෙන තිබුනා. එ් එක්කම තව මාසෙකින් ඒ දෙන්නගෙ මංගල්ලෙත් කරලා වැඩ ටික ඔක්කොම අහවර කොරලා තමයි ඒ දෙන්නා ආපහු ලංකාවට යන්න හිතාගෙන උන්නෙ.😁😁 ඒ කට්ටියත් මෙයාලා එක්කම ආවා. තව අද තමයි නිශීගෙ අභිෂේක උත්සවය. ඉතිං අද වගේ දවසක් විශේෂ නොවෙන්නේ කාටද?

එයාලා ආවෙ ගුහාවෙ ඇතුලෙ තිබ්බ ලස්සනම ලස්සන underground water pool එකක් ගාවට.

ඒක දැක්කම නිශී ගොඩක් පුදුම වුනා.

❤️- අනේ ඔන්නි මේ වගේ තැනක මෙහෙම ලස්සන පූල් එකක් තියෙනවා කියලා මම දන්නෙ නෑනෙ. 😍😍

🧡 - ඔයා පුදුම වුනා නේද නිශී? ඉන්නකො තව තියෙනවා ගොඩක් දේවල් ඔයාව පුදුම කරවන්න.😏😏😏

නිශි ටිකක් ඒකට කලබල වුනත් මොනවද කියලා ඇහුවෙ නෑ. එයා ජිමින් කොහෙද කියලා හොය හොය තමයි හිටියෙ.

❤️ - ඔන්නි ජිමින් කෝ? එයාව මං අද උදේ ඉදන්ම දැක්කෙ නෑ.🤨🤨

🧡 - එයා පොඩි වැඩකට ගියා. තවපොඩ්ඩෙන් එයා එයි.

❤️ - හයියෝ ඉතිං මට කියලා යන්න දැනගන්න එපැයි. මං නැත්නම් බය වෙනවනෙ 😒😒😒

ටිකක් වෙලා යනකොට පූල් එකේ වතුර කැලතෙන්න ගත්තා ඊට පස්සේ ලස්සනම ලස්සන දිය කිදුරියො ගොඩක් එතනින් මතු වුනා. ඊට පස්සෙ එතනට ආවෙ රතු දිය කිදුරු කුලයෙ නායිකාව සේජින්. තව සුදු පාට කුලයෙ නායකයත් ඇවිල්ලා හිටියා. කළු අයත් ටිකකින් එතනට ආවා.

❤️ - ඔන්නි කළු අය කොහොමද මෙතනට ආවෙ එයාලා අපි එක්ක තරහයිනෙ.😐😐😐

🧡 - නොදන්නවා උනාට එයාලත් නිල් කිදුරු පාලනයට කැමැත්තෙන් ඉදලා තියෙන්නේ මොකද කාසු එයාලට හරිම නරක විදියට සලකලා තියෙන්නේ. ඒ පාලනෙ ඉවර වෙනකං තමා එයාලා ඉදලා තියෙන්නේ.😁😁😁

සේජින් ඊට පස්සේ නිශි ලගට ආවා තව සුදු කිදුරු නායකයා එක්ක.

"නිශී මේ ඉන්නෙ සුදු කිදුරු කුලයෙ නායකයා park ji young" කියලා එයාව හදුන්වා දුන්නා.

එයා "හදුනා ගැනීම සතුටක්" 🙂කියලා නිශීට අතට අත දුන්නා. නමුත් නිශී හිටියෙ ඒ ගැන සිහියකින් නම් නෙවෙයි. එයාට මේ මොනවද වෙන්නෙ කියලා තාම හිතාගන්න බැරුව ඉන්නෙ.

❤️ - ප්ලීස් කවුරුහරි කියනවද මොකක්ද මෙතන සිද්ධවෙන්නෙ කියලා මට මුකුත් හිතාගන්න බෑ.😏😏

“ඒක තමයි අපි ඔයාට මේ කියන්න යන්නෙ" කියලා සේජින් පිටි පස්සට ගිහින් එයාගෙ අත නිශී දිහාවට දික් කලා.

එතකොට නිශීගෙ ඇදුම ටිකෙන් ටික වෙනස් වෙලා ලස්සන වේල් එකක් තියෙන ලස්සනම ලස්සන නිල් පාට mermaid frock එකක් වුනා.

නිශී ඒකට ගොඩක් ලස්සන වුනා. ඒ වගේම එයා ගොඩක් පුදුම වුණා.ඊට පස්සෙ නිශීව පුටුවක ඉන්දුවා. ඊටපස්සේ එයා ඉස්සරහට ගෙනාවෙ දියමන්ති ඔබ්බපු ලස්සනම ලස්සන ක්‍රව්න් එකක්.

සේජින් "අද සිට නිල්,රතු,සුදු,කළු කියන මේ සියලුම කුලවල රැජිණ ලෙස මැය පත්වන වගයි" කියලා නිශීගෙ ඔළුවට ක්‍රව්න් එක දැම්මා.👸👸👸 එතකොටම නිල් පාට එලියක් මුළු පූල් එක වටේම විහිදිලා ගියා. ඒක ලස්සනම ලස්සන මොහොතක් වුනා.

(මෙන්න මේ විදියට හිටියයි කියලා හිතාගන්නකො)

ඊට පස්සෙ ලස්සනට කවුරු හරි සින්දු කියන හඩක් ඇහුනා.

Don't wanna knowIf you looking in to her eyesIf she's holding on to you so tightThe way I did beforeI overdosedShould've known your love was a gameNow I can't get you out of my brainOh it's such a shame

We don't talk anymore///Like we used to doWe don't love anymoreWhat was all of it forWe don't talk anymoreLike we used to do❤️❤️❤️

එහෙම සින්දු කියන ගමන් නිශී ඉස්සරහට අනිත් ඔප්පලාත් එක්ක නිල් පාට කෝට් එකකට ලස්සනට හැඩ වෙලා ආවෙ ජිමින්.💙💙💙

එයා නිශී ලගට ඇවිත් දනගහලා නිල් පාට බොක්ස් එකක් එලියට අරගෙන ඒකෙන් ලස්සනම ලස්සන නිල් පාට මුද්දක් එලියට අරගත්තා.💍💍💍

🐥- දැන් විතරක් නෙවෙයි. මේ මුළු ආත්මය පුරාවටම, මේ ආත්මෙ විතරක් නෙවෙයි ලබන ආත්ම වලදිත් හැමදාටම මගේ වෙනවද? මාව ඔයාගෙ කරගන්න කැමතිද? ❤️❤️❤️

ඒක අහනකොට නිශීගෙ ඇස් වලින් කදුලු එන්න ගත්තා.

❤️ - වෙන්නම් මැනික. අනිවාරයෙන් හැමදාටම, මේ මුලු සසරෙ පුරාවටම මම ඔයාගෙ තමයි. ඔයා මගෙ විතරමයි.❤️❤️❤️

(මැණික ගානවා වැඩීද මන්දා 🙄😁)

එහෙම කියලා නිශී අත දික් කලාම ජිමින් හිනාවෙලා නිශීගෙ අතට රින්ග් එක දැම්මා.❤️❤️❤️

හැමෝම කෑ ගහලා අත්පුඩි ගැහුවා.

ඊට පස්සේ ජන්ග්කුක් හූවක් ඕනෙ කියල කෑ ගැහුවා.😁😁

(දන්නවද හූවක් ඕනෙ කියන එකේ තේරුම? එයා ඒ කිව්වෙ 😘😘😘එකක් ඕනෙ කියන එක හී 😂😂😂🤭)

ඊට පස්සේ නිශී නැගිටලා ජිමින්ගෙ කර වටේ අත දැම්මා.

❤️ - ඇයි ජිමින් මං වෙනුවෙන් මෙච්චර මහන්සි වුනේ? මට මේක හීනයක් වගේ.

එතකොට ජිමින්, "මේ හැමදේම කලේ ආදරේටනෙ" කියලා එකපාරටම නිශීගෙ තොල් සිපගන්න ගත්තා.💏💏💏

නිශීත් ඒකට ප්‍රතිචාර විදියට ජිමින්ගෙ තොල් සිපගන්න පටන් ගත්තා.❤️❤️❤️

හැමෝම ඊට පස්සේ අතපුඩි ගහලා ඔල්වරසන් දුන්නා. මේ දිහා නිශීගෙ අම්මයි තාත්තයි බලාගෙන හිටියෙ කදුලු පිහ දදා ආදරයෙන්.

