Fanfics

Part 29

15:08, 19 August 2024

ඉතින් මන් එයාට කෝල් එකක් ගත්තා...ගත්ත ගමන්ම එයා කෝල් එකත් ආන්සර් කලා...මන් එයාට කිවුවා හන් ගඟ ගාවට එන්න කියලා..එයා එයි...මන් එයා එනකන් ටිකක් බලන් හිටියා...

......................

💛මියෝ....

💜️සුහෝ...ඔයා ආවද

මන් දුවලා ගිහින් සුහෝව බදා ගත්තා...ඔව් මන් කතා කරේ වෙන කාටවත් නෙමෙයි සුහෝට...මන් කතා කරලා විනාඩි දහයක් ගියේ නෑ එයා ඇවිත්...සුහෝ කියන්නේ ඇත්තටම මට මගේම සහෝරදරියක්...මට ඕන හැමවෙලාවකම එයා හයියක් වෙලා මගෙ ළඟින් ම හිටියා.මන් දන්නවා එයා හැමදාමත් එහෙම ඉදියි. එයා හැමවෙලේම වචනෙකින් පවා මාව දිරිමත් කරනවා. එයාට පුලුවන් අවුලෙන් ඉන්න වෙලාවක වුනත් මගේ මූනට හිනාවක් ගේන්න... සමහර වෙලාවට අම්මා කෙනෙක් වගේ තවත් වෙලාවකට අක්කා කෙනෙක් වගේ එයා මාව බලාගත්තේ... ඉතින් මට සතුටු හිතුනා එයා මන් කිවුව පරක්කුවට ඉක්මනට ආපු එකට...

💛මොකද වුනේ කෙල්ලෙ...ඒ ඔයා අඬනවද

💜️සුහෝ....

💛ඒ අනේ...මොකද වුනේ කියනවකෝ...

💜️සුහෝ මට හිතා ගන්න බෑ...මන් මොකක්ද කරන්න ඕන කියලා...

මන් එයාට හැමදේම මුල ඉදලම කිවුවා..වෙච්ච හැමදේම...එයා ඒ ඔක්කොම අහන් හිටියා...සමහර තැනවලදි නම් ජිහූන්ට පලු යන්න බැන්නා...අන්තිමට වුනේ මටත් බැනුම් අහන්න වුන එක

💛යාහ්...පිස්සුද මෝඩියේ...ඔලුව වැදුනේ කොහෙද...යුන්ගි ඔප්පගෙන් වෙන් වෙන්න තරම් උබට මොනාද වුනේ ආ..අනික යුන්ගි ඔප්පා ඔයාව එපා කිවුවද...එයත් මේ ඔක්කොම දන්නවනේ ඉතින් ඇයි මේ... මෝඩ වැඩ කරන්න එපා...දැන් ඔයා යුන්ගි ඔප්පගෙන් ඈත්වෙලා ගියොත් ඒකට දුක් විදින්න වෙන්නෙත් ඔයාලා දෙන්නටමයි... අනික වෙන් වෙන්න තරම් මොනාද වුනේ.. මෝඩි.... ඕනෙනම් මන් යුන්ගි ඔප්පා එක්ක කතා කරන්නම්...ඔය කරන්න යන්න මෝඩ වැඩේ නම් කරන්න එපා...ඒක කිවුව ලස්සන...මන් මේ ඔක්කොම දාලා ඇමරිකා යනවා...යැයි යැයි තමා...උබට මේ අපිව දාල ගිහින් එහෙ ඉන්න පුලුවන් ද..ඉදියි උබ අපි නැතුව...පිස්සි...වැඩිය ඕනෙ නෑ තේ එක හදා ගන්නත් උබ සුහෝ...ගාගන එන්නේ...එහෙව් එකේ මන් නැතුව ඔප්පා නැතුව ඉන්න පුලුවන් ද?? අනික යුන්ගි ඔප්පා නැතුව??..

