Fanfics

4

11:00, 23 June 2025

හැමෝම බලාපොරොත්තු උන ඒ දවස ආවා එයාලගේ විභාග ප්‍රතිඵලය හැමෝම එයාලගේ යාලුවෝ එක්ක කතා කර කර හිටියා

"අඩෝ ම⁣ට කීයක් හම්බවෙලාද දන්නෙ නෑනෙ"

"හම්බවෙන්න මොනවද? බබාද?"

"නෑ යකෝ"

"උඹ අහපු ප්‍රශ්න වලට උත්තර දීපු විදිහට තොට බබාවත් හම්බවෙන්නෙ නෑ"

"එකෙන්ම පිලිගන්නවා රිශ්වාන්"

"යැයි යැයි තමයි"

ඔන්න එතකොට නුරාශ් ළමයින්ගේ විභාග පේපර්ස් ටිකත් අරන් පන්තියට ආවා හැමෝම නුරාශ්ගෙ මූණ දිහා බලන් හිටියේ බනීද දැන් බනීද කියලා ඒත් නුරාශ්ගෙ මූණේ ලස්සන හිනාවක් ඇඳිලා තිබුනා

"මගේ පන්තියෙ ළමයි හරිම දක්ෂයිනේ"

හැමෝම එක එක්කෙනාගේ මූණවල් දිහා බැලුවා ඊටපස්සෙ නුරාශ් මේසෙ උඩින් වාඩිවෙන ගමන්,

"අනිත් ගුරුවරු හිතන් හිටපු විදිහ වැරදි ඔයාලා ඒ වැරදි හදාගත්තා ඔයාලා එහෙම නරක පන්තියක් නෙවෙයි කියලා පෙන්නලා තියෙනවා මේ පන්තියෙ ඉන්නෙ අනාගත ඩොක්ටර්ස්ලා ඔයාලා ඇත්තටම ගොඩක් හොඳ ඩොක්ටර්ස්ලා වෙයි මගෙන් සුබ පැතුම්"

ඒ කියලා නුරාශ් පේපර්ස් ටික බෙදන්න ගත්තා හැමෝගෙම අත්වලට තම තමන්ගේ පේපර්ස් ලැබුනා හැමෝගෙම ලකුණු මට්ටම හොඳ තත්වෙක තිබුනා

"බලන්න ඔයාලා කොච්චර දක්ෂ ළමයිද කියලා අනිත් ගුරුවරු ඔයාලගේ වැරදි කිය කිය ඉස්කෝලෙ පුරාම ඇවිද්දට ඔයාලා එයාලට පෙන්නුවා ඔයාලට හොඳට වැඩ කරන්න පුලුවන් කියලා"

"මේ ඔක්කොම සර් නිසා තමයි තැන්කියු සර්"

පන්තියෙ හැමෝම නැගිටලා නුරාශ්ට හිස නමලා ආචාර කරා ඇත්තටම ඔව් නුරාශ් නිසා තමයි මේ ළමයි ⁣ටික මෙහෙම දක්ෂ උනේ ඒ වෙන මොනවා හින්දවත් නෙවෙයි නුරාශ්ගෙ ඉගෙන්වීම් ක්‍රම නිසා තමයි. ළමයින්ගෙ හිත් විෂයට ඇදගන්නා විදිහට හැමදේම කරලා උනන්දුවක් දීලා ඒ ළමයින්ට ශක්තියක් වෙලා මේ විදිහට තමයි නියම ගුරුවරු තමන්ගෙ ළමයින්ගේ ඉගෙන්වීම්, මතක ශක්තිය වැඩි දියුනු කරන්නෙ. ඒ දේවල් හැම ගුරුවරයටම කරන්න බෑ.

"හොඳයි ළමයි අද ඔයාලට සතුටුයිද?"

"ඔව් ගොඩක් සතුටුයි"

"එහෙනම් අද පාඩමක් නොකර ඔයාලට විවේකයක් දෙන්නම් විභාගේ ලියන්න මහන්සි උන නිසා දැන් ඔයාලා ගිහින් සෙල්ලම් කරන්න"

හැමෝම නුරාශ්ට ආයෙත් ස්තූතියි කරලා එලියට ගියා නුරාශ් බලන් හිටියේ අනුද, අනුජ දෙන්නා රිශ්වාන්ව ඇදගෙන යනවා නුරාශ්ට හිනා ගියා ඉතින් ළමයි හැමෝම එලියට ගියාට පස්සෙ ජනේලෙන් නුරාශ් බලන් හිටියේ එයාගේ පන්තියෙ ළමයි සතුටින් සෙල්ලම් කරනවා ඔය අතර,

"ඇදගෙන යන්න එපා හුත්තෝ"

"බෑ තෝ එන්නෙ නෑ නැත්තං"

"යකෝ අත ඇරපං මට ටොයිලට් යන්න ඕනෙ"

"බෑ බෑ තෝ ඔහොම කියලා යනවා සර්ම කිව්වනේ අද අපිට කිසිම පාඩමක් වෙන්නෙ නෑ ඔයාලා ගිහින් සෙල්ලම් කරන්න කියලා ඉතින් වරෙන්"

"හරි හුත්තෝ මං ටොයිලට් ගිහින් එන්නම්"

"බෑ බෑ යනවනං අපි තුන්දෙනාම යමු"

"ඇරගන්නද ආස?"

"අනේ පල යන්න තොගේ ඔය කැරට් අලෙන් අරින්න ඉස්සෙල්ලා මට කියපං පන තියෙනවද කියලා? තෝ අරවා මේවා යූස් කරන නිසා"

"කිව්වා කියලා හිතාගනින් අත ඇරපං දැන් මට යන්න"

අනුද රිශ්වාන්ගෙ අත අතෑරියා රිශ්වාන් දුවගෙන ගියේ ටොයිලට් එකට රිශ්වාන් ගියාට පස්සෙ අනුජ අනුදගෙ ලඟට ආවා

"උඹට නිකං කොල්ලගේ වෙනසක් පේන්නෙ නැද්ද?"

"ඒ කිව්වෙ ඇයි ඌට බබා හම්⁣බවෙන්නද ඉන්නෙ?"

"ඉදකිං කනමදයා එහෙම අටමගුලක් නෙවෙයි පකෝ නිකං කලින් හිටියට වඩා සාන්ත දාන්ත වෙලා වගේ තේරෙන්නෙ නැද්ද?"

"ලීවර් ආයුෂ් මචං උඹ හරි මටත් නිකං එහෙම දෙයක් තේරුනා තමයි කවුද මූව එහෙම වෙනස් කරන්න ඇත්තෙ?"

"අපි හොයන්න ඕනෙ නෑ ඒක උගේ කටින්ම කියයි බලපංකො ඌ අපෙන් කිසිදෙයක් හංගන්නෙ නෑනෙ"

"ඇත්ත ඇත්ත"

ඉතින් මේ දෙන්නා රිශ්වාන්ගෙ වෙනස ගැන කතා කර කර හිටියා විනාඩි තිහක් විතර ගියා ඒත් රිශ්වාන් ආවේ නෑ

"අඩෝ මූ තාම නෑනේ පැ⁣ලවෙලාද?"

"අනේ මන්දා යමං ගිහින් බලමු"

"යමං"

දෙන්නම බාතෘම් එකට ගිහින් බැලුවා රිශ්වාන් බිත්තියක් බදාගෙන කෙඳිරි ගගා,

(ඔව් මං දන්නවා ඔයාලා හිතන්නෙ මොනවද කියලා 😂💔)

"අඩෝ උඹ කවුරුහරි බිත්තිය බදාගෙන අතේ ගහනවා දැකලා තියෙනවද?"

"නෑ බං අදයි දකින්නෙ"

අනුද ඊටපස්සෙ,

"අඩේ තෝ මොකද ඔය බිත්තිය බදාගෙන අතේ ගහන්නෙ?"

ඒත් එක්කම රිශ්වාන් ඔලුව හරවලා,

"කවුද පකෝ බිත්ති බදාන අතේ ගැහුවේ? සිප් එකට අහු උනා යකෝ...."

"අනේ දෙයියෝ අනාගතේ ඇද වෙලා නේද?"

"මොනවහරි කරපංකො රිදෙනවා අම්මෝ......"

"හුකනවා දාලා දැන් මොකද කරන්නෙ?"

"මොකද කරන්නෙ කියලා මගෙන් අහන්නෙ මොකක්හරි කරපං පකයා කඳුලුත් පනිනවා"

"ඔහොම පොඩ්ඩක් ඉඳපං"

අනුද අනුජවත් ඇදගෙන දිව්වා රිශ්වාන් ඒ අතර සිප් එකට අහු වෙලා තියන එක ගලවගන්න ට්‍රයි කරා

"ඇඬෙනවා තොටත් දැන්ද අහුවෙන්න ඕන උනේ? මට තෝව අම්බානෙකට වටින හින්දා තියන් ඉන්නවා මිසක් මං තොට කැමති නෑ පුදුම වදයක් තියෙන්නේ අර යකාව දැක්කම නගිනවා වෙලාවකට කෙලින් හිටගන්නවත් බෑ දැන් මේ සිප් එකකට අහුවෙලා"

රිශ්වාන් බැන බැන සිප් එකෙන් ගලවගන්න උත්සාහ කරා ඒත් එක්කම අනුද,

"ඩොක්ටර්ව එක්කන් ආවා"

රිශ්වාන් ඒ පැත්ත බලද්දි අනුද නුරාශ්ව ඇදගෙන ඇවිත් තිබුනා නුරාශ්ව දැක්ක රිශ්වාන් ඉක්මනට අනිත් පැත්ත හැරුනා

"මොකද්ද ළමයො උනේ?"

"මො...මොකුත් නෑ"

"අනුද කිව්වනේ ඔයාගේ"

"ඌට පිස්සු තියෙන්නේ එහෙම මොකුත් නෑ"

අනුද එලියට ගියා අනුජ නම් එලියෙමයි හිටියේ නුරාශ් හෙමින් රිශ්වාන් ලඟට ඇවිත්,

"අත ගන්න"

"බෑ ලැජ්ජයි"

"ලැජ්ජයි? ඩොක්ටර් කෙනෙක් වෙන්න නේද ඉගෙන ගන්නෙ?"

"අනේ මේ ඒවා වෙනයි මේවා වෙනයි"

"හා හා දැන් අත ගන්න නැත්තං අද දවසම ඔහොම තමයි ඉන්න වෙන්නෙ"

රිශ්වාන් නුරාශ්ට රවලා ඇස් දෙකත් තද අත එහට ගත්තා නුරාශ් හෙමීට රිශ්වාන්ගෙ සිප් එක අල්ලගෙන එයා දන්න වැඩ දාලා නුරාශ් සිප් එක එකපාරටම පහලට ඇද්දා ඒ එක්කම,

"ආච්චිට රයිස් ගරන්න"

රිශ්වාන්ට කියවුනා ඊටපස්සෙ නුරාශ් තුවාල වෙච්ච තැනට පුලුන් දාලා පිහිදැම්මා

"මෙයාව කන්ට්‍රෝල් කරගන්න පුරුදු වෙන්න රිශ්වාන්"

"ඒ කියලා නුරාශ් එලියට ආවා"

"සර් සර්ජරිය කරා ද? ලෙඩාට කොහොමද දැන්?"

"ලෙඩා බේරුනා දැන් එයි"

නුරාශ් විහිලුවෙන් කියලා පන්තියට ගියා ඊටපස්සෙ රිශ්වාන් බිත්තිත් අල්ලන් හෙමින් හෙමින් එලියට ආවා

"ඩොක්ටර් කිව්වා සර්ජරිය කරා කියලා"

"මාව පන්තියට ගෙනියපාං රිදෙනවා..."

