Part 3
17:32, 19 August 2024Office එකට ගිය පලවෙනි දවසෙම මට ගොඩක් හවස් වෙනකම් ම වැඩ කරන්න වුණා😮💨 මම අලුත් design එක draw කරලා ඉවර වෙද්දි හවස හයට විතර ඇති. ඒ වෙද්දි නම් office එකේ කට්ටිය ගොඩක් නෑ... ඒත් කීපදෙනෙක් නම් තාමත් වැඩ. මගේ ඇන්ටනාවට අහු වෙච්ච තොරතුරු වලට අනුව නම් බොසා තාමත් office එකේ😁 මට එයාගේ මූන බලාගන්න බැරි වෙච්ච එක ගැන නම් පොඩි ශෝකයක් තිබුනා...මන් වැඩ කරන්නෙ මොන වගේ කෙනෙක් එක්කද බලන්න එපැයි හුම්😏
මන් ගෙදර යන්න කියලා office එකෙන් එළියට එද්දිම වම් පැත්තේ තියෙන්නේ yoongi බොසාගේ office එක.එතනින් තමයි මන් යන්නත් ඕන...ශේප් එකේ මාරැ වෙන්න ඕනේ කියලා හිතන් එයාගේ office එක ලඟින් යද්දි මට ඇහුනේ කාගෙදෝ මන්දා සිරික්කියක්🙄 මොනාද කියො කියෝ කට්ටියක් හිනා වෙනවා. මගේ සුට්ටන් මොලේට ආපු කූට අදහසක් නිසා බොසාගේ office room එකේ දොරට කන තිබ්බේ එයාලා කතා කරන දෙයක් පැහැදිලිව ඇහෙයිද බලන්න😁හි හි....
In the yoongi's room
1. මේ කට්ටිය එහෙනම් මන් යනවා ආ...
2. හරි මචන්...
🖤මේ නංගිවත් එක්කගෙනම යන්න...
1.හා හා.....මන් ගියා...
කවුද එනවා වගේ🙄 පිටිපස්සට ගිහින් ආයේ එන්න ඕන...මන් ආපහු අඩි දෙක තුනක් පිටිපස්සට ගිහින් එතනින් යන්න එන කෙනෙක් වගේ ආවේ බොරැවට ඉතින්😁😂 ඒත් එක්කම යුන්ගිගේ office එක ඇතුලේ ඉදල ආවේ...
ඔප්පේ....ඔයා
💙චූටි...වැඩ ඉවරද මන් මේ යුන්ගියාව හම්බ වෙන්න ආවා
ආහ්🙄
💙ඇයි....චූටි
නෑ නෑ ඔප්පා...අපි යමු
ඔප්පනේ මේ ඉදලා තියෙන්නේ...තව කවුරු හරි ඇතුලෙ ඉන්නවා හැබැයි... කට්ටියේ සද්දේ...පොළ වගේ😂 මේ නපුරු යුන්ගි බොසාට කොහොමද මෙච්චර යාලුවෝ😒
..................................................................................................................................................
මන් ගෙදර ගිහින් wash එකක් එහෙම දාලා ඇදට වැටිලා කල්පනා කරේ කොහොමද මගේ design එක මාසයක් ඇතුලට trending යවන්නේ කියලා🤧
Yoongi pov...🖤
අම්මෝහ්....අද නම් හොඳටම මහන්සියි. අනිද්දට ඇමරිකා යන්නත් තියෙනවානේ ටිකක් නිදා ගන්න ඕන හොඳට.....අරයට මන් කිවුවා වගේ වැඩේ කරන්න පුලුවන් වෙයිද දන්නෑ. කොහොමත් මම අනිද්දා ඇමරිකා ගියාම ආයේ එන්නෙ ටික නේ එතකොට බලමුකො....😼 කොහොමහරි අන්තිමට මන් හිතන් හිටපු දේ නම් හරි ගියා. අද උදේ හොබී කතා කරලා එයාගෙ නංගි මියොන්ගි එනවා කියලා කිව්වහම මට එකපාරටම මතක් වුනේ එදා මන් බේර ගත්ත කෙල්ලගේ නමත් ඕකමයි නේද කියලා. එදා එයාව මගේ ගෙදරට එක්කන් ආවට පස්සෙ සිහිය නැති වෙලා හිටිය නිසා විස්තරයක් දැන ගන්න මන් එයාගේ ෆෝන් එක ගත්තේ..... password එකක් දාලා තිබුනත් අහම්බෙන් වගේ try කරද්දි ෆෝන් එක unlock වුන නිසා බලද්දි එයාගේ නම මියොන්ගි කියලා මන් දැන ගත්තේ... හැබැයි ඒ J hope ගේ නංගි කියලනම් මට හරියටම conformed වුනේ අද උදේ... හොබීගේ නංගි වුනාට නම් හොබීගේ ගති ගුණ ගැවිලාවත් නෑ😏😑 හුම්... හරිම අමුතු කෙල්ලෙක්.... අනික එදා එයාව බේර ගෙනත් මට ගස්සලා ගිය හැටි...
.........
Next day...🌤️
Excuse me...
🖤Yes coming....
මන් මේ ආවේ මගේ අලුත් design එක පෙන්නන්න...සර්
🖤ඔතනින් තියලා යන්න
අයියෝ...මෙයා ඇයි ඉස්සරහට හැරෙන්නේ නැත්තේ...පස්සට මන්දා ඇස් තියෙන්නෙ😐 එන හැමවෙලේම මෙයා අනිත් පැත්ත හැරිලා අඩු ගානේ කතා කරහමවත් ඉස්සරහට හැරෙන්න බැරිද මන්දා
🖤මොකො
ආ....මුකුත් නෑ
මන් එයාගේ table එක උඩින් කොලේ තියලා එතනින් ගියේ ඉතින් වෙන කියන්න මුකුත් නැති හින්දා...බලනවනම් බලන්නේ නැතෑ....
Few minutes later...
🖤💬Massage
මන් design එක දැක්කා කියන්න මුකුත් විශේෂ දෙයක් නෑ...කියන්න ඕන ඔක්කොම පලවෙනි දවසෙම ඔයාට කිවුවනේ මන්
මේ මනුස්සයා නම්......😑 මටද මේ වෙනස්කම් නැත්නම් මෙයා මේ office එකේ අනිත් අයටත් මෙහෙමද දන්නෑ... මහ නපුරැ පූසෙක්...😒
.....
🌸 මියොන්ගි...මන් එන්නද
ආ...එන්න කන්හි
🌸මොකද කරන්නේ...
මන් මේ ඊලඟ ට කරන්න ඕන දේවල් plan කලා..
🌸ආහ් ඒක හොඳයි.අපි හොඳ models ලා ටිකක් අල්ලන් හොඳ advertisement ටිකකුත් කරමු.
ඔව්...
🌸ඉතින් අපේ company එක හොඳද😊
Company එකත් හොඳයි ඔක්කොමත් හොඳයි අර බොසා තමා අවුල😒මන් ඒක කිවුවේ කන්හිට ඇහෙන නොඇහෙන ගානට
🌸මොකක්ද මොකක්ද ඒ කිවුවේ😄🤭
අ...නෑ නෑඔයා ආවේ මොකක් හරි වැඩකටද කන්හි
🌸මන් ආවේ වැඩකට නම් නෙමෙයි🤭 හැබැයි අර කිවුව එකනම් මට ඇහුනා
😶😬 හරිනේ අමාරැව
🌸යුන්ගි ඔප්පා එහෙම තමයි...ඔය සැරෙන් වගේ කතා කරාට සැර නෑ
හුම්...අපොයි ඔව්.....සැර නෑ වසයි😒 මට කරන දේවල් පේන්නේ නැද්ද...අනික මෙයා මොකටද දන්නේ නෑ එයාව අගේ කරන්නේ ලයින් පාරක්වත් දෙනවද දන්නේ නෑ එයාට...ආ....පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මෙයා එයාට නම කියලා නේද කතා කරන්නෙත් ඒ කියන්නෙ මොකක් හරි යටිකූට්ටු ජල්බරියක් තියෙනවා🙄
මේ කන්හි මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා...සර් ඔයා එක්ක විතරයි ටිකක් සැර බාල කරලා හොඳට කතාබහ කරල ඉන්නේ...මේ....ඔයා එයාගේ......
🌸ඔයාටත් ඒ ප්‍රශ්නේ ආවද😂
ඇයි🙄
🌸මේ office එකේ ගොඩක් අය ඕක අහනවා යුන්ගි ඔප්පා මන් එක්ක හොඳට කතාබහ කරන නිසා..😂
ආහ්....🙄😄 එහෙම දෙයක් නෑනේ ඉතින්
🌸නෑ නෑ අනේ...😅යුන්ගි කියන්නේ මගෙ අප්පාගේ නංගිගේ පුතා.ඒක ඉතින් office එකේ කවුරුත් වැඩිය දන්නේ නෑ....
ආ...එහෙමද🌝
🌸ඔව්...හැබැයි මට වෙන කෙනෙක් නම් ඉන්නවා..🤭
ඒ කියන්නෙ boyfriend කෙනෙක් ඉන්නවද කන්හිට...
🌸ඔව්....එ.....
🐰Excuse me....
🌸jungkook....😃 එන්න එන්න...
🐰මන් ඔයාව හැමතැනම හෙවුවා.අර girl කෙනෙක් කිවුවා ඔයා මෙතන කියලා.
🌸ඔව් මන් මේ මියොන්ගි එක්ක කතා කර කර හිටියේ
🐰මෙයාද අර යුන්ගි හ්‍යොංග් කිවුව අලුත් fashion designer
🌸ඔව් ඔව් මෙයා තමා😄මියොන්ගි මේ jungkook...
🐰හායි මියොන්ගී.....
හායි jungkook sir....
🐰🌸Sir.....
🌸අයියෝ...මියොන්ගි මෙයාට sir කියන්න එපා😂😂
ඒත් අරයා කිවුවනේ office එකේ ඉන්නවනම් ඒ විදිහට ඉන්න කියලා...😒
🐰මට පේන්නේ අපේ හ්‍යොංග් මෙයාව හොඳටම බය කරලා වගේ😂
🌸ඔව් ඔව්🤭
අනේ මන් නම් එයාට බය නෑ හරිද😒
🐰යුන්ගි හ්‍යොංග් ඔහොම තමා...එයා කියන ඒවා ගණන් ගන්න එපා😂 මට ඔප්පා කියන්න මියොන්ගි
හරි ඔප්පේ🌝
🌸මෙයා ගැන තමයි අර මන් කියන්න ගියේ මියොන්ගි
ආහ්...මෙයාද ඒ🤭
🐰මොනාද මොනාද මන් ගැන කිවුවේ...
🌸මුකුත් නෑ නේද😉
හ්ම්ම්😉🤭
🐰මේ දෙන්නා දැන්මම හොඳ ම යාලුවො වෙලා වගේ🤭
🌸💜️🤭🤭
🌸jungkook ඔයා හදිස්සියේ ආවේ...🙄
🐰ආහ්....එහෙම හදිස්සියක් නෑ බබා...හෙට යුන්ගි හ්‍යොංග් යනවනේ පොඩ්ඩක් කතා කරන්න ආවේ ඔයාවත් බලන්න එක්කම😉
🌸ආ...🤭යුන්ගි ඔප්පා නම් එයාගේ room එකේ ඉදියා.
යුන්ගි සර් හෙට කොහේහරි යනවද
🌸ඔව්...එයා හෙට ඇමරිකා යනවා ආයේ එන්නේ සති තුනකින්
ඒක මරැ😏😮💨
🐰ඉන්නකෝ මන් කියන්න හ්‍යොංග් ට😅
අම්මෝ එපා හොදේ ජුන්කුක් ඔප්පෙ😒
🌸මියොන්ගි නෑ කිවුවට ඔප්පට බයයි😅
🐰ඔව්ව් නේ😄
🌸මේ ජන්කුක් අපේ ඔප්පත් යුන්ගි ඔප්පා එක්ක ඇමරිකා යන කතාවක් කිවුවා නේද
🐰කවුද මේ සේහුන් ඔප්පා👀
🌸නෑ නෑ...පොඩි ඔප්පා නෙමේ ලොකු ඔප්පා ජන්හු
🐰ආ...ජන්හු හ්‍යෝං😊හ්‍යෝං නම් යන කතාවක් කිවුවා මොනා කරයිද දන්නේ නෑ...
🌸මටත් කිවුවේ යනවා කියලනම් තමා...
ඔයාටත් ඔප්පා කෙනෙක් ඉන්නවද කන්හි...
🌸එක්කෙනෙක් නෙමේ අනේ දෙන්නෙක්ම ඉන්නවා.
දෙන්නෙක්...😃අනේ හරිම ශෝයි...🤭
🌸ඔයාගේ ඔප්පා හොබී ඔප්පා නේද
ඔව්...ඔයා දන්නවද අපේ ඔප්පව
ඔව් ඔව්...මොකො එයාව නොදන්නේ...යුන්ගි ඔප්පගේ හොඳම යාලුවෙක් නේ...
🐰මේ ඔක්කොටොම නංගිලා ඉන්නවා මට තමා නැත්තේ...😒
නංගි කෙනෙක් නැති වුනාට මොකො ඔප්පට කන්හි ඉන්නේ
🌸ම්හ්...😌
🐰මෙයා ඉතින් මගේ කෙල්ලනේ...😌
🌸ඒකත් ඇත්ත...කෙල්ලට නංගි වෙන්න බෑනේ😅 අපි මෙහෙම කරමු
🐰කොහොමද👀
🌸මියොන්ගි...ඔයා කුකීගේ නංගි වෙන්න..
මන්...🙄🤭
🌸ඔව්..🤭
🐰ශා...ඒක මරැ....දැන් මටත් නංගි කෙනෙක් ඉන්නවා...😌😉ඔන්න අද ඉදලා මන් ඔයාගේ ඔප්පා ඔයා මගෙ නංගි🤭 එහෙම හොඳයි නේ
🌸ඒකනේ...එහෙම හොඳයි🤭
අනේ🥺🤭
🐰මට දැන් නංගි කෙනෙක් ඉන්නෝ...😃
🌸🤭🤭
📱ක්‍රීන් ක්‍රීන්.....
🐰මෙන්න යුන්ගි හ්‍යොංග්ගෙන් කෝල් එකක්
🖤ඔතන මොකක්ද වෙන්නේ
🐰හ්‍යොංග් ඇයි.....👀
🖤phone එකේ speaker on කරනවා...
🐰ඈ....🙄
🖤ඇහුනේ නැද්ද කියපු දේ...on කරනවා..
🐰ඉන්න ඉන්න....ඔන්න හරි...
🖤මියොන්ගි...තමුන් ඔය වැඩ කරන විදිහද ආකතා කරනවා මියොන්ගි...තමුන් ඔතන ඉන්නවා කියල මන් දන්නවා
මේ....මන්
🖤යා...මට මුකුත් අහන්න ඕන නෑ....😑
🌸යුන්ගි ඔප්පෙ...
🖤ඔයා මෙයාව බේරන්න හදන්න එපා කන්හි
🐰යුන්ගී හ්‍යොංග්...මොකද මේ
🖤බලහන් ජන්කුකා...මන් මෙයාව වැඩට ගත්තේ නිකන් ඔහේ සිරික්කිය දාගෙන ඉන්නද ආ...මන් ආපු පලවෙනි දවසෙම කිවුවනේ...මහ ලොකු fashion designer
🐰හ්‍යොංග් ඇති ඔය....ඒ කෙල්ලට ඔහොම කෑ ගහන්න එපා
අනේ ඇයි මේ...ඇයි මෙයා මට මෙහෙම කෑ ගහන්නෙ...මට කවුරුත් මෙහෙම කෑ ගහලා නෑ...🥺තවත් මෙතනට වෙලා එයා කියන දේවල් අහන් ඉන්න තරම් මම ශක්තිමත් වුනෙ නෑ...ඒ වචනවලින් එයා ලොකු තරහක් පිට කරනව වහේ මට දැනුනෙ...මන් හැමවෙලේම හිනා වෙලා විහිලුවක් කරගෙන ආතල් එකේ ඉන්නවා සමහර වෙලාවට කවුරුහරි බයිනකොට ඒවා ගණන් ගන්නෙත් නෑ ඒත්....මට බෑ තවත් මෙතන ඉන්න මේවා අහන්.....
🌸මියොන්ගි....කොහෙද ඔය යන්නේ
🐰යාහ්...හ්‍යොංග් මොකක්ද ඒ කලේ පවු ඒ කෙල්ල
🖤ඔහේ යන දිහෑක යන්නෙ නැතැ...
🌸ඇත්තටම මේ ඔප්පා නම්😒අර කෙල්ල කොහෙගියාද දන්නේ නෑ....
🐰මන් බලල එන්නම් කන්හි...
🌸හරි කුකී....
Jungkook pov...
Building එක ඇතුලෙත් එලියත් හැමතැනම හෙවුවත් මියොන්ගිව හොයාගන්න පුලුවන් වුනෙ නෑ... හොබී හ්‍යොංග් මගේ යාලුවා නිසා නිකන් කතා කරනව වගේ call එකක් ගත්තේ කෙල්ල ගැන තොරතුරක් තියේද බලන්න ඒත් මියොන්ගි ගෙදර ගිහිනුත් නෑ...අනේ මන්දා මේ යුන්ගි හ්‍යොංග් කරන වැඩ🥲
🌸කුකී...කෝ කෙල්ල
🐰හොයා ගන්න බැරි වුනා සුදූ
🌸මෙච්චර වෙලා හොයලත් එයා කොහෙවත්ම නැද්ද දැන් හොඳටම හවස් වෙලත් එක්ක
🐰නැහැ...🙂
🌸ගෙදරවත් ගියාද දන්නේ නෑ...
🐰ගෙදර ගිහින් නෑ කන්හියො...මන් හොබීට කෝල් කලා
🌸දැන් අපි මොකද කරන්නේ...කෙල්ල කොහෙද ගිහින්ද එතකොට
🐰දන්නේ නෑ ඉතින්.යුන්ගි හ්‍යොංග් ට කියමු😒
🌸අනේ එයාට කියලා වැඩක් නෑ😒😑
🐰ඔයා ඔහොම ඉන්නකෝ සුදූ...මන් ගිහින් එයා එක්ක ටිකක් කතා කරලා එන්නම්
🌸හරි ඒනම්
.......
🐰යුන්ගි හ්‍යොංග්...මන් එන්නද
🖤එන්න
🐰මොකද කරන්නේ
🖤හෙට උදේම මම ඇමරිකා යනවා...ඒකට ඕන files ටික ready කලා
🐰ම්ම්...
🖤මොකො කුකී...ප්‍රශ්නයක් ද
🐰නෑ මේ....අර...කෙ.....
👥යුන්ගියා.................................කුකී....ඔයත් මෙහෙද
🐰ඔව් ඔව්...මරු වෙලාවට තමා කට්ටිය එන්නේ...දැන් ඉතින් කියන්න පුලුවන්😒
🖤මොකද මේ ඔක්කොම
👥ඔයා හෙට යනවනේ ඉතින් අපි ආවා...
🖤ජින් හියොං...කෝ namjoon හියොංනුයි හොබී යි ආවේ නැද්ද
🐹Namjoon නම් එන ගමන් කිවුවා...හොබී...
💙මන් ආවෝ...
🐥ඔය එන්නේ කියනකොටම අපේ හොබී හ්‍යෝං
💙යා ජිමිනා....මගෙ කොණ්ද...අපේ නංගි වගේමයි ඔයත්
🐥හී හී😅
💙යුන්ගියා...අපේ නංගි ගෙදර ගියාදඅද සුහෝ ත් අනිත් ගෙදර ඉන්නේ...කෙල්ල අද තනියම
🖤ආ...ඔව් එයා ගියා
🐰දැක්කා වගේ ගියා කියන හැටි. ඔක්කොම කරලා මෙතන😒
🖤මොකක්ද කුකී කිවුවේ...
🐰ආ...නෑ මුකුත් නෑමේ මන් කන්හිට කිවුවා මන් එනකම් ඉන්න කියලා මන් එයාව ගෙදරට දාලා එන්නම්
🐥එයාට තනියම යන්න බැරිද😪
🐰ජිමිනා.....👀
🐥හරි හරි ගිහින් දාල එන්න...Tae-hyung මේක හරි යන්නේ නෑ අපි දෙන්න අපේ කල්ලියෙන් කුකීව කපමු😏
🐯මොනා වුනත් ඒකනම් හොඳ අදහස...😌
🐰යාහ්....උබලා දෙන්න..😒
🐯🐥😏😌
🐰මන් ඇවිත් දෙන්නව අල්ල ගන්නම්කෝ
🐥හු හු....😏
🐯😂😂
🐹නම්ජූනා එන්න එන්න....
💙මොකො පරක්කු වුනේ...
🐨මාර වැඩක් වුනානේ😮💨
🐥ඇයි මොකද වුනේ හියෝං
🐨මන් හන් ගඟ ලඟ පාලම ගාවින් එද්දි කවුද මන්දා girl කෙනෙක් මගේ වාහනේට හැප්පෙන්න ගියානේ
🐯ඔහ්😲
💙ඒ girl ට මුකුත් වුනේ නෑනෙ
🐨මන් හිතන්නේ නෑ...
🐹හිතන්නෙ කියන්නේ...ඔයා බැලුවෙ නැද්ද?
🐨බැලුවා බැලුවා..ඒත් එයා මන් එක්ක කතා කරේ නෑ හොඳටම අඬලා වගේ හිටියේ
🐥ඔහ්...පව් අනේ
🐨ඒ යුන්ගිය මොකො කතා නැත්තේ දැන් යන්න ලැස්තිද
🖤ඔව්..හියොං ලැස්තියි.යන්න විතරයි තියෙන්නේ දැන්
........................
Yoongi pov...
දහය විතර වෙද්දි කට්ටිය ගෙවල්වලට ගියා...මටත් හෙට උදේම යන්න තියන නිසා ගෙදර එන්න පිටත් වුනත් මොකක්දෝ හේතුවකට මගෙ හිත හරිම නොසන්සුන් වෙලා...ඒත් හේතුව මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ...හිත පොඩ්ඩක් නිදහස් කර ගන්න කියලා මන් හන් ගඟ ගාවට ආවා.සමහර වෙලාවට නිදාගෙනවත් ලබන්න බැරි නිදහසක් මේ හන් ගඟ දිහා බලන් ඉදලා ගන්න පුලුවන්... රෑ වෙලා නිසා එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න කවුරුත් නෑ...මන් ටිකක් දුර ඇවිදන් ගිහින් නතර වුනේ පේන තෙක් මානෙක කවුරුත් නැති තැනක.එතන තිබුන බංකුවෙන් වාඩි වුන මම මගෙන්ම ප්‍රශ්න කලේ හිත මෙච්චර අවුලෙන් ඉන්න හේතුව...ටික වෙලාවක් යද්දි මට ඇහුනේ කවුදෝ ඉකි ගහන හඬක්..කවුද අඩනවා කොහෙද.මන් එහෙමම සද්ද ඇහුන දිහාව බැලුවා කවුද ගෑනු ළමයෙක් හන් ගඟ ලඟ ඉවුරේ වාඩි වෙලා ඉන්නව.එයා අඩනවා...මට ඒ කෙනාගේ මූන නම් පෙනුනේ නෑ හැබැයි ඒ හැඩ රැවේ හුරැකමක් දැනුනා ඒ නිසාම මම ටිකක් උනන්දුවෙන් එයා දිහා බැලුවා. මේ මියොන්ගි නේද"👀 ඔව් එයා තමා..ඇයි මෙයා මෙතන? අඩන්නෙ ඇයි? පිස්සු කෙල්ලෙක් ගෙදර යන්නෙ නැතුව මොනා කරනවද මන්දාඑයා නැගිට්ටා නේද?...යන්න වගේ හදන්නෙ👀 ඔහේ යන්නෙ නැතෑ... මොකක්ද ඒ විසික් කරපු කොලේ🙄 එයාගේ අතේ ලේ නේද...තුවාලවත් කරගෙනදමන් මියොන්ගි යනකන් ඉදලා එයා ඉදගෙන හිටිය තැනට ආවේ එයා විසික් කරපු කොලේ මොකක්ද කියලා බලන්න...ඒ කොලේ හොඳටම පොඩි කරලා..කොලේ සමහර තැන්වල ලේ පැල්ලම්...මන් ඒක දිගෑරලා බැලුවා.එකේ මොනාද ලියලා තිබුනා.මන් ඒක කියවන්න ගත්තා ඉතින්
මෙ....මෙයා...මොනා ද මේ ලියලා තියෙන්නේ...
..........................................................................................................................................
ලියලා තියෙන්නේ මොනාද කියලා දැන ගන්න ඊලඟ එකත් කියවන්න🤭
ලමයි දන්නවද...මගෙ යාලුවෙක් ඉන්නවා කුම්භකර්ණ වංශයේ අග රැජිනක්...😂 හිටි ගමන් රෑ දෙගොඩ හරියක් වෙනකම් ඇහැරිලා ඉන්නවා නැත්නම් මහ පාන්දර නැගිටිනවා...ඔයාලට කියන්න ළමයි ඒ ලෙඩේ බෝ වෙනවා ආ...😂😌මටත් දැන් ඒක හැදිලා මගේ පිස්සිට පින් සිද්ද වෙන්න...😌💜️ මෙකේ ප්‍රතිඵල ලැබෙන්නෙ දවල්ට තමා ඉතිම්...😂
එහෙනම් මන් ගියා.....බායි🙋🏻♀️
මියොන්ගි💜️
There are no comments yet. Log in to be the first to leave a review!