💜️ම්ම්ම්...හරි ඉතින්

💛හරි නෙමෙයි..අර යුන්ගි ඔප්පත් පවු... යුන්ගි ඔප්පා හොබී ඔප්පට හවස කෝල් අරන් තිබ්බා..එයා ඔයාව අහලා...උබේ ෆෝන් එකත් ඕෆ්..හොබී ත් බයවෙලා හිටියේ...ආහ්....

💜️ඒ....කට රිදෙන් නැද්ද...

💛යාහ්...මෝඩ වැස්සි....උබට විහිලුද??

💜️නෑ.....මන් තීරණයක් ගත්තා...

💛ඒ මොකක්ද???

💜️මන් ඔයාලව දාලා..........

යන්නද.....????

(මන් ඔයාලව දාලා යනවද එහෙම🙊😅)

💜️මන් ඔයාලව දාලා කොහෙවත් යන් නෑ.....

💛යාහ්....මෝඩි...මගේ ලේ ටිකත් රත් කරලා මෙතන...

💜️ඒත් සුහෝ මන්...

💛ඔන්න ආයෙත් පටන් ගත්තා...

💜️නෑ මන් කියන්නේ...මන් කොහොමද...

💛හෝව් හෝව් ඇති... දෙයක් වුනාම උබ ඉතින් දවස් ගානක් යනකන් ඒක ගැනම හිත හිත ඉන්නවා...

💜️එහෙම නෑ හරිද

💛නෑ තමා..වැඩිය ඕනේ නෑ School final exam එකේ admission දාද්දි අර ලොකු කොලේට දැම්ම අත්සන චුට්ටක් වෙනස් වුණා කියලා උබ නටපු නැටිල්ල මතකද🥲😂 හැමෝටම කිය කිය නහයෙන් ඇඬුවේ...

💜️මට මතක නෑ...🤧😫

💛අනේ මේ....නිකන් හිටාම්...දැන් යන් ගෙදර

💜️ගෙදර....

💛ඇයි ඒ පාර මොකද

💜️සුහෝ මන් hospital එකට ගිහින් යුන්ගි ඔප්පව බලල ආවනම් හරි...

💛හරි ඒනම් ඔයා hospital එකට යන්න..අද ඉතින් එයා එක්ක හිටියත් කමක් නෑ...රෑ වෙලා drive කරන්නත් බෑනේ..

💜️ඈ.....කමක් නැද්ද එහෙම....

💛ඇයි උබ මෙච්චර දවස් එයාට සිහිය එනකන් හිටියා නේ එතන...😅

💜️ඒත් දැන් එයාට සිහිය තියෙනවනේ

💛ඔව් ඔව්....පොඩ්ඩක් පරිස්සමෙන් ඉදාම් නැත්නම් යුන්ගි ඔප්පා දොඩම් ගෙඩියක් කියලා උබව කයි😂

💜️යාහ් සුහෝ ඔයානම්...

💛එයා එක්ක කතා කරන්න හරිද...යුන්ගි ඔප්ප ඔයාට ආදරෙයි ඒක කවදාවත් ඒක වෙනස් වෙන් නෑ බන්

💜️මන් දන්නවා

💛දන්නවනම් යන්න හැඳුවේ...

💜️නෑ ඉතින්...

💛හරි හරි....😅මන් දන්නවා කියන්න යන එක...මේ පරිස්සමෙන් යන්න ආ...ඕන වුනොත් කෝල් එකක් දෙන්න

💜️හරි...ඔයත් පරිස්සමෙන් යන්න නැත්නම් මොනාහරි වුනොත් අපේ ලොකු ඔප්පා මාව එල්ලයි😂

💛එහෙම තමා මගේ හොබී😌

💜️පුහ්...යනව යනවා...මේ ගෙදර ගිහින් මැසේජ්ජුවක් ටයිප් කරලා එවාම් මන් ගියෝ කියලා ඈ...

💛මැසේජ් ටයිප් කරලා එවන් නැතුව වෙන කොහොම එන්නවද බන්😂

💜️ආ ඔව් නේ...😅

Nishigirlbaby.....................

At hospital...

මන් hospital එකේ යුන්ගි ඔප්ප හිටිය room එක ගාව door එක ළඟ ඉදන් කල්පනා කරේ දැන් මන් යුන්ගි ඔප්පට මොකක්ද කියන්නෙ කියලා.. ඇයි ඉතින් මන් එවෙලේ ගියා ගියාමයි එයාගේ calls answer කලෙත් නෑනේ...

...මොනාද ඔච්චර කල්පනා කරන්නේ...

එකපාරට මගෙ පිටිපස්සෙන් ඇහුන කටහඬ නිසා මාව ගැස්සිලා ගියා...

💜️ආ...ඩ්..ඩොක්ටර්...

👨‍⚕මන් ආවේ යුන්ගිව බලන්න...හෙට එයාව discharge කරන්න පුලුවන් වෙයි.. ඒත් එයා අඩුම සතියක්වත් යනවකන් හොඳට rest කරන්න ඕන...

💜️හරි ඩොක්ටර්...

👨‍⚕හරි කිවුවට විතරක් මදි ඉතින් එයාව හොඳට බලාගන්නත් වෙනවා...

ඒක කිවුව හැටි විතරක්..මන් ඉතින් කොහොමත් බලා ගන්නවා තමා...ඒක ඔයා කියන්න ඕන නෑ ඩොක්ටර් අන්කල්...යාහ් අන්කල් නෙමෙයි යකෝ අයියා... අනේ මොකක් හරි මට මොකෝ...

👨‍⚕මොනාද අච්චර කල්පනා කලේ...

💜️මොන...

👨‍⚕මන් එද්දි door එකත් අල්ලන්...ඇතුලට යනවද කියලද කල්පනා කරේ😅

💜️ආහ්..මුකුත් නෑ ඩොක්ටර්

ඕන්නැති එකක් නෑ...මන් මොනා කල්පනා කරත් ඔයාට මොකෝ...ඒ පාර මූන දිහත් බලන් ඉන්නවා...

💜️ඩොක්ටර් එයාව බලන්න නේද ආවා කිවුවේ..

👨‍⚕ආ...ඔව්...යමුකෝ ඇතුලට...

ඩොක්ටර් මුලින්ම ඇතුලට ගිහින් යුන්ගි ඔප්පව check කරන්න අරන් ටිකක්ට පස්සෙයි මම ඇතුලට ගියේ...මන් එනවා දකිනවත් එක්කම යුන්ගි ඔප්පට අමුතු හිනාවක් ගියා..ඇයිද දන්නෑ...🙄 මොකක් හරි කමක් නෑ...මමත් ඉතින් ඒ ළඟට ගියා... ඩොක්ටර් ඔප්පව බලලා ඉවර වෙලා මගේ පැත්තට හැරිලා හිනා වුණා...

👨‍⚕දැන්නම් ඉතින් මෙයාට හොඳයි...

🖤ඩොක්ටර් මට හෙට....

👨‍⚕ඔව් ඔව්...ඔයාට හෙට ගෙදර යන්න පුලුවන් මිස්ටර් යුන්ගි...හැබැයි important ම දේ rest කරන එක ඒ වගේම බෙහෙත් ටික වෙලාවට බොන්න ඕන

🖤හරි ඩොක්ටර්

👨‍⚕ඇත්තටම අපිට ගොඩක් සතුටුයි මිස්ටර් යුන්ගිට සනීප වුණ එක ගැන... ඔලුවට damage වෙලා තිබ්බ නිසා අපි හිතුවේ ඒක ප්‍රශ්නයක් වෙයි කියලා ඒත් ඔයාගේ වාසනාවට එහෙම මුකුත් වුනේ නෑ...

ඩොක්ටර් ඒක කියද්දි මට එකපාරට මාර බයක් දැනුනා...ඇත්තටම බැරි වෙලාවක්වත් ඔලුව වැඳුන නිසා යුන්ගි ඔප්පට අර කිවුවා වගේ memory loss එකක් වුනානම්...දෙයියනේ එහෙම වුනානම් මන් මොකද කරන්නේ....🥺 මගේ ඇස්වලට එක තත්පරේට කඳුලු පිරුණා...මන් හිතන්නේ ඒක යුන්ගි ඔප්ප දැක්ක...එයා මගේ අත තදින් අල්ල ගත්තේ ඒ නිසා වෙන්නැති...ඩොක්ටර් ත් දැක්කා ඔප්පා මගේ අත අල්ල ගන්නවා...එයාට අමුතු හිනාවක් ගියා...

👨‍⚕එහෙනම් මන් යන්නම්...discharge document හෙට ගන්න පුලුවන්...

🖤හරි doctor thank you...

ඩොක්ටර් යන්න ගිහින් ආයෙම ආපස්සට හැරුණා..

👨‍⚕පොඩ්ඩක් එන්න පුලුවන් ද?

ඩොක්ටර් කිවුවේ මන් දිහා බලන්.මන් එන්න කිවුවේ ඇයි වගේ mood එකකින් බලන් ඉද්දි යුන්ගි ඔප්පා කතා කරා..

🖤ඇයි ඩොක්ටර් මොකක්ද ප්‍රශ්නෙ

👨‍⚕නෑ නෑ...කිසිම ප්‍රශ්නයක් නෑ මිස්ටර්😅 document වගයක් තියෙනවා sign කරන්න...

💜️ආ...හරි ඩොක්ටර් මන් එන්නම්

ඒත් එක්කම ඩොක්ටර් හිනා වෙලා එළියට ගියා...‍යුන්ගි ඔප්පා වුන්නේ මගේ මූන දිහා බලන්.මන් ඉතින් එයා දිහා බලල හිනා වුණා.

💜️ඔප්පා මන් ඒක බලල එන්නම්

මන් යන්න හදනවත් එක්කම යුන්ගි ඔප්පා මාව ඇඳලා ගත්තේ මගෙ ඉන වටේ අත් යවන ගමන්. මන් හිටියේ එයා ඉන්න ඇඳ ළඟ හිටගෙනනේ.එයා මාව ඇඳලගත්ත පාර මාව ගිහින් නැවතුනේ එයාගේ ඇඟටම බර වෙලා.. එයා මුකුත් නොකියා ටික වෙලාවක් මන් දිහා බලන් ඉදලා මාව එයාගේ ඔඩොක්කුවෙන් වාඩි කර ගත්තා..

💜️ඔප්පා...

🖤ශ්.....

එයා කිවුවේ මගේ තොල්වලට එයාගේ දකුණු අතේ දබරැගිල්ල තියන ගමන්... එහෙමම එයා ඒ ඇඟිල්ල මගේ තොල් වල එහෙම මෙහෙට අරන් ගියේ මාව හිරිවට්ටලා... මන් එයාගේ අතින් අල්ලලා ඒක නවත්තන්න හැඳුවත් එයා මගේ අත එයාගේ අනිත් අතින් අල්ල ගත්තා..යුන්ගි ඔප්පා එයාගේ සීතල ඇඟිලි මගේ තොල් වල ඉදන් කම්මුලට අරන් ගිහින් කම්මුල සිනිඳුවට පිරිමදින්න ගත්තා... එයා මගේ කම්මුලත් බෙල්ලත් අතර සියුම් තැන් හරිම හිමීට පිරිමදින්න ගත්තේ මගේ පැත්තට ටික ටික ලං වෙන ගමන්...

💜️ඔප්පා...

මම එක පාරට එයාගේ ඔඩොක්කුවෙන් නැගිට්ටා... මෙන්න ඒ පාර මෙයා අමුතු විදිහට කට කොනින් හිනා වෙනවා...

🖤මොකද වුනේ...😏

💜️ම්..මම..අර sign එක දාලා එන්නම්

🖤මොකද ඔච්චර හදිස්සි ඉතින්...

💜️හදිස්සියක් නෑ අනේ... ඩොක්ටර් කතා කරානේ..ඒකයි

🖤ආයිශ්...ඌව මට එච්චර ඇල්ලුවේ ඈ...

💜️ඌ...කවුද???

🖤අර දොස්තරයා...

💜️යාහ් ඔප්පා..එයා doctor කෙනෙක්.. ඔහොම කියන්න එපා

🖤doctor නම් ඒ විදිහට ඉන්න ඕනි මෙතන....

ඔප්පා එහෙම කියලා අහක බලාගෙන හිමීට මොනාද මිමිනුවා...

💜️මොකක්ද මොකක්ද...

🖤නෑ නෑ...මුකුත් නෑ...ගිහින් sign කරලා එන්නකෝ

💜️ම්ම්ම්...🤭මන් ඉක්මනට එන්නම් හොදේ

……………………………

Author pov...

මියොන්ගි ගිහින් doctor ගෙන් බෙහෙත් දෙන විදිහයි අනිත් විස්තර ටිකයි අහන් අර document ටිකත් sign කරලා යුන්ගිටත් එක්ක කෑමත් අරන් ආයේ කාමරේට එද්දි කොල්ලට නින්ද ගිහින්... මියොන්ගි ගිහින් කෑම ටික මේස උඩින් තියලා පුටුවක් ඇදන් යුන්ගි ගාවින් වාඩි වුණා...ටිකක් වෙලා යුන්ගි දිහා බලන් හිටිය කෙල්ල යුන්ගිගේ ඔලුවට හිමීට අත අරන් ගිහින් ඇවිස්සිල තිබුන කොණ්ඩේ හැදුවා.මියොන්ගි, තාමත් බැන්ඩේජ් කරලා තිබ්බ යුන්ගිගේ ඔලුව බැන්ඩේජ් එකට උඩින්  හිමීට අත ගාන්න ගත්තේ ඇස්වල කඳුලු පිරෙද්දි.කොච්චර කොහොම කිවුවත් තාමත් කෙල්ල ඉන්නෙ ඒ චෙච්ච දේවල් එක්ක අවුල් වෙලා. ටිකක් වෙලා කොල්ලගේ ඔලුව අතගාපු කෙල්ල හිමින් සීරුවේ පුටුවෙන් නැගිටලා යුන්ගිගේ ඇඳේ කොනකින් වාඩි වෙනවා.මියොන්ගි අත් දෙකත් බැදන් කොල්ලා දිහා බලගෙන හිටියේ වෙලාවකට තනියම හිනාත් වෙන ගමන්...

Meyogi pov...

ඔයා හරියට භාවනාවක් වගේ ඔප්පා... ඕන තරම් වෙලා මට මෙහෙම බලන් ඉන්න පුලුවන්... මට තේරෙන් නෑ මෙහෙම බලන් ඉද්දි මොකක්දෝ අමුතු හැඟීම් ගොඩකින් මාව පිරෙනවා.. මේ කිරි සුදුපාට හම...හිනී පූස් ඇස්... රතු පාට තොල්... ඔයා මාව පිස්සු වට්ටනවා...

මම හිමීට මගේ ඇඟිල්ලක් එයාගේ ඇහැක් උඩින් තියලා හිමීට පිරිමැද්ද...එයා හොඳටම නිදි වගේ කිසිම හැලහොල්මනක් නෑ එහෙමම ඉන්නවා.. නැත්නම් එයාට දැනෙන්නේ නැද්ද.... මම එහෙමම ඒ ඇඟිල්ල එතනින් එයාගේ නහය දිගේ තොල්වලටම අරන් ඇවිත් නතර කරා... එයාගේ තොල් ගොඩක් සීතලයි සමහරවිට විට AC එකේම හිටිය නිසා වෙන්නැති... මම ඒ තොල් උඩ එහාට මෙහාට මගේ ඇඟිල්ල අරන් ගියා...මට දැන් ඒවා ඕන වගේ...ඔව්..මට එයාව කිස් කරන්න ඕන...ඒත්....යාහ් මෝඩි මොනාද හිතන්නේ....මම එකපාරටම එයාගේ තොල් උඩ තිබ්බ මගේ ඇඟිල්ල ගන්න යනවත් එක්කම මගේ ඒ අත කවුද අල්ල ගත්තා...

වෙන කවුරුත් නෙමෙයි ඉතින් ඒ යුන්ගි ඔප්පා...එයා මගේ තද කරලා අල්ල ගෙන හිටියත් එයා නිදිනේ...එයා හිටියේ ඇස් පියාගෙන හැබැයි ඒ තොල්වල අමුතු ලස්සන හිනාවක් ඇඳිලා තිබ්බා...

💜️ඔ...ඔයා නිදි නැද්ද??

එයාගේ කිසිම සද්දයක් නෑ..ඒ වෙනුවට එයා කලේ මන් එයාගේ තොල් උඩ තිබිලා ගන්න ගියපු ඇඟිල්ල එයා ආයෙම එයාගේ තොල් උඩින් තියා ගත්ත එක...එහෙම කරලා එයා එයාගේ අත් දෙක එකතු කරලා ඔලුව යටින් තියා ගත්තා..

ආහ්...මෙයාට මේ මක් වෙලාද...නින්දෙන්ද මේ...නැත්නම් ඇහැරිලද?? කතා කරන්නෙත් නෑ...

🖤Don't stop... keep continue it baba

මොකා...මොකක්ද කියන්නේ...යාහ් මේ මනුස්සයා නම්...

💜මෙච්චර වෙලා නිදි වගේ බොරුවට ද හිටියේ ආ...

ආයෙම සද්දයක් නෑ එයා...

💜️යුන්ගි ඔප්පා...

🖤ශ්...බබා..

එයා මගේ තොල්වලට එයාගේ ඇඟිල්ලක් තිබ්බේ මට කතා කරන්න එපා කියන්න වගේ...

🖤I think you need a kiss now??

එයා ඒක කිවුවේ නම් මගේ තොල් උඩ තිබුන එයාගේ ඇඟිල්ල එහෙ මෙහෙ කරම ගමන්...

💜️what...how y....

මට ඒක කියාගන්න හම්බ වුනේ නෑ...එයා ඒ පාර මුලු අතින්ම මගේ කට වැහුවේ ඇස් දෙකත් අරින ගමන්.. එයා ඉතින් මෙච්චර වෙලා ඇස් වහගෙන නේ හිටියේ... එයා එකපාරටම මගේ ඉන වටේ එයාගේ අනිත් අත යවලා මාව ඇඳලා ගත්ත පාර මම එයාගේ ඇඟ උඩ... ආහ්...ඇයි අනේ මෙයා මෙච්චර අමුතු...ඒ හිනාව... ඇස්...එවා හරිම හොට්...මට දාඩියත් දානවා වගේ...😮‍💨

💜️ඔ..ඔප්පා...

🖤ම්ම්ම්...

💜️මොකද අනේ මේ... කෝ මට නැගිටින්න දෙන්න

🖤බෑ....

එයා එහෙම කියලා මගේ ඉන වටේ තිබුන අත් තව ටිකක් තද කරලා මාව එයාගේ පපුවට තුරුල් කර ගත්තා...

💜️ඔප්පා...කෝ අනේ...අර මන් කෑම ගෙනාවා කාලා ඉන්නකෝ ඔක්කොමටම කලින්...බෙහෙත් බොන්න එපැයි

🖤බෑ කිවුවනේ...

💜️බෑ කියලා හරියන් නෑනේ බෙහෙත් බොන්න ඕනනේ

මන් එයාගේ අත් එහෙ මෙහෙ කරලා අමාරුවෙන් නැගිට්ටෙ එයා ට දැන් රෑ බෙහෙත් ටික දෙන්න ඕන නිසා...

💜️කෝ නැගිටින්න...

එයාව නැගිට්ටවලා කෑමත් කවලාඅන් බෙහෙත් ටිකත් දුන්නා..ඒ කල්ල මාත් කාලා  කෑම ටිකත් අස් කරලා පොඩ්ඩක් කාමරේත් පිරිසුදු කරා...මන් ඒ ඔක්කොම කරනකම් එයා කලේ මන් දිහා බලන් හිටපුඑක.. මන් එයාට ඇඳෙන් බහින්න එපා කියලනේ තිබ්බේ😅මන් ඔක්කොම වැඩටික ඉවර කරලා එද්දි එයා ෆෝන් එකෙන් මොකක්ද බලනවා මූනත් අමුතු කරන්...

🖤බබා....

💜️මොකෝ ඔප්පා...

🖤එන්නකෝ...

💜️මොකද....

🖤මෙතනට එන්නකෝ...

යුන්ගි ඔප්පා මට ඇඳේ එයාගේ එහා පැත්තට එන්න කියලා කත කරා..මාත් ඉතින් දාගෙන හිටිය slippers දෙක ගලවලා ඇඳට නැගලා කකුල් දෙක උඩට ගත්තා...

මන් එයාගේ ෆෝන් එක පැත්තට එබිලා බැලුබේ මොකක්ද මෙයා මේ බලන්නේ කියලා..බැලින්නම් මෙයා බලන්නේ K-drama එකක්නේ...එකේ එවෙලෙ ගියේ නම් හැබැයි එකේ couple එක කිස් කරන කොටසක්...මුලින් හරිම calm විදිහට ගියපු කිස් එක ටික ටික deep වුනේ බලන් ඉන්න මගෙත් ඇඟ සීතල වෙලා යද්දි... මන් ටක් ගාලා අහක බලා ගත්තා...ඔප්පා නම් ඒක දිහා බලාගෙන හිටියේ... හදිස්සියේ ම මම දැක්කේ ඔප්පා ඒ දිහා බලන් කෙල ගිලිනවා..එයාගේ බෙල්ල... ආහ්.....මන් ඇයි ඒක දැක්කේ...දැන්නම් මාවත් ඇවිස්සෙනවා වගේ...මන් ඉක්මනට නැගිටලා ඇඳෙන් බහින්න ගියත් ඔප්පා මගේ අතින් අල්ලලා ඒක නැවැත්තුවා... එයා අතේ තිබුන ෆෝන් එක ඇඳට එහා පැත්තේ තිබුන table එක උඩින් තියලා මගේ දිහා බලලා ඇස්වලින් මට කිවුවේ ආයෙ හිටිය තැනින් වාඩි වෙන්න කියලා... මම ඉතින් ගිහින් ආයෙම එයාගේ එහා පැත්තෙන් වාඩි වෙනවත් එක්කම එයා මගේ ඉන වටේ අත් යවලා මාව උස්සලා අරන් එයාගේ කකුල් දෙක උඩින් වාඩි කරව ගත්තා...ඔප්පා ටික ටික මගේ තොල් වලට බර වෙනවත් එක්කම එයාගේ අත්වලට මගේ ඉන තව තව හිර වුණේ මට ඉබේම ඇස් පියවෙද්දි...තත්පර ගානක් ගියත් කිසිම දෙයක් වුනේ නැති නිසා මම ඇස් ඇරලා බලද්දි එයා හිටියේ හරියටම මගේ ඇස්වලට සමාන්තරව එයාගේ ඇස් තියාගෙන...යුන්ගි ඔප්පා එයාගේ එක අතක් අරන් ඇවිත් මගේ මූනට වැටිලා තිබුන කෙස් රොදක් මගේ කන පිටිපස්සේ රැදෙවුවා..මන් හිටුයේ එයාගේ ඇස් දිහා බලන්.. එයාගේ ඇස්වල ආදරේ උතුරනවා...ඒ ආදරේ එක්ක කවදාවත් මන් දැකලා නැති අමුතු සරාගී බවක් මට පෙනුනා...එයා එකපාරම මගේ තොල්වලට බර වෙලා කිස් කරන්න ගත්තේ මන් හිතන්නත් කලින්...මුලින් සොෆ්ට් විදිහට ගිය කිස් එක ටික ටික ගැඹුරු වුනේ එයා මගේ ලිප්ස් තදින් උරන්න ගද්දි...ඒත්...එත් එකපාරටම මම එයාගෙන් ඈත් වුනා...

_________________________________________

Vote එකක් දාන් යමුකෝ....🙂👐

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories