Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟶𝟾

14:47, 29 September 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ⁰⁸' අයිස්ක්‍රීම් '

කිසිම කරදරයක් නැතිව cudu mahaththaya එක්ක ගෙවෙන පලවෙනි දවසෙ ඉතිරි පැය ගාණ ගෙවිලා ගියා. කවදාවත් නැති තරමටම චාටර් කාපු අහිංසක මම රෑටත් නොකා නිදාගන්න ගියේ පපා එක්ක තිබ්බ තරහටමයි. Cudu mahaththaya කෑවද දන්නෙත් නෑ. ඒකා කෑවට මට වැඩකුත් නෑ හැබැයි. ඕනි එකක් කියලා පෝන් එකත් ඕෆ් කරලා දාපු මම රූම් එකේ ලයිට්ස් ඕෆ් කරලා දැම්මෙ පොත බල බල හිටිය cudu mahaththaya ව අන්ද මන්ද කරලා. මගේ දිහා බලන්න බෑ නම් ඔය මෙලෝ රහකට නැති පොත බලන්නත් බෑ. වෙනදා වගේම ලයිට් ඕෆ් කරාම පස්සෙන් එන යකාට මාව අල්ලන්න බැරි වෙන්න දුවගෙන ගිහින් ඇඳට පැනපු මම කම්ෆර්ටර් එකෙන් මුළු ඇඟම වහගත්තා. කියන්න බෑනේ ඇඳ යට ඉන්න යකා කකුල ඇල්ලුවොත්..

ටික වෙලාවකින් cudu mahaththaya සෝෆා එකෙන් නැගිටින සද්දෙ මට ඇහුනා. සෝෆා එකේ යට තියෙන කෑල්ල ඇදලා අරගෙන හදාගත්ත එයා බාත්රූම් එකට යනවා මම කම්ෆර්ටර් එකෙන් එලියට ඇහැක් දාගෙන බලාගෙන හිටියා. බාත්රූම් එකෙන් ඇහෙන වතුර වැටෙන සද්දෙ ට කන් දීගෙන හිටිය මම බලාගෙන හිටියෙ එයා එලියට එනකම්.

කීයට නින්ද ගියාද කියලා දන්නෙ නැති වුණත් මම මහ රෑ මැද නැගිට්ටා. ඇඳ යට ඉන්න යකාට අහුනොවෙන්න කියලා කකුල් දෙක වැහෙන්න දාගෙන හිටිය කම්ෆර්ටර් එක තිබ්බෙ ඇඳෙනුත් බාගයක් බිමට වැටිලා වෙනකොට මම ඇඳෙන් වාඩි වුණා. ම්හුක්... බඩගිනියිනේ.

පපා එක්ක රණ්ඩු වෙලා රෑට නැතා නිදාගන්න යන හැම දවසකම වෙනවා වගේ මම රෑ මැද නැගිටලා තියෙනකොට ඇඳෙන් බැස්ස මම එලියෙ බැල්කනි එකේ දාලා තිබ්බ ලයිට් එලියට පේන නිදාගෙන ඉන්න cudu mahaththaya දිහා බැලුවා. එයා නිදිනේ. ඒ නිසා මම යන හැම තැනකම එයා එන්න ඕනි කියන නීතිය දැන් වලංගු නෑ. ඇරත් මේ ගේ අස්සෙ මොකා මාව උස්සගෙන යන්නද..

හෙමිහිට සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න පහළට බැහැපු මම කිචන් එකට ගිහින් ෆ්‍රිජ් එක ඇරියා. වෙනදා නම් මම නොකා නිදාගත්තොත් ආන්ටි ශෙන්ග් මගේ කෑම එක ෆ්‍රිජ් එකට දාලා තිබ්බත් අද තිබ්බෙ නෑ. පපාගෙ යකා ලොකුයි වගේ අද. ෆ්‍රිජ් එකේ කොච්චර දේවල් තිබ්බත් මගේ හිතට අල්ලන දෙයක් නැති වෙනකොට මම අයිස්ක්‍රීම් ටබ් එකක් අරගෙන ෆ්‍රිජ් එක වහලා දැම්මා නිති පැත්තට හැරුණත් ඒ අනිත් අතට මම ආයෙමත් හැරුණා. Cudu mahaththaya මොනවද මෙතන කරන්නෙ ..

එයා අඩියෙන් අඩිය ඉස්සරහට එනකොට මම අඩියෙන් අඩිය පස්සට ගියා. අවසානෙදි එයා නැවතුනේ මාව ෆ්‍රිජ් එකයි එයයි අතරේ හිර කරගෙන වෙනකොට මම අපි දෙන්නගෙ මැදට අයිස් ක්‍රීම් ටබ් එක හිර කරගත්තා. කියන්න බෑනේ. මේ යකා මට අතවරයක් කලොත්...

" මහ රෑ මැද අයිස්ක්‍රීම් කන්න හොද නෑ. "

මගේ අතේ තිබ්බ අයිස්ක්‍රීම් ටබ් එක අරගෙන මාව පැත්තකට තල්ලු කරලා ඒක ෆ්‍රිජ් එකට දාන ගමන් එයා කියනකොට මම ගල් ගිලලා වගේ හිටියෙ ඇයිද කියන්න මමවත් දන්නෙ නෑ. සමහර වෙලාවට මම cudu mahaththaya ගාවදි ගල් ගැහෙනවා. විනාඩියක් විතර එයා දිහා බලාගෙන හිටිය මම ආයෙමත් ගැස්සිලා පියවි සිහියට එනකොට තමයි මට තේරුණේ මේකා ආයෙමත් ෆ්‍රිජ් එකට දැම්මෙ මම කන්න ගත්ත අයිස්ක්‍රීම් එක කියලා.

"ඒයි.. "

" මම ඕක ගත්තෙ බඩගිනි නිසා."

"බඩගිනියි කියලා අයිස්ක්‍රීම් කාලා හරියනවද.."

  එයා ඇහුවේ පැන්ට්‍රි කබඩ් එකක් අරින ගමන්. මෙයා ඇත්තටම මොනවද කරන්න හදන්නෙ. මට කන්න මොනවහරි හොයන්නද යන්නෙ.  හිතුවට වඩා cudu mahaththaya හොඳයි වගේ. ඒත් ඒ සේරම නිකන් සබන් බෝලෙකට ඇඟිල්ලෙන් ඇන්නම වගේ බිදිලා ගියේ එයා කබඩ් එකකින් නූඩ්ල්ස් පැකට් එකක් ගත්ත නිසා.

" මම ඕවා කන්නෙ නෑ..  "

ඒත් මම හිතන්නේ එයාට මම කියපු එක ඇහුනේ නෑ. ඒ වෙනුවට එයා කලේ වතුර එකක් උණු කරන්න පටන් ගත්ත එක.

" මම ඕවා කන්නෙ නෑ මනුස්සයෝ..."

"....."

"කිව්වම තේරුම් ගන්නවකෝ අප්පා..."

"......"

"එහෙනම් ස්පයිසි ෆ්ලේවර් එකක්..."

"නොකා ඉදලා සැර ඒවා කන්න හොඳ නෑ..."

මහ මොකෙක්ද මන්දා... එයා මාව ගණන් ගන්නෙවත් නැතුව උණුවෙන් වතුර එකට නූඩ්ල්ස් ටික දානකොට මම මූණ ඇද කරගෙන සින්ක් එක ගාව තිබ්බ වතුර වීදුරුවක් අරගෙන වතුර පුරවන්න පටන් ගත්තා. එතනටම වෙලා වතුර බිබී හිටපු මගේ අතින් වතුර වීදුරුව වැටෙන්න ගියේ එයා එකපාරටම මගේ ඇඟට හේත්තු වෙලාම අත් සෝදන්න ගන්නකොට. එයාගෙ ඇඟයි මගේ ඇඟයි අතර නූලක තරම්වත් පරතරයක් නැති වෙනකොට එයා මගේ මූණ ගාවින්ම එයාගෙ මූණ තියාගන්නකොට ඇත්තටම මට සිහිය නැති වෙන්න ආවා. මම හිතන්නේ මේකට තමයි කියන්නෙ හාට් එක රේස් දුවනවා කියලා. මොකද මගේ හදවතත් මේ වෙනකොට ඕනිවටත් වැඩි වේගෙකින් ගැහෙන්න පටන් අරගෙන තිබුණා. කවදහරි cudu mahaththaya නිසා මට හදවතක් බද්ධ කරන්න වෙනවා වගේ...

කිසි දෙයක් නොවුන ගාණට cudu mahaththaya මගේ ගාවින් අයින් වුණත් මට එයා ළඟ ඉන්නකොට දැනුනු හැඟීම නම් නැතිවුණේ නෑ. මම දන්නෑ ඇයිද කියලා. ඒත් එයා මගේ ගාව ඉන්න හැම වෙලාවෙම මට හරි අමුතුයි වගේ. ඒ වුණාට මම ඒකට කැමති නෑ.

"කන්න.... "

නූඩ්ල්ස් එකේ වතුර එක පෙරලා සෝස් එක කවලම් කරපු එයා ඒක මගේ ඉස්සරහින් කියලා බලාගෙන හිටියා. නූඩ්ල්ස් කන්න මම ආසම නැති වුණත් වෙලාවේ හැටියට කරන්න දෙයක් නැති වෙනකොට මම ඒක කන්න ගත්තා. මොනවා උනත් පලවෙනි කටෙන්ම ඒක රසයි කියලා තේරෙද්දි මට ඉබේටම බැලුනේ cudu mahaththaya දිහා. එයා මගේ දිහා බලලා කට කොනින් හිනා වෙන ගමන් නූඩ්ල්ස් එක හදපු භාජනේ හෝදන්න ගත්තා.  හරි ඉතිං කන්නෑ කිව්වට ඔහොම හිනාවෙන්න ඕනි නෑනේ. Cudu mahaththaya  මහ ඕන්නෑ.....

"දැන් උඩට ගිහින් නිදාගන්න.."

මම එක සූට්ටක්වත් ඉතුරු නොවෙන්න කාපු නූඩ්ල්ස් බෝල් එක අරගන්න ගමන් එයා කියනකොට මම එලියට යනවා වගේ ගියත් දොර ගාවට වෙලා හැංගිලා හිටියා. මම කාපු නූඩ්ල්ස් බෝල් එක දිහා බලාගෙන එයා හිනාවුණා. ඇත්තටම ඒ මම එයා හිනා වෙනවා දැකපු පලවෙනි වතාව. ඇත්තටම එයා හිනා වෙනකොට හරි ලස්සනයි. අම්මෝ මගේ අසරණ හාට්ටුව... තව ටික දවසක් මෙහෙම උනොත් ඒක ගැහිලා වැඩි වෙලා පිපිරිලා මැරෙනවා.

"හොරෙන් බලන් ඉදලා මහන්සියි නම් මම උස්සගෙන යන්නද යන්ග් මාස්ටර් ජාන්..."

පපුවට අත තියාගෙන හිටිය මට කන ගාවින්ම එයාගෙ කටහඬ ඇහෙනකොට මම හැරිලා බැලුවා. මම දැක්කෙ මගේ මූණ ගාවටම වෙලා බලාගෙන ඉන්න cudu mahaththaya ව. එයාගෙ ඇස් දෙක දිලිසෙනවා. මොනවා උනත් එයාට මාව අහුවුණා කියලා දැනෙනකොට පොලව පලාගෙන යන්න හිතෙනකොට මම එයාවත් තල්ලු කරලා දාලා උඩට දිව්වා.

"මටමයි මෙහෙම වෙන්නෙ..."

To be continued.....

Anastasia Wang ❤️‍🔥08.09.22

හායි...

ඔයාලට මම දාන announcement පේනවද අයියෝ...

ඔයාලගෙන් ඇහුවා ඊයෙ කුමාරයා තව එකක් ඕනද කියලා. කවුරුවත් මොනවත් කිව්වෙ නෑනේ ඉතින්.

මෙහෙමයි... මේකෙ ජාන් නස්ටයි තමයි. ටිකක් පිස්සු වැඩ කරනවා. ටිකක් නෙවෙයි හැබැයි ගොඩක් 😁. ඒත් එහෙමයි කියලා එයා දුර්වල චරිතයක් කියලා හිතන්න එපා. කොහොම හැසිරුණත් එයා කොල්ලෙක්. ඒක නිසා එයා කෙල්ලෙක් වගේ කිසිම සමාජ දැනීමක් නැති කෙනෙක් කියලා හිතන්න එපා. කෙනෙක් ගෙ පර්සනැලිටි එක හැදෙන්නෙ පුංචි කාලේ ඉදන්. ඉතින් එයා මෙහෙම හැසිරෙන්න හේතු තියෙනවා.

ඔයාලා මේකට කැමති නෑ වගේ අෆ්ෆා. එක්කො හොරෙන් බලන් ගිහින් මට බනිනවා. 🙂

ඔය කියෝන අය වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. නැත්තම් මටත් ලියන්න කම්මැලී. හැමදාම කමෙන්ට් කරන සෙට් එක විතරයි ඉන්නෙ 🙂

ආයෙ හිතිච්ච දවසක එන්නම්..

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories