𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟸𝟾
05:42, 1 October 2024𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ²⁸' බේබි ගර්ල් '
"සෝ...."
"බේබි ගර්ල්...."
මගේ දිහා බලාගෙන හිටිය ඒ ලොකු වෙච්ච ඇස් වලට බයක් එකතු වෙනකොට මට දැනුනේ වචනයෙන් කියන්න බැරි විදියක සතුටක්. ඒ මම මේ ලෝකෙ වැඩියෙන්ම වෛර කරන කෙනෙක්. මගේ ජීවිතේ මේ තරමට කාලකන්නි වෙන්න හේතු වෙච්ච කෙනෙක් වෙනකොට මගේ ජීවිතේ ඒකි වෙනුවෙන් වෙන් වෙච්ච පිටුවේ අනුකම්පාව කියන වචනෙ වත් ලියවිලා තිබ්බෙ නෑ.
"බේබි ගර්ල්... මොකද සද්දෙ නැත්තෙ... ම්ම්ම්... මට මතකයි ඉස්සර නම් ඔයාගෙ කට හරි සද්දයි..."
මම කිව්වෙ පුටුවෙන් නැගිටින ගමන්. එයාගෙ ගාවටම ඇවිදගෙන ගිය මම ඒකිගෙ නිකටට අත් තියලා මූණ උඩට කලේ මගේ නියපොතු ඒකිගෙගෙ හම ඇතුළට යන තරම් තදින්. ඒ ඇස් වල වේදනාවටම කඳුළු පිරෙනකොට මම තොල් දෙක දිවෙන් තෙත් කරන ගමන් ඒකිගෙ මූනට නැවුණා.
"Tsk Tsk...මට අමතක වුණානේ. කට ගැට ගහලා තියනකොට මගේ බේබි ගර්ල්ට කතා කරන්න බෑනේ..."
මම අඩියක් පිටිපස්සට වුනේ එතන හිටිය ඩෙරික්ගෙ කොල්ලෙක් ට ඒකිගෙ කට ගැට ගහලා තියෙන පටිය ලිහන්න කියලා අතින් කියන ගමන්. රෙදි පටිය පිරිලා වැටුණු ගමන්ම වගේ ඒකි වේලිලා ගිහිං තිබ්බ තොල් දෙක තෙත් කරගත්තා. කරන්න දෙයක් නෑ... ඒකි කරපුවගෙ හැටියට මම වතුර ටිකක් වත් ඒකිට දෙන්නෙ නෑ කියන තීරණය ගත්තෙ මීට අවුරුදු දෙකකට කලින්.
"ජ්...ජාන්.."
"යර්ස්.... ජාන් තමයි... වන් ඇන්ඩ් ඔන්ලී සීන් ශියාඕ ජාන්.... බට් බේබි ගර්ල්.... මම ඔයා කලින් දැනගෙන හිටිය ජාන් නම් නෙවෙයි... තේරුණාද...."
මම ආසම මං එයා ළඟට ළං වෙන හැම තත්පරයකම එයාට දැනෙන බයට. ඉස්සර මගේ ජීවිතේ එයා විනාශ කරයි කියලා මට දැනුනු බය දහස් ගුණයකින් එයාට දැනෙනවා කියලා මම දැනගෙන හිටියා. මොකද එයලා එක පාර මරලා දැම්මත් මම මරන්නෙ ටිකෙන් ටික... උපරිමේටම විඳවන්න දීලා...
"ජ්...ජාන්... ම්...ම්...මම"
"ෂ්ෂ්ෂ්... බේබි ගර්ල්.... මම ඔයාට කතා කරන්න තවම අවස්ථාවක් දුන්නෙ නෑනේ... අවස්ථාව ලැබෙනකම් ඔයා ඉවසගෙන ඉන්න ඕන... අඩුම ගානේ ඔයාගෙ කෙඳිරියක් වත් මට ඇහෙන්න බෑ... තේරුණාද මගේ බේබි ගර්ල්ට... "
මම කිව්වෙ මගේ අතේ පිට පැත්තෙන් ඒකිගෙ සිනිඳු කම්මුලක් අතගාන ගමන්. කොහේ හැංගිලා හිටියත් හරියට ඒවා මේන්ටේන් කරලා වගේ. මගේ කට කොනට හිනාවක් එනකොට මම අත තව ටිකක් ඒකිගෙ මූණට තද කලා. ඒකි වේදනාවටම ඇස් දෙක තද කරලා පියාගත්තා... ඒ දැනෙන වේදනාවට ඒකි තොල හපාගෙන කෙඳිරිල්ලක්වත් පිට නොවෙන්න ඉන්නකොට මම අත ඒකිගෙ මූණෙන් ගත්තා. මම මෙතනට එන්න කලින් අතට දා ගත්ත රින්ග් එකේ තිබ්බ පුංචි බ්ලේඩ් එක ලේ වලින් වැහිලා තියෙනකොට මම මගේ ඇඟිල්ලක ගෑවිලා තිබ්බ ලේ ටිකක් අරගෙන මගේ දිවේ ගාගත්තේ ඒකි වගේම වටේ හිටිය අයත් මගේ දිහා පුදුමෙන් බලාගෙන ඉන්නකොට. අවුරුදු දෙකක් විතර මගේ ගාව හිටිය කායි උනත් මගේ මෙහෙම හැසිරීමක් දැකලා තිබ්බෙ නෑ.
ඒ රින්ග් එක මම ස්පෙශල් විදියට හැදෙව්වෙ ඒකි වෙනුවෙන්මයි. ඒකි මම ආදරේ කරපු කෙනාව ටිකෙන් ටික මගෙන් ඈත් කරලා දානකොට මගේ හදවත රිදුනා මීට වඩා... පණ පිටින් ඉන්නකොට උඩ හම කපනකොට දැනෙන වේදනාව ඒ වේදනාව එක්ක සලකනකොට බොහොම පොඩි දෙයක් විතරයි.
"ඕහ්.... බේබි ගර්ල්ට තුවාල වෙලානේ... කායි.... ඒක දෙන්න.... "
සර්ජිකල් වලින් පෙඟිච්ච පුළුන් කෑල්ලක් කායි මගේ අතට දෙනකොට මම ඒක මමම කරපු තුවාලේ උඩ ඇදගෙන ගියා. එකපාරටම දැනුනු පිච්චෙන ගතිය නිසා ඒකි කෑ ගහන්න ගත්තත් හරි ඉක්මනට ඒකි කට වහගත්තා. එහෙම නැත්නම් මම ඒකිගෙ කට වස්සන හැටිත් හොඳටම දැනගෙන හිටියා.
ඒකිගෙ ඇස්වලින් කඳුළු බේරෙනකොට මම ආයෙමත් ඇවිත් පුටුවෙන් වාඩි වුණා. ඒ සිගරට් එකක් පත්තු කරගන්න ගමන්. හැම වෙලාවෙම පාවිච්චි නොකරත් මම සමහර වෙලාවට සිගරට් එකක් පත්තු කරගත්තා. විශේෂයෙන් මේ වගේ වැදගත් වෙලාවට...
"අපි කෙලින්ම මාතෘකාවට එමු බේබි ගර්ල්...."
"කෝ එයා...."
"එ.. එයා ක්..කියන්..."
"වන්ග් යීබෝ කොහෙද ඉන්නේ..."
"ජාන්..."
ඔෆිස් එකට ඇවිත් ෆයිල් එක චෙක් කර කර හිටිය මම ඔළුව ඉස්සුවේ පපාගෙ කටහඬට. වෙලාව අටට කාලයි. එයා ඇයි මේ වෙලාවේ... ඇරත් මම CEO විදියට වැඩ බාරගත්ත දවසෙන් පස්සෙ එයා ඔෆිස් එකට ආවෙම නැති තරම්...
"පපා... "
මම පුටුවෙන් නැගිටින්න හදනකොට එයා මට එහෙමම ඉන්න කියලා මගේ ඉස්සරහින් වාඩි වුණා. ඒත් එක්කම ඔෆිස් එකේ දොර ඇරගෙන ඇතුලට ආවේ මට කොෆී එකක් ගේන්න මම එලියට යවපු කායි.
"කායි... තව කොෆී එකක්..."
