Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟹𝟶

05:42, 1 October 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ³⁰

'එයා...'

"After a long time baby..."

"පලයන් යන්න මුස්පේන්තු හම්පඩයා..."

(A/N Cudu mahaththaya කියලා හිතුව අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😂)

එකපාරටම වගේ මාව බිත්තියට තද වෙනකොට ටිකක් පුදුම උනත් තත්පර ගානකින් මට වුණේ මොකක්ද කියලා තේරුම් ගියා.. මම මගේ මූණ දෙපැත්තෙන්ම අත් දෙක තියාගෙන මාව බිත්තියට තද කරගත්ත බිනාගෙ බඩට ගැහුවේ ඌ හයියෙන් හිනා වෙනකොට. උගේ හැටි නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා තිබ්බෙ නෑ. ඒත් ගෙවිලා ගිය අවුරුදු දෙක බිනාව හිටියට වඩා ටිකක් මෝරපු පෙනුමකට මාරු කරලා තිබ්බා. කොහොමත් අඩුම ගානේ සතියකට වතාවක් චැට් එකක් දැම්මත්, කෝල් එකක් ගත්තත් අපි මාස දහයකින් විතර මීට් වෙලා තිබ්බෙ නෑ.

"මිස් යූ බල්ලො..."

බිනා මාව තද කරලා බදා ගන්නකොට මම ඌට ඒකට ඉඩ දුන්නා. අඩුම ගානේ මට උගේ ගාවදි මවාගන්න ජාන් නොවී මමම වෙන්න පුළුවන් විදියෙ එකම එකෙක් හරි මට දැන් ඉන්නවනේ. විනාඩි ගාණකට පස්සේ බිනා මගෙන් ඈත් වෙනකොට මගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා.

"උඹ කෙට්ටු වෙලා..."

විස්කි ග්ලාස් එකක් අරගෙන ඒ රූම් එකේ තිබ්බ කවුච් එක උඩින් වාඩි වුණ මගේ දිහා බලාගෙන බිනා කියනකොට මම යන්තම් හිනා උනා. ඇත්ත..  කෙට්ටු වෙන්න එපැයි. හැම වෙලාවෙම වැඩ එක්ක බිසී වෙන්න ගියාම මට මම ගැන හිතන්න කාලයක් තිබුණේ නෑ. මට බිනාට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. ඒක නිසාම මම ග්ලාස් එකේ තිබ්බ විස්කි ටික කලත්තන ගමන් හැදුවේ කතාව අනිත් පැත්තට හරවන්න.

බිනායි මමයි හිටියෙ ක්ලබ් එකේ උඩ තට්ටුවේ තියෙන ප්‍රයිවට් රූම්ස්වලින් එකක. සවුන්ඩ් පෲෆ් නිසාම ඕනි දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම මේවා අස්සට එක එකාට එබෙන්න බැරි නිසා ඕනි දෙයක් පැහැදිලිව කතා කරන්න පුළුවන්. කායි ගැන නම් කිසිම අවුලක් නොතිබ්බට අනිත් උන් ශුවර් නෑනේ. වැඩි දෙයක් නෑ. ඔතන ඉන්න සමහර උන් මම වොෂ් රූම් එකට ගියත් ඇමීට කියන ජාතියේ උන්. අනිත් උන් පපාට කේලම් කියන උන්.

"අලුතින් මොනවහරි හොයා ගත්තද "

මම ඇහුවේ හිතේ කොනක බලාපොරොත්තුවක් තියාගෙන. අදවත්... අදවත් මගේ සුදු මහත්තයා ගැන පුංචිම හරි ආරංචියක් මට දැනගන්න ලැබෙනවා නම්... පහු ගිය කාලේ පුරාවටම එයා මගේ ඇස් වලින් හැංගිලා හිටියා. දැන් ඇති... මට තවත් ඉස්සරහට යන්න බැරි තරම් මහන්සියි...

බිනා ඒකට උත්තරයක් දෙන්න කලබල උනේ නෑ. ඒ වෙනුවට එයා කලේ ග්ලාස් එකේ ඉතිරි වෙලා තිබ්බ වයින් ටික හෙමින් සැරේ කලතවන්න ගත්ත එක. එයාගෙ හැසිරීමෙන් මට තේරුණේ එයා මොකක්ම හරි දෙයක් මට කියනවද නැද්ද කියලා කල්පනා කරනවා වගේ.

"හොයා ගත්තා කියන්නත් බෑ... ජාන්.... ඒ වගේම කිසිම දෙයක් හොයා ගත්තේ නෑ කියන්නත් බෑ... "

බිනාගෙ දෙපැත්තටම නැති උත්තරය මට එකතු කලේ ප්‍රශ්නාර්ථයක්. මට දැනුනේ බින් ඒක මට නොකියන්නෙ මෙතන මොකක්ම හරි කොස්සක් තියෙන නිසා කියලා. ඇත්තටම යීබෝට මොකක්ද උනේ කියලා දැනගන්න කම් මට කිසිම සැනසීමක් නෑ. ඒක නිසාම මට තරහක් දැනෙන්න ගත්තත් බිනා ඊට පස්සේ කියපු දේත් එක්ක ඒ සේරම වෙනස් උනා...

පැය ගාණකට පස්සේ ඔෆිස් එකට ඇවිත් පෝන් එක ඔන් කරනකොටම එක පොකුරට නොටිෆිකේශන් බර ගාණක් ස්ක්‍රීන් එකේ pop-up වෙන්න ගත්තා. ඒ සේරම ඇමීගෙන්. වෙනදට අපි අතරේ රණ්ඩුවක් උනොත් කවදාවත් ඇමී මට කෝල් එකක් ගන්නෙවත් මැසේජ් එකක් දාන්නෙවත් නෑ. ඒත් අද එයාගෙන් මැසේජ් වගේම කෝල් ඇලට් ගොඩක් එනකොට ඒ සේරම යන්තම්වත් ගණන් නොගෙන මම බැලුවේ බින් මැසේජ් එකක් එවලාවත්ද කියලා. ඒත් කිසිම දෙයක් නැති වෙනකොට මම බැලුවේ මගේ ඔෆිස් ටේබල් එක උඩ තියෙන ෆයිල් එක දිහා...

LiangZ

අද තිබ්බ මීටින් එකට ආවේ වෙන කවුරුවත් නෙවෙයි ඊයෙ මට Everglades එකේදි හම්බුණ ගෑනු කෙනා. Liang ShiYa.... LiangZ එකේ Chairman... ඒත් එක්කම අර මනුස්සයත් ඇවිත් හිටියා. ඒ මිසිස් ලියාන්ග්ගෙ බොඩිගාඩ්ලු. එයාව දකිනකොට මට අමුතු හැඟීමක් දැනුනත් ඒක මොකක්ද කියලා පැහැදිලි කරගන්න මට බැරි වුණා. එයාගෙ මූණේ පැත්තක තියෙන කැපුම් පාර වගේ එකක් තියෙන මනුස්සයෙක් මම දැකලා නෑ කියලා මට විශ්වාසයි. ඒත් ඇයි මට එයාව මේ තරම් හුරු පුරුදු...

කොළ හුළඟෙ යනවට ටේබල් එක උඩ තියෙන ක්‍රිස්ටල් බෝල් එක කරකවන ගමන් මම කල්පනා කරා. ඒත් එක්කම පෝන් එකේ ස්ක්‍රීන් එක එලිය වුණා. ඇමීගෙන් කෝල් එකක්... එහෙමම පෝන් එක සයිලන්ස් කරගෙන සාක්කුවට දාගෙන මම ලෑස්ති වුණේ එලියට යන්න...

"ජාන් ..."

මම හිටියෙ බින් එක්ක කාර් එකේ පිටිපස්සේ ශීට් එකේ වාඩි වෙලා. ගෙවෙන තත්පරයක් ගානේ මගේ හදවත වේගෙන් ගැහෙන්න අරගෙන තිබ්බා. ට්‍රැෆික් එක පිරුණ බෙයිජිංවල පාරවල්වලට මම අද තරම් වෛර කරපු දවසක් ආයෙ නැතුවැති.

"උඹට හොඳටම ශුවර්ද තැන එතන කියලා..."

මම ඇහුවේ කී වෙනි පාරට ද දන්නෙ නෑ.

"ඔව්.  මගේ මිනිස්සු දවස් ගාණක් පස්සෙන් ගිහින් අද තමයි හරියටම තැන කන්ෆර්ම් කර ගත්තෙ..."

