𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟶𝟽
14:47, 29 September 2024𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ⁰⁷Cudu mahaththaya ගෙ කෑම්ල'
"අනේ... ඒක එහෙම එකක් නෙවෙයි...."
මම කිව්වා නෙවෙයි මට කියවුණා. බිනාට සහ ගහනවා යකෝ මට මෙහෙම කරනවට. අද දවසට මම කී සැරයක් මෙහෙම අහක යන බාල්දි පෙරළගත්තද.. මට පොළව පලාගෙන ගිහින් අනිත් පැත්තෙන් මතු වෙන්න හිතෙනකොට එයාටත් මම හිතන්නේ ලැජ්ජ හිතුනා. මගේ දිහා විනාඩියක් විතර බලාගෙන හිටිය එයා කන් දෙක රතු කරගෙන අනිත් පැත්ත හැරෙනකොට මම කොට්ටෙට මූණ ඔබා ගත්තා. ඇයි යකෝ මටම මෙහෙම වෙන්නෙ.. මේ මනුස්සයා ඉස්සරහ මට කවදාවත් රෙද්දක් ඇඳගෙන ඉන්න වෙන්නෑ. ඒක මට ශුවර්. බිනාගෙ අත්තා මුත්තා කැරපොත්තා සේරම ස්වර්ගස්ථ කරන්න තරම් තරහක් එනකොට මට ඇහුනේ රූම් එකේ දොර වැහෙන සද්දෙ. මම හෙමිහිට කොට්ටෙ ඈත් කරලා එක ඇහැකින් බලනකොට එයා හිටියෙ නෑ. මොනවා උනත් cudu mahaththayaට ලැජ්ජ හිතුනද කොහෙද. මොනවා උනත් ඒකෙන් මම දෙයක් හොයා ගත්තා. Cudu mahaththayaව එලවගන්න ඕන නම් ප්ලේ කරන්න ඕන බිනා එව්වා වගේ වීඩියෝ එකක් විතරයි.
පැය දෙක තුනක් ගියත් එයා ආවේ නෑ. මට රූම් එකෙන් එලියට යන්නත් තහනම් වෙනකොට මම කලේ ඇඳට වෙලා ඔහේ පෙරළුනු එක. ටික වෙලාවක් එහෙම හිටිය මම ඇඳෙන් බිමට පැනලා ගියේ එයා හිටිය සෝෆා බෙඩ් එකට. බුක්මාක් එකක් දාලා තිබුන එයාගෙ පොත සෝෆා එකේ කෙලවරක තියෙනකොට මම ඒක අතට අරගත්තා.
'These Violent Delights'
හාපෝ... මම හිතුවේ මෙයා මෙච්චර වහ වැටිලා බලන්නෙ ලව් ස්ටෝරි එකක් කියලා. මේක මොකක්ද... මම ආයෙමත් පොත තිබ්බ විදියටම තිබ්බා. Cudu mahaththayaත් නැති එකේ පොඩ්ඩක් එයාගෙ ගැන විස්තර හොයා ගත්තා නම් හරි කියලා හිතෙනකොට මම හෙමිහිට ගිහින් දොර ඇරලා බැලුවා. ම්හුක්... එයා පේන්නවත් නෑ. දැන් තමා හොඳම වෙලාව කියලා හිතාගෙන මම මුලින්ම ඇද්දෙ එයාගෙ බෑග් එක...
යකෝ මේක මාර පිළිවෙලයි නේ. ඒකට මගේ wardrobe එක ... ආන්ටි ශෙන්ග් හරි වෙන මේඩ් කෙනෙක් හරි දවස ගානේ අස් කරත් මම ඒකෙන් එලියට එන්නෙ ඒක සම්පූර්ණයෙන්ම කනපිට ගහලා. ඒක සපත්තුවක් දොර ගාව නම් අනිත් එක හොයන්න වෙන්නෙ රෙදි ගොඩක් අස්සෙන්. ඒ තරමට පිලිවෙලයි. වැරදියට හිතන්න එපා. බුද්ධිමත් මිනිස්සු හැමෝගෙම රූම් ඔහොම තමයි.
මම හරි පරිස්සමට එයාගෙ රෙදි ටික එලියට අරගෙන බැලුවා. ම්හ්ක්... මොනවත් නෑ. ඒකෙ තිබ්බෙ එයාගෙ ඇඳුම් විතරක් වෙනකොට මම ආයෙම ඒ ටික තිබ්බා වගේම තිබ්බා. සෝෆා එක ගාව තියෙන පොඩි ටේබල් එකේ තිබුණෙ එයාගෙ වොලට් එක. ඇයිද දන්නෙ නෑ ඒක අරගෙන ගියේ නැත්තෙ. ඒකත් කමක් නෑ කියලා හිතලා මම එයාගෙ වොලට් එක අතට ගත්තා. සේරම සාමාන්‍යයි. සල්ලි තියෙනවා බෑන්ක් කාඩ් තියෙනවා ආ... මේ තියෙන්නේ හොයපු එක. එයාගෙ අයි ඩී එක....
වන්ග් යීබෝ... හරි මම එයාගෙ නම දන්නවනේ. පපා මට කිව්වනේ. එතකොට වයස... බර්ත්ඩේ එක 1994.08.05.. ඒ කියන්නේ මේ මනුස්සයට අවුරුදු විසි අටයිද. බුම්මගෙන ඉන්න විදියට මම හිතුවේ තිස් පහක් විතර කියලනේ. බලාගෙන යනකොට මට වඩා වැඩිමල් අවුරුදු හයයි. ඒ වුණාට පපා කියපු විදියට මේ යකා ස්පෙෂල් ෆෝස් ඒකෙත් ඉදලා.. අවුරුදු කීයෙන්ද දන්නෑ මිලිටරි ට්‍රේනින් ගියේ.. ඒක මට දැවෙන පස්නයක් වෙනකොට මම ඒක ආයෙම තිබුණු තැනට දාලා වොලට් එක ආයෙමත් තිබ්බ තැනින් තියන්න හැදුවත් මම ඒකෙ පොකට් එකක් අස්සෙන් එලියට ආව පොඩි කොල කෑල්ලක් දැකලා ආයෙම ඒක එලියට ගත්තා.
"කවුද යකූ මේ.... "
මම බලාගෙන හිටියෙ එයාගෙ වොලට් එක අස්සෙ තිබුණු පොටෝ එක දිහා. ඒකෙ හිටියෙ එයා. හැබැයි තනියම නෙවෙයි. කෙල්ලෙක් එක්ක. ඒ කෙල්ල හිටියෙත් එයාගෙ උරහිසට ඔලුව තියාගෙන. එයා ඒ කෙල්ලව බදාගෙන. ඇයි එයා ඒ කෙල්ලව බදාගෙන ඉන්නෙ.. ඒ පොටෝ එක දකිනකොට නිකන් මොකක්ද වෙලා යනකොට මම ඒක එහෙමම කියලා අනිත් පැත්තට හැරුණා. මම දැක්කෙ මගේ දිහා බලාගෙන ඉන්න ඇස් දෙකක් වෙනකොට මම පපුවට අත තියාගත්තා.
"ටූත්ලශ්.. ඔහොම බය කරන්න එපා..."
මම කිව්වෙ මගේ දිහා බලාගෙන ඉන්න ටූත්ලශ්ට. Cudu mahaththaya පේන තෙක් මානෙක නැති වෙනකොට මම බැල්කනියට ගියා. ඇත්තට ඒ කෙල්ල කවුරු වෙන්න ඇතිද.. අක්කා හරි නංගි හරිද එහෙම නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න ඇතිද. අවුරුදු විසි අටක් කියන්නෙ තනිකඩ වෙන්න කොහෙත්ම චාන්ස් එකක් නෑ. මොකද දැන් ඉන්න අවුරුදු දහයෙ දොළහෙ පොඩි උන්ටත් කෑලි ඉන්නවා අපිට නැති උනාට. ඒක හිත හිත හිටිය මම මගෙන් ලේ බොන්න ආව මදුරුවට හයේ පාරක් දීලා ඇරියා. හැබැයි ඉතින් රිදුනේ මට. ඒත් කමක් නෑ. මම අතේ රොටියක් වෙලා හිටිය මදුරුවව අල්ලට ගත්තා. මම මේ මොන අපරාදයක්ද කරලා තියෙන්නේ... දැන් කොහොමද මුගෙ ඥාති පරම්පරාව මුගෙ බොඩිය අඳුනගන්නෙ. මට සෑහෙන තරමක අනුකම්පාවක් දැනෙනකොට මම මදුරුවගෙ අඬු ටික ගැලෙව්වා. දැන් කාටවත් බෑ මම තමයි ඌව මැරුවෙ කියලා අඳුරගන්න...
මදුරුවගෙ ප්‍රශ්නෙ විසඳගෙන ඇතුලට එන්න හදනකොටම මම මොකක හරි හැප්පිලා අඩියක් පස්සට ගියා. කවුද යකෝ පාර මැද්දේ තාප්ප බැඳපු හිපාටුවා. ඔලුව උස්සලා බලපු මම මගේ දිහා ඇස් චූටි කරගෙන බලාගෙන ඉන්න cudu mahaththaya ට දත් සේරම පේන්න හිනා වෙලා ඇවිත් ඇඳට පැන්නා. තවම මට හරියට එයාට මුහුණ දෙන්න බෑ වගේ. ඇඳට ආව මම පෝන් එක අතට අරගන්නකොටම එයා මට කලිසමේ සාක්කුවෙන් ගත්ත පොඩි පෙට්ටියක් දුන්නා.
බ්ලූටූත් ඉයර්බඩ් දෙකක්.....
"මම හිතන්නේ ආයෙම ඔයා වීඩියෝ එකක් ප්ලේ කරනකොට ඕකත් යූස් කලොත් හොඳයි යන්ග් මාස්ටර් ජාන්...."
ඕකට තමයි කියන්නෙ පුතේ නම්බුව රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා.. මම මටම කියාගත්තෙ ආයෙම සෝෆා බෙඩ් එකට වෙලා පොත අතට ගත්ත එයා දිහා බලාගෙන. එයාගෙ මූණෙන් හැඟීමක් කියලා දෙයක් මම දැක්කා නම් ඒ අර වෙලාවේ විතරක් වෙනකොට එයා අනිත් හැම වෙලාවෙම හිටියෙ බුම්මගෙන. ඒ වුණාට එහෙමත් එයා ලස්සනයි...
ලස්සනයි....
සීන් ශිආඕ ජාන්...... ඔයාට ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ... ඊයෙ හම්බුන මනුස්සයෙක් මේ. කවුද කියලවත් නොදැන ඔයාව කිඩ්නැප් කරනකොට කටහඬ සෙම්සිලු. මූණ දැක්කම ඒකත් සෙම්සිලු. දැන් මොනවා හිතනවද කියලවත් හිතාගන්න බැරි එයාගෙ මූණ ලස්සනයිලු. ඇත්තටම තවුසෙට පෛත්තියන්ද... මගේ හිත මගෙන්ම අහනකොට මම කලේ පෝන් එක දිහා බලාගෙන වගේ එයා දිහා බලාගෙන ඉන්න එක. එයාගෙ ඇස් විනාඩියකට වත් පොතෙන් එලියට ආවේ නැති වෙනකොට මට දැනුනේ අමුතු ගතියක්....
ඇයි එයාට මගේ දිහා බලන්න බැරි.....
ඇනත්තාසියා වෑන්ග්02.09.22
අප්ඩේට් පරක්කු වෙනවට සොරි. මේ මනුස්සයට ඇස් දෙක පොඩ්ඩක් අමාරුයි. අපේ අම්මා මට පෝන් එකවත් ලැප් එකවත් ගන්න දෙන්නෑ.
There are no comments yet. Log in to be the first to leave a review!