"අඩේ ඉඳපං එක්කන් යන්නං"

අනුදයි අනුජයි දෙන්නම රිශ්වාන්ව ඇඟට වාරු කරගෙන පන්තියට එක්කන් ගියා ඒ යද්දි නුරාශ් පොතක් බල බල හිටියේ රිශ්වාන් අමාරුවෙන් එනවා දැකලා එයා පොතත් පැත්තක දාලා පුටුවෙන් නැගිට්ටා

"මොකද දරුවෝ මෙ?"

"මූට අමාරුයිලු සර්"

"අයියෝ.....එයාගේ තැනින් වාඩි කරවන්න"

අනුදයි අනුජයි දෙන්නම රිශ්වාන්ව වාඩිකෙරෙව්වා ඊටපස්සෙ රිශ්වාන් ඔලුව තියාගත්තා අනුදයි අනුජයි දෙන්නා එලියට ගියේ රිශ්වාන්ට ටිකක් නිදාගන්න කියලයි රිශ්වාන් ඔලුව තියාගෙනම හිටියා එයාට නින්ද ගියා නුරාශ් කලින් වගේම පොත බලන් හිටියි මේ විදිහට පැයක් ගත උනා නුරාශ් පුටුවෙන් නැගිටලා රිශ්වාන් ලඟට ඇවිත් නළලට අත තියලා බැලුවා

"රස්නෙයි"

ඊටපස්සෙ නුරාශ් first aid එකෙන් කොලොන්ග් (මොකද්ද අර බබාලට සුවඳ ගහන්න දාන්නෙ මට නම මතක නෑ ඔයාලා කියවද්දි නම දාලා කියවන්න🥲) අරන් ඇවිත් රිශ්වාන්ව ඇහැරවලා අතට ටිකක් හලාගෙන රිශ්වාන්ගෙ ඔලුවට ගෑවා

"ඒ ටික⁣ට උණත් හැදිලා"

"....."

"ගොඩක් අමාරුයිද එතන?"

"ම්ම්ම්"

රිශ්වාන් ඔව් කියන්න ඔලුව වැනුවා නුරාශ් රිශ්වාන්ගෙ ඇඟ අල්ලලා බැලුවා කලින්ටත් වඩා රස්නෙයි

"සීතලයි"

"ඉන්න A/C එක ඕෆ් කරන්න"

නුරාශ් ඉක්මනට AC එක ඕෆ් කරා ඊටපස්සෙ රිශ්වාන් ලඟට ගිහින් ඉඳගත්තා රිශ්වාන් එයාගේ එක අතක් නුරාශ්ගෙ අතක් අල්ලන් ඇඟිලි පටලවගත්තා

"ඔහොම ඉන්න"

රිශ්වාන් එහෙම කියලා නුරාශ්ගෙ අත කම්මුල යටින් තියාගත්තා රිශ්වාන් නුරාශ්ගෙ ඇස් දිහා බලන් හිටියා රිශ්වාන්ගෙ ඇස් වල කඳුලු පිරිලා නුරාශ්ගෙ අතට ගලනවා නුරාශ් අනිත් අතින් රිශ්වාන්ගෙ කඳුලු පිහිදැම්මා

"අඬන්න එපා ඔය Bambi Eyes වලින් කඳුලු වැටෙද්දි ලෝබයි දිය ඇල්ලක් කඩාගෙන හැලෙනවා වගේ ලස්සනයි දන්නවද ඔය වගේ Bambi Eyes ලැබෙන්නෙ කලාතුරකින් ඒ ඇස් වලට කඳුලු ආවම බලන් ඉන්න ආස හිතෙනවා මොකද ඒ ඇස් හරිම හුරතල් ඒත් ඔයා ආය අඬන්න බෑ හරිද? මට ලෝබයි"

රිශ්වාන් හිනාවෙලා නුරාශ්ගෙ අතට කිස් කරා නුරාශ් හිනාවෙලා රිශ්වාන්ගෙ ඔලුව අතගෑවා රිශ්වාන් එයාගේ ජීවිතේ සතුටින්ම හිටිය දවස් තමයි නුරාශ් එක්ක ඉන්න තැන් රිශ්වාන් නුරාශ්ගෙ අත තද කරගෙන ඇස් දිහා බලාගෙන,

"𝐁𝐞𝐟𝐨𝐫𝐞 𝐢 𝐦𝐞𝐭 𝐲𝐨𝐮 𝐢 𝐟𝐞𝐥𝐭 𝐭𝐡𝐚𝐭 𝐢 𝐜𝐨𝐮𝐥𝐝𝐧𝐭 𝐥𝐨𝐯𝐞𝐚𝐧𝐲𝐨𝐧𝐞. 𝐓𝐡𝐚𝐭 𝐧𝐨𝐛𝐨𝐝𝐲 𝐰𝐨𝐮𝐥𝐝 𝐛𝐞 𝐚𝐛𝐥𝐞 𝐭𝐨 𝐟𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐯𝐨𝐢𝐝 𝐢𝐧 𝐦𝐲 𝐡𝐞𝐚𝐫𝐭𝐁𝐮𝐭 𝐚𝐥𝐥 𝐭𝐡𝐚𝐭 𝐜𝐡𝐚𝐧𝐠𝐞𝐝 𝐰𝐡𝐞𝐧 𝐢 𝐦𝐞𝐭 𝐲𝐨𝐮𝐘𝐨𝐮 𝐁𝐫𝐨𝐤𝐞 𝐦𝐲 𝐛𝐚𝐫𝐫𝐢𝐞𝐫𝐬 𝐲𝐨𝐮 𝐨𝐩𝐞𝐧𝐝 𝐦𝐞 𝐮𝐩𝐘𝐨𝐮 𝐭𝐨𝐮𝐜𝐡𝐞𝐝 𝐦𝐲 𝐬𝐨𝐮𝐥 𝐲𝐨𝐮 𝐦𝐚𝐝𝐞 𝐦𝐞 𝐰𝐡𝐨𝐥𝐞𝐘𝐨𝐮 𝐦𝐚𝐝𝐞 𝐦𝐞 𝐜𝐨𝐦𝐞.𝐚𝐥𝐢𝐯𝐞 𝐍𝐨𝐰 𝐢 𝐡𝐚𝐯𝐞 𝐜𝐨𝐦𝐞 𝐫𝐞𝐚𝐥𝐢𝐳𝐞 𝐭𝐡𝐚𝐭 𝐢 𝐚𝐦 𝐡𝐨𝐩𝐞𝐥𝐞𝐬𝐬𝐥𝐲 𝐢𝐧 𝐥𝐨𝐯𝐞 𝐰𝐢𝐭𝐡 𝐲𝐨𝐮 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐲𝐨𝐮𝐫 𝐦𝐲 𝐟𝐢𝐫𝐬𝐭 𝐚𝐧𝐝 𝐥𝐚𝐬𝐭 𝐥𝐨𝐯𝐞 𝐬𝐭𝐨𝐫𝐲"

ඒ හැම වචනයක් ගානෙම රිශ්වාන්ට ඇඬුනා ඒ එයාගේ හදවතින්ම ආපු වචන නිසා නුරාශ්ට කියාගන්න දෙයක් ඉතුරු උනේ නෑ නුරාශ් රිශ්වාන්ගෙ තොල් වල⁣ට පාත් වෙලා කිස් කරා රිශ්වාන්ට පුදුමයි එකපාරටම නුරාශ් රිශ්වාන්ව කිස් කරනවා දැනෙද්දි. නුරාශ් ඉක්මනට පස්සට වෙලා අහක බලාගත්තා එයාව රතු වෙන නිසා රිශ්වාන් රතු උන නුරාශ් දිහා බලන් හිනාවෙලා,

"Cute"

"Don't blush ඔයා ඔහොම රතු ⁣උනාම හුරතල්"

රිශ්වාන් නුරාශ්ගෙ අතට කිස් කරලා නුරාශ්ගෙ රතු උන මූණ දිහාම බලන් හිටියා

"දැන් ළමයි එයි ඔයා ටිකක් හාන්සි වෙන්න"

"හ්ම්....එයාලා එයි ඔයා ⁣ඔහොම ඉන්න එයාලා ඇහඅවම කියන්න ම⁣ට සනීප නැති නිසා ඔයා ලඟට වෙලා ඉන්නවා කියලා"

"මේක හොස්පිට්ල් එකක් නෙවෙයිනේ මේක ඉස්කෝලයක් ඒ නිසා අපි ඉස්කෝලෙ විදිහට ඉන්න ඕන⁣ කෝ දැන් මගේ අත අතාරින්න"

රිශ්වාන් දුකින් මූණත් දෙක කරගෙන නුරාශ්ගෙ අත අතෑරියා නුරාශ් රිශ්වාන්ගෙ ඔලුව අතගාලා එයාගේ පුටඅවට වෙලා වාඩිවෙලා හිටියා මොකද අනිත් අය පන්තියට එන්න වෙලාව හරි ඉස්කෝලෙ ඇරෙන වෙලාව නිසා ටික වෙලාවකට පස්සෙ ඉස්කෝලෙ ඇරුනා හැමෝම බෑග් ටික අරන් එලියට ගියා අනුදයි අනුජයි දෙන්නම රිශ්වාන්ව හෙමින් හෙමින් එක්කන් එලියට එක්කන් ගියා

"අනුජ, අනුද දරුවෝ රිශ්වාන්ව හවසට බෙහෙත් ගන්න එක්කන් යන්න එයාට උණ"

"ආ හරි සර් අපි එක්කන් යන්නම්"

අනුජ එයාගේ කියුට් හිනාව දාලා කිව්වා

මේ තුන්දෙනාම යන එක දිහා නුරාශ් බලන් හිටියා

"හොඳම යාලුවො තුන්දෙනෙක් කවදාවත් අනිත් කෙනාව තනි නොකරන ලස්සන යාලුකමක්"

මං මේ වගේ කතාවක් ලියන පලවෙනිපාර ඒ කියන්නෙ bl නෙවෙයි bl කතා ලියලා තියෙනවා ඒත් අර බෑන්ඩ් එකක මෙම්බර්ස්ලා දෙන්නෙක්ගෙ කතාවක් ලිව්වෙ පලවෙනිපාර

අර ලව් ගැන ලියලා තියෙන වචන සෙට් එක බොක්කෙන්ම ආපුවා මාත් ඉතින් කතාවට එන්ටර් උනාම ම⁣ටත් සිහියක් නෑ බොක්කෙන්ම ලියලා දානවා 😊😂

අඩේ මාත් කෙල්ල වගේ ඔහේ ලියාන යනවා කොල්ලෙක් උනාට මේ කතාව ලියද්දි දැනෙන්නෙ එහෙමයි විලිලැජ්ජයි සන්තෝසයි සාමාන්‍යයෙන් කෙල්ලොනේ මෙහෙම ලියන්නෙ මටත් නිකං ආසාවක් ආවා ලියන්න හරිද මං ලියලා තියෙන කතා මෙහෙම කතා නෙවෙයි මීට වඩා අන්තයි ඒවා කලින් අකවුන්ට් එකේ තිබ්බා ඒවා නැති වෙලා අකවුන්ට් එකම නැත්තටම නැතිවෙලා ගියා දැන් මට තියෙන ප්‍රශ්නෙ තමයි මේක ලියද්දි ඇයි මට අර වගේ දැනෙන්නෙ කියලා මං ඒකයි මේ කතාව පරක්කු කරන්නෙ මට නිකං විලිලැජ්ජයි වගේ මාත් btsලට කැමති තමයි ඒක වෙනම කතාවක් ඒ උනාට අනේ මන්දා අප්පා මට ලැජ්ජයි 😂🥲

හිනාවෙන්න එපා හරිද මට විපතක්නෙ වෙලා තියෙන්නේ 😓😂

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories