𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟹𝟻
05:48, 1 October 2024𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ³⁵
'ඔයා ඇත්තටම'
*ඔයාගෙයි ඇමීගෙයි එන්ගේජ්මන්ට් එක කන්ෆර්ම් කරගන්න..."
"ප්...පපා..."
ඒ වචන ටික පිට වුණේ මම කීයටවත් නොහිතපු කෙනෙක් ගෙන් . පපා.... එයා කොහොමද එහෙම දෙයක් කිව්වෙ. මගෙයි ඇමීගෙයි එන්ගේජ්මන්ට් එක... ඒත් එහෙම වෙන්නෙ කොහොමද. එයා මටයි මගේ සුදු මහත්තයටයි කැමැත්ත දුන්නා.
"ඒක ඇත්ත සන්... අපි ආවේ ඔයාගෙයි ඇමීගෙයි එන්ගේජ්මන්ට් එක ගැන කතා කරන්න..."
සන්.... එයා මට එහෙම කතා කරපු පලවෙනි වතාව. වෙන වෙලාවක නම්... මට දරාගන්න බැරි තරම් සතුටක් දැනෙයි. ඒත් දැන් ඒක එහෙම උනේ නෑ. මට දැනුනේ දරාගන්න බැරි තරම් තරහක්. මෙච්චර කාලයක් මාව අතෑරලා දාලා මගේ ජීවිතේ කාලකන්නි කරලා දාපු එයා දැන් මාව පාලනය කරන්න එනවා...
"ඔයාට කිසිම අයිතියක් නෑ මිසිස් යන්ග් සි මගේ ජීවිතේට ඇඟිලි ගහන්න""
පලවෙනි වතාවට මම මම වෙනුවෙන් කතා කරා. ඒක කවුරුවත් බලාපොරොත්තු වුණේ නැතුව ඇති. පපා, මමා වගේම ඇමීත් ඒකට ගැස්සෙනකොට මට මගේ අත් එක්ක තද වෙලා තිබ්බ සුදු මහත්තයාගේ අත මගේ පිට අල්ල පිරිමදිනවා දැනුනා. එයා මාව සන්සුන් කරන්න උත්සාහ කරනවා වගේ.
"අයිතියක් නෑ නෙවෙයි ජාන්... අයිතියක් දුන්නෙ නෑ.."
"යන්ග් සි... දැන් ඇති..."
මමා මොකක් හරි කියන්න හදනකොට පපා එයාව නවත්තන්න උත්සාහ කරනකොට මට පපා ගැන තිබ්බ විශ්වාසය ටිකෙන් ටික නැති වෙනවා දැනෙන්න ගත්තා. අයිතියක් දුන්නෙ නෑ... පපා පුංචි කාලේ ඉඳලම මාව මේ ගෙදර අස්සෙ තියාගෙනයි හැදුවේ. ඇත්තටම මමා කවදාවත් මාව බලන්න ආවේ නෑ. එයා එන්න උත්සාහ කලත් එන්න දුන්නෙ නැද්ද කියන එක ගැන මට පලවෙනි වතාවට සැක හිතෙන්න පටන් ගත්තා.
"ඇයි මාව නවත්තන්නෙ යැන්ග්... එයා දැන්වත් මේවා දැනගන්න ඕන... මීට අවුරුදු දාසයකට කලින් අපි ඩිවෝස් වෙනකොට ඔයා මට ජාන්ගෙ කස්ටඩි එක දුන්නෙ නෑ කියන එක එයා දැනගන්න ඕන. "
"ම්... මොකක්ද "
එතකොට මමාට මගේ කස්ටඩි එක නොදුන්නෙ පපාද... ඇස් දෙක බොඳ වෙලා යනකොට මම පපා දිහා බැලුවා උනත් එයා මගේ දිහා කෙලින් බැලුවෙ නෑ. ඇයි මට මේ සේරම දේවල් පැටලිලා අවුල් වෙලා වගේ දැනෙන්නෙ. මම නොදන්න තව කොයිතරම් දේවල් තව මෙතන ඇත්ද...
"ඔයාව මට අරගෙන යන්න නොදුන්නෙ ඔයාගෙ පපා... ඒ කවදමහරි දවසක මට ඔයාගෙ ගාවට එන්න පුළුවන් වෙන්න ඔයාව ඇමීට කසාඳ බන්දවන පොරොන්දුව උඩ... "
මට තවත් ඒ දේවල් දරාගන්න පුළුවන් උනේ නෑ. මම මගේ අතත් එක්ක පැටලිලා තිබ්බ සුදු මහත්තයාගේ අත අතෑරලා දාලා උඩට දිව්වා. මේ තරම් ලොකු බොරුවක්.... එතකොට මගේ ජීවිතේ පුරාවටම මම විශ්වාස කරගෙන හිටියෙ බොරුවක් ද. මගේ මමා... එයාට ඇත්තටම මාව දාලා යන්න ඕන වුණේ නැද්ද...
"මම ඇතුලට එන්නද මගේ වස්තුව..."
එයා දොර ගාව ඉදගෙන අහනකොට මම ඔළුව වැනුවා. රූම් එක ඇතුලට ආව එයා දොර ලොක් කරලා මගේ ගාවට ඇවිදගෙන ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි වෙනකොට මම එයාට තුරුළු වුණා.
"ඇ.... ඇත්තටම ප්...පපාද ම්..මමාට ම්..මාව බල...න්න එන්...න දීලා න්...නැත්තෙ...."
මේ ලෝකෙ මට විශ්වාස කරන්න පුළුවන් එකම කෙනාගෙ ඉස්සරහදි මට මගේ කදුළු නවත්තගන්න බැරි වුණා. ඉකි ගහන ගමන් මම එයාගෙ පපුවට තුරුළු වෙනකොට එයාගෙ දිග ඇඟිලි මගේ කෙස්ගස් අතරින් ඇදුනා.
"මතුපිටින් දකින හැම දෙයක්ම විශ්වාස කරන්න එපා මගේ වස්තුව................
මාව උනත්...."
එයා කිව්ව කතාව මට තේරුණේ නෑ. එයාගෙන් මම ආයෙමත් ඒක ගැන ඇහුවත් එයා මොනවත් කිව්වෙ නෑ. හරියට එයත් මගෙන් රහසක් හංගගෙන ඉන්නවා වගේ. එයත් කවදාවත් නොදැනුන තරම් මට දුරයි කියලා දැනෙනකොට මම එයාගෙ පපුවෙන් ඈත් වුණා.
"ශක්තිමත් වෙන්න මගේ වස්තුව... නැත්තම් ඉස්සරහට වෙන සමහර දේවල් ඔයාට දරාගන්න බැරි වේවි... "
දවසක් දෙකක්.... හරියටම සතියක් ගෙවිලා ගියා. පපා මගෙත් එක්ක කතා කරන්න උත්සාහ කලත් මම එයාට ඒකට ඉඩ නොදී එයාව මගෑරියා. අඩුම තරමෙ මම කෑම කන්නවත් පහළට ගියේ නෑ. දරාගන්න බැරි තරමට ඔළුවෙ කැක්කුමක් මාව දවසෙම ඇඳට කරලා තියනකොට මම හිටියෙ සේරම එපා වෙලා වගේ. මට තිබ්බ එකම සැනසීම උනේ මගේ සුදු මහත්තයා විතරයි. ඒත් සමහර වෙලාවට මට එයා එක්කත් දැනුනේ දරාගන්න බැරි තරහක්.
"මගෙ වස්තුව...."
රූම් එකේ දොර ඇරෙන සද්දෙට පස්සෙ එයාගෙ අඩි සද්දෙ මට ඇහුණා. එයා මගේ ගාවට ඇවිත් ඇදේ වාඩි වුණා කියන්න ඇඳේ පැත්තක් පහත් වෙනකොට මට තේරුණා. ඒක නිසාම ඇස් ඇරලා බලනකොට මම දැක්කෙ මගේ දිහා බලාගෙන ඉන්න එයාව. එයාගෙ අතේ තිබ්බෙ ට්‍රේ එකක්. මම අදත් උදේ පහලට නොගිය නිසාම එයා මගේ කෑම එක උඩට අරගෙන ඇවිත් තිබුණා.
"කමුද..."
එයා කියනකොට මම ට්‍රේ එක දිහා බැලුවා. ඒත් ඒකෙ තිබ්බ කිසිම දෙයක් මට කන්න හිතුනේ නෑ. ඒත් දවස් දෙකකින් විතර හරියට කාලා නැති නිසා මට බඩගින්නකුත් තිබ්බා.
"බෑ... "
"බබා... කියන දේ අහලා කන්නකෝ..."
එයා මට කියනකොට මම එයා දිහා බැලුවා. මම කන්නෙ නෑ කියන්නෙ එයත් කන්නෑ කියන එක වෙනකොට මට බඩගින්නෙ හිටියත් එයා නොකා ඉන්න එක දරාගන්න බැරි උනා. ඒක නිසාම මම එයා දිහාවට හැරුණා.
"ඔයා හදන නූඩ්ල්ස් එකක් ඕන..."
සුදු මහත්තයා පහලට ගියාම මම ආයෙ ඇඳේ හාන්සි වුණා. වචනවලට හරවන්න බැරි මුස්පේන්තු හැගීමක් මට දැනුනා. හරියට හැම දෙයක්ම වෙනස් වෙලා වගේ. ඔහේ ඇඳට වෙලා ඉන්නකොට මට ඇහුනේ පෝන් එක වයිබ්‍රේට් වෙන සද්දෙ. ඒත් ඒ මගේ එක නොවෙන කොට මම ඇදේ වාඩි වුණා.
වයිබ්‍රේට් වුණේ ඇඳ උඩ තිබ්බ සුදු මහත්තයාගේ පෝන් එක වෙනකොට මම ඒක අතට ගත්තා. A කියලා සේව් කරලා තිබ්බ නම්බර් එකකින් කෝල් එකක් එනකොට මම දෙපාරක් නොහිතා ඒක ආන්ස්වර් කලේ එකෙන් හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන් කියලා දන්නෙ නැතුව.... මම ඒක දැනගෙන හිටියා නම් කවදාවත් ඒ කෝල් එක ආන්ස්වර් කරන්න ඉඩ තිබ්බා....
"ඔයා නියමෙට ජාන්ව කන්ට්‍රෝල් කරනවා යීබෝ."
Next Episode
https://www.youtube.com/watch?v=jvIBw6-JBtU
To be continued
Diavola
හායි...
බායි
බෝනස් එකක් එපානෙ...
There are no comments yet. Log in to be the first to leave a review!