"එපා පුතා..."
පපා මම ආයෙමත් කායිව යවන්න හදනකොට ඒක නැවැත්තුවා. මගේ ටේබල් එකෙන් කොෆී එක තියපු කායි පුරුදු විදියට එලියට ගියා.
"පපා ඇයි මේ වෙලාවේ..."
මම කිව්වෙ ඔෆිස් එක පුරාවට ඇස් යවන පපාගෙන්. එයා හරියට ඔෆිස් එක දිහා බැලුවෙ මම මේක අස්සෙ මොනවහරි හංගගෙන ඉන්නවා වගේ...
"නෑ... මම අද මිස්ටර් ලුඕට කතා කලා... එයා කිව්වා ඔයා ඔෆිස් එකෙන් ගිහින් ආයෙම ආවා කියලා... මම ආවේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා බලන්න..."
"නෑ පපා... ලියාන්ග්ස් එකේ ප්‍රොජෙක්ට් එකේ එයාලා ටර්ම්ස් වෙනස් කරලා... මම ආවේ ඒක හදන්න..."
මම කිව්වෙ මම මෙච්චර වෙලා බල බල හිටිය ෆයිල් එක දෙන ගමන්. ටික වෙලාවක් ඒක දිහා බලාගෙන හිටිය පපා දිග හුස්මක් ගත්තෙ නිකන් එයාගෙ හිතේ තිබ්බ බරක් නිදහස් වුණා වගේ උනත් ඒකට හේතුව මට හිතාගන්න බැරි වුණා..
"ඔයා ගෙදර එන්නෙම නැද්ද ජාන්..."
මගේ අපාර්ට්මන්ට් එක තියෙන බිල්ඩින් එකේ අන්ඩර් ග්‍රවුන්ඩ් පාකින් එකේ කායි කාර් එක නතර කරනකොට මම ඒකෙන් එලියට ආවේ පෝන් එක අතට ගන්න ගමන්. ඩෙරික්ගෙන් මැසේජ් එකක් කියලා නොටිෆිකේශන් දකිනකොට මම ඒක ඕපන් කලා..
'අරකිගෙ මින්ග්ශාන්වල හිටිය ගෙදර ගිනි තියලා...'
ඒත් එක්කම එවලා තිබ්බෙ ඒ ගිනිගන්න ගෙදර පොටෝස් වගයක්... මම හිතුවට වඩා ෆාස්ට් එහෙනම්... මම හිනා වෙවීම ලිෆ්ට් එකේ ලෙවන්ත් ෆ්ලෝ එකට යන්න බට්න් එක ප්‍රෙස් කරා.. ඇමී මම එනකම් ඉන්නවද දන්නෙ නෑ...
කායි එක්ක මගේ ගෙදර තියෙන ෆ්ලෝ එකට ආව මම දොර ඇරගෙන ඇතුලට ආවත් ඇමීගෙ හෙවණැල්ලක්වත් පේන්න තිබ්බෙ නෑ. එයා කොහෙද කියලා හිතන ගමන් මම කිචන් එකට එබිලා බැලුවත් එයා එතන හිටියෙත් නෑ. බෙඩ් රූම් එකේද කියලා හිතන ගමන් බෙඩ් රූම් එකේ දොර අරිනකොටම දැක්ක දේට මගේ කේන්තිය දරාගන්න බැරි තරමට වැඩි වෙනකොට මම ඇතුලට ගිහින් හයියෙන් දොර වහලා දැම්මා...
"ඇමී...."
To be continued
ANA s TASIA
ජාන් මොකක්ද දකින්න ඇත්තෙ 😶
එතකොට බේබි ගර්ල් කවුත... ගෙස් කරන්න...
කලින් ලියපු කොටස ඩිලීට් උනා අෆ්ෆා නෝට් පෑඩ් එකෙන්.
මේහ්....
බටර්ෆ්ලයි කියවන අය ඉන්නවත...ඒක සිංහල ටයිප් එකේ එකක්. කැමති අය ඒ පැත්තට එන්න.
අද දෙන්නම් ඒකත්.
There are no comments yet. Log in to be the first to leave a review!