(මට නම් ඒක දැක්කම හික් ගෑවුනා 😁😁)

විනාඩි කීපයක් එහෙම රැදිලා නිශී ජිමින්ගෙ තොල් වලින් ඈත් වුණා.

"හා හා දැන් දෙන්නම එන්න කේක් එක කපන්න." නම්ජුන් ඔප්පා කිව්වා. එතකොට එක තැනක ලයිට් එකක් පත්තු වුනා. එතන තිබ්බෙ ලස්සන නිල් පාටින් ඩෙකරේට් කරපු කේක් එකක්.

හැමෝම හැපි බර්ත්ඩේ කියද්දී නිශී හිනාවෙවි කේක් එක කැපුවා. කපලා එක කෑල්ලක් අරගෙන ජිමින්ට කැව්වා. එහෙම කවද්දී හැමෝම අත්පුඩි ගැහුවා. ජිමිනුත් නිශීට කේක් කැව්වා.

“සරන්හේ ජිමින් හැමදාම. ඔයා මං වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා මං හිතුවේ නෑ මගෙ විසිපස්වෙනි උපන්දිනය මෙච්චර හොදට සමරන්න පුළුවන් වෙයි කියලා. "

“මේ හැමදේම ඔයා වෙනුවෙන් කලේ මං ගොඩක් සතුටින්. මමත් ඔයාට හැමදාම ගොඩක් ආදරෙයි මගෙ මර්මේඩ් ❤️❤️❤️"

එහෙම කිව්වාම නිශී ජිමින්ව බදාගත්තා. ඒ දවස කාගෙත් සතුටින් පිරිලා ගියා.❤️❤️

ඔහොම ගිහිං මාසයකට පස්සේ දෙන්නගෙ වෙඩින් එක සිද්ධ වුනා. ඒකත් ගොඩක් ලස්සන විදියට හැමෝගෙම කැමැත්තෙන් සිද්ධ වුනා.

7 years ago

Jimin pov

“ඉතින් අප්පා මොකද ඊට පස්සේ වුනේ?"

“ඊට පස්සේ ඒ කුමාරයයි. ඒ දියකිදුරියයි සතුටින් හිටියා. හ්ම්... කතාව ඉවරයි. දැන් මගේ චූටි මර්මේඩ් නිදා ගන්නකො."

“අප්පා?"

“ම්ම්..."

“මමත් ආසයි Ariel වගේ දිය කිදුරියක් වෙන්න.😁"

“ඉතිං ඔයා කොහොමත් මගෙ දිය කිදුරියනෙ පැටියො."

මං හිටියෙ මගෙ මුළු ලෝකයම වුනු මගෙ චූටි දුව ආන්යාට එයා ආසම කාටූන් චරිතය වෙච්ච Arielගෙ කතාව කියලා දිදි. ආන්යා සෝයුන්. ලංකාවෙදී ආන්යා. කොරියාවෙදි පාර්ක් සෝයුන්. හරි අමුතුයි නෙහ්?😁 ආන්යා කියලා දැම්මෙ නිශී ගෙ අම්මා. සෝයුන් කියලා දැම්මෙ ජිනී ඔන්නි. එයාටත් දැන් එයා වගේම ලස්සන දුවෙක් ඉන්නවා.😁😁😁

(ඔව් ඔව්. මේ ඉන්නෙ මගෙ ආන්යා කෙල්ල තමයි 😁😁)

චූටි කෙල්ල දන්නැති වුනාට කෙල්ල ඉපදෙද්දිම කෙල්ලගෙ ඇස් නිල් පාටින් දිලිසුනා. හී එයා ඒවා දන්නෙ නෑනෙ 😁

මං එහෙම කල්පනා ලෝකෙක බරවෙලා ඉද්දි අඩන සද්දයක් ඇහුනා. වෙන කවුද ඉතින් මගෙ වසවර්ති නානායක්කාර මිසක්.😂😂😂සුවර් එකටම රෙද්ද අස්සේ චූ කරගෙන වෙන්නැති දගලන්නෙ.

ඒ මගෙ අනිත් ලෝකෙ. බැන්නට ඒ මගෙ පොඩ්ඩනෙ. එයාගෙ නම නිකිල් මින්හෝ. ලංකාවෙදි නිකිල්. කොරියාවෙදි පාර්ක් මින්හෝ එයාගෙ නමත් දැම්මෙ කිව්වා වගෙම නිශීගෙ අම්මා තමා.

“කවුද තාත්තෙ ඒ?🙄"

කෙල්ල එක වෙලාවකට මට තාත්තා කියනවා, තව වෙලාවකට අප්පා කියනවා. අනෙ මන්ද ඉතිං.

කොල්ලා නම් එහෙම නෑ. උගෙ උපතෙ ඉදන්ම කටේ තියෙන්නේ ඔම්මා ඔම්මා ගාන එකයි. රෑට හොල්මන වගේ කුක්කු ඉල්ල ඉල්ල අඩන එකයි.😒😒😒

“වෙන කවුද ඉතින් ඔයාගෙ අම්මගෙ අවුරුදු දෙකේ චූටි පුතා මිසක්.😒😒"

මං කෙල්ලව එහෙම්ම නිදි කරවලා කොල්ලා හිටපු කාමරේට ගියේ කොල්ලා දිගටම අඩන්නෙ ඇයි කියලා බලන්න. මොන කොල්ලගෙ අම්මා ආගිය අතක් නෑ. කොල්ලා හරියට කෙල්ලෙක් බූට් එකක් තියලා වගේ අඩනවා. ඒ මදිවට හවස අස්කරපූ කාමරේ ගන්දස්සාරෙ බෑ.🙄😒😒

“නිශී? ඔයා මොකද කරන්නේ? මේ කොල්ලා කාමරේ ටොයිලට් එකක් කරගෙන අඩනවා. ඇහෙන්නැද්ද?🙄🙄"

“😐😐අයියො ජිමින් මං මේ කෑම පිගන් හෝදනවා. මට ඔතනට එන්න බෑනෙ. ඕක පොඩ්ඩක් අස් කරලා කොල්ලගෙ ඩයිපරෙත් මාරු කරලා ගන්නකො. මං ටක් ගාලා එන්නම්.😊🙂👍"

සැක් වෙනදා වගේම අදත් මටමනෙ පොල්ල වැදුනෙ. 😐😑දැන් ඉතිං අස් කරපංකො බෙඩ්ෂීට් එකේ ඉදන්. මේ අවුරුදු විසි ගානට මෙහෙම දුකක් විදලා නෑ අම්මපල්ලා. වෙලාවකට මටත් හිතෙනවා කොල්ලා වගේ ඇද උඩට වෙලා චූ කරගෙන අඩන්න. නිශීගෙ වැඩ වැඩි වෙන්නම. ඒත් ඉතිං මට තමා කෙල්ල දාලා ගියපු කොල්ලා වගේ ඉන්න වෙන්නෙ එතකොට සැක් විතරක්. කොල්ලො උබනම් මගෙ ලස්සන තරුණ කාලෙ කන්නම තමා ඇවිත් තියෙන්නේ 😒😒👍

කොහොම හරි අන්තිමට අද දවසෙ දහවෙනි පාරටත් කාමරෙ අස්කරලා දැම්මා. වෙලාවකට හිතෙනවා කොල්ලාට දියවැඩියාව ද මෙච්චර ටොයිලට් යන්නෙ කියලා. කොහොම හරි අන්තිමට ඒකෙන් වන බලපෑම මගේ පිටින් තමයි යන්නෙ 😒😒😒

“තාත්තෙ මං ලස්සනයි නේද?😁"

හෑ යකො මං ටිකකට කලින් කෙල්ලව නිදි කරවලා නේද ආවෙ? කෙල්ල මොකක්ද මගෙ පිටිපස්සට වෙලා කරන්නෙ? එහෙම හිතාගෙන මම හෙමින් සැරේ පිටිපස්ස බැලුවා.

හත්තිලව්වයි. කෙල්ලට අවුරුදු හතරක් වුනා විතරයි. අපි කෙල්ලව ටේයන්ගෙ පොඩි එකත් එක්ක ලගම තියෙන pre school එකට දැම්මෙ අපේ ලේසියට. ඒක ලබන සතියෙ තියෙන කොන්සර්ට් එකට කෙල්ල ආස නිසා කෙල්ලට අදින්න නිශී ගෙ අතින්ම මහපු mermaid costume එක නේද මේ කෙල්ල මේ මහ රෑ ඇදගෙන ඉන්නේ? නිශී ඕක කබඩ් එකට දාලා හංගලා තිබ්බෙ ඒකට කෙල්ලගෙන් වෙන හානිය වලක්වන්න. මහ රෑ කොහොමද මේක කෙල්ලට හම්බවුනේ? අනික  මේ කෙල්ල කොහොමද අප්පෙ මේ සරුවාලෙ ඇදගත්තෙ? මේක මහ රෑ කෙල්ල ඇදගෙන ඉන්නවා නිශී දැක්කොත් එහෙම කෙල්ලටයි මටයි සිරියමේ සාරා තමා.🤪🤪🤪

“අනේ පැටියො ඔයා ලස්සනයි තමා. ඒත් දැන් දෙයියන්ගෙ නාමෙට ඕක ගලවලා නිදාගන්න. නැත්නම් අපි දෙන්නටම වෙන්නෙ මහ රෑ අම්මගෙ ජාතිය ඇමතීම අහන් ඉන්න තමයි.🙄🙄🙄"

“ඇයි මං මේක ගලවන්න ඕන? මං මේක ගලවන්නෑ. මේක මගේ. මං මේකට ආසයි. අද මං මේක ඇදගෙන නිදාගන්නවා.😤😤😤"

මදැයි කිව්වෙ හොද කතාවක්. දැන් ඉතින් මට තියා සක්කරයාටවත් ගන්න බෑ කෙල්ලගෙන් මේ ඇදුම.😐😐😐

“ආන්යා පැටියො ඔයාගෙ තමයි ඕක. වෙන කාගෙද? ඒත් පැටියො ඔයා ඕක දැන් ඇන්දම ස්කූල් එකේ කොන්සර්ට් එකට අදින්නේ මොකක්ද? අනික ඕක රෑට අදින එකක් නෙවෙයිනෙ මැනිකෙ. ඒක නිසා හොද බබා වගේ ඕක මාරු කරලා ඇදගෙන හිටපු ඔයාගෙ ලස්සන නයිට් ඩ්‍රෙස් එක ඇදගෙන නිදාගන්නකො. අප්පා ඉක්මනට මල්ලියාගෙ කාමරෙ අස් කරලා මල්ලිව නිදිකරවලා එන්නම් බබා එක්ක දොයිය ගන්න හරිද?"🙄🙄🙄

“අනෙහ් අනෙහ් අප්පා මට බෑ. මට මේක ඕනෙ හුවෑ...😩😩😩"

හැම නාට්‍යක්ම ඉවර වුනාම සින්දුවක් යනවා වගේ හැමදාම මගෙයි කෙල්ලගෙයි කතාව ඉවර වෙන්නෙ කෙල්ලගෙ ඇඩිල්ලෙන්.

“ආන්යා... ඔයා අඩන්නෙ ඇයි? නිදාගන්නෙ නැද්ද?🤨🤨"

හරිනෙ. දැන් ඔක්කොම හරි මෙතනට මදි වෙලා හිටියේ නිශි විතරයි. එයත් ආවා. දැන් කෙල්ලගෙ දුක්බර ජවනිකාව මෙතනින් ඉවරයි. දැන් පටන්ගන්නෙ නිශීගෙ සටන් ජවනිකාව.

“අනෙ අම්මා.. තාත්තා මට මේක තියාගන්න දෙන්නෑ. හුවෑ....." කෙල්ල කෙලින්ම ගිහින් අම්මගෙ ඇගේ දැවටෙන්න ගත්තා. ඒ එක්කම නිශීගෙන් මට එල්ල වුනෙ දැඩි රකුසු බැල්මක්.😡😡

“හරි පැටියෝ කියන්නකො කොහෙන්ද ඔයාට මේ ඇදුම හම්බ වුනේ කියලා."

“මේක කබඩ් එක යට බිම වැටිලා තිබිලනෙ හොයා ගත්තෙ."

“ඒත් මේ ඔයා මොකද මහ රෑ කබඩ් එක යටට රිංගුවෙ?"

“මට මල්ලියාගෙ සද්දෙ නිසා දොයියා ගියෙ නෑ. ඒක නිසා මං ඇහැරිලා හිටියෙ. තාත්තට ස්ටෝරි බුක් එක තියලා යන්න අමතක වෙලා තිබ්බ නිසා මම ඒක මේසය උඩින් තියන්න හැදුවෙ. ඒක මට උස මදි නිසා පොත මගෙ අතින් වැටුනා. ඉතින් මම පොත ගන්න හදනකොට මම මේක කබඩ් එක යට තිබ්බා දැක්කෙ. මේක මගෙ නේද අම්මි? "

කබඩ් එක යට?? කබඩ් එක යටට කොහොමද වැටුනෙ.🤨🤨 අම්මටහුඩු. දැන්නෙ සීන් එක මතක් වුනෙ. නිශී පුතා එක්ක නිදා ගන්න නිසා ආන්යා මේ දවස් ටිකේ නිදා ගත්තෙ මාත් එක්ක. මං අද කැම්පස් එකට යන්න මගෙ අළුත්ම අළුත් ඔරලෝසුව කබඩ් එකෙන් අරගන්න යනකොට මොකක්දො පාර්සලයක් වැටුනා මතකයි. ඒක මගෙ කකුලට තල්ලු වෙලා කබඩ් එක යටට ගියෙ. ඒත් හදිස්සිය නිසා මං ඒක තියන්නෙත් නැතිව තමා ගියෙ. එ්ත් මං හිතුවෙ නෑ ඒක ඇතූලෙ මේ ඇදුම තියෙනවා කියලා.😑😑😑

ඒ සිද්ධිය මතක් වුනාම මට හික් ගෑවුනා.😐

කොහොම හරි ඉතිං මං දන්ගෙඩියට ඔළුව තියන්න ඉන්න කෙනා වගෙ නිශී ඉස්සරහ කියලා දැම්මා. ඒක කිව්වාම නිශීට යක්ෂාවේෂ උනා.

නිශී කෙල්ල ඇදන් ඉන්න ඇදුම වටේට බලාගෙන ගියා. මලකෙලියයි. කෙල්ල ඇදුම අදින්න ගිහින් ඇදුමෙ පැත්තකින් ඉරිලා ගිහිං.😐😐😐

“ජිමින්. මං කියලා තියෙනවා දෙයක් වැටුනම ඒක තියලා යන්න පුරුදු වෙන්න කියලා. ඔයාගෙ ඔය ප්‍රොෆෙසර් මොලයෙ මොනවද තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් ද මට? දැන්මම මේක මහලා දෙන්න. නැත්නම් හෙට උදේම නැගිටලා මට උයලා දෙන්න උදව් කරන්න ලෑස්ති වෙන්න. නැත්තං මම දැන්..."😡😡😡

හරිනෙ දැන් ඉතිං මහ රෑ මහ මැරතන් තරගයට සියල්ල සූදානම් 😐😐😐

ඔන්න ඔහොම තමයි අපෙ දවස් ගෙවිලා යන්නෙ. අපි දෙන්නා කරන වැඩ වලට ළමයි දෙන්නට හරිම හිනා. වැඩියෙන්ම ආන්යාට.අපිත් එයාලගෙ සතුට දිහා බලාගෙන හැමදාම සතුටින්.

එක දවසක් අපි දෙන්නා හිටියෙ මුහුදු වෙරළ ඉස්සරහ ළමයි දෙන්නා සෙල්ලං කරනවා බල බල. එදා හරිම ලස්සන දවසක් ඉර ලස්සනට බැහැගෙන යනවා. නිශී අහස දිහා බලාගෙන මගේ කනට දෙයක් කිව්වා.

“ආදරෙයි ජිමින් අහස තරම්ම ❤️❤️❤️"

මමත් එයාට මෙහෙම කිව්වා.

“ආදරෙයි නිශී. මුහුද තරම්ම ❤️❤️❤️"

_නිමි_

දිස් ඊස් ඕතර්ස් හෑල්ල 😁

ඕතර් - නිශී, ඔයා මේ කතාවට මුකූත් හොදක් කිව්වෙත් නෑ.මොනවහරි කියන්නකො.

නිශී - ම්... ඇත්තටම මං මුලින්ම ඔයාට කුමාවො කියනවා අපි දෙන්නගෙ ආදර කතාව මෙහෙම ලිව්ව එක ගැන. ඒ වගේම මියානෙ හොදෙ මං ඔයාට කලින් කිව්ව දේවල්වලට. ආතල් එකටනෙ කිව්වෙ හී 😁

ඕතර් - පුදූමයි. මේ අවුරුදු දහතුනට හොදක් කිව්වමද කොහෙද 🙄🙄🙄 ජිමින් ඔයාට මොනවද කියන්න තියෙන්නේ?

ජිමින් - මටත් කියන්න තියෙන්නේ කුමාවො ඔයාට කතාවක් විදියට අපෙ ආදර කතාව ලිව්වට. නිශි නම් මුලින්ම මේ වැඩේට කැමති වුණේ නැහැ. මම තමයි කැමති කරලා දුන්නෙ සතුටුයි ඉතිං හී 😁ඒ වගේම මේ කතාවට වෝට් කරපු කමෙන්ට් කරපු හැමෝටම හුගක් කුමාවෝ. සරන්හේ❤️❤️

ඕතර් - හරි කතාව ගැන මොනවද කියන්න තියෙන්නේ?

ජිමින් - ඒක අපේ රීඩර් නංගිලාටම බාර දෙමු නේද? 😁

ඕතර් - හරි තැන්කු. ජිමින්, නිශි☺️

(මෙහි සදහන් චරිත සියල්ල මනඃකල්පිත චරිත වන අතර නම් තියෙන කිසිවෙකු මෙම කතාවට සම්බන්ධ නොවන බවත් ඒවා ඔවුන්ගේ සත්‍ය ජීවිත වලට පාදක කර නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.)

ඔන්න මේ විදියට තමයි ගායිස් මගෙ පලමුවෙනි ff එක ඉවර වුනෙ. කතාවට කමෙන්ට් කරලා වෝට් කරලා සහය දක්වපු හැමෝටම ජිමින් කිව්වා වගේ කුමාවො. හැමෝටම සරන්හේ.

මේ ළමයි දෙන්නා හම්බවුනාට පස්සෙ ජිමිනාගෙ කට වැඩිවෙලා වගේ තේරෙන්නේ නැද්ද?😁😁මට නම් තේරෙනවා.

හොදද මන්ද ළමයි දෙන්නගෙ නම් දෙක. මං හිතට ආපු නම් දෙකක් දැම්මෙ ඉතිම්. මං දන්නෑ අප්පා එහෙ නම් දාන්නෙ කොහොමද කියලා. මං දන්න විදියට දැම්මා. කමන්නෑනෙ.😁

මා ලබන අවුරුද්දේ ඕ ලෙවෙල් කරන්න සූදානමින් සිටින දැනටමත් අම්මගෙන් උදේ දවල් නොතකා හොද හැටි ජාතිය අමතාගන්න අහිම්ෂක ඕතරියක් වන නිසාත් 🔞පාර්ට්ස් වලට තිබෙන දැඩි අකමැත්ත නිසාත් එවැනි පාර්ට් එකක් නොදැමූ බව කරුණාවෙන් සලකන්න. එමෙන්ම 18+ පාර්ට් බලාපොරොත්තුවෙන් සිටි වල් රීඩර් ඇත්තන් හට මගෙ සාතිශය කනගාටුව ප්‍රකාශ කරමි.😁😁

ඒ වගේම අද කතාවෙ ටිකක් රූප වැඩි වගේ නේද? රූප විතරක් නෙවෙයි වචනත් වැඩියි. වචන දෙදාහත් පැන්නා. අවුලක් නෑනෙ ඒ ඔක්කොම දැම්මෙ කතාව හොදට ඔයාලට විස්තරාත්මකව පේන්නනෙ අනික වචන වැඩි වෙනකොට නෙ ඔයාලත් කැමති. හී 😁😁

ඉතින් මගෙ ඊලග කතාවත් මේ විදියට බලාපොරොත්තු වෙන් ඉන්න. ඒක කුකියගෙ උපන්දිනය දවසට දාන්න ෆුල් ට්‍රයියක් දෙනවා. බලමුකෝ හොදේ. ඒනම් ඊලග කතාවෙන් ආයෙත් හමුවෙමු සරන්හේ ❤️

(ඉරිසියා කරන්න එපා මේක එඩිට් එකක් හොදේ හී 😁)

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories