Part 17
04:49, 11 September 2024.."sir මෙන්න මගෙ file එක..."
🖤දෙන්න...මොකක්ද ඔයාගේ නම...
.."මම ඇන්ඩ්‍රියා...(මතකයි නේ ඇන්ඩ්‍රියා ව💃...ඔව් ඔව් මේ එයා තමා...අර ජීහූන් එක්ක හිටිය ඇන්ඩ්‍රි තමා මේ...)
🖤ඔයාගේ qualification නම් හොඳයි...මීට කලින් කොහේහරි වැඩ කරල තියෙනවද?
💃ඔව්..මම මීට කලින් company එකක වැඩ කරල තියෙනවා...
🖤Okay...අපි ඔයාව දැනට job එකට select කර ගන්නම් හැබැයි වැඩ කරන විදිහත් එක්ක තමා ඉස්සරහට දිගටම ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ... Got it...
💃Yes sir...no problem
🖤Fine... Tomorrow 8.30 වෙද්දි office එකට ඇවිත් ඉන්න...
💃Okay sir..
Author pov....
යුන්ගිගෙයි ඇන්ඩ්‍රියගෙයි කතාව යන අතරේ මියොන්ගි හරිම සංසුන් විදිහට ඒ දිහා බලාගෙන හිටියේ ඇන්ඩ්‍රියාව හොඳට judge කරන ගමන්... කොහොමත් මියොන්ගි ට ඇන්ඩ්‍රියාව දැක්ක ගමන්ම එයාගේ අමුත්තක් තේරුණා..ඇන්ඩ්‍රියා පිටින් පෙන්නන දේට වඩා දෙයක් තියන වඟ මියොන්ගි ට තේරිලයි තිබුනේ...ඒත් යුන්ගි ඇන්ඩ්‍රියාව එයාගේ secretary විදිහට තෝර ගත්ත එකටනම් මියොන්ගි වැඩි කැමැත්තක් දැක්කුවේ නෑ...ඇන්ඩ්‍රියා එතනින් ගිහින් විනාඩි ගානක් ගියත් තාමත් මියොන්ගි ඉන්නේ කල්පනාවක...යුන්ගිට තේරුණා කෙල්ලට දැන්නම් ඉරිසියයි කියලා...
🖤ම්හ්ග්ග්......යුන්ගි උගුර පෑදුවේ මියොන්ගි ව හරි සිහියට ගන්න...ඒ වෙද්දි මියොන්ගි හිතින් ඇන්ඩ්‍රියාට බයිනවා
💜️මොකද?
🖤මොකද කියලා තමා මාත් බැලුවේ... මොකො කට වැහිලා
💜️ඇයි අහන්නේ... මන් යනවා මට වැඩ තියෙනවා...
කෙල්ල එහෙම කියලා නැගිටලා යන්න හදද්දිම යුන්ගි කෙල්ලව අතින් ඇදලා ගත්තේ තමන්ගේ ඔඩොක්කුවටම කෙල්ලව වැටෙන්න...මියොන්ගි මුකුත් නොකියම යුන්ගිගේ ඔඩොක්කුවෙන් නැගිටින්න ට්‍රයි කලත් එකේන් වුනේ යුන්ගිගේ අත් දෙකට කෙල්ලව තවත් හිර වුන එක...
💜️යුන්ගි ඔප්පා මේ අත් දෙක ගන්නවද?
🖤බෑහ්
💜️අනේ මට වැඩ තියනවා මෙතන කෝලම් කර කර ඉන්න වෙලාවක් නැ.....
🖤මොනවද ඔච්චරටම තියන වැඩ ආ...අනික මොන වැඩේ තිබුනත් බොස් කිවුවහම ඔයා ඉන්න ඕන
💜️ආ....ඇත්තද?
🖤මන් දන්නවා සුද්දි ඉතින්...
💜️මොනාද දන්නේ?
🖤ඔයා ඔය හංගගෙන හිටියට ඔයාගේ ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියලා
💜️යාහ්...එහෙම එකක් නෑ...මන් මොකට ඉරිසියා කරන්නද
🖤එහෙනම් ඇයි අර ළමයට අච්චර එරෙවුවේ
💜️ළමයා...මොන ළමයද? අනික මන් කාටවත් එරෙවුවේ නෑ හරිද
🖤හරි හරි..ඔහොම යන්කෝ ඔයාට පිළිගන්නම වෙනවා...
💜️මොනාද දන්නෑ.. මන් යනෝ අනේ මලකෝලන්
කෙල්ල ගස්සගෙන යන දිහා යුන්ගි බලන් හිටියේ හිනා වෙන ගමන්...
...........
Day after day passed🍂
"යුන්ගි ඔප්පා...."කියාගෙන යුන්ගිගේ office room එකට එන්න ගියපු මියොන්ගි ව දොර ලඟම හිට්ටේ office එක ඇතුලේ ඉදලා ආපු ඇන්ඩ්‍රියා ව දැකලා...
💃සර් මේ වෙලාවේ important වැඩක ඉන්නේ...මිස් දැන් ගිහින් පස්සේ ආවොත් හොඳයි
💜️ආ...හරි එහෙනම්
මියොන්ගි එහෙම කියාගෙන ආපහු හැරුනේ යුන්ගි වැඩක කියපු නිසා...දවස් ගානකින් කෙල්ලට යුන්ගි එක්ක හරියට කතා කරන්නවත් හම්බ වුනේ නෑ...මියොන්ගි යුන්ගිව හම්බ වෙන්න යන හැමවෙලාවකම වගේ ඇන්ඩ්‍රියා හිටිය නිසා එයාලට කිසි නිදහසක් තිබුනෙත් නෑ...ලඟදි ආව ලොකු contract එකක් නිසා කොහොමත් හැමෝම වගේ busy වෙලා හිටියේ ඒ නිසා යුන්ගිටත් කෙල්ලට වැඩි වෙලාවක් වෙන් කරන්න හම්බ වුනේ නෑ..
ඔය අතරේ ඇන්ඩ්‍රියා නම් ටික ටික එයාගේ වැඩේට අත ගහලයි තිබුනේ...ඇන්ඩ්‍රියා හැමවෙලේම උත්සහ කලේ යුන්ගි ව මියොන්ගි ගෙන් ඈත් කරලා තියන්න ඒ මදිවට එයා කූඩෑල්ලා වගේ හැමවෙලේම යුන්ගි ලඟ...මේ කාලේ ඇතුලේ ඇන්ඩ්‍රියා කොහොමහරි යුන්ගිගේ හිතේ තමන් ගැන විශ්වාසයක් ඇති කලේ සැක නොහිතෙන්න. ඇන්ඩ්‍රියාගෙ මේ හොඳ හැසිරීම නිසා මියොන්ගි ත් හිතුවේ එයා ඇන්ඩ්‍රියා ගැන මුලින් හිතපු විදිහ වැරදියි එයා හොඳ කෙනෙක් කියලා...ඒත්........
...
🌸මියො....
💜️ආ...කන්හි...බර කල්පනාවක හිටිය මියොන්ගි පියවි ලෝකෙට එන්නේ කන්හි කතා කරද්දි. කන්හි ඇවිත් මියොන්ගි ඉස්සරහ තිබුන පුටුවෙන් වාඩි වුණා.
🌸මොනාද ඔච්චරටම කල්පනා කරන්නේ ආ...
💜️මුකුත් නෑ අනේ..මන් මොනා කල්පනා කරන්නද
🌸ම්ම්...ඇත්තම නේ
💜️ඔව් ඔව්..ඒක නෙමේ මොකෝ ඔයා හදිස්සියෙ ම ආවේ...
🌸මන් ආවේ ඔයා එක්ක පොඩි දෙයක් ගැන කතා කරන්න
💜️ඒ මොකක්ද??මොකො කුකී ඔප්පා එක්ක...
🌸යාහ් යාහ්..ඔයානම් මහ කූරයි මියො... උබ බලන් ඉන්නේ අපි දෙන්නා වලියක් දා ගන්නකම් නේ එකෙන් ආතල් එකක් ගන්න
💜️අනේ අනේ මේ...මන් එහෙම නෑ හරිත..මන් කරන්නේ ඔයාලගේ ප්‍රශ්නේ විසදලා දෙන එකනේ
🌸😒😂
💜️මේ ඇත්තටම දැන් මොකක්ද කියන්න තියෙන්නේ
🌸මියෝ මේකයි...කලබල වෙන්න එපා හරිද මන් මේ කියන්නේ මට හිතෙන දේ.... කෝකටත් කියලා තියන එක හොඳයිනේ
💜️මොකක්ද කියන්නකෝ..🙄
🌸අර ඇන්ඩ්‍රියා...
💜️ඔව්...
🌸මට නම් ඒකීව අල්ලනේ නෑ හොඳද.. එයා ඕනවට වැඩියි..මට පෙන්න ම බැරි ගැස්සිල්ල තමා...හුම්
💜️ආහ් මොකද මේ.. ඇයි එයා ඔයාට මොනා හරි කිවුවද
🌸විහිලු නෙමේ බන්.. අනික එයා යුන්ගි ඔප්පට ලං වෙනවා වැඩියි හොඳද මන් දවස් ගානක් බලාගෙන...එයා ඔප්පගේ ඇගේ ඇතිල්ලි ඇතිල්ලි ඉන්නවා...අපේ ගොනා ඔක්කොටම හපන්නේ..බැනලා හදා ගනිම්කෝ
💜️අයියෝ ඉතින් එයා යුන්ගි ඔප්පගේ secretary නේ කන්හියෝ
🌸උබ ඔහොම කියලා හිනා වෙවී ඉදපන් එතකොට හරියයි.. මෝඩි...මන් යනව...
💜️කේන්ති ගන්න එපා ඉතින් මන් බලන්නම්කෝ
🌸ඕන එකක් කොර ගනිම්
කන්හි ගියාම මියොන්ගි ආපහු කල්පනාවට වැටුනේ කන්හි කියපු දේ ගැන...
Meyogi pov...
අයියෝ...මේ අපේ කන්හියා ඕනවට වඩා හිතනවා..එයා ඔප්පගේ secretary නේ. Secretary වුනාම boss ළඟින් ඉන්න එපැයි හැමවෙලේම...මන් බොරුවට ඕව හිතන්න යන්න ඕන නෑ.. මගෙ යුන්ගි ඔප්පව මට විශ්වාසයි හැබැයි ඉතින් මට අර ඇන්ඩ්‍රියා ව නම් විශ්වාස කරන්න බෑ...ආයිශ්...මනස්ගාත හිතන්න එපා මියෝන්ගි ඔය තියන වැඩක් කරාම්
__________________________________________________________________________________
ඒ පාර මොකක්ද මේ වෙන්න යන්නේ...🙄 ඇන්ඩ්‍රියා නිසා යුන්ගියි මියොන්ගි යි...?
ම්හ්....බලන් ඉමු මොකද වෙන්නෙ කියලා...
ඔයාලට මොකද හිතෙන්නේ comment එකක් දාන් යන්න බලන්න...
එහෙනම් අදට මන් යනවා
බායි🙋🏻♀️
මියොන්ගි💜️
There are no comments yet. Log in to be the first to leave a review!





