Episode 21
09:52, 25 May 2020After 2 years 💙💙💙💙💙
Kung Mi Noory POV 💕💕💕
වැහිබර කාලගුනයක් සහිත දවසක් වුනත් මුලින් ලෑස්ති කරගත්තු හැම වැඩක්ම ඒ විදිහටම කෙරෙන්න ඔීනේ කියලා අප්පා තීරනය කලා....අද තමයි අපි අපේ පරන ගෙදරට සමුදෙන දවස....මම රස්සාව කරලා ඉතුරු කරගත්තු සල්ලි වලින් මම මට පුලුවන් හැටියට අලුත් ගෙයක් මිලදී ගත්තේ ඒක මගේ හීන වල මූලිකම වෙච්ච හීනයක් නිසයි......
අප්පා.... ඔයා හරිද?හරි නම් ලී චාන්ග් ෂී එක්ක යන්න...මම මගේ බඩු ටික අස් කරන් එන්නම්....
දේ අප්පා...උරි කජා...ලී චාන්ග් ෂී අප්පාගේ බෑග් එක ගත්තේ අප්පාව කාර් එකට එක්ක යන ගමන්.....
ඔි නූරි මම එන්නම් ඔයාව ගන්න අප්පාව ගෙනිහින් දාලා....ලී චාන්ග් ෂී හිනාවෙලා අහද්දී මට එයා ගැන හරිම අනුකම්පාවක් දැනුනා.....
අනී මං ටැක්සියක එන්නම්....ඔයා ගොඩක් මහන්සි වුනා අපි නිසා...කම්සාම්මිතා ලී චාන්ග් ෂී...මම එයාට ආචාර කරන ගමන් කිව්වා......
මොකක් හරි හදිස්සියක් වුනොත් කතා කරන්න.....ලී චාන්ග් ෂී යන්න ගියේ එහෙම කියාගෙන.....
මමත් එයාට සමුදීලා මගේ කාමරේට ආවේ මගේ බඩු ටික ලෑස්ති කරගන්න හිතාගෙන....
මගේ කාමරේ.......කාලයක් තිස්සේ මගේ දුක සතුට බෙදා ගත්ත ජන්ග්කුක් ෂීගේ photos වලට මගේ ඇහැ ගියේ නිරායාසයෙන්......
ජන්ග්කුක් ෂී.....අපි අද අලුත් ගෙදරකට යනවා...මම ජන්ග්කුක් ෂීගේ රාමු කරපු photo එක අතගෑවේ මහා ලෝබකමින්....හැම photo එකක්ම ගොඩක් පරිස්සමට ගලවපු මම ඒවා හැම එකක්ම මගේ බෑග් එකට දාගත්තේ මගේ අලුත් කාමරේ ඒවා එල්ලන්න හිතේ ඇතුව....ඒ වගේම ඔම්මාගේ photo එක අප්පා මහන්සියෙන් අරන් දුන්නු හැමදේම මම පිලිවෙලකට පැක් කලේ ඒ හැමදේම මට ගොඩක් වටින නිසා.....
හැමදේම පැක් කරන් ඉවර වුනාට පස්සේ මම ඇඳන් යන්න ඇදුමක් හෙව්වේ අද අපේ නෑදෑයෝ කිහිපදෙනෙකුටයි මගේ යාලුවො කිහිපදෙනෙකුටයි කෑමට ආරාධනා කරලාා තිබුනු නිසයි....
මොන තරම් ඇදුම් බැලුුුුුවත් ඒ එකක් වත් මගේ හිතට හරි ගියේ නෑ..ඒ වෙලාවෙම යේනා ආපු නිසා මම එයාට කියලා ඇදුමක් තෝර ගන්න හිතාගත්තා....
යේනා......මට මොකක් හරි ඇදුමක් තෝරලා දෙනවද?
අනේ මට බෑ යේනා ගත් කටටම කිව්වා.....
ආ.....චේබල් යේනා....මට එකක් තෝරගන්න බෑනේ...මම ඔක්කොම ඇඳුම් ටික යේනාගේ උකුලට දැම්මා....
ආහ්... හරිි හරි වදේ....යේනා එහෙම කියලා ඇඳුම් තෝරද්දී මම වොෂ් එකක් දාගන්න ගියා...
හිතේ තිබුනු සතුටටත් එක්ක මදි නොකියන්න නාගත්තු මම හචිමකුත් ඇර ඇර එලියට ආවේ වැඩිය නෑමේ ප්‍රතිවිපාක ඇස් පනාපිට පෙනෙන්න තියෙද්දී.
ආහ්.......හොඳට ඔලුව පිහිදාගන්නවා....නැත්තම් හෙම්බිරිස්සාව හැදෙයි.....යේනා කිව්වා......
දැනටමත් හැදිලා වගේ මම කිව්වේ මගේ කොන්ඩේ තව ටිකක් පිහිදාන ගමන්....
මේක අදින්න නූරි...මෙච්චර ලස්සන ඇඳුමක් තියාගෙන මොකට කන්කෙඳිරි ගෑවද අදින්න එකක් හොයාගන්න බෑ කියලා....යේනා මගේ ඇගට ඇදුමක් විසි කලේ ඔරව ඔරව....
ජන්ග්කුක් ෂී අරන් දුන්නු ඇදුම...යේනා කියන්නේ මට මේක අදින්න කියලද.....අනී අනී මට මේක අදින්න අයිතියක් නෑ.......මම ඇදුම අතේ තියන් කල්පනා කලේ මොකක්ද කරන්නේ කියලා......
මොකෝ ඔිිික දිහා බලන් භාවනා කරන්නේ....ඉක්මනට ලෑස්ති වෙනවා...යේනා කිව්වා ..
අනී....මට මේක අදින්න බෑ...මම ඇදේ වාඩි වුනේ ඇදුම ආපහු බෑග් එකට දාන ගමන්.....
වේ....යේනා මං දිහා බලන් ඉදියේ බය වෙලා වගේ....
ඒක මට අරන් දුන්නේ..........................මට ඇඩෙන්න ආපු නිසාා කියන්න ගිය දේ කියාගන්න බැරුව මම ටිකක් බලන් ඉදියේ අද වගේ හොඳ දවසක අඩන්න හොඳ නැති නිසා......
ඒක මට අරන් දුන්නේ ජන්ග්කුක් ෂී....මම අන්තිමට කියාගත්තා.....
ඒකට කමක් නෑ...අද ඔයා මේක අදින්නම ඔිනේ.....යේනා කිව්වේ මම ඇතුලට දාපු ඇඳුම ආපහු ගන්න ගමන්...
අනී මම වෙන එකක් අදින්නම්....මම යේනාගෙන් ඇදුම ඉදිරුවේ ආපහු බෑග් එකට දාන්න හිතාගෙන.....
එහෙනම් යේනා කියලා යාලුවෙක් නෑ කියලා හිතාගන්න....යේනා ඇදුමත් දමලා ගහලා යන්න නැගිට්ටා....
ආහ් බෝයා.....අරස්සෝ අරස්සෝ මම ඒක අදින්නම්...මම එහෙම කිව්වේ පොඩි කාලේ ඉඳන් මට ඉඳපු එකම යාලුවා නැති කර ගන්න බැරි කමට....
චින්චයා...යේනා ආපහු ඇදෙන් වාඩි වුනේ මලක් වගේ හිනාවෙවී...
පල්ලී පල්ලී යේනා මාව තල්ලු කරලා කාමරෙන් එලියට ගියේ මගේ බෑග් එකත් ඇදගෙන....
Jeon Jungkook pov💕💕💕💕
වෙනදා වගේම මම අදත් ඉදියේ නූරිගේ ගේ ඉස්සරහා....හොඳටම වහින නිසා ජින් හ්යොන්ග් කාර් එකේ හොදටම නිදි....
හ්යොන්ග් නැගිටිනවකෝ හලෝ..මට පාලුයි...මම හ්යොන්ග්ට වැලමිටෙන් ඇන්නා..
හහ්.....තමුසෙගෙන් මලවදේ ඔියි...බලනවා අද ටිකක් වැඩිපුර නිදාගන්න තිබුනු දවස....කවදද මේ බඩගෑම ඉවර වෙන්නේ... ජින් හ්යොන්ග් ආපහු හරිබරි ගැහිලා නිදාගන්න ගමන් කිව්වා....
අනේ මන්දා හ්යොන්ග්...මම කිව්වා....
දැන් එයාගේ අර බලාපොරොත්තු ඉෂ්ඨ කරන් ඉවරයිලුද....හ්යොන්ග් ඒක අහපු කැත...මම හිතුවා....
හ්ම්....අද එයාලා අලුත් ගෙදරකට යනවලු...මම කිව්වා....
එහෙනම් දැන්වත් ඔික අහනවකෝ...ආවොත් ආවා ගියොත් ගියා....හ්යොන්ග් කිව්වේ කාර් එකෙන් එලිය බලාගෙන.....
හ්ම් නූරි මට කැමති වෙයිද හ්යොන්ග්....මම ඇහුවේ ලී චාන්ග් ෂී ගැන මතක් වෙච්ච නිසා....
ඒක තමා අහලා බලන්න කිව්වේ.....හ්යොන්ග් කිව්වාා......
නූරි එයාගේ චින්ගු යේනා එක්ක එලියට ආවේ ඒ වෙලාවෙමයි...මට අදහගන්න බැරි වුනා....එයා ඇදන් ඉදියේ මං එයාට අරන් දුන්නු ඇදුම.....
හ්යොන්ග්...නුරි....මම අත දික් කරපු පැත්ත ජින් හ්යොන්ග් බැලුවා.....
එයා ඒ ඇදුමට යෙප්පෝ....මම හිතින් හිතුවා.....
හ්යොන්ග් මං යනවා...මම කාර් එකෙන් බැහැලා වැස්සෙම නූරි ඉන්න පැත්තට දිව්වේ අද තමයි නියම දවස කියලා හිත හිත....
අද ටිකක් වහින නිසාද මන්දා පාරේ ඒ හැටි සෙනගක් නම් ඉදියේ නෑ......
නූරි.....මම නූරිගේ වැලමිටෙන් අල්ලලා මගේ පැත්තට හරව ගත්තේ යේනා බය වෙලා වගේ මං දිහා බලන් ඉද්දී.....
නූරි මුලින් ටිකක් බය වෙලා වගේ බලන් හිටියත් පස්සේ ඒ ගතිය අත ඇරලා මාත් එක්ක හිනා වුනේ හරිම අසරන විදිහට.....
ජන්ග්කුක් ෂී...අපි අද අලුත් ගෙදරකට යනවා....නූරි කිව්වේ බිම බලාගෙන.......
දේ මං දන්නවා....ඒත් ඔයා මට ආරාධනා කලේ නෑනේ...මම කිව්වේ නෝක්කාඩුවට වගේ මූන හදා ගෙන....
අනී.....ඔයත් මාත් එක්ක කතා කලේ නෑනේ....නූරි ඉකිබිදුමකුත් එක්ක එහෙම කියද්දී මට දැනුනේ මගේ මුලු ඇගම ගැහෙනවා වගේ....
ආාහ් චින්චා.......අද වගේ හොඳ දවසක ඔහොම අඩන්න හොඳ නෑ....මම කිව්වේ නූරිගේ කදුලු පිහිදාන ගමන්.....
ජන්ග්කුක් ෂී...ඔයාට දුක හිතුනේ නැද්ද මාත් එක්ක කතා නොකර ඉන්න....නූරි ඇහුවේ මං දිහා කෙලින්ම බලන ගමන්....
මම යේනා දිහා බැලුවේ එයා අපි ගැන මොනව හිතයිද කියලා සැකෙන්..
ඔි මියානේ....නූරියා.....මම එහෙනම් ටැක්සියක යනවා.......හවසට හම්බෙමු....අන්යොන්ග්...යේනා එහෙම කියලා ටැක්සියකට නැග්ගේ මාත් එක්කත් හිනාවෙන ගමන්....
මම නූරිව කාර් එකට එක්කන් ඇවිත් පිටිපස්සෙන් වාඩි කෙරෙව්වේ මාත් පිටිපස්සෙන් වාඩි වෙන ගමන්...
ජින් හ්යොන්ග් ස්ථානෝචිත ව කල්පනා කරලා හෙඩ් සෙට් එක ගහගත්තු එක මට ලොකු උදව්වක් වුනා....
නූරි....මියානේ.....මං ඔයාට ගොඩක් රිද්දුවා.....ඒකට හේතුවක් තිබුනා...ඒත් දැන් ඒවායින් වැඩක් නෑ....ඔයාට විතරක් නෙවෙයි ඒ දෙයින් මමත් ගොඩක් රිද්දගත්තා......ඒත් ගොඩක් බාධක මැද ලබාගන්න දේක තමයි අගේ වැඩි වෙන්නේ....මම මගේ හිතේ තිබුනු හැම දෙයක්ම ඔහේ කියවගෙන ගියා...නූරිත් ඒ හැමදේම අහගෙන ඉඳියේ මලානික වෙච්ච මූනකින්...
නූරි මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා...චේබල් මේ සතුට මට මේ විදිහටම ගෙදර ගෙනියන්න ඉඩ දෙන්න..... හැබැයි ඔයා මේකට කැමති වුනොත් ඔයාට ඔයාගේ රස්සාව අත අරින්න වෙනවා... මම කිව්වේ නූරි දිහා කෙලින්ම බලාගෙන.....
දේ ජන්ග්කුක් ෂී.....
මම ඔයාගෙන් මීට අවුරුදු දෙක කට විතර කලින් අහපු දේට ඔයා මොකද කියන්නේ.....මගේ යෝජා චින්ගු වෙන්න කැමතිද?මම පපුව ගැහි ගැහී වුනත් අහන්න තියෙන දේ කෙලින්ම ඇහුවා...
දේ..............නූරි එහෙම කියලා බිම ගත්තේ ජින් හ්යොන්ග්වයි මාවයි දෙන්නවම පුදුම කරලා.....
චින්චා.......මම පපුවට අතත් තියන් ඇහුවේ මට වැරදියටවත් ඇහුනද කියලා හිත හිත....
දේ.....මම ගොඩක් පසුතැවුනා මට මීට කලින් ඒ උත්තරේ දෙන්න බැරි වුනාට...නූරි එහෙම කිව්වේ ඇඩෙන එක නවත්තගන්න උත්සාහ කර කර....
මට දැනුනු සතුට ගැන වචනෙන් කියලා නිම කරන්න පුලුවන් කමක් නෑ...මට ඔීනේ වුනේ පාරට පැනලා පිනුම් දෙක තුනක් ගහගෙන ගහගෙන යන්න....
මම නූරිව මගේ ඇගට තුරුලු කරගත්තේ කාර් එකේ හ්යොන්ග් ඉන්නවා කියලා වත් සිහිය නැතුව....
මාව බදාගනෙ කෙලවරක් නැතුව අඩන නූරිගේ මම නලල සිපගත්තේ ආයේ කිසිම දවසක එයාට දුකක් දෙන්නේ නෑ කියලා හිත හිත.....
There are no comments yet. Log in to be the first to leave a review!





