Part 28
09:33, 15 August 2024💜️යුන්ගි ඔප්පා...අනේ නැගිටින්නකෝ දැන් දවස් තුනකුත් ගියා ඇයි ඔයා තාම නැගිට්ටේ නැත්තේ...
වෙලාව රෑ එකොළහට විතර ඇති..කෙල්ල වුන්නේ පුටුවක වාඩි වෙලා යුන්ගිගේ පපුවට ඔලුව තියාගෙන අඬන ගමන්.දවස් තුනක් ගිහිල්ලත් තාම යුන්ගි නැගිට්ටෙ නෑ...මේ දවස් ගානටම මියොන්ගි යුන්ගි ලඟින් හෙල්ලුනේ වත් නෑ...සැරෙන් සැරේට අනිත් අයත් ඇවිත් යුන්ගිව බලලා ගියා.එයාලා යුන්ගි ලඟ ඉන්නම් කියලා කිවුවත් කෙල්ල ඒකට කැමති වුනේ නෑ...එයාම ඉන්නම් කියලා හිටියා...
ඔහොම අඬ අඬ ඉද්දි ටික වෙලාවකින් කෙල්ලට එහෙමම නින්ද යන්නෙ යුන්ගිගේ පපුවේ ඔලුව තියන් ඉද්දිමයි.
"ම්..ම්හ්..."
කෙල්ල නිදි අතරේ යුන්ගිට සිහිය එනවා.දවස් ගානක් සිහිය නැතුව හිටිය නිසා ඇස් වලට ලයිට් එළිය වැටෙද්දි යුන්ගිට අමාරුයි ඒ නිසා කොල්ලා හිමීට අමාරුවෙන් හිමින් හිමින් ඇස් ඇරලා එළියට ඇස් හුරු වෙනකන් ටිකක් ඉදලා වට පිට බලද්දියි කොල්ලට තමන් ඉන්නෙ hospital එකේ කියලා තේරෙන්නේ...
යුන්ගි දකිනවා එයාගේ පපුවට ඔලුව තියන් නිදාගෙන ඉන්න මියොන්ගි ව. යුන්ගි සැනසුම් සුසුමක් හෙලන්නේ කෙල්ල හොඳින් ඉන්නවා දැක්ක නිසා. හිමීට අතක් අරන් ගිහින් කෙල්ලගේ මූනට වැටිලා තිබුන කෙස් කෑලලක් කොල්ල කන පිටිපස්සෙ රදවන්නේ හරි ආදරෙන්. තාමත් වේලිලා නැති කෙල්ලගෙ ඇස්වලින් බේරුණු කඳුලුවල පාර දැක්කම යුන්ගිට තේරුණා කෙල්ල අඬ අඬ ඉදල තියෙන්නේ කියලා.යුන්ගි හීමීට කෙල්ලගේ කෙස් අතරින් ඇඟිලි යවලා කෙල්ලගෙ ඔලුව අතගාන ගමන් ඇස් පියාගෙන කල්පනා කරන්නේ වෙච්ච දේවල් ගැන...
.......Next day morning...
💙චූටි....
💜️ම්හ්....
💙කෝ නැගිටින්න චූටි...අනේ අනේ මේ කොල්ලගේ ඇඟ උඩින් ඔලුවත් තියාගෙන
💜️ඔප්පා ඔයා...
💙මෙන්න මන් ඔයාට breakfast අරන් ආව...wash දාලා මේක කාලා ඉන්න..
💜️පස්සෙ කන්නම් ඔප්ප...
💙පස්සෙ නෙමෙයි දැන් කන්න.අද රෑට මන් ඉන්නම් යුන්ගි එක්ක. ඔයා ගෙදර ගිහින් නිදා ගන්න හොඳද
💜️ මට බෑ ඔප්පා..එයාට සිහිය එනකන් මන් ගෙදර යන්නේ නෑ...
💙කියන දේ අහන්න චූටි. දවස් ගානක් තිස්සෙ හරියකට නින්දක් නෑ කෑමක් නෑ..ඔහොම හිටියොත් ඔයත් ලෙඩ වෙයි.ඊට පස්සෙ යුන්ගිට සිහිය ආවම මූ මටත් එක්ක බනියි ඔයාව ගෙදර ගෙනිච්චේ නෑ කියල
💜️අනේ ඔප්පා...
💙හරි හරි ගිහින් මූන හොඳන් එනවකෝ...කියන දෙයක් අහන් නෑනේ...
මියොන්ගි මූන හෝදන් එන්න bathroom එකට ගියේ හොබී යුන්ගි ලඟින් ඉදගනිද්දි...හොබී යුන්ගිගේ අවිස්සිලා තිබුන කොණ්ඩේ ටිකක් හදලා ඔලුව පොඩ්ඩක් අතගානවා...
💙ඔහොම ඉන්න එපා යුන්ගියා නැගිටහන්කෝ...
🖤ටිකක් නිදා ගන්න දීපන් හොබ්බා..
💙ආ...ය්..යු...යුන්ගි.......උ..උබ.....
🖤මොකද බන් ගොත ගහන්නේ
💙යුන්ගියා උබ නැගිට්ටද...
එකපාරටම හොබී යුන්ගිව බදා ගත්තේ ආපු සතුටට.
🖤මන් මැරෙයි යකෝ...හුස්ම ගන්න බෑ අතෑරපන්
💙යුන්ගියා....🥺මන් බය වුනා යකෝ
🖤ඒ හොබී...දැන් අවුලක් නෑනේ බන්.මොකද යකෝ පොඩි එකා වගේ අඬන්න නම් එපා ආ
එහෙම කියලා යුන්ගි ආයෙම හොබියව බදා ගන්නවා.. නම්ජූන්, ජින්, ජිමිනා, ටේ, කුකී,හොබී, යුන්ගි කට්ටිය හොඳම යාලුවො උනත් හොබීයි යුන්ගියි තමා ගොඩක්ම close හොඳම යාලුවො දෙන්නා...ඉතින් හොබීට හුඟක් සතුටු හිතුනා යුන්ගිට සනීප වුණ එක ගැන...යුන්ගි දන්නවා මොනා වුනත් හොබී එයාට එයාගේම සහෝදරයෙකුට වගේම ආදරෙයි කියලා.
ඔය අතරේ තමයි මියෝන්ගි bathroom එකේ ඉදලා එන්න.එයා එද්දි හොබී වුන්නේ ඇඳේ නිදාගෙන ඉන්න යුන්ගිගේ ඔලුව අතගාන ගමන්.ඔව් ඔව්....යුන්ගි නිදි හැබැයි ඇත්තටම නෙමෙයි..මේක මේ හොබීගේ යුන්ගිගේයි ක්ෂණික plan එකක් මියොන්ගිව suprice කරන්න.
💙චූටි...wash දැම්මද
💜️ඔව් ඔප්පා...
💙ආ එහෙනම් දැන් කාලා ඉන්න...
💜️දැන්ම බෑ ඔප්පා බඩගිනි නෑ..
💙මේ මේ බඩගිනි නෑ නෙමෙයි කාලා ඉන්න...
💜️ඔ..ඔප්පා....
මියොන්ගි එකපාරටම හොබීව බදාගෙන අඬන්න ගන්නේ හොබීව වගේම නිදාගෙන වගේ මේ ඔක්කොම අහන් ඉන්න යුන්ගිත් ගැස්සිලා යද්දි...
💜️අනේ...ඔප්පා..ඇ..ඇයි එයා තාම නැගිට්ටේ නැත්තේ...මට බයයි ඔප්පා...එයාට නැගිටින්න කියන්න මට තවත් මෙහෙම ඉන්න බෑ...එයා කොහොමද එහෙම ඉන්නේ..අනේ ඇයි....එ..එයා......
හොබී මුකුත් ම කිවුවේ නෑ...කෙල්ල අඬ අඬ ඉද්දි එකපාරටම කවුද එයාගේ අත හයියෙන් අල්ලද්දි කෙල්ල බැලුවේ ඒ කවුද කියලා...
💜️යු..යුන්ගි...ඔප්ප....
මියොන්ගි කඳුලු පිරුණු ඇස් වලින් යුන්ගි දිහා බැලුවා...කොල්ල නම් මුකුත් නොකියා හිනා වෙවී කෙල්ලගේ අත අල්ලගෙනයි හිටියේ.කෙල්ලට හිතා ගන්න බැරි වුණා එකපාරටම යුන්ගි එයාගෙ අත අල්ලන් ඉද්දි..
💙මට පොඩි වැඩක් තියෙනවා..මන් පොඩ්ඩක් ගිහින් එන්නම් ඔයාල දෙන්නට කතා කරන්න දේවලුත් ඇතිනේ ගොඩක්...😉 නේද යුන්ගි...
හොබී යුන්ගිට ඇහැක් ගහන ගමන් හිනා වෙවී එළියට ගියේ මියොන්ගි ගේ ඔලුවත් අත ගාලා...
Meyongi pov...
💜️ඔ..ඔයා නැඟිට්ටද...අනේ මට ගොඩක් සතුටුයි ඔප්පා...දවස් ගානක් මන් බලන් හිටියා...
මම හිතට ආපු සතුටට එකපාරටම ගිහින් මගේ යුන්ගි ඔප්පව බදා ගත්තා... ඇත්තටම මට ගොඩක් සතුටුයි එයාට දැන් සනීපයි ඒ කියන්නේ..කලින් වගේ එයාට ඉන්න පුලුවන් දැන්...අනේ මට එච්චරයි ඕන..ඔයා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන යුන්ගි ඔප්පා...
මම එයාව බදාගෙන ගොඩක් ඇඬුවා..ඔව්.. ඇත්තටම මට අඬන්න ඕන වෙලා තිබ්බේ එහෙම... එයත් මුකුත් නොකියා මගේ ඔලුව අත ගෑවා...දවස් ගානකට පස්සේ එයාගේ උණුහුම මෙහෙම දැනෙද්දි මට ඒක තව තව ඕන වුණා...එයා මගේ ඉණ වටේ එයාගේ අත් යවලා මාව තවත් එයාගේ ළඟට ගත්තේ මන් ඔලුව උස්සලා එයා දිහා බලද්දි
🖤මන් නැතුව පාලුවෙන්ද හිටියේ....ම්ම්...
💜️අපෝ නෑ...
මන් ඇස්වල තිබ්බ කඳුලු පිහිදාලා අහක බලා ගන්න ගමන් බොරුවට කියද්දි එයා එයාගේ savage හිනාව දාලා මන් දිහා බලන් හිටිය
💜️මොකද...
🖤මන් දන්නවා කොහොමත් ඔයාට පාලුයි කියලා
💜️එහෙනම් අහන්නේ
🖤ඔයාගෙන් ම දැනගන්න...
එයා මගේ ඇස් දෙක දිහාම බලාගෙන ඒක කිවුවේ..එයා එහෙම බලන් ඉද්දි මට කතා කරන්නත් අමතක වෙනවා. ඒ හීනි ඇස් දිලිසෙනවා බලන් ඉන්න මන් කොහොමත් ආසයි.එයා එහෙමම ටික ටික මගේ පැත්තට බර වුනේ මගේ ඉනේ තිබුන එයාගේ අත් මාව ඇඳලා එයාගේ ලඟ ගනිද්දි.එයා මගේ ඇස් දෙක දිහා බලන්ම මගේ තොල්වලට හාදුවක් දුන්නා...එයාගේ lips සීතල වෙලා මට ඒක හොඳට දැනුනා..එයා ඒ මෘදු හාදුව එන්න එන්න ටිකක් වේගවත් කරනවා මට දැනුන..ඒත්....ඒත් ඒ වෙලාවේ නම් මට ඕන වුනේ එයාගෙන් ඈත් වෙන්න...
💜️ඔප්පා......ම්..මට...මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්...
එයා දිගට අරන් යන්න හදපු කිස් එක මම නවත්තලා එයාගේ ඈත් වුණා...එයා shock වෙලා මන් දිහා බලන් ඉන්නවා..මම ඉක්මනින් එතනින් එළියට ආවා..
මට සමාවෙන්න ඔප්පා..මට බෑ වෙන මනුස්සයෙක් ජරා විදිහට පාවිච්චි කරපු දේවල් ඔයාට දෙන්න.මන් කොහොමද එහෙම කරන්නෙ.මන් කොහොමද ඔයාට මුහුණ දෙන්නේ මන් කොහොමද ඒ මනුස්සයා කරපු දේවල් ඔයාට කියන්නේ. මේ මූන අතපය මන් කොහොමද...අනේ මට සමාවෙන්න ඔප්පා මට බෑ... මන්..මන්...ඔයාගෙන් ඈතටම යනවා...මන් අමාරුවෙන් හරි ඒක කරන්න ඕන.. නැත්නම් මන් ඔයාට අසාධාරණයක් කරා වෙනවා...මන් යන්නම ඕන තමයි...😔
මම අඬ අඬ hospital එකෙන් එළියටම ආවා.එතකොටම මට යුන්ගි ඔප්පගෙන් කෝල් එකක් ආවා..මන් ඒක ආන්සර් කරේ නෑ..මන් මොනාද එයාට කියන්නේ...මට තේරෙන් නෑ මන් මොනා කරන්නද කියලා...මන් එහෙමම ඇවිත් කාර් එකට නැග්ගා... යුන්ගි ඔප්පා එකදිගට කෝල් ගන්නවා. එයා කලබල වෙලා ඇත්තේ... එයාට තාම සනීපත් නෑ...මන් මොකක්ද එයාට කියන්නේ...හිතලා හිතලා මන් අන්තිමට කෝල් එක ආන්සර් කරා...
💜️හ්..හෙලෝ ඔප්පා..
🖤කොහොද ගියේ ආ...පොඩ්ඩක් එළියට ගිහිම් එන්නම් කියලා නේද ගියේ..කොහෙද ඉන්නේ...
💜️ඔ..ඔප්පා ම..මම
අනේ මට ඇඬෙනවනේ...මම මොකද කරන්නේ...එයාට තේරෙනවත් ඇති
🖤මියෝ...ඔ..ඔයා අඬනව නේද...මොකද වුනේ...ඔයා කොහෙද ඉන්නේ...
💜️නෑ..නෑ...ඔප්පා මට ප්‍රශ්නයක් නෑ..මේ මම ගෙදරට ගිහින් එන්නම්...
🖤ගෙදර?? මියොන්ගි මට ඇත්ත කියන්න මොකද වුනේ...ඔයා අඬනවා නේද...
💜️න්..නෑ ඔප්පා..මම අඬනවද එහෙම...මම ගෙදර යනවා හවසට ඔප්පා එයි ඔයාව බලන්න..
🖤ඔයා.....
මම ඉක්මනට කෝල් එක කට් කරේ එයා කියන්න ගිය දේවත් අහගන්නේ නැතුව.ඔප්පට මොනා හිතුනද දන්නෑ...එයා හිතයි ද මන් වෙනස් වුණා කියලා...ම...මට ඔයාව දාලා යන්නත් බෑ ඔයා ගාව ඉන්නත් බෑ ඔප්පා...මට තේරෙන් නෑ මම මොකක්ද කරන්න ඕන කියල..මන් කාර් එක start කරන් පාරට ආවා. මට යන්න තැනක් හිතා ගන්න බෑ...මට ගෙදර යන්න බෑ එහෙම ගියොත් මන් ඔප්පට උත්තර දෙන්න ඕන... මන් මගේ ෆෝන් එකත් off කරලා දාලා කාර් එක හං ගඟ පැත්තට හැරෙවුවා.එදත් අදත් හැමදාමත් මන් ආස කරන තැන්වලින් උඩින්ම තියන තැනක් තමයි එතන. මන් ආසම හන්ගඟේ namsan tower එක පේන view එකට.මෙහෙමයි කියලා කියන්න බැරි තරම් අමුතු තැනක් එතන. ඉතින් මන් අදත් එතනට ගියා. මන් දන්නෑ මන් කොච්චර වෙලා එතන වාඩිවෙලා ඇඬුවද කියන්න.මන් ගොඩක් අඬන්න ඇති මන් මගේ හිතෙන්ම ප්‍රශ්න කරගත්තා.ගොඩක් හිතුවා.මන් මෙහෙම කෙනෙක් නෙමෙයි ඒත් අඬලම දැන් මට මහන්සියි. මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නොවෙන්න පුලුවන් ඒත් මන් හිතනව වැඩිද.. මට තාමත් හිතා ගන්න බෑ... මන් හිත හිත ඉද්දි කොහෙදෝ ඉදන් ආව බෝලයක් මගේ ඇඟේ වැදුනා.මන් වාඩි වෙලා හිටියේ බිම නිසා ඒක වැදුනේ මගේ අතේ.මන් බලද්දි ඈතින් චූටි බබෙක් දුවගෙන එනවා බෝලේ පස්සේ..අනේ එයා හරිම ශෝයි.. කොල්ලා පොඩි උනාට මාර handsome look එකක් තිබ්බා...එයා cute හිනාවක් දාගෙන ඇවිත් මන් දිහා බලන් ඉන්නවා...
🧒නූනා...බෝලේ...
ඈ.....නූනා බොලේ...යකෝ මාව බෝලයක් වගේ පේනවද😩මන් එච්චර මහත නෑනේ බබෝ...
💜️මොකක්ද....
මන් ආපහු ඇහුවේ එයා කිවුව එක මට හරියට ඇහුනද බලන්න.
🧒මගේව්....බොලේ...
එයාගේ බොලේ...මොකා...මන්ද...ආ..ඔව් නේ...එයාගේ බොලේ මගේ අතේනේ... මටත් ඉතින් සිහියක් නෑනේ...මන් හිනා වෙලා ඒ බබාට එයගේ බොලේ දුන්නා...
🧒තැම්කූ නූනා....
💜️හරි පැටියෝ...
🧒ඔයාත් එනෝද සෙල්ලම් කරන්න..
💜️මන්...අනේ පැටියෝ ඔයා කරන්නකෝ හොඳද...මේ රෑ ඔයා කාත් එක්කද ආවේ
🧒ඔම්මයි අප්පයි එක්ක...
💜️ආ...කෝ ඉතින් එයාලා
මන් එහෙම ඇහුවම ඒ චූටි බබා අත දික් කරලා අපිට ටිකක් ඈතින් ඉදපු එයාගේ ඔම්මවයි අප්පවයි පෙන්නුවා.එයාලා දෙන්නත් අපි දිහා බලාගෙනයි හිටියේ.මන් ඉතින් ඒ දෙන්නට හිනා වුනාම එයාලත් මට හිනා වුනා.චූටි බබාගේ ඔම්මා නම් මට අතත් වැනුවා...
🧒ඔයා ඇඬුවද???
ඒ බබා එකපාරටම අහද්දි මන් පුදුමත් වුණා..
💜️ම්..මම නෑ...
🧒බොලු කියන්න එපා නූනා..ඔයාගේ ඇස්වල කඳුලු
💜️ආ..ම්..මේ ඒ නිකන් වෙන්නැති අනේ
🧒ඔයාගේ එයා තලා වුනාද??
💜️එ..එයා කිවුවේ
🧒ඔයාගේ boyfriend අනේ...
ඈහ්... මේවට උත්තර දෙන්නේ කොහොමද...😩 මොනාද බබෝ ඔය අහන්නේ...
💜️න්..නෑ අනේ...
🧒හොඳ ළමයි එක්ක කාලුත් තරහ වෙන් නෑ..නේ...නූනා ගොඩක් හොඳයි වගේ...ඒ නිසා අඬන්න එපා හොඳද...
ඒ බබා මගේ ගාවට ඇවිත් මගේ කඳුලුත් පිහි දැම්මා...අනේ ඔයානම් චූටි බබෝ🥺
💜️ම්...හ්..හරි පැටියෝ
🧒හොඳ ළමයා...
එයා ඒක කිවුව විදිහටනම් මට හිනත් ගියා...
🧒මන් නන්නම් නූනා බෝලේ...
හෑ...ආයෙමත්...බෝලයක්..මට ඇහුන හැටිද..නැතනම් සිහියක් පතක් නැතුව මම තව බෝලයක්වත් තියාගෙන ඉන්නවද...මම මගෙ අත් දෙක දිහත් බැලුවා තව බෝලයක් තියෙනවද කියලා..🥲
🧒ඔයාට කිවුවේ අනේ...මන් යනෝ බායි....
ඒ බබා එහෙම කියලා මට flying kiss එකකුත් දීගනයි ගියේ...යාහ්...මේ චූටි බබාලා හෙන දියුණුයිනේ..
එයා එයාගේ බෝලෙත් තුරුල් කරන් ඔම්මයි අප්පයි ගාවට ගිහින් සෙල්ලම් කරන්න ගත්තා.මන් ඒ දිහා බලන් හිටියේ හරිම ආසාවෙන්...එයාලා හරිම සතුටින් හිටියේ...මට මතක් වුනේ යුන්ගි ඔප්පව එයත් කවදහරි මෙහෙම ඉන්න ගොඩක් ආසාවෙන් හිටියේ...තත්පර ගානකදි ආයෙමත් මගෙ ඇස්වලට කඳුලු පිරුණා... තාමත් මන් හිටිය තැනමයි මන් මොකද කරන්නේ... එතකොටයි මට කෙනෙක්ව මතක් වුනේ...ඔව්..එයා ගාව අනිවාරෙන් උත්තරයක් ඇති..ඒ නැතත් එයා දන්නවා කරන්න ඕන දේ... මන් වැටිච්ච ගොඩක් තැන්වල එයා තමයි මට හයියක් වුනේ...කාටත් වඩා හොඳට එයා මාව දන්නවා මාව තේරුම් ගන්නවා..මගේ ඔප්පා වගේම මට මේ ලොකේ වටිනම කෙනෙක් එයා...ඉතින් මන් එයාට කෝල් එකක් ගත්තා...ගත්ත ගමන්ම එයා කෝල් එකත් ආන්සර් කලා...මන් එයාට කිවුවා හන් ගඟ ගාවට එන්න කියලා..එයා එයි...මන් එයා එනකන් ටිකක් බලන් හිටියා...
__________________________
එයා කවුද කියලා දැනගන්න එයා එනකන් බලන් ඉන්න වෙනවා....
There are no comments yet. Log in to be the first to leave a review!