බිනා කිව්වත් මට ඒක විශ්වාස කරන්න පුළුවන් උනේ නෑ. මම මෙච්චර කාලයක් රට පුරා එයාව හොයනකොට එයා ඉදලා තියෙන්නෙ බෙයිජිං වල... සරලවම කිව්වොත් මගේ නහය යට... ඒත් එහෙම වෙන්නෙ කොහොමද... මම ඉස්සරහ ඉදගෙන ඩ්‍රයිව් කරන කායි දිහා බැලුවා. පපාගෙවත් ඇමීගෙවත් මිනිස්සුන්ට අහු නොවෙන්න එයා කාර් එක ඇරගෙන ගියේ ඩෙරික්ගෙ මිනිස්සුන්ගෙ  උදව්වෙන්. ඒත් තවමත් එයා ඉස්සරහ කණ්ණාඩියෙන් පිටිපස්ස බලනවා මගේ ඇස්වලට අහු වුණා...

මම මේ කරන්න යන්නෙ හරි දෙයක්ද... මට එහෙම හිතෙන්න පටන් ගත්තෙ කායි පරිස්සම් වෙන විදිහට. සුදු මහත්තයා මෙච්චර දවසක් හැංගිලා හිටියා නම් මම මේ විදියට යන එකෙන් එයා කාගෙන් හැංගුණත් ඒක තව දුරටත් කරන්න පුළුවන් වෙයිද...

"මෙතනද... "

මම ඇහුවේ කාර් එක නවත්තපු තැනට ටිකක් ඉස්සරහින් තියෙන ගෙයක් පෙන්නලා. ලස්සනයි... හරියට එයයි මමයි ජීවත් වෙන්න හීන මවපු තැන වගේ.. ඉස්සරහින් ලස්සන ඇප්‍රිකට් ගහක් තිබ්බ ඒ ගෙදර මට අපේ අතීතේ මතක් කරනකොට මම කාර් එකෙන් බැස්සා. මගේ හිත කොයි තරම් තර්ක කරත් මට එයාව නොබලා ඉන්න බෑ. එයා ඉන්නේ මගේ ගාවම කියලා දැන දැනත් මට එයාව නොබලා ඉන්න බැරි වෙනකොට ඉස්සරහට ගිය මම ගෙදර බෙල් එක ගැහුවේ බින් මාව නවත්වන්න කලින්.

"ඔය මහත්තයලා කාව හම්බෙන්නද..."

"මිස්ටර් වන්ග් යීබෝ ඉන්නෙ මෙහේද..."

වයස හතලිස් පහක් විතර වගේ ගෑනු කෙනෙක් දොර ඇරලා කියනකොට මට එයාට උත්තර දෙන්න වචන හොයාගන්න බැරි වෙනකොට බිනා මම වෙනුවට එයාට උත්තර දුන්නා. ඒ ගෑනු කෙනා අමුතු පෙනුමක් එක්ක මගේ දිහා බලාගෙන ඉන්නකොට ඇතුලෙන් ආව කටහඬට මට හුස්ම ගන්න අමතක උනා..

"ලීනා... කවුද..."

ඒ එයා...  ඒ ඇහුනේ මගේ සුදු මහත්තයගෙ කටහඬ වෙනකොට මගේ ඇස්වලට කඳුළු ආවා. අවසානෙදි මම එයාව හොයා ගත්තා. ඇස්වලින් කඳුළු එලියට එන්න පොර කනකොට මම ඒ ගෑනු කෙනාව තල්ලු කරගෙන ඇතුලට යන්න හැදුවත් ඒත් එක්කම දොර ගාවට ආව කෙනත් එක්ක මගේ කකුල් දෙක එතනම ගල් ගැහුණා...

ලින්ග් ලින්ග්.....

එයා ප්‍රෙග්නන්ට්....

To be continued..

ANA s TASIA

Hi Dandelions

මගේ රීඩර්ස්ලට අලුත් නමක් දෙන්න හිතුවා. මම ආසම මල ඩැන්ඩලයන්. ඒ නිසා ඒ නම දෙන්නම් 🌼

Cudu mahaththaya ආවා....

කතාව යනවා වේගෙ වැඩියි වගේද අෆ්ෆා. මට නිකම් එහෙම හිතෙනවා 😶

මට ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා.

ඔයාලා ආස

Caring, Understanding boyfriend කෙනෙක්ටද...

නැත්තම්

නපුරු, සැර කෙනෙක්ටද...

වැදගත් පස්නයක්. උත්තර දීගෙන යන්න. මම ටැපලිලා ඉන්නෙ.

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories