𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟷𝟿
16:13, 29 September 2024𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ¹⁹
'ඔයා කාටද...'
එයා තල්ලු කරපු පාරට විසි වෙලා ගිය මම තණකොළ ගොඩක් උඩට ඇදගෙන වැටුණා. ඒත් එයාට පාරෙන් අයින් වෙන්න ඉඩක් තිබුණේ නෑ. බ්‍රේක් කරත් ලේසියකට නවත්ත ගන්න බැරි තරම් වේගෙන් ආව ටිපර් එක එයාගෙ ඇඟේ වැදෙන කොට උඩින් විසිවෙලා ගියා එයා අඩි ගාණක් එහායින් ආව කාර් එකක හැප්පිලා බිමට ඇදගෙන වැටුණා.
"න්...නෑ...."
මට කෑ ගහන්න ඕනි වුණත් මගේ කටහඬ පිට වුණේ නෑ. හරියට කවුරුහරි මගේ උගුරෙන් හඬ පිටවෙන එක නවත්තගෙන ඉන්නවා වගේ. මට එයා ගාවට යන්න ඕනි වුණත් මට එකම එක අඩියක් ඉස්සරහට තියන්න බැරි තරමට මාව ගල් ගැහිලා ගිහින් තිබ්බා. ටිකෙන් ටික ලොකු වෙන ලේ විලක වැතිරිලා හිටියා එයාගෙ ගාවට එකින් එක්කෙනා ළං වෙනකොට මම කරන්න ඕනි මොකක්ද කියලා හිතාගන්න බැරුව හිටිගෙන හිටියා.
"න්...නෑ.. එ... එහෙම ව්..වෙන්...න බ්..බෑ... එ...එයාට බ්...බෑ ම්...මා...ව ද්...දා...ලා ය්.. යන්න "
මම මටම මුමුණන ගන්නකොට මට ඇම්බියුලන්ස් එකක සයිරන් සද්දෙ ඇහුණා. ඒක ඇවිත් කොලේජ් එක ඉස්සරහ නවතිනකොට ඒකෙන් එලියට ආව පැරා මෙඩිකල් ඇසිස්ටන්ට්ලා එයාව උස්සගෙන ඇම්බියුලන්ස් එක ඇතුලට යනකම්වත් මට හිටිය තැනින් එහාට අඩියක් තියන්නවත් බැරි වුණා.
"ජාන්...."
"ජාන්....කතා කරන්නකො දරුවෝ.... "
"ජාන්...."
"හ්... හේ"
එකපාරටම කන පුපුරන්න තරම් තද කනේ පාරක් වැදෙන කොට මම ඒ දිහා බැලුවා..යීබෝ ග'ගා.. එයා මගේ දිහා බලාගෙන හිටියෙ ගිනි පිටවෙන ඇස් දෙකකින්. ඒත් ඒ ඇස්වල කේන්තියනට වඩා තිබ්බෙ බයක්..
"ජාන්... මාව බය කරන්න එපා වස්තුව...."
"හ්.. හේ ය්...යොන්ග්.... "
"ක්... කවුද..."
"එ... එයා..ලා ම්..මගේ හ්..හේ යොන්ග්ව අරගෙන යනවා.. අ...නේ... අනේ එ...එයාලට ක්...කියන්න එයාව ගෙනියන්න එපා කියලා...".
මම යීබෝ ග' ගගෙ ශර්ට් එකේ එල්ලෙන ගමන් කිව්වා. එයාලා මගේ හේ යොන්ග්ව අරගෙන යනවා. එයාලා එයාව මගෙන් ඈත් කරයි. මට... මට එයාව ඕනි නේ...
"ජාන්... හේ යො......"
මට එයා තව මොනවා කිව්වද කියලා ඇහුනේ නෑ. හතර වටෙන්ම අඳුරු වී ගෙන එනකොට මට සේරම බොඳ වෙලා පේන්න පටන් ගත්තා. යීබෝ ග'ගා මගේ මූණට එබෙනවා අවසානෙට පේනකොට මගේ ඇස් පිය වෙලාම ගියා..
"මට හිතෙන්නේ මේකත් හේ යොන්ග්ගෙ ඇක්සිඩන්ට් එක වගේම ප්ලෑන් කරලා කරපු දෙයක් යීබෝ...."
යන්තමට වගේ මට ඇහුනේ පපාගෙ කටහඬ. මට එයා දිහා බලන්න ඕනි වුණත් ඕනිවටත් වඩා බර වෙච්ච මගේ ඇස් පිහාටු මාව තවත්තනකොට මම ඇස් වහගෙනම එයාලා කියන දේට කන් දුන්නා.
" හේ යොන්ග් මිස්ගෙ මරණෙට හේතුවත් ඒ ගෑනි කියලද සර් කියන්නෙ..."
එයාලා කතා වෙන්නෙ හේ යොන්ග්ගෙ ඇක්සිඩන්ට් එක ගැන. හේ යොන්ග් කියන්නෙ මගේ පලවෙනි ආදරේ වෙනකොට මාව බේරගන්න ගිහින් එයාව මට නැති වුණා. මෙච්චර දවසක් මම හිතාගෙන හිටියෙ ඒක නෝමල් ඇක්සිඩන්ට් එකක් කියලා උනත් ඒක එහෙම නෙමෙයි කියන්න මට ඇහිච්ච ටික හොඳටම ඇති උනා. මම සද්දයක් නැතුවම නිදි වගේ හිටියෙ හරියටම වෙච්ච දේ දැනගන්න ඕන නිසා..
"අනිවාර්යයෙන්ම යීබෝ... ඒක ජියා ගෙ වැඩක්ම තමයි. "
එතකොට... එතකොට හේ යොන්ග් මැරුණේ මමා නිසාද... එයාගෙ වැඩකට නැති පලි ගැනීමක් හින්දද... එයාව මතක් වෙන හැම වෙලාවෙම වගේ මට දැනෙන ඇයි මාව මැරිලා යන්නෙ නැත්තේ කියන සිතිවිල්ල මට දැනෙනකොට මම කොට්ටෙට මූණ ගහගත්තා.. පුංචි කාලේ ඉඳන් එයා නිසා මට හරියට යාළුවෙක් හිටියෙ නෑ. මොන දේටත් හිටියෙ බින් විතරයි.. හේ යොන්ග් කියන්නෙ මගේ ජීවිතේට ආන්ටි ශෙන්ග් ඇරෙන්න ළං වුණ එකම ගෑනු චරිතෙ.. ඒ හිටිය ටික කාලෙදි උනත් එයා දුන්නෙ තවමත් මට අමතක කරන්න බැරි විදියක ආදරයක්... ලස්සන මතකයක්...
මම යන්තමට ඇස් දෙක ඇරියා. බැල්කනියට වෙලා පපා ච එක්ක කතා කරන යීබෝ ග'ගව මට පෙනුනා. හේ යොන්ග් ගියා. ඒත් තවමත් මට cudu mahaththaya ඉතුරු වෙලා ඉන්නවා. හේ යොන්ග් බේරගන්න බැරි උනත් එයාට මාව දාලා යන්න මම කොහෙත්ම ඉඩ දෙන්නෙ නෑ. අද උනත් එයාව ටිපර් එකට හැප්පෙන්න යනවා කියලා දකිනකොට මට දැනුනේ දරාගන්න බැරි වේදනාවක්. එකම දේ එකම විදියට ආයෙමත් වෙන්න යනකොට දැනෙන හැඟීම විස්තර කරන්න හරි අමාරුයි.
"ඒ ගෑනිට ඕනි මගේ දරුවව නැති කරලා දාන්න යීබෝ... ඇයි තවත් ඉවසන්න කියන්නෙ..."
මට ඇහෙන්නෙ නැති තරමටම එයාලගෙ සද්දෙ අඩු වෙලා ගිහින් තිබුණා උනත් එකපාරටම පපා කෑ ගහන සද්දෙට මාව ගැස්සිලා ගියා.. පපා කියන්නෙ මොකක් ගැනද කියලා මම හොදටම දැනගෙන හිටියත් යීබෝ ග'ගා කිව්වෙ මොනවද කියලා මට ඇහුනේ නෑ. ඒත් ඒක එච්චර හොඳ දෙයක් වෙන්න විදියක් නෑ.
"ම්හ්ම්..."
මම වැඩේ තවත් දුර දිග යන්න කලින් කෙඳිරි ගෑවේ දැන් නැගිට්ටා වගේ. හිතුව විදියටම පපා වගේ ම යීබෝ ග'ගත් මගේ ගාවට එනකොට මම අමාරුවෙන් වගේ ඇස් ඇරියා.
"දැන් කොහොමද දැනෙන්නේ පුතේ..."
"ම්හ්ක්.. ම්..මගේ ඔළුව රිදෙනවා පපා..."
මම පපාට තුරුළු වෙලා කෙඳිරි ගෑවේ බොරුවට නෙවෙයි. ඈත්තටම මගේ ඔළුව පුපුරන්න තරම් රිදෙනවා.
"මම ඩොක්ටර්ට එන්න කියන්නද..."
පපා මගෙන් අහනකොට මම එපා කියන්න ඔළුව වැනුවා.. ඩොක්ටර් කෙනෙක් එක්ක එන්න තරමට මට අමාරුවක් තිබ්බෙ නෑ. මම ඇඳේ වාඩි වෙලා හෙඩ් බෝඩ් එකට ඔළුව තියා ගත්තා.
"ඔයා කලින් ආවද පපා... අද මීටින් එකකුත් තියෙනවා කිව්වනේ... "
මම ඇහුවේ මගේ ගාවින්ම වාඩි වෙලා මගේ ඔළුව අතගාන පපාගෙ පපුවට තුරුළු වෙලා. තවමත් එයා එන වෙලාව ඇවිත් නෑ කියලා මට උනත් තේරුණා. ඒ වගේම අද එයාට තිබ්බෙත් ගොඩක් වැදගත් මීටින් එකක්.
"ඔයා තරම් මට කිසිම දෙයක් වටින්නෙ නෑ ජාන්... "
තාත්තා කෙනෙක් ආදරේ පෙන්නන්නෙ නෑ කිව්වත් ඒක බොරුවක් කියලා මම හොදටම දන්නවා. මොකද එයා මට එයාගෙ ආදරේ උපරිමේටම පෙන්නුවා. මමා එයාව, මාව අතෑරලා යනකොට එයාට වෙන කෙනෙක් හොයාගෙන ජීවිතේ විඳින්න තියෙන අවස්ථාව පවා එයා මම වෙනුවෙන් නැති කරගත්තා. පුංචිම ලෙඩකදි පවා එයා බය වෙන විදියට කොහොමද කියන්නෙ තාත්තා කෙනෙක් දරුවෙක්ට ආදරේ නෑ කියලා...
"ටිකක් නිදාගන්න.. මම ආයෙම ඔෆිස් එකට යනවා. "
මගේ නලලට හාදුවක් දීපු පපා රූම් එකේ දොර ඇරගෙන යන්න යනකොට එයාගෙ පස්සෙන් ගියා cudu mahaththaya ආයෙම ආවේ රූම් එකේ දොර වහගෙන. මගේ ගාවට ආව එයා එතන තිබ්බ පුටුවක් ඇඳට ළං කරගෙන එතනින් වාඩි වුණා
"යීබෝ ග'ගා..."
"ම්ම්ම්..."
"ඔයා කාටද වස්තුව කිව්වෙ..."
To be continued...
ANA S TASIA29.11.22
ඕතර්ට කම්මැලි භූතයා වැහිලා. කතාවක් ටයිප් කරන්න හිතෙන්නෙම නෑ.
එහෙනම් ආයෙ හිතිච්ච දවසක එන්නම්.
බායි
There are no comments yet. Log in to be the first to leave a review!





