Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟸𝟿

05:42, 1 October 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ²⁹

'බනී ඉයර්ස් '

"ඇමී..."

දොර ඇරගෙන බෙඩ් රූම් එක ඇතුලට අඩියක් තියනකොටම මට කේන්තියට කෑ ගැස්සුනා. ඇමී හිටියේ see through lingerie එකක් lඇදගෙන ගොඩක් sexy pose එකකින්. ඇමී මගේ රූම් එකට එන එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ගෙවුණු කාලෙ ඇතුලේ මම ඕනි තරම් එයා එක්ක සෙක්ස් කරලා ඇති. එයා ගොඩක් වෙලාවට මේ විදියට outfits පාවිච්චි කරන එක මට අමුතු දෙයක් උනේ නෑ. ඒත් ඇමී දාගෙන හිටිය බනී ඉයර්ස් දෙක දකිනකොට මට මගේ කේන්තිය පාලනය කරගන්න බැරි වුණා.

අඩියට දෙකට ඇමී ගාවට ගිය මම ඒ බනී ඉයර්ස් හෙඩ් බෑන්ඩ් එක දෙකට මැදින් කඩලා බිමට විසි කලා... ඇමී මගේ දිහා බලාගෙන හිටියෙ ලොකු වෙච්ච ඇස් දෙකකින්. ඒත් මගේ ඇස් දෙක තිබ්බෙ මගේ කකුල් දෙක ගාව තිබ්බ බනී ඉයර්ස් දෙක ගාව.

"ජාන්..."

"මගේ යකා අවුස්සන්නෙ නැතුව එලියට පලයන්..."

ඇමී මට කතා කරන්න උත්සාහ කලත් මම හිටියෙ කතා කරන්න පුළුවන් මූඩ් එකක් නෙවෙයි. මගේ තරහ ඇවිස්සුනොත් මට ඇමීව මෙතන මැරෙනවා පේන්නෙ නැති වෙනකොට මම පුළුවන් තරම් මාව පාලනය කරගන්න උත්සාහ කලා.

"ඒත් බේබි..."

"ඇමී... මම එක සැරයක් කිව්වා. මාව තිරිසනෙක් කරගන්නෙ නැතුව එලියට පලයන්..."

මගේ දත් එකිනෙකට තද වෙනවා මට දැනුනා . තද වෙච්ච අත්වල ඇඟිලි ඇට සුදු පාටට හැරෙනකොට මට දැනුනේ ඇමී මගේ අතක් අල්ලගන්නවා.

"ජාන්... ඇයි බේබි ම්.."

චටාස්...

තවත් පාලනය කරගන්න බැරි වෙද්දී මගේ අතක් ඇමීගේ කම්මුලක් රත් කරා.  මගේ රතු පාට වෙලා තිබ්බ ඇස් දැකපු ඇමී අඩියක් පිටිපස්සට ගත්තත් මම එයා යන්න කලින් එයාගෙ කොට කොණ්ඩේ එක මිටකට තද කරලා අල්ලගත්තෙ ඇමී මහ හයියෙන් බෙරිහන් දෙනකොට. දිග කොණ්ඩෙකටත් වඩා කොට කොණ්ඩයක් ඇදලා අල්ලගන්නකොට රිදෙන කොට මම ඇමීව ඇදගෙන ගිහින් රූම් එකෙන් එලියට දැම්මෙ කායි ලිවින් රූම් එකේ ඉඳගෙන කට ඇරගෙන බලාගෙන ඉන්නකොට.  මම රූම් එකේ සෝපා එක උඩ තිබ්බ ඇමීගෙ ඇඳුම් ටිකත් අරගෙන ගිහිං ඒ ටික බිමට විසි කරපු මම ගෙදර දෙදරන්න තරම් හයියෙන් දොර වහලා දැම්මෙ ඇමී මට බනින සද්දෙ ඇහෙනකොට.

පැයක්... පැය එක හමාරක්... හරියටම කොච්චර වෙලාවක් ද කියලා දන්නෙ නැති උනත් පැයකටත් වඩා ඔෆිස් ඇඳගෙන ගිය ඇඳුම පිටින් ශවර් එක යටට වෙලා හිටිය මම එලියට ආවේ මගේ හම වතුරට ඇකිලිලා ගිහින් තියනකොට.. සුදු පාට ෆ්ලෆී බාත්‍රොබ් එක පිටින් ඇවිදගෙන ආව මගේ කකුල් වලට මොකක් හරි පෑගෙනකොට බිම බලපු මම දැක්කෙ අර බනී ඉයර්ස් හෙඩ් බෑන්ඩ් එක. කෑලි දෙකකට කැඩිලා ගිහින් තිබ්බ ඒක දකිනකොට අමුතු දුකක් මට දැනෙනකොට මම ඒකත් අරගෙන ඇඳ උඩින් වාඩි වුණා. මම ඒක අවුරුදු දෙකකටත් වඩා පරිස්සම් කලා...

"මගේ සුදු මහත්තයා..."

"සර්..."

කළු ලෙදර් පෑන්ට් එකට කළු හයිනෙක් එකක් ඇදගත්ත මම ලෙදර් ජැකට් එකත් අරගෙන මගේ රූම් එකෙන් එලියට ආවේ මොනවහරි කකා හිටිය කායි ඒකත් දාලා මගේ පස්සෙන් දුවගෙන එනකොට. යතුරු තියන තැනට ගිය මම තෝරගත්තෙ කාර් එකේ යතුර. මේ වන ගමන බයික් එකේ යන්න බෑ.

"ම්ම්ම්..."

"සර් මේ වෙලාවේ කොහෙද යන්න හදන්නෙ..."

කායි අහනකොට මම එයාගෙ පැත්තට හැරුනා. මම ගෙදර ආව වෙලාවේ ඉදන් වෙච්ච දේවල් වල සවිස්තරාත්මක වාර්තාවක් මේ වෙනකොට පපාට ගිහිං කියලා මම දන්නවා. ඉතිං වාර්තාවට තව මොනවහරි වැඩි වුණා කියලා මට මොනවත් වෙන්නෙ නෑනේ.

"ක්ලබ් එකට."

මම හිටියෙ කාර් එකේ පිටිපස්සේ ශීට්ච එකේ වාඩි වෙලා... රෑ එකොළහට කිට්ටු වෙලා තිබ්බා උනත් තවමත් වාහනවල අඩුවක් නෑ. ඒ නිසාම අපේ කාර් එකක් ට්‍රැෆික් එකට හීර වෙලා තියෙන අතරේ මම එලිය බලාගෙන හිටියා. පාට පාට ලයිට් එලි වලින් බිල්ඩින් දිලිසෙන කොට තවමත් පාරවල් දිගේ මිනිස්සු ඇවිදගෙන ගියා. ඒ අතරෙදි මගේ ඇස් නැවතුනේ අත් පටලාගෙන ඇවිදගෙන යන දෙන්නෙක් ගාව... මීට කාලෙකට කලින් ඒ විදියට එයත් එක්ක ඔය වගේම මහ රෑක පාර දිගේ ඇවිදගෙන ගිය මතක් ආයෙම මගේ හිතට එනකොට මම ඇස් දෙක පියාගෙන ශීට් එකේ පිටිපස්සට බර වුණා.

Mark my wordsThis love will make you levitateLike a bird, like a bird without a cageBut down to earthIf you choose to walk away, don't walk away

It's in the palm of your hand now, babyIt's a yes or a no, no maybeSo just be sure before you give it all to meAll to me, give it all to me

So you wanna play with magic?Boy, you should know what you're fallin' forBaby, do you dare to do this?'Cause I'm coming at you like a dark horse

පාට පාට එලි එක්ක ඇහෙන ලවුඩ් මියුසික් එකට පිස්සුවෙන් වගේ නටන මිනිස්සු අතරින් මම ඇවිදගෙන ගියේ මට ඔළුව වනපු කායි බාර් කවුන්ටර් එක පැත්තට යනකොට. ක්ලබ් එකේ සයිඩ් එකට ආව මම උඩට ගියේ එතන හිටිය අය මාව අඳුරගෙන මට ඔළුව නවලා ආචාර කරන අතරෙදි. උඩට ආව මම රූම්ස් මැදින් තිබ්බ කොරිඩෝ එක දිගේ ඉස්සරහට ගියා. කෙලවරේම තිබ්බ රූම් එකේ දොර ඇරපු මම ඇතුලට අඩිය තියනකොටම ඇදිලා ගිහින් බිත්තියකට තද වුණේ වෙන්නෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරි වෙනකොට

To be continued

ANA s TASIA

දෙන්නෙක් හිටියා ජාන් ගේ බේබි ගර්ල් හරියට ගෙස් කරපු 🤭

ආයෙම ඉක්මනට එන්නාම්...

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories